Thursday, October 21

බිඟුන් වැනි පෙම්වතුන් නරකම ද?



මලින් මලට
ගියද රිසි සේ
නොතලාම ගනි
පමණට පැණි

කෙදිනක වත්
අසා ඇතිද
බිගුන් පහස ලද මලක්
මැලවුනු බවක්
පරවුනු බවක්
නටුවෙන් ගිලිහුනු බවක්

ලද පහසින්
පෝෂණය වී
පරිණතව
රස දිව පිනවන
අමා ඵල
බිහි කල මිසක



පසු වදන : ඔබට ඔබ ලද මල නොගැලපේ නම් හැර යන්න.නමුත් ඈව නොතලාම හැර යන්න.ඇයට රිසි සේ පිපෙන්නට සමාජයේ ගෞරව ලබන්නට ජිවිතෙ අමා ඵල ලබන්නට ඉඩ තබා හැර යන්න.

**************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

15 comments:

  1. පසු වදන : ඔබට ඔබ ලද මල නොගැලපේ නම් හැර යන්න.නමුත් ඈව නොතලාම හැර යන්න.ඇයට රිසි සේ පිපෙන්නට සමාජයේ ගෞරව ලබන්නට ජිවිතෙ අමා ඵල ලබන්නට ඉඩ තබා හැර යන්න.

    ඒ අදහස නම් නියමයි පැන්ඩෝ..ඒත් වෙන්නෙ නැත්තෙත් ඕක නේ.....

    ReplyDelete
  2. කථාව සහතික ඇත්ත අද කාලේ හැටියට නියමෙට වටින වචන සෙට් එක

    ජයවේවා!

    ReplyDelete
  3. මල නොතලා රොන් ගත්තට කමක් නැහැනෙ.

    ReplyDelete
  4. පෝය දවසෙ අපූරුම චින්තාවක් පැන්ඩො!
    හරි අගෙයි!
    :)

    ReplyDelete
  5. @රත්ගම: මොනා කරන්නද බං අපිට ලොකෙම වෙනස් කරන්න අමාරුයි.ඒත් ට්‍රයි එකක් හරී දීල සතුටු වෙමු.

    ReplyDelete
  6. @හිස් අහස: ස්තූතියි

    @dinesh : මලක් අදුර ගන්න ඒ මලේ වහන්නම වෙනව.හැබැයි අපි ඒ මලේ වහල හරි යන්නෙ නැත්තං ගියා කියල ඒ මලට අඩුවක් කරන්න එපා..ඒ මලට ගැලපෙන වෙන කෙනෙක්ට ගොඩ වෙන්න, එයාව ආත්මගරුත්වයෙන් යුතුව පිලිගන්න මල ට පුලුවන් වෙන විදිහට ඉඩ තියන්න.

    ReplyDelete
  7. @විතරාගි : ස්තූතියි විතරාගී..ඔයාගෙ කමෙන්ට් මාව දිරිමත් කරනව.

    ReplyDelete
  8. ඒත් බනට කියන්නෙ "කෑකුලු මල නිස තලපන් පිපෙන්නට"කියලනෙ ???? විහිලුවට කිව්වෙ.. මෙ වගෙ අය අඩුයි.මමත් මගෙ මල මට හරියන්නෙ නෙ කියල තෙරුන නිසා මලෙන් ඉගිලුනා හැබයි තලුවෙ නම් නෑ කවදාවත් තලන්නෙත් නෑ.

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්... කතාව නම් ඇත්ත ඒත් ඔය කියන විදියටම ලෝකෙ මෙ දේවල් සිද්ද වෙනවා නම් හොඳා ඉතින්.. ඒත් ඉතින් ඉතින් අපි පතමු එහම වෙන්ඩයි කියලා...

    ReplyDelete
  10. @anonymous : එතන මචං කොල්ල කියන්නෙ මුලින්ම කැකුළු මල නිසා නොතලා යන්ට යමි කියල..එතකොට අර කෙල්ල නෙ බං කොල්ලව විනාස කරන්නෙ "කැකුළු මල නිසා තලපන් පිපෙන්නට" කියල..හැබැයි ඉතින් එහෙම කිව්ව පලියට තලනව ද නැද්ද කියන එක කොල්ලගෙ වැඩක්, එහෙම තලල නොතැලුන මල් තමන්ට හොය හොයා ඇවිදින එක නං මහ නීච වැඩක්.
    ඒ නිසා දෙපාරක් හිතන්න..තමන්ව රැක ගන්න එක තමන්ගෙ වැඩක්.

    උඹල වගේ කොල්ලො ඉන්නව නං හැම තැනම මීට වඩා කොච්චර හොද වෙයි ද ලොකෙ

    ReplyDelete
  11. සිරාවටම මම උඹත් එක්ක එකගයි පැන්ඩෝ.ඒත් බන් පැන්ඩෝ ඔහොම නොගැලපීමක් නිසා වෙන් වෙලා වෙන් මලක් සොයා ගත්තොත් මිනිස්සු ඌට කියන්නේ කොටියෙක් කියලා.ඒත් උගේ හිතේ එහෙම කුප්ප අදහසක් නැති වෙන්න පුලූවනි.ඒත් සමහරු නම් ඉන්නවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොටියා.ඇග පුරාම කුප්ප කම..

    ReplyDelete
  12. මම මගේ බලාපොරොත්තුව ගොඩ දාගනිමින් ඉන්නේ visit www.ganithaya.org

    ReplyDelete
  13. කථාවනම් ඇත්ත තමයි පැන්ඩො.හැමෝම ඔය විදියට හිතනවනම් ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුන. ඒත් ඒක දැන්නම් හීනයක් විතරයි. ඒත් අපි උත්සහ කරමු ඒ හීනය හැබෑවක් කරගන්න.

    ReplyDelete
  14. @කේශාන්: මට අද හරිම සතුටුයි.මොකො දන්නවද උඹ මගෙ බ්ලොග් එක පැත්තෙ ආවට අනික උඹෙ බ්ලොග් එක දැක්කෙ අද..එල එල

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails