Wednesday, May 8

වැලට වඩා වටින හිස් අහස


වැල ෆිල්ම් 
විතරක් පෙන්නන
විජිත හොල් එකෙ
ප්‍රොජෙක්ටර් කාමරේ 
ඉන්න අන්කල්
7.30 ෂෝ එකෙ පටිය දාල
කැඩුන ජනේලෙන්
හිස් අහස දිහා 
බලාගෙන උන්නා....

Monday, April 8

panda ගෙ කවි හිත පැනල ගිහින්



බොඩිම් වල දුක් විදිද්දි
තුන් වෙලෙන් දෙවෙලක්  
පෙට්ටි කඩෙන් කද්දි
ත්‍රිවීල් වලට සල්ලි නැතිව
කකුල් රිදෙනකං පයින් යද්දි
සෙට් වෙලා කුප්පි දාගෙන
නිදි මරාගෙන පාඩම් කරද්දි
ඉන්ටර්සිටි වලට සල්ලි නැතිව
හිරවෙලා තනි කකුලෙන් යද්දි

මාත් එක්ක මයෙ හේමලය  
වගේ උන්නු කවි හිත

පුන්චි දුරත් වීල් එකෙන් යද්දි
දාඩිය ගඳට බයේ
ඉන්ටර්සිටි වල යද්දි
වයිවාරන කඩ වලින්
දාස් ගණන් දීල කද්දි
සතුට සැනසිල්ල රස්සාවට 
සින්න කරල සල්ලි හොයද්දි

පැනල ගිහින්....


image reference : http://aisyahrocks.files.wordpress.com/2008/12/leave_by_amsterdam_jazz.jpg?w=700&h= 

 

Sunday, April 7

අරමුණක් නැතිව ලියන බ්ලොග්...

හුගම හුග කාලෙකින් බ්ලොග් ලිව්වෙ නැ... දැන් සින්ඩිකේටර් වලිනුත් මාව පන්න ල ඇති කියන එකට කිසිම සැකයක් නැ,...

පැන්ඩ ඇයි බ්ලොග් නොලියන්නෙ කියන එකට මට උත්තරෙකුත් නැ..සමහර විට අර මොහන් රාජ් ගෙ මාගම් සොලිය කියවල ඔලුව කරවුන නිසා වෙන්නත් පුලුවන්..ඒත් මේ ඒ ගැන කතා කරන පොස්ටුව නෙවෙ.

මම නිතරම මගෙන් ඇහුව ඒකට හෙතුව අලුත් රස්සවද කියල .. අනෙ මන්ද.. රස්සාව ජිව්තේට එකතු කරපු දේවල් සහ උදුර ගත්තු දේවල් තරාදියක දාල කිරන්න මම කොයි වෙලවකත් උත්සහ නොකරන්න වග බලා ගන්නව..

එකෙන් මාව වෙහෙස කරල රස්සාව එපා කරවයි කියල මට බයයි.. 

ට්‍රෙනින් මාස 6ත් එක්කම හෙට අනිද්දට අවුරුද්දක් පිරෙන රස්සාවට තාම්ත් මම යන්නෙ සංතොශෙන්.. එක නැති කරගන්න ගෙවන පඩිය කරන වැඩ ඇති වුන නැති වුන දේවල් එහෙට මෙහෙට දාල මැනල බලන්න මම උත්සාහ නොකරන්න වග බලා ගත්ත..

මගෙ රස්සාව ගැන පොඩි දෙයක් කිව්වොත් මම සහකාර මෘදුකාංග ඉන්ජිනේරුවක්... තෙරෙන සින්හලෙන් කිව්වොත් associate software engineer කෙනෙක්...

දෙයියනෙ කියල කැම්පස් එක සම්බන්ධ සියලු බැදීම් වලින් දැන් නිදහස්.. නැ එකට ගැනු ලමයෙක් අදාල නැ..මොකො කැම්පස් එකෙ මම කොක්කක් ගැහුවෙ නැති නිසා..

මගෙ ඉඟ සුග දැතින් ගන්න පුලුවන් හැම වෙලාවෙම පුදුම සහගත ලෙස සතුටින් ගෙවන කොහොම හරි මාවත් ඒ සතුටු රැල්ලට ඇද ගන්න උදේ හවා වෙර දරන එයත් එක්ක එක වහලක් යට එක බතක් උයාගෙන ඉන්න තියෙන බලාපොරොත්තුවත් හිත අස්සෙ තද කරගෙන තව අවුරුද්දක් අපි බලා ඉන්නව
 
තව දුරටත් බ්ලොග් ලියවෙයි ද නැද්ද කියල මම දන්නෙ නැ.. සමහර විට හැමදාම ඕනි වුන මීට වඩා නිදහසක් තියෙන මාව නිර්නාමික බ්ලොග් අඩවියකින් අපි මුන ගැහෙනව ඇති..

ඉස්සර නම් මේ වගේ කණ දෙපැත්තෙන් දාඩිය වැක්කරිල බෙල්ලෙ රැලි දිගේ ඇවිත් පපුවෙන් බඩට වැටිල මහ ගිරි දබෙ වගේ තඩි බඩ ගෙඩිය ගෙවා ගෙන ඇවිත් ඉනට තද වුන සරමට උරා ගන්න තරම් රස්නි අපූරු හවසක අත දිග ඇරල ලියනව කියන එක හරිම ලෙසි දෙයක් ඒත් දැන් ජීවන බර ඒ අත දිග අරින්න බැරි තරම් බර කරල..





Saturday, December 22

මට ආදරේ නැ ඔයා

පෙම්වතී :
ඔයා
ඇයි හිනා වෙන්නෙ  
කැ ගහන්නෙ 
සතුටු වෙන්නෙ  
යාලුවො එක්ක
ඉන්නකොට විතරක්

ඇයි මා එක්ක
අඩු හිනා
බර කල්පනා

කෝ ඒ කාලෙ කල  
අපුරු පොඩි විහිලු
ගොන් වුනත් එව්වා
හිනා වුනා මං බොහොම

ඒත් දැන් ඔයා හරි වෙනස්
ඇයි මා එක්ක
නැද්ද දැන් සතුටක්
ඕනි නැද්ද දැන් මාව


පෙම්වතා :
දැන් අපිට වයසයි
යාලු වෙලා  හුගක් කල්
ඒ කාලෙ ගස් යට
සතුටින් මැවු හීන
ඔයාට දුන් හීන
හැබැ කරලන්ට
කාලෙ ඇවිත් මට

මතකද කිව්ව මං
රැජිනක් සේ තියන්න
ඔයා මගෙ රාජ්ජෙ
ඒත් තාම මගෙ රාජ්ජෙ
අඩි 6, 7 පුන්චි
බෝඩිං කාමරය විතරයි

මතකද කිව්වා  
එක්ක යන්න කාර් වල
බේරගෙන බස් වල
දස වද වලින්
මතකයි තාම  
දිලිහුන අපුරුව 
ඔයාගෙ ලස්සන ඇස්
එත් තාම නැ මට කියල
මොටර් සයිකලයක් වත්

ඒ දවස් වල ඔයා 
හීන මැව්ව 
ලස්සනම විදිහට
මගුල් උත්සවේකට
දැන් කාලෙ හරි වුනාට
ඉතුරු කරපු දෙයක්
නැ තාම මන් සන්තකෙ

ඔයා මුන ගැහුනම
හීන දීල හිනස්සපු
ආදර කතා කියපු
මං හුගක් අසරන වෙනව
ආදරේ වැඩි හින්ද..
එව්ව ඉස්ට කරලන්ට
දැං කාලෙ හරි හින්ද..


යාලුවො එක්ක ගෙවන
මොහොතක සැහැල්ලුව
එන්නෙ නැ මට
මතක් වෙන කොට
මේ හැම යුතුකමක්ම


හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
 


Monday, November 26

අකුරු කියවන්න බැරි කාලෙ ඉදන්ම පටන් ගත්තු පොත් කියවිල්ල සහ සෙංකොට්ටං

ඇයි උඹ බ්ලොග් ලියන්නෙ... හුගක් වෙලාවට කවුරු හරි අහනව ඒක... මම ඒකට හෙතුවක් දන්නෙ නැ..මට එකට හේතුවක් හොයන්න ඕනි ත් නැ.

මට හිතෙන දේ මම මේකෙ ඔහෙ කොටාගෙන යනව...ඒවයින් සමහර ඒව පොස්ට් කරනව සමහර ඒව නැ.. බ්ලොග් එක කියන්නෙ ලියාපදිංචි කරපු මාධ්‍ය ආයතනයක් නොවුන හින්ද මට මෙකෙ පාඨකය ගැන වගකීමක් නැ..එතන මට නිදහසක් තියෙනව ඒත් ගොන් කමට කින්ද මන්ද හෙලි කරගත්තු නිසා දැන් ඒ නිදහස ටිකක් අඩුයි....

මම පොත් ගුල්ලෙක්... එක අතකට ගුල්ලෙක් වෙලා උන්න කිව්වොත් හරි... ඒ කතා පොත් වලට විතරයි...  පොත් කියවන්න වාරණ නොතිබ්බට මගේ පොත් කියවිල්ල පොඩි කාලෙ ඉදන් මටත් නොදැනිම හැඩ ගැස්සුනා අපේ ගෙදරින්...

මම පොත් කියවන්න ගත්තෙ මට අකුරු කියවන්නත් බැරි කාලෙ... ඒක ටිකක් හතර බිරි කතාවක් තමයි එත් එක එහෙම වුනා අපේ තාත්ත ගෙ අක්කට පින් සිද්ධ වෙන්න... නාවල කරල ශොක් එකට ගෙදරට වෙලා උන්න පුන්චි මාව ලගින් වාඩි කරගෙන හැමදාම හවසට මල් පූජා කරන තැන ජනෙල ගාව බිම වාඩි වෙලා ඒ ජනෙලෙන් එන එලියෙන් බස බස ගාල නැන්ද පොතක් කියවනව මට ඇහෙන්න... හුගක් වෙලාවට ඒ වැඩ බැරි දාස එහෙම නැත්තං හත් පෙති මල වගේ රුසියන් ලමා කතා පොතක්...ඒ පොතේ උන්න චරිත එක්ක යාලු වුන මට ඒ යාලුවො තවත් වැඩි කරගන්න ඕනි වෙලා ද මන්ද දිගින් දිගටම මම පොත් කියවන්න පටන් ගත්තෙ.

මගෙ කියවිල්ල හැඩ ගැස්සුවා කිව්වෙ ඒකට අපේ අක්කා හෙතු වුනා... එයා තමයි ඒ කාලෙ අපේ ගෙදරට පොත් ගෙන්නෙ එයා හුගක් වෙලාවට ගෙන්නෙ රුසියානු කතා පොත් නිසා මම ඒවට ආස වුනා.

මට ඒ පොත් වලින් මතක හිටින්නෙ බොහොම ටිකයි.. ඒක්කො මම ඒ අකුරු වලින් මතක තියා ගන්න එච්චර පුරුදු නැති හින්ද නැත්තං අපේ අම්ම කියනව වගේ මට පුන්චිකාලෙ ඉදන් එලවලු ම කන නිසා විටමින් මදි වෙලා.

පලවෙනි පාර ඒ ලෙවල් ඇනගත්තෙ පොත් නිසා කියල තමා මාත් එක්ක ගජරාමෙට පොත් කියවන්න එකතු වෙච්චි මගේ යාලුවගෙ අම්ම නම් කිව්වෙ..


සෙංකොට්ටං කියන්නෙ මොකද්ද කියල මම දන්නෙ නැ...  ගෙඩි ජාතියක් වෙන්න ඔනි රෙද්දක සලකුණක් තියන්න පුලුවන්... 

මම ර්යෙ පෙරෙදා කියවපු පොත තමයි මේ...   මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන මෙහි කතෘ වරයා මට මුණ ගැහුන පලවෙනි පාර මේක ඒ වගේම පොත කියවල අවසන් වුනේ ඔහු අතින් ලියවෙන අනේක් පොත් සමග ඔහු මුණ ගැහෙනා බලාපොරෙත්තුවෙන්..

ඒක හරියට මට සුනේත්‍රා රාජකරුණා මහත්මිය සදුන් ගිර ගිනි ගනී සමග මුන ගැහුන දවස වගේ එදා ඉදන් මම කවමදාවත් සුනේත්‍රා ගෙ පොතක් තුලින් ඇ මුන ගැසීමෙ අවස්තාව මග නොහරින්න උපරිම උත්සාහ කලා..

සෙංකොට්ටං ගැන විචාර ලියන්න හදනව නෙවෙ ඒත් මට පොත කියවද්ද ඕලුවට ආපු දේවල් කොහෙ හරි කුරුටු ගාන්න ඕනි...අලුත් පොතක් නිසා ඒ පොතේ පිටු අස්සෙ එවා ලියන්න මට හිත දුන්නෙ නැ..

මම කැමති ඒ පොත චරිත කීපයකට සීමා නොවී චරිත ගොඩාක් එක්ක විවිධ පරාසයන් වල විහිදන ව ට එහෙම නැති පොත් වලින් මම ආස වුනේ ඇට මැස්සට විතරයි..ඒත් එකටත් හෙතුව ඇට මැස්සා කියන්නෙ චරිත ගොඩක අපුරු සංකලනයක් හින්ද වෙන්න ඇති.

සෙංකොට්ටං පොතේ විරප්පුලි හේනයා ගෙන් පටන් ගෙන මෑත කාලයෙ එංගලන්තේ ඉගෙනුම ලබන ෆෙඩ්‍රිකා දක්වාම බොහොම අපුරුවට විහිදෙනව... භාශා ශෙලිය ගැන විචාරන්න මට අයිතියක් නැ ඒත් සරලව කිව්වොත් ඒ ලියල තියෙන ශෛලිය හරි අපුරුයි.

විවිධ සමාජ තල කුල ක්‍රම අපුරුවට මුහු කරන මේ පොත අනිවා ඒක හුස්මට අදින්න පුලුවන් පොතක්..

බබානිස්, හිං රිදි ට යාං - තං වගේ තිබ්බ ඇගෙ තන් කාලයත් සමග මේං - තං වෙලා ඊට පස්සෙ දොන්ත ප - තං වෙලා අන්තිමට නොප - තං වෙන හැටි අපුරුවට විස්තර කරන මහින්ද ඒ කතාවෙම විර්ප්පුලි හේනයා විසින් ඊට හාත් පස වෙනත් චරිතයක් අපුරුවට ගොඩ නගනවා.

මල්මා රිදී, පොඩිනා,ගුණහාමි වගෙ චරිත එක්ක මුසු කරන එදා සමාජෙ සිද්දි ගැන පාඨක කුහුල පොතේ අවසානය තෙක් ම රදවා ගන්න මහින්ද සමත් වෙනව..

ඒත් මම නම් කැමති මේ පොතා බබා හේනයා කොලබ යන තැනින් ඉවර කරල දැම්ම නම් මොකද මම හැම දාම පොතක් කියෙව්වම ඒ පොතේ චරිත එක්ක මගේ කතා හදනව මගෙ හිතේ... ඒ හැමදේම ටිකක් අවුල් වෙන අවසානයක් පොතට එකතු වුනා ඒ ටිකෙන්...

ඒක මහින්ද ගෙ කැමත්ත ඒ හින්ද මට එව්ව වැඩක් නැ...  සෙංකොට්ටං අපුරු පොතක් ඒක මට හුග දවසකට මනො ගහන්න දේවල් ඉතුරු කරල ඉවර වුනා...




හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Related Posts with Thumbnails