Tuesday, November 16

කෙනෙකුගෙ සතුට සතුටින් ඉවසිය නොහැකි හිත්


මහළු බව පසෙක ලා
අම්තාබ් ප්‍රීතියෙන්
තම පුතු සමඟ 
සුරූපී ලේලිය හා එක්ව
අපූරුවට රඟනයුරු දුටු

බිරිඳගේ නිවසට වී
අසල් වැසියන්ගේ
ඇඳ හොයන
බිරිඳට කඩා පනින
සිතින් මහළු තරුණයා

"විකාර, වයසට කළ යුතු වැඩ දැයි"
කොපයෙන් මුමුණමින්
විසල් වූ දෙනෙතින්
මුව අයා බලා හිඳියි

 

9 comments:

  1. Bablee orh Banty පට්ට ආතල් ෆිල්ම් එක බන්, මන් 2පාරක් බැලුවා..

    ReplyDelete
  2. මොකට කියනවද පැන්ඩො!ඔය අපේ මිනිස්සුන්ගෙ හැටියක්.හැබැයි එක දෙයක්.ඔහොම මිනිස්සු හැමදාම ඉන්නෙ දුකෙන් නැත්නම් තරහින්.සතුට සීමකාරීයි බොහොම ඔය වගෙ අයගෙ ජීවිත වල.අපෙ පැන්ඩා නම් එහෙම නෙවී කියලා අපි දන්නවනෙ!:)

    ReplyDelete
  3. ඇත්තටම ඔය ලස්සන සෙලෝලයිඩ් ලෝකයේ නටන උදවිය ...හිතේ මොන මොන දුක් තියාගෙන ලෝකෙට පේන්න රඟදෙනවා ඇත්ද ? සමහර ජීවිත අදහන්න බැරි තරම් චාටර් .....

    ඔවු ...ඒ අමිහිරි දේවල් රූගත කරගන්න කැමරාවක් තවම හදලා නෑ..! ඒනිසා තවමත් සෙලෝලයිඩ් ලෝකය සුන්දරයි ....

    ජයවේවා !!

    ReplyDelete
  4. ඒ වුනාට සැලොලයිඩ් ලොකෙ වත් ලස්සන ඉවසන්න බැරි මිනිස්සු හුගක් ඉන්නව.

    ReplyDelete
  5. හින්දි සිනමාව ජීවිතය විදිනවා... සිංහල සිනමාව වගේ විදවන්නේ නැහැ... ඒ වගේම වෙන්න ඇති අපේ ජීවිතත්. අනිත් අය විදිනවා බලන් ඉන්නත් බැහැ.. තමන් විදින්නෙත් නැහැ...

    ReplyDelete
  6. වත් අක්කි කියපු දේට මාත් එකඟයි...
    උදාහරණයක් ගත්තොත්‍....
    ඉන්දියවේ තිබ්බ ලිට්ල් චෑම්ප් වැඩ සටහනේදී ඒ පොඩි දරුවන් සිංදු කියන විදහ අහල බලලා ඒ පොඩි දරුවට විනිශ්ච මණ්ඩලය දරුවාව දිරි ගන්න විදහයි, අපේ රටේ පැවැත්වෙන් පොඩි ළමයන්ගේ තරග වලදි වින්ශ්ච මණ්ඩලය දරුවාව දිරිගන්වන විදිහයි අතර ලොකු වෙනසක් තියෙනවා.අපේ අය සුභ පැතුවත් සුඵ පතන්නේ හිතේ කහටක් තියාගෙනයි කියලයි මට හිතෙන්නේ....හොදට බලන්නකෝ දවසක....

    ReplyDelete
  7. ඈත්තම කිවුවොත් පැන්ඩො මේක ලංකාවෙ අයගෙ ඈගේ තියන දෙයක්. කෙනෙක් සතුටින් ඉන්නව බලන් ඉන්නම බෑ. මොකක් හරි කරල ඒක අවුල් කරනව.

    ReplyDelete
  8. @වත්: මේ පැත්තෙ මෙහෙම දකින්න ලැබීම සතුටක්,...අදහස් වලට තුති

    ReplyDelete
  9. @කේෂාන්: අනේ මන්ද එත් උඹෙ ඇගේ නම් තිබ්බෙ නැ..අපිත් එක්ක ඉන්න සෙට් එකෙ අයගෙ නැ නේද? කොච්චර දෙයක් ද?

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails