Monday, August 30

මගේ වින්ඩොස් දික්කසාදෙට case file කිරීම ඇරඹුනි



ඔන්න ඉතින් පැන්ඩත් දැන් හෙමින් සිරුවේ මුල අමතක කරගෙන යනව.හිතන්න එපා මු නං සතෙක්ම තමයි කියල. අනේ එහෙම එකක් නෙවේ මං මේ කියන්නෙ, හෙමින් සිරුවෙ විවෘත මෘදුකාංග භාවිතයට මාරු වෙන්න හදනව්. ඉතින් බිල් ගේට්ස් ගෙ වින්ඩොස් හෙමින් අමතක කරන්න හදන්නෙ.


අර කවුද ඇහුවලු මිනිහගෙ නම ගේට්ස් වෙලා ඇයි පොර වින්ඩොස් හදන්නෙ කියල.

කොහොම හරි මං හැබයි මිල අධික හින්දයි මෘදුකාංග හොරෙක් කියන හෘද සාක්ෂියෙන්(මතකද මං මේ ගැන මුලින් ලියපු එක) බෙරෙන්නයි තව ඉතින් පරිඝනක ශිෂයෙක් විදිහට බිල් ගේට්ස් මාමා ගෙ නිති රීති අස්සෙ නිදහසෙ හැසිරෙන්න අමාරු හින්දයි තමා ලිනක්ස් පදනම් වු OS එකකට හිත යොමු කලේ.නැතුව මම වින්ඩොස් හෙලා දකින්නෙ නැ.. මම් මුලින්ම පරිඝනකයට වින්ඩොස් 95 එක්ක 1997 දි අත් පොත්(අත් යතුරුපුවරු) තියල මෙච්චර කල් එක එක වැඩ කලේ DOS එක්ක නෙවෙ නෙ windows එක්ක නෙ.බොහොම පින් බිල් මහත්තයො

linux
ගැන හිතද්දි ෆෙඩෝර හා උබුන්ටු කියන දෙක තමයි ඔලුවට ආවෙ... ඒ වුනාට තව ගොඩාක් තියෙනව හොදේ.. අහල ඇති නෙ හන්තාන ලිනක්ස් ගැන එහෙමත්.. තව ගොඩාක් තියෙ.අපේ ශාකුන්තලටත් පොඩ්ඩක් කරදර කරල බැලුව.අපරාදෙ කියන්න බැ ටක් ගාල පිලිතුරු ආව.

9.04 වෙනකන් හැමදාම උබුන්ටු සිඩි ගෙන්න ගත්ත. පස්සෙ එක නැවත්තුව නෙ. එ දවස් වල ඉතින් ඕක පොඩ්ඩක් live run කරල ආයෙත් වින්ඩොස් වලටම දුවනව... ලොකුම හේතුව අලුතෙන් දෙයක් ඉගෙන ගන්න තිබ්බ කම්මැලි කම.

දැන් ඉතින් කම්මැලිකම් කොලා මදැයි කියල බැලුව අලුත්ම version එක. ubuntu 10.04 (Lucid Lynx).කම්මැලිකම පැත්තක තියල භාගත කිරීම පටන් ගත්ත.

දැන් නොට් බුක් වලට ටිකක් සැහැල්ලු එකකුත් තියෙනව එත් ඉතින් මම නං ඩෙස්ක්ටොප් එකම භාගත කරල ලැපීට ඉන්ස්ටොල් කලා.මගෙ ඉතින් පට්ට ලැප් එක නෙ ;-)

load උනාම ටිකක් mac os එකක් වගේ කියන ගතිය අලුත් theme එකේ තදින්ම දැනුන.

මෙන්න බොලෙ වැඩක් මෙකෙ close minimize maximize button වින්ඩොස් වල වම් අත පැත්තෙ.. දකුණු අත හුරු වීමයි වින්ඩොස් හුරුකමයි එක්ක මේක මලම මල ඇණයක්..

ටිකක් වෙලා දගලල එක නං විසද ගත්ත ඕං.




මෙන්න මෙහෙමයි කෙටියෙන් කීවොත්.

1)alt + F2 ගහපු ගමන් run application එක ගන්න පුලුවන්
2)එතන gconf-editor කියල ටයිප් කරන්න

3)ඊට පස්සෙ එනව නිකං වින්ඩොස් වල අපිට හුරු පුරුදු registry editor vage එකක්.
4)apps>metacity>general වලට යන්න
5)එතන button layout එකට menu:maximize,minimize,close කියන එක දාගන්නකො

6)වැඩේ ගොඩ

මම අලුතෙන් දැකපු මගෙ හිත ගත්තු මුල්ම application දෙක තමයි.evolution හා empathy.
empathy කියන්නෙ මූනු පොතේ ,ගූගල් වගෙ තව ගොඩක් chat service වල online කස්ටිය ඔක්කොම එකම තැනකට ගන්න පුලුවන් එකක්.එක හරිම පහසුවක්.

evolution කියන්නෙ PIM (personal information management) එකක්.. මේව හුගක් තිබුනට මෙච්චර පහසුවෙන් ගුගල් account එකක් connect කරගන්න පුලුවන් එකක් මං දැක්කම්යි.


තව අර ubuntu software center එකත් දැන් බොහොම පහසුවෙන් software හොයන්න උදව් වෙනව.මේක 9.04 වල තිබුනද දන්නෙ නැ..මම දැක්කෙ නං නැ. එකෙන් බොහොම් පහසුවෙන් සිංහල යුනිකේත set එක හොයාගත්ත.

තව ඉතින් මගේ අලුත් crush එක ගැන පරණ කසාදෙට වඩා උනන්දුවෙන් බලන්න හේතු ගොඩායි.හෙමින් හෙමින් කියන්නම්කො ඉතින්..

ප.ලි. තාම subject එකට අලුත් නිසා ලියල තියෙන කරණා වල අඩු පාඩු දැක්කොත් අනෙ කියන්න හොදේ...

11 comments:

  1. ubuntu 10.04 godak stable os ekak, mamath windows walin hariyatama ayin wune meeka dammata passe..

    oya kivva wage maath windows hela dakinne nae.. kanna deepu atha hapaa kanna honda na ne..

    (unicode walin gahanna kammaliy.. sorry wenna oona)

    ReplyDelete
  2. Macho me pics daala thiyenne cam ekakin photo aran neda? print screen gahala ganna barida?

    ReplyDelete
  3. සහෝදරය අපිටත් ඔය දන්න දන්න දෙයක් කියල දෙන්න, මොකද testing කරල ඉගෙන ගන්න ඒතරම් වෙලාවක් ඈත්තෙ නෑ

    ReplyDelete
  4. මොනිටර් එකේ පිංතූර ගන්න ඕන නෑ, Screnshot key එක press කරන්න, නැත්තං Accessories -> Take Screenshots.

    Window controllers දකුණට දාගන්න එපා. ඉස්සරහට එන versions වල Window border එකේ දකුණට "Windicators" (Window Indicator) කියල අලුත් ගැජමැටික්ස් එකක් දාන්න ප්ලෑන් කරන් ඉන්න නිසා තමයි දැංම ඉඳංම Window Controllers වමට දාල තියෙන්නෙ. ඉතිං දකුණට දාං පුරුදු උනාම තමුන්ටමයි කරදරේ! අනික ඕක මහලොකු දෙයක් නෙවෙයි, ඕන නං දවසක් විතර ඔය අප්සට් ගතිය දැනෙයි!

    ReplyDelete
  5. @budhajeewa: අපොයි..printscreen මම දන්නව එත් මට එක එවලෙ අමතක වුනා නෙ.චික්.මට ඔහොම වැඩ හරියට වෙනව ගිය අවුරුද්දෙ ප්‍රොජෙක්ට් එකක් කලා එකට වෙබ් application එකක් හැදුවෙ. PHP,mysql,RFID techno අනං මනං ඔක්කොම වැඩ දාල හදල අනිතිමට ෆොර්ම් වලට වැලිඩෙෂන් දාල නැ..
    presentation වෙලෙ මැඩම් කෙනෙක් ඇහුවම තමයි මතක් වුනේ..එතනින්ම bad impression..දුක තමයි.
    කොහොම හරි බොහොම ස්තුතියි අදහස් වලට.මට ඔයාගෙන් හුගක් දෙවල් දැන ගන්න පුලුවන් වෙයි.ඔයා fulltime ලින්ක්ස් නෙ නේද?

    ReplyDelete
  6. @budhajeewa : මම තාම පරණ කසාදෙ පැත්තකින් තියාගෙන ඉන්න හින්ද controllers දෙපැත්තෙ තිබීම ඇනයක්..පස්සෙ ෆුල් ටයිම් ලින්ක්ස් වගෙ වුනාම බලනව..

    හරිදු ට කොසල ට බොහොම ස්තූතියි අදහස් දැක්වූවට...

    ReplyDelete
  7. මම නම් CentOS පාවිච්චි කරනවා, හැබැයි Server 2008/ windows 7 සමග තමයි වැඩිපුර ඉන්නෙ. ‍දෙකේම අත්දැකීම් අනුව Windows කවදාවත් අත අරින්නෙ නෑ. බොහෝ දෙනෙක් Windows වලට බනිනවා. හැබයි Apple Mac/ Adobe යන සමාගම් ගැන නිහඩයි. මම නමි කියන්නෙ හොඳ දෙයක් මුදලක් දී ගත්තට පාඩුවක් නැහැ කියලා!

    ReplyDelete
  8. පැහැදිලිව ඔබ හරි.. ප්‍රස්නෙ තියෙන්නෙ අපි හුගක් අය ඒක හොරෙන් නෙ පාවිච්චි කරන්නෙ.බිල් ගේට්ස් දන්නව නං අපි ලග තියෙන හොර කොපි ප්‍රමාණය ගැන මිනිහ මෙලහට සසර කල කිරිල මයික්‍රසොෆ්ට් වහල වන ගත වෙනව...

    ReplyDelete
  9. @Ishar,
    හොඳ දෙයක් නම් මුදල් ගෙවා ලබා ගැනීම හරි තමයි. නමුත් Windows වලින් ඇති කරපු ඒකාධිකාරය නිසා ගොඩක් දෘඩාංග නිෂ්පාදකයො පවා සැලකීමක් දක්වන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන අය ගැන පමණයි. දැන් වගේ නෙමෙයි ඉස්සර ලිනක්ස් වලට VGA driver එකක් හොයාගන්න පුදුමාකාර දුකක් විඳින්න ඕනේ.
    කාරණා මේ විධියට සිද්ධ වෙන්න හේතුව තමයි M$ මගින් ඇති කළ ඒකාධිකාරය.

    @පැන්ඩා,
    හපොයි නෑ... බිල් අංකල් දන්නවා... :P
    මේ ඔය ගැන ඉදිරිපත් වුණු එක මතයක්... http://hpr-mycertainty.blogspot.com/2008/11/blog-post_28.html

    ReplyDelete
  10. @ශාකුන්තල: වත්තෙගෙදර මහත්තය කියල තියෙන කතාව හරි වෙන්න ඇති..අපි කවුරුත් දන්නව නෙ මයිකොරොසොෆ්ට් ආයතනයේ හොදම මාකටින් ප්ලැන් තියෙන වග. ඉතින් මේක එහෙම මාකටින් strategy එකක් වෙන්න ඇති.
    කොහොම හරි ශකුන්තල මේ පැන්ඩගෙ කැලෙවෙදි දකින්න ලැබුන එක නං ලොකු සතුටක්...

    ReplyDelete
  11. මාත් ඔන්න win7 දික්කසාද කලා.දැන් ටික දවසක් ඉදන් මාත් ලිනක්ස්.කොමී නිකන් වෙඩි වගේ. ලිනක්ස් වලට ජය වේවා... ඔ්පන් ඔෆීස් වලටත් ජය වේවා... මටත් ජය වේවා...උඹටත් ජය වේවා...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails