මෙහෙමයි සිද්ධිය පැන්ඩාත් දෙයියනේ කියල උස්සාන ආවනේ ඇන්ඩ්‍රොයිඩ් බට්ටෙක්..බට්ටා ගෙ නම sony ericsson xperia mini pro...ආ ෆොටො ද මෙන්ඩො බලන්ඩො
ඔන්න ඔහොමයි බට්ට අන්බොක්ස් කරද්දි මගේ සමුදුන් k800 එකෙන් ගහපු පින්තුරෙ..මෙයා ගැන වැඩි විස්තර මෙතන තියේ..
http://www.sonyericsson.com/cws/products/mobilephones/overview/xperia-mini-pro?cc=gb&lc=en#view=features_specifications
ඔන්න ඔහොම ගෙනාපු බට්ට එක්ක ආපු පලවෙනි සීන් එකම බ්ලොග් ගත කරන්නයි හැදුවෙ.මෙහෙමයි ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන ඇයො දන්නව උපරිම වින්දනය සදහා අන්තර්ජාල පහසුකම් නම් අත්‍යාවශය බව.ඒත් ඉතින් බහුතරයට ඕකට වෙනම ඩෙටා කනෙක්ශන් එකක් ගන්න එක ටිකක් විතර අමාරුයි.ඒත් දැන් බහුතරයකට තියෙනව නේ ගෙදරට අන්තර්ජාල පහසුකම.හුගක් අය පාවිච්චි කරන්නෙත් ලැප්ටොප් පරිගනක.එයාලට පුලුවන් තමන්ගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක පහසුවෙන් ෆොන් එක එක්ක ශෙයාර් කොර ගන්න.මම මේ කියන්නෙ ADSL සහ HSPDA වගේ අයට.නැතුව ගෙදර වයි ෆයි රවුටරයක් තියේ නම් වැඩෙ ගොඩ නෙ.
මෙහෙමයි තාම ඇකොඩින් ටු පැන්ඩාස් නුවණ ඇන්ඩ් ගූගල් දෙයියො ඇඩ් හොක් නෙට් වර්ක් එක අදුරගත්තත් එකට කනෙක්ට් වෙන්න ඇන්ඩ්‍රො ට හැකියාවක් නැ..පුලුවන් නම් ඇප් එකක් හදන්න හොද අවස්ථාවක්.ඒකට වයර්ලස් ඇක්සස් පොයින්ට් එකක් ඕනි වෙනව (WAP). මේකට ඉතින් වෙනම සල්ලි දීල තව වයි ෆයි රවුටරයක් ගෙන්න පුලුවන් නම් මුලදිම ෆොන් එකට ඩෙටා කනෙක්ශන් එකක් ගන්නව නේ ද?
ඉතින් ඕක අපිට ශේප් කරගන්න පුලුවන් වර්චුවල් හොට් ස්පොට් එකක් වගේ දෙයක් අටො ගත්තොත්..
ඕක කරගන්න ක්‍රම දෙකක් තියේ එකක් තමයි කමාන්ඩ් ප්‍රොම්ට් එකෙ සෙල්ලමක් දාන එක.අනික mhotspot වගේ පොඩි ඇප්ලිකේශන් එකක් පාවිච්චි කරන එක.CMD එකෙ කොටනවට වඩා එක ලේසි වෙයි.
වැඩි කතා ඕනි නැ. http://www.mhotspot.com/ මෙන්න මෙයාල (ඔන්න පැන්ඩ එහෙම නෙවෙ) දෙනව එහෙම අපුරු සොෆ්ට්වෙයාර් එකක්.මේක අරගෙන පරිගනකයට දාගන්න.ඊටපස්සෙ දැනට තියෙන ඉන්ටර්නෙට් කනෙක්ශන් එකෙ ප්‍රොපටීස් ගිහින් එක ශෙයාර් කරන්න.මේ වගේ
දැන් mhotspot , run කරන්න. එකෙ setup hotspot ගිහින් නමක් සහ කැරක්ටර් 8 හො ඊට වැඩි පාස්වර්ඩ් එකක් දෙන්න.
දැන් ඒක ok කරල start ක්ලික් කරන්නකො..
ඊට පස්සෙ මෙන්න මෙහෙම පෙනෙවි..ඔය tmobile කියන්නෙ මගේ hspda භාවිතයෙන් තියෙන ඉන්ටර්නෙට් කනෙක්ශන් එක.xperia කියන්නෙ mhotspot භාවිතයෙන් හදාපු වයිෆයි ශෙයාර් කරන කනෙක්ශන් එක.
මතක තියා ගන්න මේ ඔක්කොම කරන්න ලැප් එකෙ වයිෆයි ඔන් කරගෙන ඉන්න හොදේ.
දැන් ඉතින් ඇන්ඩ්‍රො බට්ටා ගෙ වයිෆයි ඔන් කරපු ගමන් කනෙක්ශන් එක අදුරගනී.පාස්වර්ඩ් එක දීල කනෙක්ට් කරල සිත් සේ අප්ඩෙට්ස් සින්ක්‍රොනස් අනං මනං ඔක්කොම කරගන්න.
ජයවේවා..හදිසියේ ලිව්වෙ මොකක් හරි අප්සට් එකක් නම් කමෙන්ට් එකක් දාන්න
*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ
Wednesday, December 7
Tuesday, November 29
මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට
නිමිත්ත : හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..
තාත්තාගෙ අසනීපෙට
රාළහාමිට සින්න වුන
අරුංගල් නැතුව
පාළු වෙන කන් පෙත්තෙ
වැහීගෙන යන හිල
කරපිංචා නැට්ටෙන්
වලකන්න වෙර දරන
මසකට වරක්
සෝදමින් ගැහැණුකම
කඩමාළු රෙදි වලින්
දුක් විදින ඈට
කොයින්ද මිල මුදල්
මිලගන්ට පැකට් කල
සනීපාරක්ෂක තුවා
රන් පෙන්ඩන දිනා
සරසන්ට පාළු ගෙල
Wednesday, October 12
ෆොන් එකට ජිවිතේ භාර දෙන්නෙ ඇයි
මෙහෙමයි හැමදාම වගෙ මෙකත් මතෘකාවෙන් සම්පූර්ණ පිටද දන්නෙ නැ. මෙහෙමයි පැන්ඩ ත් සිව්වන වසරට අඩිය ගහල තාම වැඩ පටන් ගත්තෙත් නැති නිසා අලුත් බොඩිමෙ වෙලි වෙලි ඉන්නකොට තමා මේක ගැන ලියන්න හිතුනෙ..
සරලව එන්ටර් වෙමුකො ඔයාගෙ ෆොන් එක දැන් මෙ මොහොතෙ නැති වෙනව..තව චුට්ටක් හිතමු නැති වෙනව කියන්නෙ පාව්ච්චි කරන්න පුලුවන් තත්වෙන් අන් සතු වෙනව..හොරෙක් වෙන්නත් පුලුවන් පාරෙ වැටිල තිබිල අහුලනව වෙන්නත් පුලුවන්..දැන් සීන් එක මවා ගන්න. දැනෙන හැගීම් මොනවද ? ඔව් පලවෙනියටම පාඩුයි.වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඇඩීගෙන එනව...තව ටිකක් හිතන්න දැන් අර පොර ෆොන් එක ඔන් කරල අහුවෙච්චි එකා ඔකෙ සැරි සරනව.දැන් මොකද හිතෙන්නෙ..මම හිතන්නෙ නැ අහුලපු හරි උස්සපු හරි පොන් එකෙ ඉන්බොක්ස් එකෙ රවුමක් නොගහන්න තරං විනය ගරුක අය ගොඩාක් ඇති කියල..
දැන් පොඩ්ඩක් රත් වෙනවද ? අම්මට සිරි ..තාප්ප්පෙට කෙලිය..හු. ආ .හා...ප..&%$^*)))%$#&()(^ වගේ එව එනවද කටට..පෙරෙද රැ ආලයෙන් මුසපත් වෙලා මල් කඩන වෙලාවෙ කොටපු ඔක්කොම එකෙද ? එතකොට හොදම හරියෙදි ආපු MMS එකක් වගෙත් තියෙන්න පුලුවන් ද ? මතක තියා ගන්න අමාරුවෙ වැටෙන්නෙ ඔයා විතරක්ම නෙවෙ ඒවට සම්බන්ධ අනිත් පාර්ශවත්.. මොකො දැනෙන්නෙ තමන් පණ වගෙ ආදරෙ කරන කෙල්ලගෙ ආත්මයම එකෙන් විනාස කරන්න පුලුවන් වගෙ දැනෙනකොට.ඔයයි කෙල්ලයි වත්ස්‍යානගෙ පොතේ අලුත් වර්ශන් එකක් අඩුවක් නැතුව දිග හැරිම මම වැරදි කියල කියනව නෙවෙ ඕං පැන්ඩ කියන්න හදන්නෙ..එකෙ ත්‍රිල් එක දන්න අය මම එපා කිව්වත් අහන්නෙත් නැ :-) ..ප්‍රශ්නෙ වෙන්නෙ ඕකට ෆොන් එක සම්බන්ධ වෙලා ඒක ඔය දෙන්නට විතරක් සීමා නොවුනොත්..
හරි දැන් අර ෆොන් හොරා හරි අහුලපු එකා හරි යනව ඉන්බොක්ස් එකෙන් ෆයිල් මැනෙජර් එකට.. දැන් මොකද වෙන්නෙ..මම දන්න සමහර එවුන්ට මේ තත්වෙ උදා වුනොත් සුළු දිය බෙරෙන්න ඕනි කකුල දිගේ..නොටිඇමරිකන් අක්කල හිටියට කමක් නැ කියමුකො එකෙන් වෙන දෙයක් ඔයාට නෙ. එත් මොකො වෙන්නෙ අපි රගපාන වර්ශන් එකක් තිබ්බොත්..දන්නව නෙ ලංකාව කියන්නෙ කොච්චර ගොන් වස්සො පිරුන රටක්ද කියල.මෙන්න මේක බැලුවොත් පොඩ්ඩක් මතක් වෙයි (සාන්තුවරයින් විසින් ස්ත්‍රින් 81 දෙනෙකුට හා එම පවුල් වලට ගල් ගැසීමට නියම කිරිම..) මෙ සින් එකෙදිත් ඔය වගෙ නොසිතු ලෙස අන්සතු වෙලා ප්‍රශ්න වලට මුහුණ දුන්න අහින්සක කෙල්ලො කොල්ලො කොච්චර ඉන්න ඇති ද ?
අන්න ඒ හින්ද මේ දැන්ම මකන්න.මේ දැන්ම.ඔයා එයාට ආදරෙයි නම් ඒ සොදුරු මතක (පින්තුර විඩියො වොයිස් කට් SMS MMS ) හිතට විතරක් සීමා කරගන්න..ඔයා සමහර විට ලොක් කරල ඇති ඒත් ෆොන් එකෙන් මෙමරි චිප් එක ගලවල ගත්තොට් ඒ ලොක් ඇප් එකෙන් වැඩක් වෙයි ද ?ඒ වගේ හුගාක් ෆොන් වල ලොකින් ඇප්ලිකෙශන්ස් බොහොම දුර්වලයි..ඒක පාරක් මම ලග තිබ්බ එකකින් ලොක් කරනව කියන්නෙ ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් එක වෙනස් කරනව විතරයි..නිකමට මම එව ආයෙත් මැනුවල් රිනෙම් කලා කම්පියුටර් එකට දාල හරි එක්ස්ටෙන්ශන් එකට..ලොක් කැලේ..අමු අමුවෙම පේනව.
ඒ හින්ද ඔය ලොක් හයිඩ් ඇප්ලිකේශන් හොදින් දැනගෙන භාවිතා කරන්න..මේක යම් තාක් දුරට පරිඝනක වලටත් බලපානව..වැඩියෙන්ම රිපෙයර්ස් වලට යවද්දි..මෙහෙමයි හුගක් පරිගනක භාවිතා කරන අය මෘදුකංග දොශයක් පවා නිවරදි කරගන්න අදාල ස්ථානයකට ගෙනියනව. ගෙදර os එකක් දාන්නෙත් බොහොම සුලු පිරිසයි..ඉතින් දොශයක් ඇවිත් ඩොකොස් ගාල හිට්ටොත් මොකො වෙන්නෙ..අදාල තැනකට ගෙනියන්න ඔනි.ෆොන් එකකට වගෙ වුනත් ඔය සන්තැසිය තමා..ෆොන් එකෙදි සින් එක දරුනුයි.පරිඝනකයෙ නම් හාර්ඩ් එක ගලවල හදන්න ගෙනියන්න පුලුවන් එත් ෆොන් එකෙ ඉන්ටර්නල් මෙමරි ඩෙටා ගැන ඔයාට චිප් එක ගැලෙව්වත් 100% ශුවර් වෙන්න වෙනව.
ෆොන් එක නිතරම මම නම් කියන්නෙ මේ මොහෙතෙ වෙන කෙනෙක් ලගට ගියත් අවුලක් නැ කියල දැනෙන තරමට සුද්ද කරල තියා ගන්න.සමහර මැසෙජ් පින්තුර ඉවත් කරන්න බැරි නම් කම්මැලි නැතුව පර්සනල් කම්පියුටර් එකට ෆොන් එක හා ලැබුනු මෘදුකාංගය භාවිතා කරල දා ගන්න.මේ වැනි දත්ත රදවා ගත හැකි බහු තරයක් ෆොන් වලට මේ පහසුකම් සලසල තියෙනව ප්‍රස්නෙ අපි ඕව භාවිතා කරන්න උනන්දු නොවීම.
සොනි එරික්සන් අයට නම් my phone explorer වලින් sms එකෙ contact එකෙ ඉදන් හැමදේම පරිඝනකයට ගබඩා කරන්න පුලුවන්.
දැන් ඔහොම පරිඝනකය පුරවල තියෙද්දි එක හදන්න යන්න වුනොත්..සරලම දේ එක්ස්ටර්නල් හාඩ් එකක් තියාගන්න එකට හොද ලොකින් ක්‍රමයක් භවිතා කරල දාන්න.ඒ වගේම එක පරිස්සමට තියා ගන්න..ඒක ඉතින් ඔයාගෙ වැඩක්...ෆොන් එකෙන් එක්ස්ටර්නල් හාඩ් එකට දාල දෙකම එක බැග් එකෙ දාගෙන ගිහින් බැග් එක නැති වුනොත් මොකො වෙන්නෙ..පැන්ඩට ඉතින් ඔහොම අසුභවාදි සිතුවිලි වලින් නම් අඩුවක් නැ.
අනේ මන්ද..හොදම දේ ඔහොම දේවල් හිතට විතරක් සීමා කරගන්න,තමන්ගෙ මතකයේ ගබඩා කරන්න..එක තමා ටිකක් හරි ආරක්ශිතම තැන..ඒත් අරක්කු බොතල් මුඩියක් පැගුනාම ඔක්කොම ඉවර්යි සමහරුන්ට.
කොච්චර වුනත් ඔය ඩිවයිසස් කියන එව්ව නම් විශ්වාස කරන්නම බැ..ඇයි කියල කතාවක් කියලම මේක ඉවර කරන්නම්.හුගාක් ඉස්සර සිද්ධියක් පොඩ්ඩක් එජස් කලා .හැබැයි මේක සත්‍ය කතාවක්.දවසක් මම ඉන්නකොට Y යාලුවෙක් (ශා 8 වසර ගණන් පොත මතක් වෙනව) එනව. අනේ මචන් මෙකෙ කැමරා ඇල්බම් එක උඹෙ මැශිමට කොපි කරල මට සිඩි එකක් ගහල දීපන්..කෙල්ලගෙ ( Y' ) ෆොන් එක ආපහු ගෙනිහින් දෙන්න ඕනි.මම පස්සෙ එන්නම්.මොනද මේ පොටො මම ඇහුවා .. මේ එදා අපි සෙට් වුන දවසෙ එව්වා Y කිව්වා.(දැන් මම අහන්නෙ නැ y ගෙ දරුවාට y' ගෙ නංගි ගෙ නැ කම මොකද්ද කියල..බය වෙන්න එපා).හරි ඔන්න මම දඩ බඩ ගාල කොපි කරද්දි පොර ගියා ටිකකින් එන්නම් කියල.
මම ඉතින් ඔන්න අපි සෙට් වුන දවසනෙ කියල පොටො ටික බලන්න ගත්ත.ඒක ලස්සනයි..අපො මුගෙ හැටි..යකො හිනා වෙන කොට ගන්න තිබ්බ නෙ..ඔහොම දිගටම යනවා එකපාරටම මට හොද එව කියවුනා මොකො දන්නවද මම හොර වැඩක් කරනව මුන් පොටො ගහල.නැ නැ ඒක නෙවෙ කතාවෙ අරමුණ.. ඔහොම ටිකක් යනකොට තමා එක වුනෙ..මාව නිකං කන්ෆියුස් වුනා ඊට පස්සෙ මාව ස්ටෙස් වුනා ඊට පස්සෙ එම්බැරස් වුනා..සිහි එලවා ගෙන ගිහින් දොර වහල ආවා.
මේ සින් එක දන්නො දනිති..ඔය සොනි එරික්සන් k සිරිස් එකෙ සමහර ෆොන් වල එහෙම සමහර් ඉමේජ්ස් මැකුවට පස්සෙ මොකක් හරි ජල්බරියක් වෙලා මේවා අලුත් පොටො එක්ක මර්ජ් වෙනව.ශෙඩ් වෙලා පරන එකෙන් ටිකයි අලුත් එකෙන් ටිකයි එකතු වෙලා අමුතු එකක් වෙනව.කොයි වෙලෙ වෙනවද මකපු මොන ඉමෙජ් එකත් එක්ක මර්ජ් වෙනවද කියල සක්‍රයවත් දන්නවද කියන එක ගැන සැකයි..මගෙ k800 එකෙත් ඔය කචල් එක තිබ්බ නිසා නෙත්දැකිමෙන් මම දන්නව.
දැන් මෙකෙ තියෙනව ඒදා සෙට් වෙච්චි ෆොටො එක්ක මර්ජ් වෙච්චි පරණ පොටො තියෙන පොටො කීපයක්..මෙක Y' ගෙ සෙට් එකෙ කෙල්ලෙක්ගෙ අතිශය පෞද්ගලික පින්තුර..වැඩි විස්තර ඕනි නැ..
මම එදා එක අර යාලුවටවත් නොකියා ශිෆ්ට් ඩිලිට් කලා..ෆොන් එකෙත් ඒ ටික හොයල මැකුවා..අදටත් මගෙ ඒ යලුවවත් මේ දෙ දන්නෙ නැ.ඌට මාව මුන නොගැහෙන තරම් සීන් එක පරණ වෙලා අවදානම නැති වෙලා සහ කතාව මතක් නොවෙන්න සිද්ධිය එජස් කල නිසයි මම මේක මෙතන කිව්වෙත්.
අන්න ඒ නිසා එදා ඉදන් මම නම් කිසිම ඩිවයිස් එකක් විශ්වාස කරන්නෙ නැ..අද මේ කතාව ඔයාලටත් පාඩමක් කරගන්න කියන්න මුල් වුනෙ ඒ සිද්ධිය මතක් වුන නිසා.ඒ නිසා පොඩ්ඩක් අසුභවාදී වෙලා මේ වගෙ අනවශ්‍ය රිස්ක් ගැනීමෙන් වලකින්න.ෆොන් එකට ජිවිතේ භාර දෙන්න එපා.
*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Labels:
අනං මනං (Stuffs),
සිංහල
Friday, September 16
පැන්ඩගෙ සිස්සත්ත කාලෙ
අඩේ මට බ්ලොග් එකකුත් තිබිල නෙ..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ..විභාග කාලෙ නෙ..කැම්පස් ජිවිතේ තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ.(ඇති දෙයක් නැ එත් පොඩ්ඩක් එහෙම කියන්න එපැයි නැද්ද මම අහන්නෙ.)
අපේ බොඩිමෙ පල්ලෙ ගෙදර පොඩි එකා සීස්ත්තෙ ලිව්වා.කොල්ල ගොඩ ගියා. කොල්ලටත් වඩා අපි ප්‍රර්ථනා කලා ඌ පාස් වෙන්න කියල.මොකො එහෙම නොවුනොත් ඌට බනින බැනිලි අපිට වත් අහගෙන ඉන්න බැරි නිසා..අනේ මේ කැම්පස් අපිත් 10ට නිදා ගන්න කොට ඌ පාස්ට් පේපර් කරනව.අකුරක් පැටලුනත් තාත්ත බනින්නෙ තමුසෙ කියල, අපි එච්චර කලා මෙච්චර කලා මේක බැරිද කියල . මට නම් පවු කියල හිතෙනව දෙමාපියො මෙච්චර මොඩ වීමයි දරුවන්ට ඒව ගෙවන්න වීමයි හින්ද.
ඕවත් එක්ක ඉතින් පැන්ඩත් අතීතෙට ඇදිල යනව නිකං අර අංගම්පොර කරල මොකෙද්ද අවදි කරල කාල තරණය කරල වගේ..(හීන තමයි ඉතින් ඔව්වා..අගල් 40 අලි බඩ ගෙඩියක් තියෙන පැන්ඩෙක්ට මොන අංගම්පොර ද)
පැන්ඩ සිස්සත්තෙ ලිව්වෙ අර ර/ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයෙ නෙ..ඒ කාලෙ කවුරු හරි ඉස්කොලෙ ඇහුව ගමන් බඩ පල්ලෙ තියෙන කලිසමත් උඩට උස්සල ඇරගෙන පපුව බුම්මල "ර ඇහැලියගොඩ ප්‍රාථ්මික විද්‍යාලය" කියලම අඩුවක් නැතුවම කියනව.අනේ ඉතින් හලි හුරතල් කියල උම්ම එකක් නම් එතකොට වැරදෙන්නම නැ.
පහ වසරෙ පොටො එකක් නම් හොයා ගන්න බැරි වුනා.පැන්ඩ පොඩි කාලෙ මෙන්න මේ වගේ ඕං.
.
ඇහැලියගොඩ ප්‍රාථමිකේ කියන්නෙ ශිෂ්‍යත්ව ව්භාගෙට නම ගිය ඉස්කොලයක් ඉස්සර,මොකද ප්‍රථමිකයක් නිසා හැමොම කැප වෙලා හිටියේ ලමයි හැමොම හොද ට පාස් කරවන්න නැත්තං ලමයි අනාථයි ඉස්කොල හොයාගන්න ගියාම.මොකො මහා විද්‍යාලයක් තිබ්බෙත් නැනෙ එකට අනුබද්ධව.පැන්ඩට ඉස්කොලෙ හරි ජයයි ඒ කාලෙ.මොකො පැන්ඩ ගෙ දෙමාපියන්ගෙ පැත්ත නිසා ඉතින් කවුරුත් ගුරුවරු දන්නව ලමය කවුද කියල.බලන්ට එපැයි හරි සැලකිලි.ගේමක් නැතුව ප්‍රින්සිපල් සර් එක්ක වුනත් කතා කරන්න පුලුවන්.
තව ඉතින් අර තුනෙදි හතරෙදි ද ලියුම් ලියන්න කියා දෙන කාලෙ පැන්ඩට හිටිය තව යාළුවෙක්.ඒත් කෙල්ලෙක්ම තමා ඕං.ඔන්න පැන්ඩත් ලිව්ව ඉස්කොලෙ ටීචර් ලිව්ව වගේම ලියුමක් පොතෙ කළු ලැල්ල බලාගෙන.ඒත් ඉතින් ලියුම් තියෙන්නෙ නිකං පොත් වල ලියන්න නෙවෙ නෙ.අද කාලෙ ඉගෙන ගත්තුව තියරි වලින් ඉවර කොලාට ඒ කාලෙ ඉතින් හෙන පැක්ටිකල් කොලු පැංචා.ඉගෙන ගත්තු දෙයින් වැඩක් ගන්න ඕනි කියල හිතුව ලියුමක් ලියල දෙන්ට.දැන් කාටද ලියන්නෙ බැලුව වට පිට මේ ඉන්නෙ එහා පැත්තෙ මගෙ අති ජාත මිතුරිය.ලිව්ව ලියුම කොලෙක අකුරක් නැර පොතේ තිබ්බ වගේම නම විතරක් රිප්ලේස් කරල.තාම මතකයි."දයාබර *** ඔබගෙ සැප දුක් කේසෙද ? මම නම් සුවෙන් සිටිම්...."දැන් කොහොමද ලියුම දෙන්නෙ ටිචර් නම් කිව්වෙ තැපැල් කන්තොරු හරහා නෙ. පැන්ඩ පැටියට මොන තැපැල් කන්තොරු ද?
ආව පොයින්ට් එකක්."මේ ඔයා හැමදාම ගෙදර ගියාම බැග් එක අස් කරනවද ?" "මම නම් අස්කරනව"."හහ් මාත් අස් කරනව තමයි". එළ කිරි නෙ.දැම්ම ලියුම බැග් එකට හොරෙන්ම.සින් එක එතනින් ඉවර වුනා මටත් අමතක වුනා.මෙන්න බොලෙ පහුවදා කෙල්ල දාල උදේම වැඩට යන අම්මා ගෙට්ටුව ගාව බලා ඉන්නව.අපේ අම්ම ඉස්සරහට එනව කවදාවත් නැතුව."ඊයෙ පුතා හරි හපන් කමක් කරල නෙ".හුටා....ඔන්න කිව්ව කතන්දරෙ අපේ අම්මට.දෙන්නම හිනා වෙලා ඒක එතනින් ඉවර වුනා තරමක් දුරට අපේ අම්මලත් යලුවො බවට පත් කරල.පහු කාලෙක ටවුම මැද වුනත් මාව දැක්කම ඕක මතක් කරන්න කවුරුත් පසු බට වුනේ නම් නැ.
සිස්සත්තෙ නම් අපි ලිව්වට ලිව්වද කියලවත් අපිට දැනුනෙ නැ.ඉස්කොලෙ වැඩට අමතරව ටීචර් ල ම හවස පන්තියක් කලා ඉස්කොලෙම සිස්සත්තෙ කිට්ටු කොරල.පැන්ඩ හැබැයි ඒක් වෙනියා (එහෙම තමයි ඒ කාලෙ මම පලවෙනියට කිව්වෙ) වුනෙ නම් නැ.10 ට අඩුවෙන් නම් උන්නා.කොහොමින් කොහොම හරි සිස්සත්තෙත් ලිව්වා.ඒ 96 අගොස්තු මයෙ හිතෙ.සිස්සත්තෙ ලියල ඉවර වුනාම තාත්ත ගෙනහල දුන්නෙ පත්තෙරක ගිය පේපර් එකක් ආයෙ කරන්න.මට හොදට මතකයි මම ඒක දෙකට තුනට නමල කොහෙද හැන්ගුවා.ඒත් අපේ ගෙදර අම්මල නම් ඒ ගැන මොකුත් කිව්වෙ නැ.
ඔන්න ඔහොම නට නටා ඉන්නකොට තමා රිසාස්ල්ට්ස් ආවෙ.දැන් වගෙ ජංජාල නැ නෙ.යන්න ඔනි ඉස්කොලෙ ප්‍රතිඵල බලන්න.මට නිකමට බයක් ඇවිත් බැ කිව්වා.පස්සෙ අම්ම ම ගියා.ඔන්න ඉතින් අම්ම එන බස් එක ගේ ඉස්සරහ නැවත්තුව.දූල ගිහින් ජනෙලෙ එල්ලිලා බැලුව අම්මගෙ මූඩ් හොදා අතේ බ්‍රවුන් පේපර් කවරයක්.ඒ කියන්නෙ කන දෙයක්.පුන්චි ගොඩ යැමක් සහතිකයි.කුස්සිය පැත්තෙන් ගෙට අපු අම්මා මාව තුරුල් කර ගත්ත.අඩේ අම්මගෙ ඇස් වල කදුළු.මට සිස්සත්තෙට ලකුණු 170 යි.අපේ පන්තියේ පලවෙනියා මම..මට ඒත් එක මොකද්ද කියලවත් එකෙ මට වෙන වාසියක් වත් දැනුනෙ නැ.කොටින්ම කුරුදු වත්තෙ මගෙ දෙවනි මහඉස්කොලෙ වගේ ඉස්කොලයක් තියෙනව කියලත් මම දැන ගත්තෙ එදා.
එදා ඒ අපු ප්‍රතිපලෙ නිසා මම ලබාපු දේවල් ගොඩක් තියේ මගෙ දෙවනි ඉස්කොලෙ හරහා.ඒත් මගෙ හිතේ හැමදාම යටින් කැගහනව අනේ මම සිස්සත්තෙ පාස් නොවුනම් කියල.මට 6 වසරෙන් පස්සෙ මගෙ ගම අම්මගෙ ආදරෙ නිවාඩු කාලෙට විතරක් සීමා කලේ ඒ සිස්සත්තෙ තමයි.
එදා අම්මලගෙන් මාව සිස්සත්තෙ ඈත් කලේ ඒක පාස් වුනාට පස්සෙ ඒත් අද සිස්සත්තෙට සුදානම් වීම උදෙසාම දරුවන්ට දෙමාපියන්ගෙ ආදරෙ නිදහස අහිමි වීම ජාතියේ දරුවන්ගෙ අභාග්‍යයක් කියලයි පැන්ඩට හිතෙන්නෙ.
*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Labels:
අනං මනං (Stuffs),
සිංහල,
සිතුවිලි
Saturday, September 3
අනිත්‍යයේ පට්ට පැත්ත
බලපං කාටත් ඔච්චර තමයි
අනිත්‍යයි
දුකායි
අනාත්මයි
ඒ වුනාට මචන්
බලපං පොඩ්ඩක්
මැවිල පේනව
ඒ කාලෙ පට්ට ඇති
හ්ම්...හ්ම්...
ජයාරූපය අන්තර්ජාලයෙ දැක්කෙ
*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Labels:
අනං මනං (Stuffs),
සිංහල,
සිතුවිලි
Subscribe to:
Posts (Atom)




