Friday, October 8

මගේ පැන්ඩි....


ඉඟ සුග මිටින්
ගන්න බැරි වුනාට
ඔයා මට හැඩයි
මං වගේ පැන්ඩෙක්ට
ඔයා ලස්සන වැඩි

හඳ පානෙ
මාත් එක්ක
සිංදු නොකීවට
මට හැමදේම
එපා වුන වෙලාවට
ඔයාගේ එක වචනයක්
ඇති මාව ජීවත් කරන්න

week ends වල
Beetle car එකක
මාව pick කරන්
රවුම් නොගැහුවට
මා දකින්න
පැය ගණන්
බස් වල
කටු කාපු ඔයා
පණටත් වඩා
මට වටිනව

රටේ ඇති
රස බොජුන්
දහස් ගණන්
දීල මට
ඇරන් නොදුන්නට
ඔයාගෙ අතින්
උයල ගෙනව්ත්
මට කවපු බත් කට
දිව්‍ය භොජන වගෙ

පැන්ඩ ලෙඩ වුනාම
ඔය ඇස් වල
කදුළු පිරුන
හැටි දැක්කම
මට මගෙ ලෙඩ
අමතක වුනා

කැම්පස් බොඩිමෙ
කැම නැති වුනාම
ඔය ඇස් වලට
කදුළු උනපු
හැටි දැක්කම
බඩෙ ගින්දර
නිවා ගෙන
ආදරේ ඉතිරුනා

මගේ මොඩ වැඩ
ඔය හිත රිද්දන කොට
ඒ හැමදේම
හිනාවකින් දරා ගෙන
මට ආදරෙ කලා

තරහා, වෛරය
දුක, පසු තැවිල්ල
ආදරේට සමාන වචන
වී ගෙන එන යුගයක

ඒ මුකුත් නැති
ඔයාගෙ
අහිංසක ආදරෙ
මට දැනෙනව
මාව ජීවත් කරනව




*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.


15 comments:

  1. පැන්ඩි අක්කි ගැන මොනවා කියන්නද...... ඔය ලියලා තියෙන්නේ මරුම මරුවට.........

    මා එක්කත් කතා කලේ එකම එක දවසයි ඒත් ගොඩක් කල් ඉඳන් හොඳ මිතුරියෙක් වගේ උනා........

    දෙන්නටම සුභම සුභ සතුට දෝරෙ ගලන අනාගතයක් පතනවා මුළු හදවතින්ම......!!!!

    ReplyDelete
  2. ඔයා කොහෙද ගිහින් හිට්යෙ හාවියෙ...හුග දවසකින් නේද උණ කැලේ පැත්තෙ.

    ReplyDelete
  3. දෙන්නත් එක්ක සීතල රටකට ගියොත් හොදා නෙව

    ReplyDelete
  4. @ හසිත : නියමයි කිව්වෙ මගෙ පැන්ඩි නේද ?

    ReplyDelete
  5. @ රත්ගමයා : යන්න ඕනි රට තොට බලල එන්න දෙන්න එක්ක..එත් ඉන්න නෙවෙ..ලංකාව දාලා අපි කොහෙ යන්න ද?

    ReplyDelete
  6. අනේ නෑ අයියා ඇවිත් කියවනවා අනිවා......
    ඒත් ඉතින් ඔයාගේ බර බර වදන් නැති ඒත් බර අදහස් ඇති ඒවා හාවිට තේරුම් අරන් කාමන්ට් එකක් ලියන්න තරම් අමාරුයි..........

    ReplyDelete
  7. නියමායි....කියලා වැඩක් නෑ....ඔන්න හසියත් පැන්ඩටයි පැන්ඩගේ සදාදරණීය පැන්ඩි පොඩ්ඩටයි සෙනෙහස සමගිය සමාදානය පිරුණු සුභ ජීවිතයකට සුභ පතනවා හදවතින්ම......

    ReplyDelete
  8. හසියා: හොඳ පොඩ්ඩි..උඹ බලපංකො මුනු පොතෙ..අර මාත් එක්ක ඉන්නකොට නං පොඩියට පේනව...කොහොම වෙතත් පැන්ඩගෙ සයිස් එක්ක බැලුවම නං පට්ට matching..
    සුභ පැතුමට බොහොම ස්තුතියි හසියො..

    ReplyDelete
  9. සිරා... ආදරේ පිරිලා ඉතිරුණු වචන ටිකක්....

    ReplyDelete
  10. @ජංජාල චාමර: ස්තුතියි.... බ්ලොග් අවකාශෙ තවත් පාසලේ සගයෙක් හමූ වීම සතුටක්
    FLOREAT

    ReplyDelete
  11. pando oyage adaraya labuna e kella godak wasana wantai. E wachana tika mawa mama amataka karanna hadana mage athithayata adagena yanawa
    Mata nolabunu e sundara lokaya pandatai panditai hamadamat labenna kiyala prarthana karanawa

    ReplyDelete
  12. නියමයි අයියෙ කියල වැඩක් නෑ.....
    ඔන්න පැන්ඩටයි පැන්ඩිටයි මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  13. එල ......... නියමෙට ලියලා තියනවා............

    ReplyDelete
  14. ආදරෙ හිතෙනවා.. :D

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails