Monday, November 1

විජයාවගමනය නිකං ව්දේශීය ව්සිට් එකක් විතරක් ම වේවා...

මාර නොන්ඩිය නෙ
අපි විජයගෙන් නං පැවතෙන්නෙ
ඇයි?

රටින් සස්පෙන්ඩ් කලාලු නේද?
එහෙ කේස් ගොඩයි ලු නේද?
ඉවසන්න බැරි වුනාලු පිය රජුට
පස්සෙ පුතා වුනත් පල කිව්වලු

පස්සෙ cruise කරද්දි
ආවලු ලංකාවට
සෙට් වුනාලු කුවෙණිට
දුන්නලු අහිංසකීටත් ගිණි ගෙඩියක්

ඊටකලින් හිට්ය නේද
මෙහෙ හොඳ හෙළයො
මම නං හිතන්නෙ 
අපි එන්නෙ එයාලගෙන්

නැත්තං විජයගෙ ජාන
සහිත අපි ඉන්න ලංකාව
මීට වඩා හුගාක් නරක
වෙයි නේද මිතුරු?

********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්
 

12 comments:

  1. අනිව අනිව. මන් නම් කීයටවත් හිතන් නෑ අපි ඔය මෑන්ගෙන් පැවත එනව කියල

    ReplyDelete
  2. hikz! ai ban uba hithanne den lankaawa hodai kiyalada? good post bro!!!

    blog gadol

    ReplyDelete
  3. කාගෙන් පැවතගෙන ආවත් මොකෝ..
    අපි පැවතෙනව නම්
    පැන්ඩ අයියා ලියන විදිහ නම් මැක්සා
    පට්ට ගතියක් තියෙනවා ලියන නිසැදැස් වල

    ReplyDelete
  4. මෙන්න හොරෙන් ඇවිල්ලෝ...මෙන්න කාටවත් කිව්වෝ.......

    හා අක්කා සහනාධාරෙටත් වැඩේ දෙයි

    ReplyDelete
  5. @රත්ගම: මල්ලි උඹෙ දෙවනි කමෙන්ටුව කාට ද?

    ReplyDelete
  6. පද ගැලපිලි නම් අගනේය...!!

    ජයවේවා ..! අයියේ...

    ReplyDelete
  7. .
    කොරා..න්ට දෙයක් නැත පුතා.!

    විය යුතු දේ වෙලා ඉවරය.
    තිත්ත උනත් ඇත්ත ඒකය.
    නෑ ය කිව්වත් අප ඒ
    "පර" ආර්යයාගේ දරුවන්ය.

    ReplyDelete
  8. niyamai ayya,danui e ganath poddakhithala baluwe,api pawathagena enne poragennnam wenna ba

    ReplyDelete
  9. විතරාගී : අද නං මම එකඟ නැ,,ඇයි එහෙම වෙන්නම ඕනි..විජය එන්න කලින් කුවේණි හිටිය නං කුවේණි රෙදි කටින්නත් දැනන් හිටිය නං ඇයි එහෙම වෙන්න බැරි..කවුරු හරි මේකෙ ඉඳල තියෙනව..අපිට විජය ලංකාවට ගෙනාපු අයගෙ ජාන මික්ස් වෙලා ඇති..ඒක අවුලක් නැ..ටිකක් ඒවත් තියෙන්න ඕනි නෙ ;-)..ඒත් සම්පුර්ණයෙන්ම විජයගෙන් වෙන්න බැ..ඔය අපි කියන්නෙ තාම මහාවංශයෙ තියෙනෙ ස්ටෝරි නෙ..දැන් ඒව වලම එල්ලිල ඉන්නෙ ඕනි නැනෙ.O/L ලියන්න විතර නෙ ඒව ඕනි... මම මේක දැන ගෙන කියනව නෙවෙ ඒත් මට විස්වාසයි ඒක එහෙම ම වෙන්න බැ කියල..අනික අපි ට නං වෙන්න ම බැ.. හහ් හහ්...මේ සපරගමුවෙ බළංගොඩ මානවය වගේ ප්‍රාග් ඓතිහාසික ඒව ගැණ ඕනි තරං සාක්ෂි තියෙන කොට ඔය උඩ පැත්තෙ ගොඩ බැහපු විජයෙන්ගන්ම අපි පැවතෙනව කියල මම පිලි ගන්නෙ නැ..හැබැයි අනිව කොහෙන් හරි පොර ගෙ ජාන ඇවිල්ල ඇති..ඒත් ලංකාවෙ අපි හැමොගෙම ඓතිහාසික මීමුත්ත විජය වෙන්න බැ.

    ReplyDelete
  10. .
    මම අදහස් කලේ අපේ සියනෑ පරපුර ගැන.;)සියනෑවට නම වැටුනෙ දේවානම්පියතිස්ස රජතුමාගෙ නෑසියො සිටි නිසාය කියනවනෙ.විජය,පඬුවස්දෙව් නෑකම් එක්ක බලද්දි අපේ අය ඔය පරපුරට තමයි අයිති වෙන්න ඕන.හැබැයි ඉතින් ඔය බලංගොඩ මානවයගෙන් පැවතෙන පැන්ඩා පරපුර නම් ජීවහත්තලට දිසාලලට නෑකම් කියන කට්ටිය වෙන්න පුළුවන්.කොහොම වුනත් සියවස් ගානක් තිස්සෙ ජාන හුවමාරු වෙල අපි ළඟ ඔසාමා බින් ලාඩන් ගෙ නැත්නම් ප්‍රභාකර්න්ගෙ ජාන තියෙනවාය කිව්වත් පුදුම වෙන්ට දෙයක් නෑ.:)

    ReplyDelete
  11. මේ ලංකාවෙ සමන් දෙයියන්ගෙ අඩවියෙ ඉපදිලා ජීව හත්ත ලට වන්නිල ඇත්තන්ට විතරක් නෙවෙ අනුලා දේවිට හරි මුහු වෙච්චි ජානයක් අපිට නැත්තං වැඩකුත් නැ විතරාගී..නැද්ද ? .

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails