Wednesday, June 2

අම්මාටයි අක්කාටයි නංගිටයි කෙල්ලටයි විතරක් ආදරේ කලාම ඇතිද?



පැන්ඩට කියන්න හුගාක් දෙවල් තිබ්බ Topic එකක් ගැන බූන්දියේ සදකැලුම් කතා කරල තිබ්බ.
මෙන්න ලින්ක් එක...

http://boondionline.blogspot.com/2009/06/blog-post_5112.html

අපේ හුගක් තරුණයො තමන්ගෙ අම්මට හරි අක්කට හරි කෙල්ලට හරි වචනයක් කිව්වොත් කවුරු හරි GAME එක ඉල්ලන්නෙ එක පයින් එත් ඒ කොල්ලම ඒ කටින්ම කවුරු හරි කෙල්ලෙක්ට තමන්ගෙම තකතිරු අනුමානෙකට අනුව කථාවක් හදනවා..
ලංකාව වගෙ හැම තිස්සෙම ආගම දහම කථා කරන රටක ඇති වෙලා තියෙන මේ තත්වෙ ඇත්තටම හුගාක් දුක්ඛිතයි.

හැබයි අපේ රටේ තරන් සමහර වෙලාවට කන්තාවක් විසින් තවත් කාන්තාවක්ම හෙලා දකින සංස්කෘතියක් වෙන කොහොවත් නැතුව ඇති.පිරිමියාට කලින් ආපෝ ඔය ගෑනි නං කියල පටන් ගන්න ස්ත්‍රින් අපි කොච්චර දකිනවද? ලොකුම දේ මේ හුගක් චෝදනා පදනම් විරහිත තමන්ගෙ පුද්ගලික, අමන, කුහක හිතෙන්ම හට ගන්න හෙලා දැකිමෙන් පහත් සතුටක් ලබන්න කියන කථා.
මේ වගෙ පසු බිමක් තියෙන ගෙදරකින් හැදිල සමාජෙට ඇතුල් වෙන පූතන්ඩියෙක්ට හැබයි අර මං කලින් කිව්ව වගෙ මානසිකත්වයක් පවුලෙන් පිට ස්ත්‍රින් කෙරේ ඇති විමේ අරුමයක් පැන්ඩට නං දැනෙන්නෙත් නෑ
.

මේ තත්වෙ ගැන අපි හැමොම වගකිමෙන් දකින්න කාලෙ උදා වෙලා කියල තමා ඕං පැන්ඩට නං හිතෙන්නෙ..

1 comment:

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails