Wednesday, November 10

සාන්තුවරයින් විසින් ස්ත්‍රින් 81 දෙනෙකුට හා එම පවුල් වලට ගල් ගැසීමට නියම කිරිම..


" උඹ දැක්කද මචං ?
මොනාද බං ?
අර සිවේයන්ගෙ පොටො?
මොන සිවේයන්ගෙද බං?
අර පට්ට සිවේයන්ගෙ
පොටො ටික 
මාධ්‍යයෙට දීලලු "

කෙලෙස් ප්‍රහීණ කළ
රහත් බව ලද
තරුණයකු විසින්
මා විමසූ අයුරුය

සාන්තුවරයින් සිටින
පාතලය කැබිනට් යන
වෙනත් කිසිඳු වරදක්
සිදු නොවන රටක
තම සිරුර පෙන්වූ
ස්ත්‍රීන් පමණක්ම 
වරදකරුවන් වූ වගයි

මේ සියළු ස්ත්‍රීන්
අනාචාරයේ හැසිරුනෙ
චිත්‍රපටි තැනුයේ
පිරිමි පුලුටක් නොමැති
අපුරුම රටකය


රෝගාතුරු මවට
 වියපත් පියාට
පාසැල් යන මල්ලිට
සහයක් වන්නට
ඇඳි වත මුදා හල
අහිංසක යුවතියන්ගේ
පවුල් පිටින් වනසා
රට ධාර්මික කරන
පාලකයින් වෙසෙන
ධර්මද්වීපය යි මේ.


පසු වදන : පැන්ඩා නං කවදාවත් ලාංකාවෙ වාණිජමය අරමුණින් නිෂ්පාදනය කරන ලද නිල් චිත්‍ර පටියක් ගැන අසා නොමැත.. මා සොයා ගත් කරුණු වලට අනුව මේ බොහොමයක් නිල් ච්ත්‍ර පටි යනුවෙන් හදුනා ගෙන ඇති වීඩියො එම යුවතියකගෙ අනුදැනුමකින් තොරව රවටා පිරිමිකමට නිගා කරන අධම පෙම්වතුන් ව්සින් රූ ගත කරන ලද වීඩියො පටයි..එසේත් නොමැති නම් ප්‍රසිද්ධියට පත් නොකරන බවට පවසා අහිංසක යුවත්යින්ගේ අවසරය යටතෙ විඩියො කොට පසුව ඔවුන්ට හොර රහසෙ අන්තර්ජාලයට මුදා හල විඩියො වේ.

සිද්ධිය එසේ නම් වී ඇත්තෙ ඔවුන්ට බලවත් අසාධාරණයකි..එසේ නම් සදාචාරාත්මක රජයක් විසින් කළ යුත්තෙ මෙම යුවතියන් රැවටීමට ලක් කල අධමයින් සෙවීම විනා ඔවුන් ගේ ජයාරූප මෙසේ ප්‍රසිද්ධියට පත් කර ඔවුන් කබලෙන් ලිපට ඇද නොදැමීම බව පැන්ඩාගෙ අදහසයි.අහිංසක දෙමාපියන් හා සහොදර සහොදරයින් මහත් ව්‍යවසනයකට පත් වන බවක් තෙරුම් ගැනීමට තරම් වත් මෙම පාලකයින්ට අවබොධයක් නොමැති ද?


ඕං සුදු වැන් එකක් එනො...දුවපියො..මොකද්ද බං ඩොල්ෆින් එකක් ද? ඔන්න මම නං එන්නෙ ඩොල්ෆින් සුදු වැන් වල විතරයි..

 

26 comments:

  1. පැන්ඩෝ කතාවා සහතික ඇත්ත.
    දැන් ඒ අහින්සක කෙල්ලන්ගේ පරම්පරා හතකගේ මූනු වල දැලි ගෑවී අවසන් .
    දැන් පමා වැඩී !

    නමුත් වාණිජමය අරමුණින් නිෂ්පාදනය කරන ලද නිල් චිත්‍රපටිත් ලංකාවේ නිපදවන බව රහසක් නෙවේ

    ජයවේවා !!

    ReplyDelete
  2. නොදකින් මෙහෙම රටක්.තියන ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා වෙන්න ඇති මේ සදාචාරය රකින්න උත්සාහ කරන්නෙ.එන්න,එන්නම හැම දේටම තියන නිදහස සීමා වෙන පාටයි.

    ReplyDelete
  3. ඕක අපි ඉතින් 2004දිම දැක්කා. එදා පටන් ගත්ත රට පෙරට යෑම තමා ඔය යන්නේ. පුරුෂොත්තම සිංහල බෞද්ධ අන්තවාදයකට යන්න ඔතන හිටපු කීයක් එදා ඡන්දේ පාවිච්චි කලාද ?

    ReplyDelete
  4. atta machan..uba hari....

    ReplyDelete
  5. රජයෙ සාන්තුවරයින්ට කරන්න වෙන වෑඩ නෑතුවද මන්දා.. "සිවේයන්ට" උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්නෑතිව.සිවේයන්ට අධ‍යාපනය දිලා නීති ගත කල යුතුයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=197156

    ReplyDelete
  6. me rate rajayata molayak thiyenvanan kavadavath oya vage vada aranne na....oya vade nisa venne ahinsaka kanathavo kihipa denek siyadivi hani karaganna hithena thanata polabavana ekai....

    ReplyDelete
  7. ඒකෙ ඈත්තකුත් තියනව පැන්ඩො. මේ කරලති​යන දේ මෙතනදි කරන්න තියන හොදම දේ නෙමේ. මේ අය කරල තියන දේ සදාචාර සම්පන්න නැති බව ඈත්ත. නමුත් ඒකට ​මීට වඩා හොද විසදුමක් තියෙන්න ඕනෙ, ප්‍රශ්ණෙ මුලට ගිහින් ​විසදන විසදුමක්. හැබැයි මේක තවත් පැත්තක් තියනව. ඔය පැන්ඩ කියපු අයට අමතරව තවත් කොටසක් ඉන්නව මේ රස්සාව සල්ලි හොයන්න ලේසි විදියක් විදියට සලකල ඒකෙන්ම ඡිවත් වන අය. එයාලට නම් මේ කරල තියන දේ වැරදියි කියල මට හිතෙන්නෙ නෑ...

    ReplyDelete
  8. @හිස් අහස: මම මෙතෙන්දි වාණිජමය අරමුණින් නිපදවුන නිල් ච්ත්‍ර පටි කියන ඒවට ඔය ඇගේ වෛරය, කාමසූත්‍ර වගේ ප්‍රසිද්ධ රඟහල් වල වැඩිහිටියන් ට පමණයි ලේබලෙ තිර ගත වුන ඒව නං සැලකුවෙ නැ.

    හැමදාම වගේ මේ පැත්තෙ ඇවිත් අදහස් දක්වල යන ඔයාට හුගාක් ස්තූතියි..

    ReplyDelete
  9. @කේශාන්: වැරදි කරන අයට රටෙ නීතියට විරුද්ධව හැසිරෙන අයට දඩුවම් කළ යුතුයි..එහෙම නැත්තං රටෙ පැවැත්ම අවුල් වෙනව..මම පිළිගන්නවා..ඒත් හුගාක් අය මේකට යොමු වෙලා තියෙන්නෙත් කොහො හරි ඉන්න පිරිමියෙක් විසින් වරදට පෙළඹවීමෙන්..එහෙම නැතුව ගියා කියමු,,ඒත් එයා කරපු වැරද්දට මේ ආණ්ඩුව කරන වැඩ හින්ද ඒ පරම්පරාවෙ අහිංසක කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනව ද? අම්මල තාත්තල කී දෙනෙක් සියදිවි නසාගන්න හිතෙන තත්වෙට පත් වෙයිද..මොකො අපේ ලංකාවෙ ඉන්න බොහොමයක් සුද්ධවන්තයින්ට කොහේ හරි පවුලක කෙල්ලෙක් අමාරුවෙ වැටෙනව නොමඟ යනව කියන්නෙ මරු ආතල් එකක්..උන්ගෙ යටි හිතේ තියෙන්නෙ කොයි වෙලේ හරි දැන් එකෙන් මටත් මාළුවෙක් බා ගන්න පුලුවන් කියන තුච්ච කල්පනාව විතරයි..මුන්ට ගිය රට නෙ බං අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න තමයි

    ReplyDelete
  10. mathaka thiyaganin, me photos damme Lakbime saha vikalpa yay kiyaganna gossiplankanews.com kiyana ewage witharamai. gossiplankanews.com thama hit s gaana wadikaraganna me ahinsaka kellanwa wikunuwe.

    ReplyDelete
  11. ආණ්ඩුව කෙසෙ වෙතත් මාධ්‍ය මේකෙදි වගකීමෙන් හැසිරුනා...මාත් ඔය කතාව දන්නව..මට හිතා ගන්න බැරි ලක්බිම ඇයි මෙහෙම හැසිරුනෙ කියන එක..ලක්බිම කියන්නෙ සුමති ල ගෙ නේද?
    ගොසිප් ලංකා කියන්නෙ කොහොමත් ගැනුන්ගෙ රෙද්දක් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං කට ඇරගෙන බලා ඉන්න අඩවියක් නෙ තමන්ගෙ හිට් නග්ගගෙන ඇඩ් දුව වන්න...මේ වගෙ අඩවි තමයි පාලකයින් ඇරුණම සියළු ප්‍රජාවගෙ නිදහස සීමා කරල අපිව විකුණගෙන කන්නෙ.නිළියෙක්‍ට පාටියක් තියන්න බැ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට කඩේකට ගිහින් ආප්පයක් කන්න බැ අහින්සක කෙල්ලෙක් ගෙ රෙද්ද පොඩ්ඩක් එහා මෙහා වෙන්න බැ මුන් කැමරාව දික් කරගෙන ඉන්නව විකුණ ගෙන කන්න

    ReplyDelete
  12. මුන්ට පිස්සු පැන්ඩෝ..
    මේ මේ කාර‍ණේදි මම නං පැන්ඩට වඩා ටිකක් එහාට යනවා. මේවා ලංකාව තුල වාණිජ අරමුණින් කරනවද මම දන්නෙ නෑ. නමුත් මේ කර්මාන්තය සාමාජීය අවශ්‍යතාවක්. ආබාධිතයන්/විවිධ රෝගයන්ගෙන් පෙළෙන්නන්/තනිකඩ පුද්ගලයින් ඇතුළු තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි විශාල පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. මේ අයගේ අවශ්‍යතාවයන් ගැන සමාජයක් හැටියට යම් විසඳුමක් දිය යුතු නැද්ද?
    අඩුගානේ මේක මූලික ජීවී අවශ්‍යතාවයක් විිහට ගත යුත්තක්. මේ අසහනයේ තරම බස්වල යන අපේ සහෝදරියන් දන්නවා.
    ළමා පරපුර මෙයින් ඈත් කිරීම එකක්. වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදීම තව එකක්.
    මේවැඩ කරන්නේ ඉඳුරුවේ ආචාරියාගේ දර්ශනයට අනුව.

    ReplyDelete
  13. ඇයි ඒ ෆොටෝ වල අනූෂා සොනාලි, අනූෂා රාජපක්ෂ (රාජපක්ෂ පරම්පරාවෙම කෙනෙක්ද දන්නේ නෑ), දිල්හානි ඒකනායක වගේ අයගේ ෆොටෝ දාල නැත්තේ. ඒ අය මේ වෙනකොටත් අතඩංගුවට අරගන නිසා වෙන්න ඇති කියලයි ඇනෝනිමස්ටනං හිතෙන්නේ (හික්ස්)

    ReplyDelete
  14. දැන් comment 14 යි..සුදු වැන් එකක පැන්ඩත් එක්ක දාගෙන යන්න කියාපු ගාන..හයිරුෆ් එකක් ආවොත් නං තව එකෙක්ට දෙන්නෙක්ට හිර වෙලා යන්න පුලුවන්...අපි අපිනෙ බං

    ReplyDelete
  15. පැන්ඩා කතාව සහතික ඇත්ත.
    මේක ඉතින් හෙල උරුමේ ඉන්න හැත්තගේ අන්තවාදී ධර්මදීපය නේ.

    ReplyDelete
  16. මුන්ට පිස්සු පැන්ඩ. කරන්න වෙන වැඩ නැතුවට, මිනිස්සුන්ට තියෙන අනිත් ප්‍රශ්න අමතක කරවල මෝඩ ආතල් එකක් දෙන්න මෙහෙම කරනව. පව් බන් අහිංසක කෙල්ලො...
    ඔතන ඉන්න 90% වගේ අහින්සක උන් වෙන්න ඕනෙ. ඇයි ඉතින් ඔය ලොකු ලොකු හොඳටම ප්‍රසිද්ධ උන්ගෙ ෆොටො මුකුත් දාල නැහැනෙ...

    ReplyDelete
  17. තියෙන හැම මගුලම ban කරාම අපි ස්වයන්මුතනයේ යෙදෙන්නේ ගස් දිහා බලාගෙනද?
    පලකොයටනම් මොකද ගෙවල් වල ඉන්නවනේ ඉටි රුප වගේ බිරින්දෑවරු...
    අපි වගේ අහින්සකොයන්ටම් කෙල වෙන්නේ.

    ReplyDelete
  18. මොනවා කරන්නද පැන්ඩෝ . . මානසික රෝගීන්ට රටේ නායක කම භාර දුන්නු නිසා අපිට දැන් කියන්න තියෙන්නේ අර මුස්ලිම් මනුස්සයා කිව්ව දේ තමයි . .
    "කුම්බලා කරවඩි කෑවා නම් තුක විඳපන් පලලෝ . . . "

    ReplyDelete
  19. අනේ පැන්ඩො උබලා හැම ලබ්බටම ආණ්ඩුවට බනින්නේ මොකද? මේක අධිකරණයෙන් දුන්න තීන්දුවක්. උඔ හිත්න්නේ මේ කෙල්ලො පවුල් ජීවත් කරවන්නම මේව කලා කියලද? පොඩ්ඩක් කොළඔ ඇවිත් බලපන් හොදට සල්ලි තියෙන කෙල්ලො පවුල් ජීවත් කොරවන හැටි. මේවගේ දේවල් කලාම අනික්වුන් බයට හරි නවත්තයි. දඩුවමත් දෙන්නේ වරද කල එකා වගේම අනිත් වුනවත් හදන්න.

    ReplyDelete
  20. උඩ ඉන්න ඇනොනිමස් වෙත..නම දාල කමෙන්ට් කොරා නං වටිනව...සල්ලි තියෙන කෙල්ලො ඔහොම අල්ලගෙන යයි කියල උඹ හිතනවද? අනේ බං මේක ලංකාව.. මම කොහෙවත් කිව්වෙ නැ වැරද්දට දඩුවම් දීම වැරදි කියල නමුත් එක කරන විදියයි වැරදි...ඇයි කෙනෙක් වැරද්දක් කල පලියට පවුලේ හැමොටම බලපාන මෙහෙම ගොන් වැඩ කරන්නෙ,,අනික දැන් ඔය කෙල්ලො විඩියො කර ගෙන තියෙන්නෙ එක අතකින් කැමරාව අල්ලගෙන ද? හුගක් වෙලාවට මම හිතන්නෙ එක අල්ලගෙන ඉන්නෙ ඇත්තෙ පිරිමියෙක් එතකොට ඌට අවුලක් නැ..උඹ ඔය උජාරුවට කතා කරන කොලඹ පැත්තෙ ඉන්න එක කෙල්ලෙක් වත් ඕකට බය වෙන්නෙ නැ,උන්ට ඕව බලපාන්නෙ නැ...

    මචන් උඹ දන්නවද වරදකරුවන්ට දඩුවම් දීමෙත් පිලිවෙලක් තියෙන බව, උඹට නොතෙරුනාට වැඩෙ ක්‍රියාත්මක කරපු විදිහ වැරදි කියල හුග දෙනෙක්ට තෙරුනා..එකයි බහුතරයක් මාධ්‍ය ඕක ප්‍රසිද්ධ නොකලෙ

    ReplyDelete
  21. දැන්නම් වෑන් එක ඉඩ මදි පැන්ඩෝ.......coaster එකක්වත් ඕනෙ වෙයි වාගෙ.

    ReplyDelete
  22. 100% එකඟයි...!!! වෙනත් වදන් නොමැත....

    ReplyDelete
  23. මේරි මගදලේ කියන ගණිකා වෘත්තියේ යෙදිච්ච ගැහැණු කෙනාව ගල් ගහලා මරලා දන්න යද්දී ජේසුතුමා ඇවිත්

    "මෙතන ඉන්න අයගෙන් කිසිදු වැරැද්දක් නොකරපු කෙනා මේ කාන්තාවට මුල්ම ගල් පහර ගහන්න" කියපු කතාව මතක් වෙනවා......

    ReplyDelete
  24. මොකක් උනත් ඒ අසරණ කෙල්ලන්ගේ ඡායාරූප ප්‍රස්ද්ධ කරපු එක නම් වැරදි වැඩක්.

    ReplyDelete
  25. ලිංගික ශ්‍රමිකයන් නීති ගත කරන්න යනවා කියල කතිකාවක් තියෙනවා. මෙක සකච්චාවට පුලුල් ලෙස බදුන් කල යුතු මාතෘකවක්. සබවින් ම මෙය නිතී ගත කරනවට වඩා සුදුසු එම කන්තවන් සතු ගටලු වලට විසදුම් සොයා එවාට පිලියම් යෙදීමයි. එහෙත් එය මෙ ලංකාව තුල හිනයක් බදු කරණවක් පමයි. කෙසේ උවද මෙය නිතීගත වුවහොත් සිදුවන්නෙ දැනට සිදුවෙන මෙම රහසිගත ව්‍යාපාර සුප්‍රසිද්දව පවත්වගෙන යාම හා දැනට හොර රහසේ ඒවාට ඇදීයන පුද්ගලයින් ප්‍රසිද්දියේම ඒ කරා යොමුවිමයි. මෙහි භයානක ප්‍රතිපල බොහොමයකි. මෙහිදි ත‍රැණ වයසේ පසුවන්නන් තමන්ගෙ පලමු ලිංගික අත්දැකිම මෙවැනි තැනකින් ලබා ගන්නවා යනු කිසිවෙක් නොසිතන සැබැවින්ම ගැටලු කාරී දෙයකි. එමන්දයත් තෙරුම් ගැනිම එවන් අත්දකිමක් නොලබ අති අයෙකුට තෙරුම් කර ලිම අපහසු උවත් එවන් අත්දකිමක් ලබ අති අයට නම් වටහෙනවා ඇති...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails