Sunday, November 14

පෙන් එකක් තියෙද ? එකෙන් උපරිම ප්‍රයොජන පහසුවෙන් ගන්නව ද?


අද කාලෙ ඉතින් බොල් පොයින්ට් පැනක් අතෙ තිබ්බෙ නැතත් හැමොම ගාව යු එස් බ් පෙන් තියෙනව නේද?

දැන් ඕක ගෙදර කම්පිතරෙ ගහල මොනා හරි පටො ගෙන ලොකෙ වටෙ ට බෙදල තියෙන එව උස්සගෙන ඇවිත් ආයෙත් කම්පිතරෙට ඔබනවට වඩා ඇරෙන්න වෙන කොච්චර වැඩ තියෙද ?

පැන්ඩ ට මෙ දවස් වල වැල් වටාරම් ගහ ල හැඩ කරල කතා ලියන්න විවෙකයක් නැ ආයිබෝං. සංගමෙ එකමුතුවටත් එන්න බැරි වෙයිද කියල හරි වෙදනාවෙන් ඉන්නෙ.. 

දැන් මෙහෙම නෙ කස්ටිය ඉන්නව කම්පිතර දෙකක් හාවිතා කරන..එකක් ගෙදර අනික රැකියා ස්ථානයේ හො අපෙ වගෙ නම් යුනි එකෙ ලැබ් එකෙ.දැන් ඉතින් එතකොට අපි ඔය තැන් දෙකෙදිම නිතර භාවිතා කරන ඩොකියුමන්ට් තියෙනෙ. මෙහෙම හිතන්නකො ප්‍රොජෙක්ට් එකක බරටම වැඩ දැන් අපිට ඔය ප්‍රොජෙක්ට් එකට එතකොට පෙන් එකෙයි ගෙදර කම්පීරෙයි ෆොල්ඩර් දෙකක් තියෙ.දැන් ඉතින් ගෙදරින් පිට කරන වැඩ පෙන් එකෙන් ගෙදර කම්පීතරෙට අප්ඩෙට් වෙන්නත් ඕනි ගෙදර දි කරපු වැඩ හෙට අයෙත් වැඩ කරන තැනදි continue කරගෙන යන්න පෙන් එකට යන්නත් ඕනි.කොටින්ම කිව්වොත් synchronization.

දැන් ඉතින් ඕක මැනුවල කරන කොට වෙන්නෙ මොකොද අන්තිමට රට පැටලිල ඔනි එව මැකිල නැති එව ඉතුරු වෙලා අමාරුවෙන් ලැබ් එකෙදි ලියපු ප්‍රොගැම් එක ගෙදර ගෙනහල පටලව ගෙන වෙන එකක් කම්පිතරෙට දාල එක මකල. නැත්තං රැ තිස්සෙ නිදි මරාගෙන ලියල ඒක නෙවෙ වෙන එකක් පෙන් එකෙ දාගෙන ආයතනයට ගෙනිහින්. ඔක්කොම ටැපලෙනව.

ඇයි ඉතින් ඔය වැඩෙ කරල දෙන්න පුන්චි මෘදුකාංගයකට භාර දෙන්නෙ නැත්තෙ. Sync Toy ,මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න. ෆ්‍රි හින්ද ක්‍රැක් කරන්න පවු කරන්න ඕනි නැ. 

සීන් එක මෙච්චරයි ඉන්ස්ටොල් කරගන්න.ඊට පස්සෙ මෙන්න මෙතනින් කම්පිතරෙ අදාල ෆොල්ඩර් එක පෙන් එකට ලින්ක් කරගන්න.
 දැන් ඔතන left එකට කම්පිතරෙ සින්ක්‍රොනයිස් කරන ෆොල්ඩර් එක හා right කියන තැනට එක පෙන් එකෙ වෙන්න ඕනි ෆොල්ඩර් එකයි දෙන්න.අලුත් ෆොල්ඩර් එකක් පෙන් එකෙ හදලම දෙන්න කො.

දැන් ඉතින් ඉදිරියට ඔයා පෙන් එකෙ මෙ ෆොල්ඩර් එකට මොනව කොහෙන් දැම්මත් තියෙන ෆයිල් එකක් වෙනස් කරත් ගෙදර ඇවිත් පෙන් එක කම්පීතරෙට ගහල සොෆ්ට්වෙයාර් එක රන් කරපු ගමන් මැශින් එකෙ අප්ඩෙට් වෙයි.

 තව ඉතින් ඔය කමිපීතරෙ තියෙන ෆොල්ඩර් එකට ඔයා රැ තිස්සෙ නිදි මරාගෙන හොයල ඇඩ් කරපුව තියෙන ෆයිල් වෙනස් කරපුවත් සොෆ්ට් එක රන් කලාම පෙන් එකෙ ෆොල්ඩර් එකෙ අප්ඩෙට් වෙනව. දැන් ඉතින් ඔෆිස් ගියාම හරි ලෙක්චර් එකට ගියාම හරි දෙලො රත් වෙන්නෙ නැ පෙන් එකට හරියට ඔක්කොම දාගෙන එන්න බැරි වුනා කියල.


ඕං එහෙනං පැන්ඩ ගියා...වැඩ වැඩ වැඩ ගොඩ ගැහිල..ලින්ක්ස් පරිභොගිකයින්ට නම් පොඩ්ඩක් කොක්ක තමා විසදුමක් ඇති හොයල බලමුකො හොඳේ...




13 comments:

  1. blog post එකක් දානව කිවුව නිසාම බලලම යන්න හිටිය...
    windows briefcase එකෙනුත් ඔය වැඩේට සමාන දෙයක් කරන්න පුලුවන්. හැබැයි අනිත් windows වැඩ වගේම එකත් ගොඩක් අවුල්. මේක නම් හොදයි වගේ. ඒත් දැන් download කරන්න බෑ නේ. අපි ඉතින් sim එකට සත 5ක් දාල megabyte ටිකට net යන උදවියනෙ. හෙට ලැබ් ගියාම බාගන්නව. පේන විදියට නම් හොදයි වගේ.... ඉස්සරහට ඕන වන විදියෙ software එකක්

    ReplyDelete
  2. මූනිච්චාවට කියනවා නෙමේ මේක ගින්දර සොෆ්ට් පාරක් වගේ !අරගෙන බලන්නම්කෝ ! හැබැයි පැන්ඩෝ පෙන් ඩ්‍රයිව් එක්ක සෙල්ලම් කරද්දී තමන්ගේ දත්ත බැකප් කරගන්න පරිස්සම් වෙන්ඩ !

    මම අතින් මගේ පෙන් එක රයිට් ප්‍රොටෙක්ටඩ් උනා මේ ඊයේ පෙරේදා !

    ජයවේවා !!

    ReplyDelete
  3. @කේෂාන්: briefcase මට එපා වුන නිසා මැනුවලි තමා මම වැඩෙ කලෙ..ඊට පස්සෙත් පොඩි අනන් මනන් 3ර්ඩ් පර්ට් එව දැම්ම හරියට සැටිස් මදි..මෙක දැනට අවුලක් වුනෙ නැ..හැබැයි මාත් තාම භාව්තා කරන්න ඇරන් වරුවක් වත් නැ මචො..බලල අඩු පඩුවක් තිබ්බොත් මෙතනම ලියල දාපන් හොදෙ..එතකොට කස්ටිය ඩවුන්ලොඩ් කරන්න කලින් දැන ගන්නව නෙ

    ReplyDelete
  4. 3MB නෙ. මම ගත්ත දැන් දාල වැඩේ බැලුව. නියමයිනෙ. වැඩේ ගති. ඒක නෙමේ මේක හදපු කෙනා HCI කරල තියනව. කාලෙකින් දැකපු සරල ඒත් සම්පූර්ණ විස්තර ලස්සනට පෙන්නන GUI එකක්......

    ReplyDelete
  5. ඒ මට තේරුනේ නෑනේ.....

    ReplyDelete
  6. බොරු කියන්න එපා..ඔයාගෙ බ්ලොග් එකෙ අර ඕනි තරං ටෙක්නිකල් එව තියෙන්නෙ ලියල..
    කොහොමහරි ඉතින් වැඩි විස්තර මෙතන
    http://www.microsoft.com/downloads/en/details.aspx?FamilyId=C26EFA36-98E0-4EE9-A7C5-98D0592D8C52&displaylang=en

    ReplyDelete
  7. එල එල එලම එල....ඔන්න මාත් බාගත්තා

    ReplyDelete
  8. මේ දෙයම නේද version control system එකකින් ක‍රන්නෙ GIT සහ CVS වගේ ඒව තියෙනව නේද . මේව පාවිච්චි ක‍රල තියෙනව නම් ඒව ගැනත් ලිපියක් දාන්න

    ReplyDelete
  9. @ malith :මම නං පාවිච්චි කරල නැ..වෙලාවක් අපු ගමන් හොයල බලන්න ඕනි

    ReplyDelete
  10. හිස් අහස: මෙකත් එක්තරා ආකාරයකට පෙන් බැකප් කරන සොෆ්ට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවන් නෙ..උපදේශයට ස්තූතියි

    ReplyDelete
  11. නියමයි පැන්ඩෝ...එල ලිපයක්‍‍...
    මම නම් පාවිචිචි කරන්නේ Dropbox ඒකට හැබැයි ඉතිං ජංජාලේ අනිවා ඕනි...ඒ වැඩෙත් පට්ටම පට්ට....පොඩි ට්‍රයි එකක් දීලා බලන්නකෝ.....

    ReplyDelete
  12. එල එල.
    _________________________
    www.mysinhalablog.tk
    www.guidetocse.com

    ReplyDelete
  13. විලිලැජ්ජාවේ සංතොසේ බැ.. මට පෙන්ඩ්‍රයිව් එකක් නැ :D

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails