Thursday, June 17

අදත් උත්පලවන්ණා වන් තෙරණියන් අපි අතරම ඇති..


මම ථෙරි ගාථා පොත ගත්තෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනෙන්...... ලගදි ආයෙ පෙරලන කොට මේක දැක්කම මට අද වගේමයි එදත් කියල හිතුන... මෙවන් දුක් විදින සියලු කන්තාවන් ගේ විමුක්තිය, කන්තා සංවිධාන වලට වඩා හොදින් බුදු හාමුදුරුවො ප්‍රකට කලා එවන් විමුක්තියක් ඔවුන්ටත් උදා වේවා.

උත්පලවන්ණා තෙරණිය

මව හා දුව වන අප දෙදෙනාම
වන්නට විය එකම පුරුෂයකුගේ බිරිදන් ලෙසට
අපවිත්‍රව දුගදව කෙලෙසුන්ගෙන් පිරුනු
කාමය ඔබ
අප දෙදෙනාම එකම පුරුෂයකුගේ බිරිදන් කළහ

දුටුවෙමි මේ කුරිරු කාමය ගැන හොදින් මෙමා
නික්මුනෙමි දම් රසය සොයා රජ ගහ නුවරින්
යන්නට වුනෙමි ගංගා තීරයේ මෙහෙනි අරමකට
සසුන් ගත විය අපමණ ශ්‍රද්ධාවෙන්

ලදිමි පෙර අත්භවය දකිනා නුවණ
අනි සිත් දකින්නටද මට හැකි වූවා
සංසුන්ය ඉන්ද්‍රයන්
ඉන් ආශ්‍රවය දුරි වුනි

මවා ගෙන ගොස් අසුන් හතරකින්
යුත් රථයක්
නමස්කාර කලෙමි
භගවත් ගෞතමයන්ට

බාලාවනි බිය නොවන්නයැයි
තථාගථ හිමි ඇමතුවා
සල් රුක මුලට ගොස්
සමවතින් සිටින්ඔබට කිසිවෙකුට හිරිහැරයක් කළ නොහැක
බිය නොවන්
සල්ලායන්ට ඔබට
හිරි හැර කළ නොහැක
සල්ලායන් එකකු නොව සීයක් පැමිනියද
මට හිරි හැර කළ නොහැක

මාරය අසව
තට කළ හැකි දැන් දෙයක් නැත

මම සංසුන් සිතැතිව
සෘධිය වඩා ඇත

ඔබ කියන කාම රතිය
මට නීරසයකි
නැසුවෙමි සියලු තෘශ්ණාව
දැන ගත යුතය තොප එය හොදා කාරවම


සිංහල ථෙරි ගථා පොතෙන් උපුටා ගන්නා ලදී




6 comments:

  1. ඇත්තටම කාන්තා සංවිධාන වල ඔය කියන විමුක්තිය තියද අයියේ........?????

    පොත කියවන්න ආස හිතුන.... හොයා ගන්න ඕන...

    ReplyDelete
  2. ආගම ධර්මයෙන් ලැබෙන විමුක්තිය ඔය කිසිම සංවිධානයකට කවදාවත් ලබා දෙන්න බැ නංගි...

    ලග පාතක හිටිය නං පොත දෙන්න තිබ්බා...

    ReplyDelete
  3. වටින දෙයක් පළ කරල... මේ පොත හොයාගෙන කියවන්න ඕනෙ.

    විහඟි

    ReplyDelete
  4. බොහොම ස්තූතියි විහගි...

    ReplyDelete
  5. you can download from
    http://aathaapi.org/Thripitaka.html

    31.ථෙරගාථා පාළි ථෙරීගාථා පාළි (65 Mb)

    This is the Original Buddhajayanthi Books

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails