Tuesday, July 20

අද පැන්ඩට 24 යි ලු...


මේ වගෙ දවසක
පැන්ඩ මවු කුසින් මෙලොව
එලිය දුටුවාලු
එලොව පින් කල නිසා
මිනිසත් බව ලැබුවාලු

අදට වයස 24යි ලු
මේ වගේ 24 වල්
මේ සසරෙ තව කීයක්
ගෙවල ඇතිද?

පැන්ඩ අද පාටිද?
අනේ මොන පාටි බං

ජීවිතෙ 1/4 ක් ඉවරයි
තාමත් ඉගෙන ගන්නවා
ඊට පස්සෙ රස්සාවක්
විවාහයක්
දරු මල්ලො
වියපත් බව
මරණය
ආයෙත් මව් කුසක..

මට ඇති වෙලා බං
දුකයි මේ සංසාරෙ
කරන්න ඕනි පිං කමක්
වඩන්න ඕනි බවුන්
නොලබන්නට නැවත
24වෙනි උපන් දිනයක්

පිස්සුද ඕයි...
හෙට Maths paper එක නේද
next week project final නේද
උඹ එක කලාද
අන්න උඹෙ අම්ම කතා කලා
උඹ හොදට වැඩද ඇහුව
උඹෙ තාත්තගෙ අදහස
උඹව රට අරින්නලු
තව ටිකක් ඉගෙන ගන්න
කෙල්ල නං කැමති බැදලම යන්න

අනේ... මට එපා මේ උපන්දින..


13 comments:

  1. සුහ උපන් දිනයක් සහෝ :)

    ReplyDelete
  2. සුබ උපන්දිනක් වේවා සහෝ.
    ඒ වගේම ලියලා තියන එකත් ඇත්ත..

    ReplyDelete
  3. සුබ උපන් දිනයක්... ජීවිතේ සංකීර්නයි...

    ReplyDelete
  4. මේ නංග වැඩිය පරක්කු නෑනේ.......

    සියළු පැතුම් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ උපන් දිනයක් මුලු හා හදින්ම පතනව අයියට.......!!!!!

    ReplyDelete
  5. සුභම සුභ උපන්දිනයක් වේවා ....

    ReplyDelete
  6. අනේ හුගාක් පින්, හුගාක් ස්තූතියි හැමොටම.මේ හැමොටම තමන්ගෙ පැතුම් ඉටු වන සුභ අනාගතයක් වේවා....!!

    ReplyDelete
  7. ඒක ඇත්ත කථාවක් මචං...
    ඕං ඉතින් මගෙනුත් සුභ පැතුම්!!!
    උඹට සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  8. මගෙනුත් සුභ පැතුම් !!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!!!
    අපිටනම් පැන්ඩා පාටියකුත් දුන්නනෙ

    ReplyDelete
  11. ආ යසිරු සහොදරයා නේ මේ පැත්තෙ දැකීමත් සතුටක්... ස්තූතියි...
    සන්දික ගෙ බ්ලොග් එකට සුභ පතනවා.
    සම්පත් ටත් ස්තූතියි

    ReplyDelete
  12. අළුත් සිතක්February 11, 2011 at 7:57 AM

    දැනුයි දැක්කෙ uva wellassen කියල. මමත් ඔයාගෙ department එකේ හිටපු හැබැයි දැන් ඔය පලාතෙවත් නැති කෙනෙක්. මොන බැච් එකේද.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails