Saturday, November 13

නරපණුව, මේ කිනම් දිවයින ද?


නරය මේ කිනම් දිවයින ද?
මේ උතුම් ශ්‍රී ලංකා ද්වීපයයි.

මට තොප විශ්වාස නැත
ශ්‍රී ලංකාව නම් මනරම් දිවයිනකි

උදුල් නම් නරපණුවා 
වෙසෙන්නෙ මෙහි නොවෙද? 

උදුල් ඒ කවුද යකො ඒ?

මීට දින 14 කට පෙර
සිරගත වූ නරයා

මා හට නිච්චියක් නැත දේවයිනි

එසේ නම් මේ ශ්‍රී ලංකාව මැයි



පසු වදන : මීට පෙර මා ලියු ලිපිය "උදුල් හා එස්.බි" http://pandaslif.blogspot.com/2010/11/sb.html. ඉන් පසුව අද වන තුරු කවුරුත් මට මේ ගැන වැඩිය මුකුත් කියනව ඇහුනෙ නැ 

ඇත්තටම එතකොට ලංකාවෙ අපිට හැමදෙම දවස් 14න් මතක නැ කියල ප්‍රභාකරන් කියපු දේ ඇත්ත ද? ඒක හොඳ ද නරක ද?ඕකට විවිධ පැති විවිධ අවස්ථා වලට අනුව තියෙනවා..අපිට මොකක් හරි ජීවිතෙට බලපැමක් වෙන එහෙම නැත්තං දුකට පත් වෙලා හිත හිත විඳ වන්න වෙන සිද්ධි නම් ඔහොම අමතක වෙන එක හොඳයි කියන එක තමාපැන්ඩාගෙ මතය.එත් ඕනි කරන හැමදේම ටික දවසින් අමතක වෙලා යන එක එච්චර හොඳ නැ නේද? 

එතකොට තව දෙයක් මතක් වුනා..පැන්ඩ ගෙ ඉන්නව හොඳ මිත්‍රයෙක්. මිනිහ කරන්නෙම පුන්චි නිවාඩුවක් ලැබුන ගමන් දන්න අදුරන කෙනෙක් ඉන්න ඇත පළාතක ඇවිදින්න යනවා,එහෙම යන කොට ඉතින් විවිධාකාර අය මුණ ගැහෙනව නෙ..කතාව කෙටියෙන් කීවොත් මෙච්චරයි. මේ අතරෙදි හම්බු වෙලා තියෙනව නිවාඩුවට ගෙදර ඇවිත් ටිකක් මත් වෙලා හිටපු හමුදා සෙබෙලෙක්...දන්නවද මොකද්ද කියල තියෙන්නෙ " මල්ලි අපි ඇවිල්ල මේ රටෙ හොඳට ගෞරවයෙන් හිටපු මිනිස්සු..ඒ දවස් වල ප්‍රභාකරන් ලොක්ක ඉන්න කාලෙ තමයි මිනිසුන්ට අපෙ වටිනාකම දැනුනෙ.දැන් අපිව බල්ලෙක් වත් ගණන් ගන්නෙ නැ..එකට ඒ දවස් වල බලන්න එපැයි යුද්දෙ ඉවර වුන ගමන් එක දවසට පිලිගැනීම උත්සව දෙක තුනක් තියෙ."..ඒත් දැන් අපි බලු වෙලා කිව්වලු ඇස් දෙකෙ කදුළු පිහ පිහා.

පොඩ්ඩක් බීල හිටියත් ඒ කියන්න ඇත්තෙ තමන්ට ඇත්තටම දැනෙන දේ නේද? ඒ වීර හමුදා සෙබළු නොහිටින්න අද අපි මෙහෙම බයක් සැකක් නැතුව යන්න එන්න ද? ඇයි අපි මෙච්චර ඉක්මණට ඒව අමතක කරන්නෙ..එහෙම කරන්න එපා..අත් වාරුවක් අරගෙන බස් එකට නගින හමුදා සෙබළට සීටි එක දෙන්න අමතක කරන්න එපා.එයාල අද අබාධිතයො වෙලා ඉන්නෙ අපි වෙනුවෙන් සටන් කරල.එයාලට තියෙන එකම සැනසිල්ල අපි එයාල එක්ක ඉන්නව එයල කරපු විශිෂ්ඨ ජයග්‍රහනයට අපි එයාලට ගෞරව කරනව කියන හැගීම.

ඉතින් ජිවිතෙ ඕනි එකයි එපා එකයි කර ගහ ගෙන අමතක නොකර ව්ඳවන්න කියල නෙවෙ පැන්ඩ කියන්නෙ.. අනවශ්‍ය දේ දෙපාරක් නොහිත අත හරින්න..ඒත අවශ්‍ය දේ හරියට තොරා බේරා ගෙන මතක තියා ගන්න..

පැන්ඩ ගියා ඔන්න..වැඩ ගොඩායි..ටික දවසකට දකින්න නොලැබේවි..කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් අමාරු වෙයි...එත් පුලුවන් කමක් ආපු ගමන් දුව ගෙන එන්නම්.


 

11 comments:

  1. සහතික ඇත්ත .අපි වෙනුවෙං අපි කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ . අපි ඒක ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕන . ඇත්තටම ඉස්සර නම් සිංහලයට දවස් 14 හරි යමක් මතක තිබුනා . දැන් දවස් 7 විතර තමයි (පොර ටෝක් දුන්නට මටත් එහෙම තමයි )
    ඒත් කවදාවත් අපේ හමුදාවේ කොල්ලෝ ටික මම අමතක කරලා නෑ . කරන්නෙත් නෑ. කරන්නත් බෑ !

    ඒ වීර කොල්ලන්ට

    ජයවේවා !!

    ReplyDelete
  2. බොහොම හොද ලිපියක් සහෝ!

    ReplyDelete
  3. ඈත්ත නේන්නම් පැන්ඩො... අපේ කට්ටියට ගොඩක් දේවල් ඉක්මනට අමතක වෙනව. යුද්දයක් තිබුනච කියලත් දැන් මතක නැති තරම්. ඒක නිසාම හමුදා සෙබලු ගැනත් ගොඩක් අයට අමතක වෙලා. ඒකනම් වැරදියි. එයාල අපි වෙනුවෙන් කරපු සේවය කවදාවත්ම අමතක නොකල යුතුයි. එයාලගෙ වටිනාකම කියල නිමකරන්න බැරිතරම්.

    ReplyDelete
  4. කොච්චර වැඩ තිබ්බත් අනෙ මේ පැත්තෙ නැවිත් ඉන්නම හිතෙන්නෙ නැනෙ..මගෙ ජොලිබුක් එක ඔන් කරපු ගමන් මේ පැත්තෙ ඇවිත් යන්නම ඕනි කියල හිත කැ ගහනව..අනේ මන්ද සදුදට කේෂාන් පවරපු වැඩේ ඉවර කරගන්න බැරි වෙයිද මන් ද?නැ නැ කොහොම හරි කරන්නම්..

    ReplyDelete
  5. @හිස් අහස: එහෙම තමයි හොඳ ළමයි.මුල අමතක කරන්නෙ නැ

    ReplyDelete
  6. @බ්ලොග් ගඩොල්: ස්තූතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete
  7. @කේශාන්: හරියටම හරි

    ReplyDelete
  8. ඒ උනාට පැන්ඩෝ,
    හමුදාවෙ හිටිය ප්‍රධානම නිලධාරියාට සලකන විදිහ දැකලා නිකම් බලාගෙන ඉන්න තරම් හමුදාව නිවට වෙලා ඉන්න කොට අපි විතරක් ඇයි වැරදියි කියලා කියන්නෙ.
    හමුදාවමයි අපිත් අනිත් අය වගේම කඩේ යනවා කියලා රටට පෙන්නුවෙ.

    බලන්න, වැස්සට අනාථ වුන අයට වත් දැන් මිනිස්සු උදව් කරන්නෙ නැති වෙලා. ඉස්සර එහෙමද? රටට ආදරය කරන මිනිස්සු දැන් නැහැ. රටට ආදරේ දෙයක් උනත් රජයට විරුද්ධ නම් මලා තමයි. මිනිස්සු තමන්ගෙ කලකිරීම පෙන්නනෙ පොදු ව්‍යසනයකදි ආණ්ඩුවටම තනියම කරනින් කියලා තමයි.

    ReplyDelete
  9. ඒ වෙන රට වල නෙ බං..අපෙ රටෙ ඉන්න හමුදාවෙ ප්‍රධානම ලොක්ක සේනාධිනායක අපේ ආඩම්බොරකාර තාත්තා නෙ.හමුදාව නිවට වෙලා නැ බං.අපේ රටේ හමුදාව විනය ගරුක නායකයින්ට ගරු කරන උසස් තත්වයේ හමුදාවක් හින්ද වෙන දේවල් අමාරුවෙන් හරි ඉවසගෙන ඉන්නව.ඒක නිවට කම නෙවෙ බං

    ReplyDelete
  10. තියම ලිපියක් පැන්ඩෝ.....

    ReplyDelete
  11. අනේ උඹ බොරු කියන්න එපා....
    අපේ මිනිස්සුන්ට දවස් 14ක් යනකම් මතක තියෙනවනම් මොනවා කරන්න බැරිද...මම නම් හිතන්නේ දවස් 7ක්වත් යනකම් අපේ අයට මතකයක් හිටින්නේ නෑ කියලා....

    ලිපිය නම් අනර්ඝයි පැන්ඩා අයියේ....!!!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails