Thursday, September 23

අද දවසයි හර්ද සූත්‍රයයි


මම
බෝඩිමට කොටු වෙලා
එලියෙ වහිනව සීරුවට

ඉහිරුනු වතුර බින්දු
ජනේලෙන් එලිය
බොඳ කරල
මගේ හිත වගේ

පොත් පොලේ
ගිය හින්ද
නැ මට
දැං තනියක්

සුනේත්‍රගෙ "හර්ද සූත්‍රය"
තුරුළු කරන් මම
ගුලි වුනා ඇඳට

බදුල්ලට දැන්
වහින කාලෙ
වෙන්ට ඇති
මයේ හිතේ

මේ වගේ වෙලාවට
ගෙදර මම උන්න නං
පොත් මගේ හිත පුරවද්දි
අම්ම හදපු රස කෑමක්
මගේ බඩ පුරවයි

ගෙදර ඉන්න කං
හිත කොහේ හරි
ඇවිදින්න
කොහේ හරි ගියාම
ගෙදර දුවන්නමයි සිහිය

හර්ද සූත්‍රයේ මුදිත
මං වගේ ද?
එහෙම නැත්තං
මගේ පිරිමි කය අස්සෙ
පුන්සරා කෙනෙක්
ක්‍රෝටන් කොල වෙනුවට
ධමනි වලඅකුරු කරල
හදේ පුංචි එලියට
අල්ල ල කියොනවද?

මොනාද මේ ලියන්නෙ
මට හිතෙනව ඉතින් ලියනව

මෙහෙම වහිද්දි
දවල් දොලහත්
උදෙ 7 වගේ දැනෙද්දි
ජීවිතේ තව හුගාක්
ඉතුරුයි වගේ

ඒ හින්ද ද මන්ද
මෙහෙම වහිද්දි
අපිට මෙච්චර
කම්මැලි..


*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

4 comments:

  1. .
    මුදිත.....!

    ෆර්ගසන් කන්දේ
    අරලියා මල්වල
    මං හෙලපු කඳුළුවල
    පැල්ලමක් තියෙනවා

    මේබල් වගේ
    මර්ටල් වගෙ
    පණ ගැහෙන
    ගෑණු ආත්මෙක

    මගෙ ලපටි හිත ලීව
    මේ කුඩා කඳුළු කැට
    ඔබෙ පපුතුර ගුලිව
    මගෙම අතැඟිලි තුඩින

    බේරි බේරී හැඩට
    කඳුලු ලෙස ගලා ගොස්
    දිය කඩක් වන දිනෙක
    අමතකව ගිය අරුම

    අදත් එක් කර දෑත
    බෙයිජිං අහසයට
    සමන් දෙවියන්ට මම කියනවා
    ලෙහි හොවා ඒ පෙමම රකිනවා

    ReplyDelete
  2. .මුදිත.....!

    ෆර්ගසන් කන්දේ
    අරලියා මල්වල
    මං හෙලපු කඳුළුවල
    පැල්ලමක් තියෙනවා

    මේබල් වගේ
    මර්ටල් වගෙ
    පණ ගැහෙන
    ගෑණු ආත්මෙක

    මගෙ ලපටි හිත ලීව
    මේ කුඩා කඳුළු කැට
    ඔබෙ පපුතුර ගුලිව
    මගෙම අතැඟිලි තුඩින

    බේරි බේරී හැඩට
    කඳුලු ලෙස ගලා ගොස්
    දිය කඩක් වන දිනෙක
    අමතකව ගිය අරුම

    අදත් එක් කර දෑත
    බෙයිජිං අහසයට
    සමන් දෙවියන්ට මම කියනවා
    ලෙහි හොවා ඒ පෙමම රකිනවා

    ReplyDelete
  3. .
    මුදිත.....!

    ෆර්ගසන් කන්දේ
    අරලියා මල්වල
    මං හෙලපු කඳුළුවල
    පැල්ලමක් තියෙනවා

    මේබල් වගේ
    මර්ටල් වගෙ
    පණ ගැහෙන
    ගෑණු ආත්මෙක

    මගෙ ලපටි හිත ලීව
    මේ කුඩා කඳුළු කැට
    ඔබෙ පපුතුර ගුලිව
    මගෙම අතැඟිලි තුඩින

    බේරි බේරී හැඩට
    කඳුලු ලෙස ගලා ගොස්
    දිය කඩක් වන දිනෙක
    අමතකව ගිය අරුම

    අදත් එක් කර දෑත
    බෙයිජිං අහසයට
    සමන් දෙවියන්ට මම කියනවා
    ලෙහි හොවා ඒ පෙමම රකිනවා

    පුන්සරා

    ReplyDelete
  4. @වීතරාගී : බොහොම ස්තූතියි,ඔයා එක පාර publish නොවුන හින්ද වෙන්න ඇති මෙහෙම 2,3 පාරක් ට්‍රයි කරල එකම comment එක රිපිට් වුනේ.මට පුලුවන් එක වගේ 2 අයින් කරන්න ඒත් දුකයි..ඒ වගේ දිගම දිග කවියක් comment එකට ආපු පලවෙනි වතාව මේ.ඒ හින්ද මං කොපි තුනම තිබ්බ.
    තව හුගාක් සංතොෂයි පොත කියවපු පොත රස විදින කෙනෙක් මුණ ගැසීම.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails