Saturday, October 16

ජීවිතේ අපූර්වත්වය



***********************************************
ඔයා මට කොච්චර ආදරේද?
මම ඔයාට ගොඩාක් ආදරේ

එහෙම බැ කොච්චරක්ද?
එහෙම කියන්නෙ කොහොමද කොච්චරක් ද කියල.(කෙල්ලගෙ මූණ මැල වී ගෙන එනව)
කොල්ලටත් දුකයි..

"idea ආගයා"
කොල්ල තමන් අහල තියෙන සියළුම දේවල් අහස,පොලව මේ හැමදේටම වඩා තමන් ආදරෙයි කියල කියනවා.හරියට අම්ම පොඩි කාලෙ මට කොච්චර ආදරෙද කිව්ව වගේ...

කෙල්ලගෙ ඇස් ටික ටික දීප්තියෙන් බබලනව
පුන්චි හිනා රැල්ලක් එනව
පුංචි ආදරණීය හාද්දකින් කොල්ලට ස්තූති කරනව

**********************************************

ආදරේ කියන්නෙ එහෙම මනින්න පුලුවන් දෙයක් ද... නැ..ඒත් අපි හැමොම ආදරෙ කරද්දි ආස ඒ වගෙ උත්තර වලට..

ඕයි පැන්ඩො.මොකටද මේ එන්න හදන්නෙ.දැන් උඹත් හදන්නෙ අර අහිංසක කෙල්ල බොළදයි කියල චාටර් කරන්න ද කියල අහන්න එපා. අනේ නැ පැන්ඩ ඒ කෙල්ල එහෙම දකින්නෙ නැ

එහෙනං, මේ පැන්ඩ අත් දැකපු සිද්ධියක්.මෙව මතක් වෙන කොට අපිටම අපි ගැන ඉබේම හිනා යනව..ඒත් ඒ එක්කම දැනෙනව ඒක තමයි ආදරේ අපූරුව..මොකො තමන්ගෙ කෙල්ල එක්ක ඇරෙන්න වයස 23 ක් 24ක් වෙච්චි කොල්ලෙක් තමන් වටෙ ඉන්න අය එක්ක මෙහෙම හුරතල් වෙන්න ගියොත් බ්ලොග් ලියන්න වෙන්නෙ මට අංගොඩ ඉඳන් තමයි.

මම නං දකින්නෙ අම්මගෙ තුරුලෙ ඉදන් පොඩි කාලෙ හඳ මාමගෙන් කිරි පැනි ඉල්ලපු අපි ලොකු වෙන කොට වටෙ ඉන්න අය හිනා වෙන නිසා ඒ ලමය අපි අස්සෙම හංග ගන්නව...එත් එයා එයාට සුරක්ෂිත කියල දැනුන පරිසරේදි එලියට බැහැල හිතෙ හැටියට ඉන්නව. ආදරෙ කරන කාලෙදි ඒ හංග ගෙන හිටපු ලමයට ආයෙත් එලි බහින්න තවත් අපූරු ලමයෙක් තමන්ගෙ සහකාරිය තුලත් හැංගිල ඉඳල හම්බ වෙනව.

කොල්ලෙක්ට කවදාවත් තමන් ගෙ කොල්ලො සෙට් එක එක්ක අයිස් ක්‍රීම් එකට රංඩු වෙන්න බැ..(මං කියන්නෙ අර සුද්ධ සිංහලෙන් අපි සෙට් එක ටොපි කැල්ලට කැ ගහ ගන්න විදිහට නෙවෙ)එත් ඒ හැම පිස්සුවක් ම තමන්ගෙ සහකාරිය එක්ක කරන්න පුලුවන්.කොච්චර සද්ද දාගෙන ඉන්න කොල්ලෙක් වුනත් තමන් ඇත්තටම ආදරෙ කරන කෙල්ල එක්ක මලක් කඩන වෙලාවට කියන කතා වලින් අනෙ මේ මූ මද කියල හිතෙනව.. ඒ කෙල්ල රවට්ටන්න හුරතල් වෙන්න කියන කතා නෙවෙ.ඒව ඇත්තටම ඒ කොල්ලගෙ හිතෙන් පහල වෙන ඒව.සමහර විට ඌම හෙට කොල්ලො සෙට් එක එක්ක ඉන්න කොට තමන්ගෙ තවත් සගයෙක් එහෙම කෙල්ල එක්ක කතා කර කර ඉන්න කොට පල් එක දායි.

කොහොම වුනත් ඉතින් ඕක තමයි මේ ජිවිතෙ අපුරුව ආදරෙ අපූරුව.අපේ හිත් අස්සෙ හැංගිලා ඉන්න අර පුංචි ලමය එලියට පනින හැටි..ඒත් ආදරනීය තරුණ කාලෙ ගෙවුනත් මෙ පුංචි ලමය අපිව අත හැරල යන්නෙ නැ..ආයෙත් අපි දෙමාපියො වෙලා ඉන්න කාලෙක අපි අපෙ දරුවො එක්ක ඉන්න කොට ආයෙත් අපි අස්සෙ හැංගිලා හිටපු පුංචි ලමය හිතෙ හැටියට එලියට බැහල ඉන්නව.ආයෙත් ඒ දරුවො ලොකු මහත් වෙන කොට අපි ජිවිතෙ එක්ක ඔට්ටු වෙන කොට ඒ පුන්ව් එකා ආයෙත් අපි අස්සෙම හැංගෙනව.

කොහොම හරි කාලයක් ගෙවිල අපි සීයල ආච්චිල වුනාම අපෙ මුණුබුරා ල එක්ක මේ පුන්චි එකා ආයෙත් අපෙ හිතෙ ඉඳගෙන එලියට පනිනව.නිකමට බලන්නකො ටිකක් වෙලා පොඩි ලමයෙක් සීයා හරි ආච්චි හරි ලඟ තියල ටිකක් ඇතට ගිහින් ටික වෙලාවකින් ලමය කවුද වයසක කෙනා කවුද කියල හොයා ගන්න බැරි වෙනව.

ඕක තමයි අපි මේ ගෙවන ජීවිතෙ අපූරුව.

*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

.

8 comments:

  1. අනේ පැන්ඩො මටත් ඔය ළමය වෙන්න ඕන කියන එක හරියට දැනෙනවා.තාම ඉන්නෙ ගෙදර නිසා අම්ම එක්ක ළමය පාට් එක රඟපාන්න පුලුවන්.ඒත් ලෝකෙ ඉස්සරහදි එහෙම් බෑ නෙ.ආදරේ ඇතුලෙ වුනත් සුරක්ෂිත බව දැනෙන්නේ ඔය ලමය පාට් එකට කොච්චර ඉඩ ලැබෙනවද කියන එක මත.මම කියන්නේ මට සාපේක්ෂව.මගෙ නම් සතුට කියන එක හැමදාම තියෙන්නෙ එතන කියලයි මට හිතෙන්නෙ.:)

    ReplyDelete
  2. @විතරාගි: අනෙ ඔයාට විතරක් නෙවෙ ආදරෙ කරන කාටත් පොදු දෙයක් ඕක..

    ReplyDelete
  3. පැන්ඩො......ආදරේ අහස තරම් කියල දන්නවද.......රත්ගමයා දන්නවා..දැනෙනවා

    ReplyDelete
  4. @රත්ගමයා: රත්ගමයට ඒ ආදරෙ තව චිරාත් කාලයක් වැඩි වැඩියෙන් විඳින්න ඉඩ හසර ලැබේවා....

    ReplyDelete
  5. අනේ පැන්ඩට ගිය කල... පැන්ඩ මනෝ පාර ගහනවා වගේ වෙලාවකට...
    මොනවා උනත් කතාව ඇත්ත බන්.
    Computer Lab , Libraryies , Lectures අතර හරවෙලා ඉන්න අපිට ආදරය ගොඩක්ම වටිනවා බන්.

    ReplyDelete
  6. @පොජ්ජෙ: කියල වැඩක් නැ බං...

    ReplyDelete
  7. සහතික ඈත්ත..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails