Friday, September 10

ගිනි හිවලා (firefox) තුල අපේ කැරට්ටුව රැක ගැනීම

ඕං දැන් ඉතින් පහල තියෙන ලිපියෙයි උඩ තියෙන පින්තූරෙයි ගලපන්න යන්න එපා..එතකොට ඒක නිකං අද කාලෙ තියෙන වීඩියො සින්දුවක් වගේ වෙනව.ලිපියෙයි මේකයි සම්බන්ධයක් නැ.දැන් කියන්න එපා පැන්ඩ බ්ලොග් ආටිකල් ජනප්‍රිය කර ගැනීම උදෙසා ස්ත්‍රිය වෙළද භාණ්ඩයක් කර ගන්න හදනව කියල..නැ දෙයියනේ නැ.මං ආටිකල් එකට ගූගල් දෙයියන්ගෙන් පින්තුර පොඩ්ඩක් ඉල්ලුව.එතකොට මේක දැක්කම හිතුනා ගිනි හිවල කොච්චර අපේ ඇගට කා වැදිලද කියල මෙකෙන් පේනව කියල.

අනික නිකං පොඩි ආකර්ශනයකුත් නැද්ද මං අහන්නෙ.දෙන්න බලන්න අපෙ කොල්ලො ටික ආන්සර් එකක්..නැ ඕයි චාටර්... ආ නැද්ද එකට කමක් නැ එහෙනං අපි අපෙ මාතෘකාවට බහිමු,

හරි කතාව මෙහෙමයි, දැන් ඉතින් අද කාලෙ හුගක් ජංජාල පරිශීලකයො ජංජාලෙ සැරි සරන්න බහුලවම භාවිතා කරන්නෙ ෆය‍්ර් ෆොක්ස් නෙ?.නැ... නැත්තං ඉතින් මෙතනින් පහලට ඔයාට වැඩක් නැ..ගොඩ වුන එකේ වෙන ලිපියක් බලල පැන්ඩට දිරි වැඩෙන්න comment එකක් දාල යන්න.

හරි ගිනි හිවලගෙන් අපි කොච්චර තැන් වල සැරි සරනවද.ඔය අතරෙ මුර කපොලු කීයකින් මුර පද(password) කිය කිය මාරු වෙනවද?ඔය අතරෙ ඇහැට කනට පේන (පැන්ඩන්ට කනෙනුත් පේනව) පිටුවක් දැක්ක හැටියේ bookmark එකක් දා ගන්නව.ඔහොම දාලා දාල ටික දවසක් ගියාම සමහර අයට bookmark හොයන්න bookmark දාන්න වෙනව,ඒ තරං bookmark.(ඕකට හොදම විසදුම bookmark ටික වර්ග කරල ෆෝල්ඩර් අස්සට දා ගන්න)ඊට පස්සෙ ගිනි හිවල අපිට ඕනි ව්දිහට addon දාල theme දාල හැඩට හීලැ කර ගන්නව.හොදට හීලැ වෙලා හිවල sure වුනාම මුර පද ටිකත් ඌටම මතක තියා ගන්න කියනව.

ඉතින් ඔහොම පවත්වාගෙන යන ගිනි හිවලට ලෙඩක් දුකක් හැදුනොත් එහෙම.නැත්තං ගිනි හිවල ඉන්න වින්ඩොස් කූඩුවට ලෙඩක් හැදුන.එතකොට අර මෙච්චර දවසක් පවත්වා ගෙන ආපු සුන්දර මතක වල bookmark , ගිනි හිවලට හැඩට අන්දල තිබ්බ themes, සවි කරගෙන හිටපු addon ,අපිටවත් මතක නැති ඒත් ගිනි හිවලට විතරක් මතක අපේ මුර පද ඒව මේව ඔක්කොම අපිට නැති වුනොත්.කොටින්ම ගිනි හිවල අපිට ආයෙත් මුල ඉදන් හීලැ කරගන්න වුනොත්.දැන් ඉතින් බනින්න එපා පැන්ඩ කට කැඩිච්ච කතා කියනව කියල.

එහෙම දේවල් වෙන්න පුලුවන් නැත්තං ඔයා අලුත් කම්පීතරයක් ගත්ත, එහෙම නැත්තං උසස් වීමක් ලැබිල අලුත් කාමරේකට ගියා එහෙම නැත්තං අලුත් ඔපීසියකට ගියා ඔය මොකක් හරි ජල්තරයක් හරි සුභ දෙයක් හරි හින්ද හොදට හීලැ කරගත්තු හිවල දාලා යන්න වුනොත්.ඇඩෙනව නේද?

මං කියා දෙන්න හදන්නෙ යන තැනකට අර හීලැ හිවල අරගෙන යන විදිහක්.. තෙරෙන සිංහලෙන් කිවොත් backup and restore.

සිද්ධිය මෙහෙමයි.. ඔයා හිවල එක්ක කරන හැම වැඩක්ම හිවල මතක තියාගෙන ඉන්න
ව. ඒ කොහෙද?



මෙහෙමයි ඔයා firefox 3.6 නං භා
විතය පාර මෙහෙමයි.

මුලින්ම හිවල විවෘත කරගන්න..හෙල්ප් කියන්න..කැ ගහල හරියන්නෙ නැ.මෙක බයිස්කොප් එකක් නෙවෙ වීරයෙක් එන්න ඔයා හොයාගෙන.උඩ හෙල්ප් මෙනුවට යන්න

go to help ->troubleshooting information -> එතන Application Basics වල profile directory එක open කරගන්නකො.

ඔන්න ඔපන් වුනා නේද වින්ඩෝවක්.ඕක අස්සෙ තමයි ඔයාගෙ කෙරුවාව තියෙන්නෙ. දැන් ඉතින් ඔය ගොනුව කොපි කරල ඕක සුරක්ෂිතව තියා ගන්න.පෙන් එකක නැත්තං අඩුම තරමෙ හාඩ් එකේ වෙන පාටිෂන් එකක වත්.

ඔයා ගාව ඉන්නෙ 3.5 වගේ ටිකක් වයස හිවලෙක් නං මට කියන්නකො මම කියන්නම් එයාගෙ මතකෙ තියෙන තැන.

හරි දැන් ඉතින් ඔයා වෙන කම්පීතරෙකට ගියා හරි මොකක් හරි වුනා කියමුකො.පරන හිවල දැන් ඔයා ලග නැ.. දැං ඔයාට පුලුවන් ඔයා ලග ඉන්න අලුත් නොදැමුනු හිවලට අර පරණ මතකය ඔබල පරණ එකා වගේම හොදට හීලැ කරගන්න.

එහෙම නැත්තං දැනට ඔයාගෙ profile folder එක තියෙන්නෙ වින්ඩෝස් පාටිෂන් එකේම නං බැරි වෙලාවත් වින්ඩොස් ෆෝමැට් එකකදි හිවලගෙ ඔයා ගැන මතකය බේර ගන්න ඕනි හින්ද ඒ විස්තර වෙන පාටිෂන් එකකට මාරු කර ගන්න ඕනි නං ඒක කර ගන්නෙත් මෙහෙමයි

නැ නැ කස, දඩු, මුගුරු ඕනි නැ..ඔය ගල් ගෙඩියත් පැත්තකට දාන්න හලො..ගන්න අර ඉස්සෙල්ල ඔයා පරිස්සමට backup කර ගත්තු ඔයාගෙ default profile ගොනුව.ඒක ඔයා කැමති තැනකට කොපි කරගන්න. මෙතෙන්දි ඔයා මේක වින්ඩොස් තියෙන පාටිෂන් නැතුව වෙන කොහේ හරි දා ගත්තත් වඩා හොදයි.. එතකොට වින්ඩොස් ලෙඩ වෙලා මොකක් හරි වුනත් ඔයාගෙ profile ගොනුවට හානියක් නොවි තියාගන්න පුලුවන්

අම්මො නිදිත් මතයි,.. හරි සට් පට් ගාල කියමු

දැන් ඔයා වින්ඩොස් 7 හරි විස්ට හරි නං ගිනි හිවල වහල දාල firefox.exe -ProfileManager කියල අර ස්ටාට් මෙනු එක සර්ච් පාරක් දාල ඒක විවෘත කරගන්න.දැන් එක මේ වගෙ නේද? xp වගෙ නං ඕක run එක හරහා ගන්නකො


දැන් ඔයාට ඕනි වෙන පාටිෂන් එකක ඔයා save කරගත්තු profile ගොනුව ගිනි හිවලට ගිල්ලන්න නෙ.හරි create profile ගිහින් එතන profile name ඔයාගෙ එකක් දීල, අලුත් profile folder එකේ location එක දෙන්න.ඒ කිව්වේ ඔයා restore කරන්න හදන ෆොල්ඩර් location එක හොදේ..ඊට පස්සෙ ස්ටාට් ෆයර් ෆොක්ස් ඔබන්න

මෙන්න බොලේ අර හොදට හුරු පුරුදු හීලැ කරගත්තු හිවල ගෙඩි පිටින් ඉන්නව..

කොහොමද වැඩේ.හිවල එක්ක ඔයාගෙ කැරට්ටුව භාවිතා කරන්නෙ ඔන්න ඔහොමයි.

*************************************************

කැමති නං හිතට එන ඕනි දෙයක් පහල comment තිරුවෙ අකුරු කරන්නත් පුලුවන්

12 comments:

  1. a b c d bla bla bla....

    ReplyDelete
  2. @ anonymous තෙරුනේ නැ..මොකක්..?

    ReplyDelete
  3. දැනුවත් කිරීම ගැන ස්තුත්යි...... තව ලිපි ලියන්න...

    ReplyDelete
  4. Godak wadagath dewal..Thanks,

    ReplyDelete
  5. ඔව් අප්පා පාවිච්චි කලාට දැනන් හිටියේ නෑ නෙව... තැන්කු මලේ ඔයාගේ කාලයටයි ශ්‍රමයටයි.... ජයවේවා...

    ReplyDelete
  6. boma vatinava math me dan tama igena gatte..boma pin pando...

    ReplyDelete
  7. සෑහෙන කාලාන්තරයක් තිස්සේ ගිනි නරියෙක් මා ලගත් හිටියට මටත් ඔක කලින් හිතුනෙ නෑ. නියම පෝස්ට් එක.. ජය වේවා..!

    ReplyDelete
  8. ලිපිය ටෙක්නිකල් වුනාට නිර්මාණාත්මකව ලියල තියනවා.ඕක හැමෝටම තියන හැකියාවක් නෙවෙයි. දිගටම කරගන යන්න..මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  9. මම පාවිච්චි කරන්නෙ chrome. එත් මෙකනම් වැදගත් දෙයක්..හොඳයි හොඳයි දිගටම ලියන්න....

    ReplyDelete
  10. @yasith: ස්තූතියි. chrome නියමයි..ඒත් මේ addon ඒව මේව එක්ක මං firefox වලට ඇබ්බැහි වෙලා,..

    ReplyDelete
  11. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails