Friday, October 1

අපේ විස්ස විද්දාල උපාධිය

විස්ස විද්දාලෙන්
පිටවෙන අපේ
ජීවිත

දිවි හිමියෙන්
පෙමි කර
දූෂණය වු
යුවතියකගේ සේ මැයි

තුරුලට ගෙන
තොදොල් බස් තෙපලු
කඩවසම් ඔහුට (උපා
ධියට)
වශී වුනෙමු පෙමි බැන්දෙමු

බඹසර බිඳ
ඔහු ගියදා
හඩනු හැර
නැත සරණ

නඩු දමා
කැ ගසා
ලද හැකි මුත්
සරණ

නිමාවී
හමාරයි
හතර වරිගේ
නම්බුව

කට පියා
දෑත් බැද
හිදින්නෙමු
ඒ නියාවෙන්

සරසවා
හැඩ දමා
රැගෙන යනු
ඇත දිනෙක

දුටු දාට
සත්‍යය
අහිමි බව
බඹසර (දැනුම)

ලිප් බොක්කෙ
සැගව
ගෙවයි අදුරේ
දිවිය

*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

10 comments:

  1. ඇයි මෙහෙම වෙන්නෙ ???????
    අපි කොහොමද හිතන් හිටියෙ??

    ReplyDelete
  2. සරසවා මල්දමා කරකවා ගෙන ගියද
    අහිමි බව දැන දැනත් නොහඬව බඹසරට
    කපමු දැන් නව වලක් බැඳ දෑත් ඉදිරියට
    හැරදමා නොයනු දැන් සටන මිස අන් කෙවත

    ReplyDelete
  3. .
    සුජාතක නොම වන
    කළලය දරා තම කුස
    ලෝකයට නොපා නිරුවත
    දුහුල් සළු දවටා ගත

    ගබ්සා කරනු වෙද
    පස් වසක් පෙම් කල සඳ
    සම්පතක් අන් කොහිවිද
    ලොවට රහසින් වදමු දුක විඳ

    ReplyDelete
  4. ලොවට රහසින්
    වැදිය හැකි මුත්
    හැකිවේද රැකෙන්නට
    නොවී අභිසාරිකාව ක

    ReplyDelete
  5. @කැළණිතිස්ස:
    නිමාවී
    හමාරයි
    හතර වරිගේ
    නම්බුව

    ReplyDelete
  6. @යසිරු:
    lets c what will happen ?

    ReplyDelete
  7. Pando......
    mamth ube web eka baluyemi....,
    balu balu dena wal pal liya luyen
    mama noleeyemi.....

    -Windy-

    ReplyDelete
  8. වින්ඩි: මෙක සීගිරිය වගේ කියල හිතුන ද? ආවට බොහොම ස්තූතියි..සාදරයෙන් පිලි ගන්නවා..

    ReplyDelete
  9. Bro wt ever happn v r UWU blood
    we cnt rechang past bt togeder we'l built our future
    Broz 4 life ;-)

    ReplyDelete
  10. @J: yep ma local barney..im soo happy to have u as my brilliant wingman

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails