Saturday, November 20

මම අමුතුයි ද?


හඳ ට පෙම් කළෙමි
නොසිතාම තවත්
ග්‍රහ වස්තුවක් ලෙස
පෝය ළගැයි කියන
අඩන කොට සනසපු
හඳ මාමා ලෙසම

ටැංකියේ ඉන්න 
ගෝල්ඩ් ෆිෂ් ට නොව
පහළ ඇලෙ උන්නු
තිත්තයට ආදරෙ කළෙමි

බණ පදයක් ඇසුයෙමි 
බණ පදයක් විමසුවෙමි
පන්සල ට ප්‍රිය කළෙමි
තෙරුණ් ඇසුර ලද්දෙමි

රුවට වඩා පුතුට පෙම් කළ
මවකගෙන් කිරි බී වැඩුනෙමි

මිත්‍ර ඇසුරට, රහ මෙරට නොව
පුතුට පෙම් කළ පියෙකුගෙ
ඇසුර රැකවරණය ලැබුවෙමි.

නයිට් ක්ලබ් එකට් නොව
සඳ එළිය වැටුන කාමරෙ 
පොතක් කියවමින්
රැය ගෙවන්නට 
ප්‍රිය කළෙමි

මගේ ජිවිතේ අමුතුලු
කිසි ගතියක් නැලු
මොලො රහක් දැනෙන්නැලු
කෙනෙක් පවසයි

අමුතු වුනත් මට මොකො
මගෙ ගතිය මම දනිම්
ලොව නොදකින රහ මම විඳිමි
මට රිසි සේ ගෙවමි.


above photograph is from http://www.flickr.com/photos/yamuni/3406509606/ by Yamuni Rashmika



 

8 comments:

  1. ජීවිතය තමන්ගේ !
    එය කැමති ලෙස විඳීම
    තමන් ලද වරයකි උපතිම..
    ඉතින් ඇයි පමා ?
    විඳගන්න ඒ ජීවිතය ..!
    අන්‍යන්ට නොව
    ඔබට අවැසි පරිද්දෙන්..

    ඒ දිවියට !
    ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  2. අඩේ පැන්ඩෝ... බැලූවම උඹ වගේ තවත් ඇත්තෝ මේ ලෝකේ ඉන්නවා.කව්රු මොනවා කිව්වත් බන් ජීවිතේ ගතිය තියෙන්නේ මානසික නිදහස මත.දැන් පවතින මේ සමාජ රැල්ලට අසු නොවී ඉන්න අයට මම කියන්නේ සිත් ඇත්තන් කියලා...උඹත් ඒ වගේ සිත් ඇත්තෙක් වගේ...මොකද මමත් සිත් ඇත්තෙක්.

    ReplyDelete
  3. @හිස් අහස:අහස කෙසෙ වෙතත් ඔයා නම් සිතිවිලි වලින් බොහොම පොහොසත් වගේ...ස්තූතියි.

    ReplyDelete
  4. @පොජ්ජෙ: පැන්ඩා ද සිත් ඇත්තෙක් මි...ස්තූතියි

    ReplyDelete
  5. හුදකලාවක මිහිර...
    පොත් ඉරුවක ඈති ආනන්දය...
    ඈට මිදුලු විනිවිද යන මවු සෙනහස....
    එහි වු නිසසල බෑවු...
    ලෝකයාට අමුතු වුවද....
    වින්දෝ දනිත් එහි ඈති අමා සුව...

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්ම් පට්ටම පට්ට පද පෙලක් පැන්ඩෝ....
    අයෑම් හූ අයෑම්.....

    ReplyDelete
  7. අනේ පැන්ඩො මටනම් කවි පද දෙකක් වත් හරියට ලියන්න බෑ. ඒත් කියල තියන දේ ගැනනම් comment එකක් දාන්නම ඕනෙ.
    ලෝකෙ ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි කියනවනේ. හැමෝටම තමන් කැමති දේවල් තියනව. තමන්ගෙම කියල ඡීවිතය ගෙවන විදියක් තියනව. එත් තවත් කෙනෙක්ගේ ජීවිතය ගෙවන විදිය දිහා බලල ඒක වැරදියි තමන් කරන විදිය තමයි හරි කියල කියන්න නම් අයිතියක් මට හිතන විදියට නෑ.

    ReplyDelete
  8. මාත් මගෙ ජිවිතෙ විදින්නෙ මගෙ විදියට.. වාහනයක් ගලව ගන්නවා තරම් ෆන් එකක් ඔය නයිට් ක්ලබ් වල නටලා එනවද බං පැන්ඩයියෙ ?

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails