Saturday, October 30

ජීවිතෙ අපි ගෙවන හැටි හරිද?

මේක මගේ නිර්මාණයක් වත් කිසිම දෙයක් නෙවෙ..මේක මට ආපු ඊ මේල් එකක් (වෙන කාගෙන්ද ඉතින් පැන්ඩි ගෙන් තමයි,.. එයා කොහොමත් මට නිතර ඔහොම වැදගත් දෙවල් ජීවිතෙට එකතු කර ගන් උදව් කරනව..ඒක නෙ මම එයාට ගොඩාලියක් ආදලේ...ස්තූතියි හොදේ. ) .මේක හුගක් මගෙ හිතට වැදුන..ඒ හින්ද මගේ බ්ලොග් මිතුරන්ගෙ ජීවිත වලට පොඩි දෙයක් එකතු කර ගන්න ලැබෙයි කියන අදහසින් මම මේක පල කරන්නෙ...
*********************************************

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.





“මේක කොච්චර විතර බර ඇද්ද?”


“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.


“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”

මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.


“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”


“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.


“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.


“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”

“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?

“නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?

සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

“වීදුරුව බිමින් තියන්න”


“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”


මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට
අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.


මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”

-පරිවර්තනයකි.


*************************************************
මට මේක කියවගෙන යන කොට මැදදි අවසානය දකින්න කලින් හිතුනෙ මේකෙ මෙහෙම කතාවක් ගැන කියල..මොකද්ද දන්නවද මට හිතුන දේ. සමහර වෙලාවට අපි සමහර පුන්චි දෙවල් අතරිනව ඒව පුන්චි හින්ද ඒවට බලපැමක් කරන්න බැ කියල..ඒත් බලන්න ඒ චූටි දේ වුනත් අත නොහැර අල්ලගෙන හිටියොත් ඒකට කොච්චර ලොකු බලපැමක් කරන්න පුලුවන්ද කියල..සමහර වෙලාවට අපිත් අපිට ලැබෙන දේවල් පුන්චි හින්ද එක පාර ක්ෂනිකව ලොකු බලපැමක් නැති හින්ද අත ඇරල දානව...ඒත් සමහර අය ඒ චූටි දේ ගැන වුනත් විශ්වාසයක් තියල අත නොහැරම ඉදල ලොකු දෙවල් කරනව..


ඒක හින්ද අපිට ලැබෙන දෙවල් ලැබුන ක්ෂනිකයෙන් ලොකු වෙනසක් ඇති නොවුන කියල මීට පස්සෙ දෙයක් අත අරින්න කලින් දෙපාරක් හිතන්න හොඳ ද? හැබැයි ප්‍රශ්න නං එහෙම තියා ගන්න එපා හොදේ...පුලුවන් ඉක්මණට අත අරින්න.මොකො ප්‍රශ්න කියන ඒව චූටි වුනාට කල් යන ලොකු ප්‍රශ්න වෙලා වද දෙන එක වලක්වන්න බැ..

********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

4 comments:

  1. හැබැයි මෙහෙමත් තියනවා නේද ??? , සමහර අය පොඩි පොඩි වැරදි දේවල් තියාගෙන ඉදලා ..(*ඒවා හරි කියලා හිතාගෙන ..), අන්තිමට ලොකු වුනාම අනාගන්නවා..

    ඒක නිසා ඔය "ඒක හින්ද අපිට ලැබෙන දෙවල් ලැබුන ක්ෂනිකයෙන් ලොකු වෙනසක් ඇති නොවුන කියල මීට පස්සෙ දෙයක් අත අරින්න කලින් දෙපාරක් හිතන්න හොඳ ද?" කියලා තියන එකට හොඳ කියන වචනෙත් එම්බෙඩ් කලා නම් නරකද ??? :ඪ්

    ලිපිය නම් සුපිරි ...

    ReplyDelete
  2. @හිඟන්න: සහතික ඇත්ත.

    ReplyDelete
  3. මේක මමත් කියවල තියෙනව පැන්ඩ අයියේ....අපි ජීවිතේ කොච්චර ප්‍රශ්න ,බර උස්සගෙන ද යන්නේ..එක තත්පරයක් ඒ බර අයින් කරලා බලන්න....
    ජීවිතේ දුකයි කියන හැමෝමල "ආ...මේක නම් මාර ජොලි ජීවිතයක් කියන්න ගනීවි"

    ReplyDelete
  4. This is very good advice for the people.They always keep unnecessary things in their mind.so they have to suffer.If we can keep all these things away from our life u can enjoy the life.

    Kumara

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails