Friday, October 29

"(+18) මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි" යන පෙර මාතෘකාවට අදාල ලිපිය..



මේ බ්ලොග් පොස්ට් එක පෙර දින ලිපිය හා සබැඳි බව කරුණාවෙන් සලකන්න..(පෙර ලිපියට පිවිසෙන්න)


මේක ඇවිල්ල ගුටි කන කේස් එකක් දැන් පැන්ඩට,... එත් අනේ මං එහෙම කලේ මට ඒක කරල මම හිතුව විදිහ හරියටම හරිද කියල දැන ගන්න ඕනි වුන නිසයි... මට අද ඒක දැනගන්න ලැබුන මම හිතුවට ත් කලින්..ඒකයි ලියන්න සති දෙකක් ඉල්ලපු ලිපිය දිනක් ඇතුලත අද පල කරන්නෙ.


මෙතන් දි බහුතරයක් පෙර ලිපිය කියවල මීට අදාල කතාව පිළිබඳව විවිධ අදහස් පල කරල තිබුන.සමහරු තමන් බලාපොරොත්තු වෙන ව්දිහෙ දෙයක් මා විසින් පල නොකර තිබීම නිසා ඉතාම හොඳින් සුද්ධ කල බාසාවකින් පැන්ඩ අමතල තිබ්බ.මට ඕවයි නිකයි බසාවෙයි අතර කිසිම වෙනසක් නැ.ඒ හින්ද පැන්ඩ ඒව අරකක් තරං වත් ගනන් ගත්තෙ නැ.මොකද්ද? මොකක් හරි හිතාගන්නකො..


දැන් මේකයි සිද්ධිය..මේක ඇවිල්ල දැන් ෆුල් research රිපෝට් එකක් හොදේ.පැන්ඩ ඊයෙ මගේ බ්ලොග් එකෙ stats බැලුව එකෙදි මම දැක්ක මම බලාපොරොත්තු නොවුන ලිපියකට මම බලාපොරොත්තු වුනාට වඩා page views ප්‍රමාණයක් ඇති බව.කොහොමත් ඉතින් පැන්ඩගෙ උණ කැලේට බ්ලොග් ලිවිල්ලට ආධුනික හින්දයි, පැන්ඩගෙ බ්ලොග් එකෙ නීරස බව, නිතර ලිපි පල නොවීම වැනි හේතු නිසා හා මම නොදන්නා හේතු රාශියක් නිසා වැඩිය traffic තියෙන බ්ලොග් එකකුත් නෙවෙ නෙ.


ඔය ලිපිය තමා "යට ඇදුමේ නොදකින පැත්ත " කියන ලිපිය.ඕක 328 දෙනෙක් බලල තිබුන.
මේ තියෙන්නෙ ඒ පින්තුරෙ..උඩ ක්ලික් කලොත් ලොකු කරල බලන්න පුලුවන්.
මම මෙකට හේතුව කල්පනා කරන කොට මට නිකමට පුන්චි සැකයක් ආව මේකට හේතුව මාතෘකාව වෙන්න බැරිද කියල.මොකො දැන් අපේ බ්ලොග් වලට හුගක් traffic එන්නෙ ඒ කියන්නෙ viewers ල එන්නෙ සින්ඩිකේටර හරහ නෙ.ඔය සින්ඩිකේටර වල පලවෙන්නෙ ලිපියෙ මාතෘකාවයි තව පුන්චි කොටසකුයි නෙ. හරියට මේ වගේ..

 දැන් ඉතින් අපි බ්ලොග් එකට බොහො විට පිවිසෙන්නෙ මේ මාතෘකාව ගැන දැන ගන්න ආසවෙන්නෙ.(දැන් මගෙ ඊයෙ මේ කතාවට අදාල ලිපිය පලවුනෙ ඉහත රූපයේ පරිදි නෙ).එතකොට සාමන්‍යයෙන් නිතර අපි ලියන ලිපියක් ගානෙ ලුහුබැඳ ගෙන ගිහින් කියවල එන බ්ලොග් හැරුනම (උදාහරනයක් විදිහට පැන්ඩ එක්ක නිතරම ඉන්න බ්ලොග් එකට එන යන සෙට් එක ඇරුනම) ඉතිරි එවට අපි යන්නෙ ඔය මාතෘකාව මත නේ.

එතකොට ඒ අදාල පුද්ගලයාගේ කියවීමට සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ මාතෘකාව.දැන් ඊළග කාරණාව තමයි පැන්ඩට හිතුන අනික් ලිපි වල මාතෘකා වලට වඩා මේ "යට ඇදුමේ නොදකින පැත්ත " කියන ලිපියේ මතෘකාවෙ විශේෂත්වය මොකද්ද කියන එක..

ඉතින් පැන්ඩට හිතුන එක මගේ සිතුවිල්ල හරියටම හරිද බලන්න පොඩි ටෙස්ට් එකක් කරන්න..මේ පන්ඩිත වැඩෙ හින්ද අපහසුතාවයට පත් වුන කෙනෙක් නොමග ගිහින් මල පැන්න අයට (අර හොද කුණුහරුප කතාවක් බලල ආතල් ගන්න ඇවිත් නැති වුනාම මල පැනල මට සුද්ධ සිංහලෙන් අමතපු පිරිසට) එහෙම ඉතින් මට කියන්න තියෙන්නෙ සමාවෙන්න කියල තමයි මං කලෙ ටිකක් නරක වැඩක් වුනාට මාතෘකාව සහ එහි ස්වභාවය බ්ලොග් ලිපියක page views ප්‍රමාණයට කෙතරම් බලපායිද යන අතිශය වැදගත් සමීක්ෂණය සඳහා මට ඒක කරන්නම වුනා. 

සමීක්ෂණය කලේ මෙහෙමයි..


මම "(+18)  මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි" කියල මාතෘකාවක් දාල ලිපියක් ඊයෙ පල කලා.ඒක පල කලේ ඊයෙ හවස 7 ට විතර.ප්‍රතිඵල පුදුමාකාරයි. පැය භාගයක් ඇතුලත page views 58 යි.

රැ 12 වෙනකොට තත්වෙ තමා ඔය පහල තියෙන්නෙ. page views 350 ක්.


පැය 4ක් 5ක් ඇතුලත මා මෙතෙක් ලියු සියළුම ලිපි අභිබවා මේ මතෘකාවක් පමණක් ඇති ලිපිය page views ලබා ගෙන.ඒ වගෙම ඔයාලට දකුනින් පේනව ඇති ඉහත රුපයේ traffic sources.එතන වැඩිම traffic තියෙන්නෙ සින්ඩි වලින්.සින්ඩ් වල ලිපියක් හදුන්වා දෙන්නෙ මාතෘකාවකින් හින්ද මේ බහුතරයක් මතෘකාව ගැන පමණක් සලකල ඇතිවුන traffic.

දැන් අපි බලමු මේ වෙනකොට තත්වෙ ඒ කියන්නෙ දළ වශයෙන් පැය 24 කට පස්සෙ.



අදාල ලිපියට page views 632 ක් තියෙනව.කොහොමද තත්වෙ පැය 24 කට..එදා මෙදා තුර බ්ලොග් එකෙ උපරිම traffic ඇති කලේ මෙම ලිපිය.ඇඩෙනව නේද..මම හිතුවෙ මෙක හොදට වෙනසක් ඇතුව පෙන්නන්න සති දෙකක් විතර යයි කියල,..එත් පැය 24 ක් ඇතුලත ඒ විශේෂත්වය පෙන්වන්න මට හැකියාවක් ලැබුන.

පැන්ඩ ඔන්න මෙතනින් ඒ සමීක්ෂණය ප්‍රතිඵල පමණක් නිකුත් කරල නවත්තනවා.මං හිතනව කාගෙ වත් පුද්ගලික රසාස්වාදය ගැන නිගමන කරන්න මට සදාචාරත්මක අයිතියක් නැ..මොකො සමහර විට පැන්ඩ පවා ඔය ප්‍රධාන කුලකයේ අවයවයක් වෙන්න පුලුවන් නෙ...ඔයාලට පුලුවන් කැමති නං ප්‍රතිඵල ඇසුරින් ඔයාලගෙ නිගමන වලට එළඹිලා ඒව කැමති නං comment ව්දිහට දක්වල යන්න..

අවසාන වශයෙන් පැන්ඩ ගේ මේ තකතීරු වැඩෙ හින්ද කාට හරි අපහසුතාවයක් වුනා නං මම ඉතාම යටහත් පහත්ව සමාව ඉල්ලනව. ( අර තමන් බලාපොරොත්තු වෙන විදිහෙ කතාවක් පල නොවීම නිසා සුද්ධ සිංහලෙන් පැන්ඩ ව අමතපු අයගෙනුත්. කිසිම ද්වෙශයක් නැ ඔයාල එක්ක..එක එක අය තමන්ගෙ අදහස් දක්වන විදිහ වෙනස් නෙ ඉතින් කෙන්ති එහෙම ගියාම.පැන්ඩ නං ඒ comment ටික publish කරන්න වුනත් කැමතියි.එත් ඒක එච්චරම සදාචාරාත්මක නැනෙ නේද? )



*********************************************

 හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

15 comments:

  1. පැන්ඩා ඒක නම් මාරයි.;)
    පැන්ඩටත් හිතෙන දේවල්.
    ඕකෙ මෙහෙම දේකුත් තියෙනවා මම හිතන්නෙ.ජාලයේ සැරිසරන පිරිසෙන් බහුතරයක් ඉන්නෙ ඔය වයස් සීමාව අවට නෙ.ඉතින් තමන්ට අදාල වීම වැඩි බවක් සහ වයසට පොදු මාතෘකාවක් වීමත් ඕකට බලපාන්න ඇති නේද?

    ReplyDelete
  2. Umbe waasiyata (research walata) anith un nomaga yawana eka nam hari nane macho.

    Dan ooka anith evunuth karanna ganee, anayak wena case ekak ne.

    ReplyDelete
  3. ඔන්න මම නම් ඔය සමීක්ශනේට අයිති නෑ..හික්...හැමදාම මේ පැත්තෙ එනව නේ...දැන් නම් පැන්ඩා අයියේ ආපු අය කුනුහබ්බෙන් බනිනවා ඇති...ඒත් මම හිතුවා ඊයේ මොකක් හරි කුප්ප වැඩකට තමා අර අදින්නෙ කියලා..නියම අදහසක් ඇවිල්ලා තියෙන්නේ

    ReplyDelete
  4. ඊයේ මං උඹේ ස්ටොරි එක දැක්කත් කියවන්න ට්‍රයි කලේ නෑ.
    ඒත් මේක දැක්කයින් පස්සේ මං කියෙව්වා.
    හහ්..
    එල වැඩේ ඒක නම්..
    අර කුනුහරුප comments ටිකත් දාපන්.....
    උන්ට තරු පේන්න....

    ReplyDelete
  5. සිරා!!! සමීක්ෂණය අති සාර්ථකයි!!

    ReplyDelete
  6. @ විතරාගි: ඔබ හරි විය හැක...අල්ල ගන්න ඕනි විස්තර අහන්න ඔයාගෙ අලුත්

    ReplyDelete
  7. @ annonymous : අනේ ඉතින් නොමග යැව්ව නෙවෙ...පවතින තත්වෙ පෙන්නුම් කරල දෙන්න හැදුව විතරයි.ඒකට කරපු පුන්චි සමීක්ෂණයක් විතරයි, සමාවෙන්න ඕනි මගෙ අතින් වුනෙ වැරද්දක් නං.

    ReplyDelete
  8. @රත්ගම: නැ නැ උඹල අයිති නැ..එකනෙ මං පැහැදිලිව කිව්වෙ "උදාහරනයක් විදිහට පැන්ඩ එක්ක නිතරම ඉන්න බ්ලොග් එකට එන යන සෙට් එක ඇරුනම" කියල

    ReplyDelete
  9. @ Anonymous: ඒත් මචං මම හිතන්නෙ නැ හොද බ්ලොග් කරුවෙක් මේ වගේ සාධකයක් දැන ගත්ත කියල ඒක ට ගැලපෙන්න බ්ලොග් ලියන්න හදයි කියල..

    ReplyDelete
  10. මගේ 18+ සහ අමුඩය ගැසීමටත් ඕකමයි වෙලා තියෙන්නෙ මම හිතන්නෙ. බලන්නකෝ ඒකට වැටිලා තියෙන කොමෙන්ට්ස් එහෙම

    ReplyDelete
  11. පැන්ඩත් කොරන වැඩ.. හීහී...

    ඔයා කියන කතාව ඇත්ත. ඉහල කමෙන්ට් එකක වීතරාගී කියල තියන කතාව තමයි මටත් හිතෙන්නෙ

    මම ඊයෙ වගේම අදත් සුරතලාට කෑම දාල යන්නම්... හී හී..

    ReplyDelete
  12. @ චානක: මම ඔන්න පොස්ට් එකේම comment කලා..

    ReplyDelete
  13. මටත් හිතුනා මේ පැන්ඩා කොල්ලට අනිවා උණ සන්නිපාතයක්වත් හෑදිගෙන එනවද කියලා ඊයේ ඒ පෝස්ට් එක දකිද්දි

    ReplyDelete
  14. මේ වගේ සමීක්ෂණයක් කරපු එක ගොඩාක් හොදයි. නමුත් මේ වගෙ දේවල් සුපුරුදු චර්යාවන් බවට පත් කරගත්ත අයත් සින්ඩි වල ඉන්නව දැන්. මොකක් හරි විකිනෙණ මාතෘකාවක් දාල කිසිම වැඩකට නැති පේලි 10ක් 15ක් විතර ටයිප් කරන අය. මේ යන විදියට Non Follow Buttton එකකුත් ඕනි වෙයි වගේ.

    ReplyDelete
  15. නියම වැඩේ ... පැන්ඩො ... මමත් නොදැනගෙන හිටපු රහස ඕං අද දැන ගත්තා.
    මගෙ බ්ලොග් එකට බලු බල්ලෙක්වත් එන්නෙ නැත්තෙ මම ලියන ඒව නීරසයි වෙන්න ඇති කියලයි මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ.
    එහෙම නැත්නම් මේ බ්ලොග් එකේ නංගිල මල්ලිල ට පොත් පේන්න බෑ. ඒත් නැත්නම් එයාලට මේව කියවන්න වෙලාවක් නෑ.
    දැන් හොරේ අහු වුණා ... මාත් මගෙ පොත් ගැන ලියන බ්ලොගයට අග්ගිස්සෙන් එල්ලන්නම් කො කුණුහරුපයක් ...
    බලමු වැඩේ හරියාවිද කියල.

    ස්තූතියි පැන්ඩෝ...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails