Thursday, October 28

(+18) මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි.කරුණාකර අදාල අය පමණක් කියවන්න.


අයෙත් කියන්නෙ මේක අතිශයින්ම වයස 18 පහු කල අය උදෙසා ලියන බවයි...කරුණාකර ඊට අයත් නොවන පිරිස් වහාම මෙය බැලීමෙන් වලකින්න.

මේ දැනුම් දීම සින්ඩි වල පාලන අධිකාරින් වරු සදහායි.මාතෘකාව ගැන පමණක් සලකා මෙය සින්ඩි වල පලවීම වලක්වන්න එපා..කෙතරම් අසැබි වුව ද නීතී රෙගුලාසි වලට යටත් ව මම මේ කතා මාලාව පල කරමි.වයස දෙකක කිරි කැටියෙකුට වුවද හානියක් නොවෙන ලෙස මෙම කතා මාලව පල කිරීමට පොරොන්දු වෙමි.

දැන් හිතන්න එපා යකො පැන්ඩ මේ මොකාටද එන්නෙ කියල. හිතල වැඩක් වෙයි කියල මං හිතන්නෙ නැ.මොකද මං මේ කියන්න යන කතාව ඔයාලට ගෙස් කරන්න අමාරුයි.කොච්චර අමාරුද කියල කිව්වොත් කාටවත් කියන්නම බැරි වෙයි.

හැබැයි සමා වෙන්න ඕනි අද මම කතාව පල කරන්නෙ නැ..මම බලනව මේ කතාව මොකක් ගැනද කියල කී දෙනෙක් හරියට හිතයි (guess) ද කියල..අනේ ඉතින් කතාව පල නොකර මෙහෙම පොඩි පෙරවදනක් දාපු එක ගැන කෙන්ති නොගෙන පැන්ඩට සමාව දීල ඔයාගෙ guess එක කමෙන්ටුවක් විදිහට දාල යන්න කො. අපි බලමු කවුද හරියට මම හිතන දේ කියන්නෙ කියල.

අද සිට සති දෙකක් ඇතුලත හරියටම මීට අදාල කතාව පල කරන බවට දිවුරා පොරොන්දු වෙමි.එහෙම නොකොලොත් ආයෙත් මේ පැත්තෙ පලාතෙවත් එන්න එපා. එහෙම කල් ඉල්ලන්නෙ එහෙම කාලයක් ඒ වැඩෙට අවශ්‍යම හින්ද බව කරුණාවෙන් සලකන්න.


ඉහත මා පොරොන්දු වු ලිපිය මේ වෙනවිට පල කර ඇත..(එම ලිපියට පිවිසීම)
*********************************************

 හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්



16 comments:

  1. මම නම් හිතන්නෙ අපස්මාරය..කක්කල් කැස්ස..මුත්‍රා අමාරුව...අර්චශ් අමාරු වගේ 18+ අයට හැදෙන රෝග ගැන ලියන්න යන්නෙ............

    ReplyDelete
  2. mokatada me enna hadanne sirawata....balamu balamu :)

    ReplyDelete
  3. @ all : බලමුකො ...රත්ගම n චානක , දෙන්නම වැරදියි.

    ReplyDelete
  4. චන්ද අයිතිය. ඒක 18+ මාතෘකාවක්

    ReplyDelete
  5. මටනම් හිතෙන්නෙ වම්පැත්තෙ ඉන්න හුරතල් කරන්නො වල ඉන්න එකා ගැන වෙන්න ඇති., මමනම් උට කෑමත් කවල කිරිත් පොවල යන්නෙ..

    ReplyDelete
  6. අනිවා උණ සන්නිපාකේ ගැන..නේද පැන්ඩා?

    ReplyDelete
  7. හි හි හි...
    අර වම්පැත්තෙ ඉන්න කෙනා නම් හරිම හුරතල්, ඒත් මහම මහ බඩජාරියෙක්, කොච්චර කෑවත් මදි වෙන්නෙ නෑ.

    18+ එක... ගැන මුකුතු මට කියන් බෑ බං පැන්ඩො... මට තාම 17යි...

    ReplyDelete
  8. ම්ම්ම්ම්ම් කෙනෙක්ගේ හැගීම් ඇවිස්සෙන්නේ නැතිව 18+ වැඩි හෝ නොවැඩි සැමටම ලියන දෙයක් ලියන්න....යම් දෙයකින් සමාජය බේරාගන්න තරුණ පරපුර බේරාගන්න හැකිනම් පමණක් ලියන්න.ඒදේට තරුණ පරපුර පෙළඹවන දෙයක් ලිවීමෙන් වලකින්න.
    ම්ම්ම්ම්මම් මොකද එක පෝස්‍ට් එකකින් මුළු සින්ඩි ඔක්කොම ගන්නම නැති තැනකට පත්වෙන්න පුළුහන්.
    මොකද බ්ලොග් එකක් ජීවිතේට කරන්න නොහිතපු අයත් ඇවිත් කුණුහරප පෝස්ට් දාන්න පටන් ගනියි.(සින්ඩි වල පාලනයක් තියෙන නිසා හොදයි.)

    ReplyDelete
  9. වාහන ලයිසන් ගැනද?

    ReplyDelete
  10. @all: තාම කවුරුත් හරියට ගෙස් කලෙ නැ..මෙහෙමයි මේ මතෘකාව සම්බන්ධයෙන් ඇති වෙන සිද්ධියක් ගැන තමයි කියන්නෙ..

    ReplyDelete
  11. @ චානක: තාම වැරදියි.

    ReplyDelete
  12. @ගීත්: ස්තූතියි..මාත් හරි ආදරෙ මචං... මම හරි ආසයි ඇත්තටම එකෙක් හදන්න.ඒත් ඇත්තට එකෙක් කූඩුවක හිර කරල තියන්න දුකයි.

    ReplyDelete
  13. @හසියා: ස්තුතියි...ඒත් අනේ මචං කවදාවත් නැ..බලපන් අද වෙනකං මම ලියල තියෙන ලිපි 41 කම...ඒ එක ලිපියකින් වත් මම සමාජයට හානි වෙන දෙයක් ලියල තියෙද? එහෙම තියෙ නං මට එක කියපන් මචො..එත් මම විස්වාස කරනව මා අතින් එහෙම දෙවල් වෙලා නැ කියල ඒ වගේම වෙන්නෙත් නැ කියල.. මේ ලිපියෙනුත් එහෙම වෙන්නෙ නැ.පැන්ඩ නොමග ගියත් කවදාවත් තවත් අය නොමග යවන්නෙ නැ..අනික හසිය ල වගෙ අය අපි එක්ක ඉන්න කං අපි නොමග යන්නෙත් නැ කියල මම දන්නව..උඹලගෙ සමාගමය පැන්ඩට බොහොම වටිනව හොදේ

    ReplyDelete
  14. ඉහත මා පොරොන්දු වු ලිපිය මේ වෙනවිට පල කර ඇත..

    http://pandaslif.blogspot.com/2010/10/18_29.html

    ReplyDelete
  15. මම හිතන්නේ ඔයා ලියන්න යන‍ේන YES ගිණුමක් ගැන නේ

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails