Thursday, July 8

දෙවන කොටස - පරිඝනක භාවිතා කිරීම හා අපා ගත වීමෙ පහසුකම



පැන්ඩ මෙකෙ ඔයාලගෙ අදහස් ගන්න මීට කලින් දාපු පොස්ට් එක මතක ඇතිනෙ...මෙන්න එකට ලින්ක් එක.එත් කවුරුත් මේ ගැන කියල තිබ්බෙ නෑ.සමහර විට එයාල අතින් මේ වැරද්ද සිද්ධ වෙන්නෙ නැතුව ඇති.මේක අද බහුතරයකට මිසක් හැමොටම අයිති case එකක් නෙවෙ.

ඔන්න ඉතින් exam අස්සෙ ලැබුන පුංචි විවෙකයෙදි මං කතාව කියන්න හිතුව.

මීට වසර 2500 කට කලින් පරිඝනක නොතිබුන හින්ද බුදු හාමුදුරුවො මෙවට වෙනම සිල් පද දේශනා කරල නෑ.
ඒත් දේශනා කරපු ධර්මය බොහොම අපූරුවට පහදල දේශනා කරපු හින්ද හරිම අපූරුවට ඇගට පතට නොදැනී කැඩෙන දෙවන සිල් පදේ හින්ද තාම මෙ අපා ගත වීමෙ අවදානම ඇති වෙන්නෙ.කවුරුත් දන්න software එහෙම නැත්තං මෘදුකාංග හොරකම.

බුද්ධ ධ‍ර්මයේ විතරක් නෙවෙ දස පනතෙ, කුරානයෙ, හා හින්දු ධර්මෙ මේ කොයි ආගමෙත් හොරකම වරදක් පාපයක්.ආගම පැත්තකින් තිබබත් මේක නීතියෙන් බොහොම බරපතල වරදක්.

දන්නවද දකුණු ආසියාතික පැසිපික් කලාපයේ දෙවනියට ඉදිරියෙන් ඉන්නෙ ලංකාව මේ සම්බන්ධයෙන්.අවංකවම කිව්වොත් මේක ලියන මම ද ඇතුලුව අපි කවුරුත් විවිධ අවස්ථා වල මේ පව කරල තියේ.කවුරු හරි පුද්ගලයෙක් නැත්තං ආයතනයක් තමන්ගෙ දැනුම ශ්‍රමය වැය කරල නිපදවන මේ මෘදුකාංග වල වටිනාකම බොහොම ඉහලයි.එත් ලංකාවෙ රු 20 CD එහෙම නැත්තං USB PEN අස්සෙ මේව මාරු වෙන හැටි නිෂ්පාදකය දැන ගත්තොත් මෘදුකාංග නිපදවීම පැත්තක තියල බඩ කපා ගෙන මැරෙයි.

ලංකාවෙ මිනිස්සුන්ට මේක කොච්චර සාමන්‍ය වෙලාද කිව්වොත් සමහර අය මම නං අනුන්ගෙ සත පහක දෙයක් ගන්නෙ නෑ යැයි කියමින් හිදී නමුත් ඔහුගෙ පරිගනකය තුල ලක්ෂ ගනන් වල මෘදුකාංග හොර කොපි භාවිතා වේ,
තවත් පිරිසක් මුදල් ගෙවා මේවා මිලදී ගන්නා පුද්ගලයින්ට නොංජල් හිනාවකින් අනෙ මොඩයා යැයි කියා සංග්‍රහ කිරිමටද පසු බට නොවේ.

ලාංකීය සමාජයේ තාම මේක ගැන බර ට කතා බහක් නෑ. ලාවට එහෙන් මෙහෙන් නීති එහෙම නං සකස් වුනා මං හිතන්නෙ..තමන්ගෙ වත්තෙ ගහෙන් වැටිල පාරට විසි වෙන පොල් ගෙඩිය ගෙනියනකොට හොරා කියල කෑ ගහන අපි ලක්ෂ ගනන් වල මෘදුකාංග හිතෙ හැටියට සත පහක් නොගෙවා පාවිච්චි කරනව.

මං හිතන්නෙ අද ලංකාවෙ හුගක් දක්ෂ මෘදුකාංග ඉංජිනෙරු වරු ව්‍යවසායකත්ව ව්‍යාපාර වලට යොමු නොවි විදේශීය ආයතන වලට තමන්ගෙ දැනුම ලබා දෙන්නත් මේක හෙතුවක් වෙන්න පුලුවන්.මොකද ලංකාවෙ තමන්ගෙ නිර්මාණ වලට නියම වටිනාකම ලැඛෙයිද කියන බය නිසා.

දැන් හුගක් වර්තමාන මහා පරිමාණ මෘදුකාංග නිපදවන ආයතන කලාපීය සීමා තුල අලවිය සදහා විශේෂ මිල ගනන් යටතේ මෘදුකාංග නිකුත් කිරීම ආරම්භ කිරීම මීට හොද විසදුමක් වේවි.

නමුත් අපි ට කරන්න බොහොම පහසු දෙයක් තියෙනවාල ඒ තමා නිදහස් මෘදුකාංග FOSSකෙරෙහි නැඹුරු වීම. මේ ගැන සින්ඩි වල නිතර කතා බහ වෙන හින්ද ඒ ගැන මං කතා කරන්නෙ නෑ.



මේවා භාවිතය සම්බන්ධයෙන් උපදෙස් මට වඩා ප්‍රවීනයො බ්ලොග් ඕනැ තරම් ලියනවා.එත් හුගක් අයට දැනෙන්නෙ නෑ ඇයි එහෙම නිදහස් මෘදුකාංග භාවිතයට තමන් හුරු විය යුත්තෙ කියල.

මං බලාපොරොත්තු වුනේ එහෙම නොකිරීමෙන් අපි වරදකරුවෙක්, පව් කාරයෙක් වෙන බව පැහැදිලි කරන්න කාටත් තෙරෙන බසාවෙන්.සරලම සරල බාසවෙන් කිව්වොත් මහන්සි වෙලා අපිට මේව හදල දෙන මිනිහට බඩේ පාර ගහනවා.

FOSS කරා අපි බොහොමයක් හුරු නොවීමට හේතුව හුගක් වෙලාවට මේක භාවිතය අපිට වැඩිය ලංකාවෙ උගන්නනෙ නෑ ප්‍රචලිත නෑ. අපි තනියෙන්ම ඉගෙන ගන්න ඕනි. එත් microsoft භාවිතය ගැන නං ගහක් ගලක් ගානෙ තියෙනවා.

මං හිතන්නෙ රජයකට පුලුවන් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.LINUX වගේ ඒවා භාවිතය පාසලෙන් හා රජය මගින් පිහිටුවා ඇති පරිගනක අධ්‍යාපන ආයතන වලින් ඉගැන්නුවොත් මීට වඩා යහපත් බලපෑමක් වෙයි ඒවා භාවිතයට යොමු වීම කෙරෙහි.ඒ වගේම මේ විවෘත මෘදුකාංග වල වර්ධනයටත් මේක බලපායි.

එහෙනං ඔන්න පැන්ඩ ලියල ඉවරයි. කවුරුත් මේ පාපයෙන් වලකින්න උපරිමෙන් උත්සාහ කරමු අනිත් අය දැනුවත් කරමු.

මේ තියෙන්නෙ ලිනක්ස් භාවිතය ගැන ශාකුන්තල සහො ලියපු විස්තර ටිකක්

http://blog.shaakunthala.com/search/label/Linux


සින්ඩි ටික SEARCH කලා නං තව ගොඩක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.


2 comments:

  1. ඔබ හරි. ඒත් හුඟක් වල මිල ගනන් අපේ රට වල් වල සාමාන්ය පන්තියේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නෙ නැහ. ඒක ලොකු හේතුවක් ඔය සඳහා.

    අනික රුපියල් 100 ට කරගන්න පුලුවන් කම තියෙද්දි ඩොලර් 100 ක් දීල පිටර කොම්පැනි පොහොසත් කරන්න තරම් වත්කමක් අපේ මිනිස්සුන්ට නැහ මම හිතන්නේ.

    ReplyDelete
  2. මම 100% එකගයි..මට වුනත් එහෙම වත්කමක් නෑ තමයි..ඒත් දුප්පත්කමට කලත් වරද වරදමයි නේද?..එකයි මම කියන්නෙ අපි කොහොම හරි නොමිලේ දෙන ubuntu,openoffice වගෙ එවට හුරු වෙමු කියල.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails