Thursday, September 16

දුකට සැපට ඇඳ

දරා ගන්න
බැරි තරමට
දුක හිතුනම
මං ආවේ
උඹේ ළගට

උඹෙ තුරුලේ
හරහ වැටිල
එළි වෙනකං
හෙලපු කදුළු
උරා ගත්තෙ
උඹම තමයි

සතුටක් මං
ලද විගසින්
ඇදන් වැටුනේ
උඹේ පිටට

උඹෙ තුරුලේ
සුව මැද්දේ
නේක සිහින
මැවෙන නිසයි

දුකට සැපට
හැමදාමත්
උඹයි මගේ ඇඳ


*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

4 comments:

  1. සහතික ඇත්ත කතාව....... කවුරු නැතත් දුකට සැපට අපිට ඉන් නේ ඇඳ තමා...........
    හැබැයි ඉතින් ඒකත් නැති අය ඕනි තරම්.... :( :(

    ReplyDelete
  2. දැන් නම් ඉතින් උබට බෝඩිමෙත් තියනවානේ පොල් සයිස් ඇදක්.. ඇද ගැන ඔහොම ලියපු එක නම් උබට අනුව අතිශය කාලානුචිතයි. but අපිට තමා කොර වී තිබෙන්නේ.....

    ReplyDelete
  3. @හා පැටික්කි: ඇත්ත දුක බෙදා ගන්න තියා නිදා ගන්න ඇදක් නැති අය ලොකේ ගොඩක් ඉන්නවා....

    ReplyDelete
  4. @කැලනිතිස්ස: ඕකට සිංහලෙන් හොද වචනයක් තියෙනව ජෙල්ස් කියල..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails