Sunday, June 6

study leave ජරමරේ


අමාරුවෙන් නිදයි එකෙක්
සිහින මවමින්
බලන්නට පොතක්

අල්ලගෙන බඩවල්
බදා ගෙන ඔළු ගෙඩි
විදියි ගැස්ටික් වල ගෑස්

පොටොකොපි කඩ වලට
නෑ නොවැ නිනව්වක්
ලස්සනට ඇති නොට් පොත්
හිරවෙලා මැෂිමට

ටිකක් හරි දන්න ඒකා
දන්න ටික පුරවයි
අමාරුවෙන් කුප්පියට

මෙලො දෙයක් නොද
න්න එවුන්
හලා ගනිමින් කුප්පි
තනා ගනී තඩි බොතල්

අහිංසක කාල සටහන
විදියි මේ සියලු අවමන්
විභාගේ නාමෙයෙන්..

No comments:

Post a Comment

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails