Monday, November 15

බ්ලොග් ලියන පැන්ඩා අර්ධ ශතකය පසු කළ වගයි



පැන්ඩ අහම්බෙන් හරී අපූරු සිද්ධියක් දැක්ක නොවැ මගේම බ්ලොග් එකෙ...එක දැක්ක ගමන් පැන්ඩට ආව නිකන් හිනාවක් එක පාර උණ ගහක් වුනත් ඔබන්න පුලුවන් තරමට කටත් ඇරිල.

දන්නවද පැන්ඩ බ්ලොග් පොස්ට් 51 ක්ම ලියල නොවැ..හරි වැඩෙ තමා..දෙන්න ඕනි නේද මුව අල්ලගෙන බඩ පිරෙන්න..නරකද කට්ටිය මාව තද කොරල අල්ලගෙන එක්ක ගිහින් පිරෙව්ව නං බඩ ගෙඩිය...මැක්ඩොනල්ඩ් මාමා  ගෙ හරි කෙන්ටකි මාමා ගෙ බැදපු කුකුල් කඩෙ නං බැ ඕං.දන්නව නේද කස්ටිය පැන්ඩ කන්නෙ සතෙක් මරල කියල අවබෝධ වුන පොඩි අවධියේම මස් මාළු කෑම අත්හැරිය බව.කොටින්ම මූ නං පැන්ඩෙක් ම තමයි .ශාක භක්ශකයි එහෙම් පිටින්ම..ඒ හින්ද ඉතින් හොඳ වෙජිටෙරියන් සයිවර් කඩයක් තමයි.
මේ දවස් වල ශාන්ති විහාර් වහල නිසා අර විශාක එක කිට්ටුව ගාළු පාරෙ තියෙන සරස්වතී එකට වත් යමුද ?

කොහොමින් කොහොම හරි පැන්ඩගෙ සිතිවිලි වල page views ප්‍රමාණයත් දහ දාහ පැනල.මේවට මම මගෙ බ්ලොග් එකට එන වාර ගාණ ඇතුලත් නැ හොදේ,,අර cookie එකක් ඉන්ස්ටොල් කරල තියෙන්නෙ මාව කවුන්ට් නොවෙන විදිහට..

කොහොම හරි කාලයක් බ්ලොග් කියවල අන්තිමට මේ අවුරුද්දෙ වෙසක් දවසෙ පළවෙනි පොස්ට් එක දාල පටන් ගත්තු බ්ලොග් එක ආපු ගමන ගැන මට හරි සතුටුයි. දැන් මම මේකට ඇබ්බැහි වෙලා වගේ.හරියට මාස 6ක් ගෙවිලා. ඇත්ත ඔය පොස්ට් 51 එක අස්සෙ වැදගත් නොවැදගත් ඔය හැමදෙම ඇති.මම කියන්නෙ නැ මේ පොස්ට් ඔක්කොම පට්ට් සිරා ඒව කියල.ඒත් ඉතින් පුන්චි සතුටක් තියෙ.මම නිකමට බැලුව මේක නිකං අච්චාරුව වගෙ..හැම මගුලක් ගැනම ලියල..කවි,ආදරෙ,දේශපාලනයෙ ,විකාර, පෞද්ගලික අත්දැකීම්,ටෙක්නිකල් අනං මනං හැමදේම..එකෙත් අමුතු රහක් තියෙ.

දැන් කියන්නම් මෙ පොස්ට් එකෙ අරමුණ . මට මේක ලියන්න මගේ පැන්ඩි ගෙ ඉඳන් කතා කරපු උදව් කරපු අදහස් කියපු ගණන මෙපමණයි කියන්න බැ.ඒ හැමොටම පැන්ඩගෙ හදවතින්ම ස්තූති වෙනව.හුගාක් පින්.

මට ලැබුණ ලොකුම දේ තමා මේ බ්ලොග් අවකාශෙදි මට ලැබුණ යාළුවො රොත්ත..මට එකට නම් හරිම සතුටුයි..ඒ හැමොම මට දීපු මිත්‍රත්වයට හුගාක් ස්තූතියි.මගෙ බ්ලොග් එක ලොකෙට පෙන්නපු සින්ඩි වල ඇත්තන්ට ත් හුගාක් ස්තූතියි.

ඉතින් එහෙනං අපි හැමොටම ජය වේවා...නිදුක් නිරොගි සැපවත් සාරවත් ජීවිතයකට ඔය හැමොටම සුභ පතනව.


19 comments:

  1. එළ එළ !! තව තවත් ලියන්න ලැබේවා!!
    බ්ලොග් ගමනට දිගාසිරි..!!

    ReplyDelete
  2. සුබපැතුම් පැන්ඩෝ..........

    ReplyDelete
  3. මකර අධිරාජයාගෙන් සුබපැතුම්

    ReplyDelete
  4. එකසිය විස්සට දෙසිය විස්සක් ලියන්න හැකියාව පහල වේවා පැන්ඩෝ....

    ReplyDelete
  5. අඩ් ඩඩ් ඩා!!ජයෙන් ජයම වේවා පැන්ඩෝ!දිගුකල් දිනේවා!

    ReplyDelete
  6. සුබ පැතුම් පිලිගන්න පැන්ඩෝ !
    නවත්වන්නේ නැතිව දිගටම ලියන්න..
    ශතකෙත් ගහපං දිවිත්ව ශතකෙත් ගහපන් .
    අපි ඉන්නවා පැඩා එක්ක ! හැමදාම

    අච්චරාරුව පරන වෙනකොට රස වැඩි වෙනවා වගේ පැඩාගේ පෝස්ට් අච්චාරුවත් දිනෙන් දින රසවත් වෙන එකනම් සහතිකයි ..

    ජයවේවා !!!!!!!!!!!!!!!! ජයවේවා !!

    ReplyDelete
  7. සුබ පෑතුම් පෑන්ඩො...මන් උඹෙ හෑම පෝස්ට් එකක් ම නම් කියවල නෑ..එත් මත් දෑන් පුලුවන් හෑම වෙලවකම උඹෙ පෝස්ට් කියවන්න පුරුදු වෙලා..හලායි මායි සාහිත්ය රන් කිරි කට ගෑවෙ එකට මිට කාලෙකට කලින්..අපි බෙදා හදාගෙන පොත පත කියෙවුවෙ..මගෙ රස වින්දන පරාසයෙ ප්‍රමිතිය ගෑන කියන්න මන් වෑඩිය දන්නෙ නෑ.. දන්නව නම් හලා තම ඉතින්. ඒ උනත් උඹ ලියන දෙවල් මේ ගෙනදගම් පොලවෙ පයගහල ජිවත් වෙන මිනිහෙක් වෙන මට දෑනෙනව එ නිසඉ මන් මේක කියවන්නෙ..පොලොවෙ පය ගහල ජිවත් වෙන එකෙක් දෙයක් ලියුවොත් තමා අපිට අල්තිනායි හ දුශේන් හම්බුනම දෑනුනු පහන් හෑගීම අපෙ දරුවෙකුටත් දෑනෙන්නෙ...එ වෙනුවෙන් ලියපන් පෑන්ඩො...ජයවෙව!!!

    ReplyDelete
  8. මොනව තියන්නද, නියමයි කියන්නෙ නියමම නියමයි.
    අර සිංදුවකුත් තියෙන්නෙ ආ මග කෙටියි යා යුතු මග දුරයි කියල. ඒ වගේම බොහෝ දුර ගමනක් යන්න සුභ පතනව. මටත් හිතෙන විදියට හැමදේම ගැන ලියන එක හොදයි. එක දේකට යට වෙලා ඉන්නවට වඩා ඒක කොච්චර හොදද???
    සුභම සුභ අනාගතයක්....... ආ හා අද වගේ දවසකවත් උඔට පැන්ඩ කියන්නෙ ඈයි කියල දැම්මොත් නරකද????
    බුදු සරණයි.

    ReplyDelete
  9. ලියපන්,ලියපන් දිගටම.ලඟදි තමයි මේ පැත්තට ආවෙ.හිරේ යන්න හරි අපිත් ඉන්නව උඹත් එක්කල.හි,හි...දීර්ග බ්ලොග් ගමනකට ආසිරි ඕන් දිනේෂ් කොළුවගෙනුත්...

    ReplyDelete
  10. ආ!! අපිත් කන්නෙ ශාන්ති විහාර් නැත්නම් සවස්වතී ලොජ් තමා !!!
    මැත්තා අලේ මැත්තා... ඒ මාත් එල්ලද ??

    ReplyDelete
  11. මගෙනුත් සුබපැතුම් පැන්ඩා. තව තවත් ලියන්න ලැබේවා.

    ReplyDelete
  12. ෂා.....චෝයී පැන්ඩා අයියේ....
    ඔන්න හසියා බබාගෙනුත් පැන්ඩා අයියට හදවතින්ම සහ බොක්කේන් යන දෙකෙන්ම එක සමානව උණුසුම් තේ... අහ් වැරදුනා උණුසුම් සුභ පැතුම් පනස්වෙනි ලිපියට.....
    දිගටම් බටකොළ කන්ට ලැබිලා තව තව දේවල් අපිට දෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලත් ඔන්න ප්‍රාර්ථනා කරනවා එහෙන්ම්...
    කෝ කට්ටිය එකතු වෙලා දෙන්න බලන්න හොද අත්පුඩි පාරක්...අයි‍යියෝ මල්ලිලා නංගිලා මදිනේ...ආ...හරියට නිකං පිරිමියි ගෑණුයි වගේනේ...කෝ කෝ දෙන්න බලන්න මුළු බ්ලොග් අවකාශයම හෙල්ලෙන්න හොද අත්පුඩියතක්....
    අහ් ඔය තියෙන්නේ....

    ReplyDelete
  13. congratz bro! ikmanata 100ta yamu

    ReplyDelete
  14. සුභ පැතුම් අයියා..... ඕන් අහම්බෙන් හරි අදත් කැරට් දෙන්න ලැබුනා......

    100 ලියන්නේ මීට වේගෙන් නේ.... :D :D

    ReplyDelete
  15. මමත් තාම 33ද කොහෙද ලියලා තියෙන්නෙ. උඔ 50 කුත් ලියලා...
    මෙන්න මගේ සුබ පැතුම්!

    ReplyDelete
  16. @ හැමොටම : හුගාක් ස්තූතියි... මම හිතන්නෙ මේ තමා වැඩිම comment .18 දෙනෙක් කියන්නෙ මට ලොකූ ගාණක්..දුකයි මේ වැඩ හින්ද හැමොටම වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වුනාට..සමාවෙන්න..

    අනේ ඉතින් මට ඔයාල ඔක්කොම පැනල බදා ගන්න තරං සංතොෂයි,... කමෙන්ට් කියන්නෙ බ්ලොග් ලියන අපිට ඉන්ධන..ඒක ඉතින් හුගක් වෙලාවට දන්නෙ බ්ලොග් ලියන්නෙක්ම තමා...

    ඔගොල්ල ඉන්නව නං ඔහොම කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් අවකාශෙන් ඇත් වෙන්නෙ නැ

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails