Friday, August 6

මගේ ජීවිතේ බේර ගත්ත

EXAM අස්සෙ
මාසයක් හිර වෙලා
පණ ගහ ගහ තිබ්බ ජිවිතේ
අන්තිම මොහොතේ
දිගම දිග නිවාඩුවක් ඇවිත්
බේර ගත්ත.

තව මාසෙකින් යනකොට
අපිත් super senior ලු

ජීවිතෙන් senior කරන්න
උපාධියේ තෙවෙනි වසරකට
පුලුවන් වුනේ කොයින් ද?

කොහෙදො එකෙක් කෑ ගසයි
"පවතින ක්‍රමෙ වෙනස් කල යුතුයි
වරෙව්
මෙහෙම ඉදලා හරි යන්නෙ නෑ බොලව්"

සියලු දේ වෙනස් වන සුලුයි
නොපමාව කුසල් රැස් කරනු මිසක්
විස්ස විද්දාලෙට එන්න කලින්
නෑ නෙ මම ඇහුවෙ
වෙනස් නොවෙන ක්‍රමයක් ගැන

අරගල කල යුත්තෙ
තව තවත් වෙනස් කරන්නට නොව
මේ වෙනස් වීමේ දුකෙන්
ගැලවෙන්න නොවෙද




1 comment:

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails