Tuesday, August 31

මේකට topic එකක් නැ.'නෑ???' නැ තමයි ඇයි මොකද


මින් ඉදිරියට මෙම ලිපිය කියවීමෙදි ඔබ වැය කරන කාලය ගැන මම වග නොකියමි.මොකද අද මේ ලියන්නෙ මගේ ඔලුවට ආපු මනො විකාර.පැන්ඩ මද කිපිලද ?..චී මොනාද මේ අහන්නෙ.එහෙම දෙයක් නැ.ඇයි යකො පෘථග්ජන අපේ හිතට කොච්චර නං හිතුවිලි කන්දරාවක් විනාඩියකට පත බැවෙන වද? මාර ඩවුල්ලොඩ් ස්පිඩ් එකක්. එත් ඉතින් ලෙක්චර් එකකට එහෙම ගියාම තෙරෙන්නෙ අප්ලොඩ් ස්පීඩ් නං බලු කියල.හරියට අපෙ නෙට්වර්ක් providers ල වගේම තමයි.. හැබයි පැන්ඩ ලියන හැම ලිපියක්ම මෙහෙම නැ ඕං.



"Everything works on a cycle, ඒත් රවුමක් අස්සෙ ලොකු කොටු ගහල වෙන් කරන්න ගියම එකෙ වර්ග ඵලය වේස්ට් වෙලා සමහර දෙවල් අපි දකින්නෙ නෑ.හැබයි ඉතින් කොටුව හුගක් චුටි වුනොත් pixel එකක් තරන් එත්කොට රවුම හැදිල තියෙන්නෙත් එකෙන් හින්ද මට හැමදෙම අපුරුවට දකින්න පුලුවන් වෙයි. එ හින්ද ට්රෙන්ඩ් එකට ජීවත් වෙන ලොකු රවුමක් වත් එක කඩාගෙන ජීවත... වෙන්න හදන තඩි කොටුවක් වත් නොවි හැමදෙම අපුරුවට දකින්න පුලුවන් පුන්චිම පුන්චි කොටුවක් වෙන්නයි මට ඔනි"


මෙක බොහොම කාලෙකට ඉස්සෙල්ල මම පල කරපු ෆේස්බුක් status එකක්..මට මතක නැ ඇයි මම මෙහෙම දෙයක් ලිවෙ කියල.. ඒත් එක දැක්කම මට නිකං මාර ආතල් එකක් ගියා..ආතල් එක ගිය කොහෙද අහන්න එපා දැන්.ඉතින් මම එක ඇරන් පැන්ඩගෙ බ්ලොග් එකෙ ලීව මේක මගෙ බ්ලොග් එක නෙ.එකයි.නැතුව මේකට කිසිම හෙතුවක් නැ.

එහෙම කියල සින්ඩි වල රෙජිස්ටර් වෙලා ඉන්න හින්ද ඔලුවට එන හැම කුනුහරුපෙම ලියන්න බැ..එත් ඉතින් බ්ලොග් එකක් කියන්නෙ මාර ප්ලෙස් එකක් නේද.ලිපියක් එහෙන් මෙහෙන් හදාගෙන එනකොට හරියට foreplay එක වගේ වෙන්න ඇති.. ටික ටික හද හද draft විදිහට තියල පල කලාම නිකං මාර එකක් එන්නෙ දන්නවනෙ ඉතින් foreplay එක ඉවර වෙන්නෙ කොහොමද කියල.. හැබැයි ඕක ඉතින් මාත් දන්නෙ theory වලින් විතරයි. ඔය දන්න theory නං ලියන්න පුලුවන් එලි වෙනකං.


ඊට පස්සෙ පැන්ඩගෙ බ්ලොග් එක නිකං මල්ලනාග වාත්ස්‍යායන ගෙ පොත වගෙ තියෙයි නේද.ඒ බොහොම ශ්‍රෙෂ්ඨ සංස්කෘත පොතක කතුවරයෙක්.සාධු කියන්න එපා. හැම සංස්කෘත පොතක්ම ආගම ගැන ලියවුන එව නෙවේ.පොතේ ඉංග්‍රිසි පරිවර්තනයක් ලබා දෙන්නත් බැරි කමක් නැ.මොකො නිකං කොචොක් එකට බලන්නෙ. බුදු හාමුදුරුවො කිවෙ මම දන්න පරිදි කාමෙසු මිථ්‍යාචාරා වේරමණි කියල නේ. එකෙදි සමාචාරයෙන් වැලකෙන්න කීවෙ නැනෙ. මම බොහොම හොදට පන්සිල් පද පහ රකිනව හරි ද. දන්න කාලෙ ඉදන් මස් මාලු වත් කන්නෙ නැති පැන්ඩෙක් මම

කොහොම හරි මට හිතෙනව අපි බ්ලොග් ලිවිල්ලට මෙච්චර ඇබ්බැහි වුනෙ ඇයි කියල.මොකක් හරි අපි හොයාගත්තු දෙයක් හරි නැත්තං අපි දන්න දෙයක් තව කාට හරි දැන ගන්න ලියන එක ගමුකො..එකෙන් කොච්චර සතුටක් නං අපිට දැනෙනවද නේද? ඒ වගේම හිතට එන විකාර ටිකක් පිලිවෙලට කොහේ හරි ලේඛන ගත කරල ඒක ආයෙ කියවද්දිත් මාර ජොලි. බිලොග් ලිවිල්ලත් මං හිතන්නෙ ගංජා සූට්ටුවක් උරනව වගේ ඇති, එකනෙ අපිත් මේකට ඇබ්බැහි වෙන්නෙ.

දවසක් මම කොහෙදි හරි ඇහුව ගංජා වල ඇබ්බැහි කාරක රසායනය බොහොම අඩුලු. මේක නං හැබැයි ගංජා වෙලෙන්දෙක් ගෙ වෙලෙද ගැටයක් වෙන්නත් පුලුවන්..අහුවෙන්න එපා ඕවට.. හරි කතාව ඇත්ත නං එහෙනං ඕකට ලොල් වුන අහිංසක කොල්ලො , කොල්ලො කියන්නත් බැ කොල්ලො විතරක්ද කෙල්ලො අම්මල තාත්තල ලොක්කො පොඩ්ඩො වගෙ සමාජයෙ විවිධ තරාතිරම් වල මිනිස්සු එකම ගැට්ටට මේ ගංජා බස්සනව නෙ.බලමුකො එකෙත් හැටි.එහෙනං ඇයි මිනිස්සු රසායනයකින් කෙරෙන පෙලෙඹවීමකින් තොරව මෙකට ලොල් වෙන්නෙ.ඒකට හේතුව හිත පාලනය කරගන්න බැරි කම.හිත හදන ආසවල් පාලනය කර ගන්න බැරි කම. කොටින්ම කිව්වොත් ගංජා නෙවෙ භයානක මේ අපෙ ශරීරෙ අස්සෙ හිරවෙලා අපිව යටත් කර ගන්න හදන හිත් පොජ්ජ.
රජෙක් වුනත් බලු කරන්න පුලුවන් බලයක් මේ හිතට තියෙන්නෙ,හිත පාලනය කර ගන්න බැරි වුනාම රජ්ජු බලු වෙන්නත් බලු වෙලා ඉන්න උදවිය හිත පාලනය කොරල යහපත් විදිහට මෙහෙයවල රජ වෙන්නෙත් ඕකයි.

හිතෙ තියෙන බලවත් කම හින්ද මම නං හිතන්නෙ මෙක හොදින් හසුරුවා ගන්න එක පට්ට අමාරුයි..මෙක බොහොම පහසු කරගන්න අපිට හොද ටූල් එකක් තියේ. එක තමයි තමන් අදහන ආගම.

බුද්ධාගමට පන්සිල් ඒ ටුල් එකෙ තව advance version තියේ expert අයට භාවිතයට හරියට දස සිල් වගේ ඒව.මුස්ලිම් අයට කුරානයෙ තියෙන පැනවීම්, එතකොට කතොලික භක්තිකයින්ට දස පනත, හින්දු භක්තිකයින්ට යාම නියාම.කොහොම හරි හිත කියන device එක control කරන්න ආගම කියන tool එක තියෙ නං බොහොම පහසුයි.

ආගම් වලින් අපිට හොද නරක දේවල් බොහොම පහසුවෙන් තෝරා ගන්න අවශ්‍යය ද‍ර්ශක සපයනව.. ඉතින් හරියට ආගම දන්නව නං වැඩෙ ගොඩ දාගෙන හිත පාලනය කරගෙන ජීවිතෙ ගෙවන්න පුලුවන් කියන එකත් පැන්ඩගෙ අදහසක්.

හිතෙ හැටි කියන්නෙ එකම වැඩක් එක දිගට කරන්නෙ දෙන්නෙ නැනෙ..දැ එයාට ලීව ඇතිලු..ඕං බලන්නකො හිතෙ බලය, පටන් ගත්තෙ මොනව ලියන්නද ඉවර කලෙ මොනව ලියලද?
කොහොම ප්‍රයොජනයක් ගන්න පුලුවන් වෙයිද මෙක හරියට පාලනය කර ගත්තොත්.

*****************************************

කාලෙත් නාස්ති කරගෙන කියොපු එකෙ පැන්ඩට ඔයාගෙ අදහස් පහලින් comment කරලම යන්න හොදේ...

2 comments:

  1. හික් හික් නෝ වර්ඩ්ස්... !!!

    ReplyDelete
  2. හ්ම්ම්ම් කථාව ඇත්ත...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails