Thursday, November 25

පොත් වලින් විවර නොකළ ලෝකය...

හෙණ ගගහ වහිනව ලු
මල් වැහි වැටෙනව ලු
ඉර පායනව ලු
ඉර බැහල හඳ පායනව ලු
ඒත් මම නෑ නොවැ දැක්කෙ
පොත් ගොඩ අස්සෙ
තිබ්බෙ නැ නොවැ කවුළු
දකින්නට සුන්දර දසුන්



6 comments:

  1. සහතික ඈත්ත පැන්ඩො. එලිය ලොකයෙ ලස්සන දකින්නවත් අපිට වෙලාවක් නැති වෙලානෙ. අනේ මන්ද අපේ කාලය කලමණාකරනයෙ පොඩි අවුලක්ද කියල. හැබැයි මේක අපිට විතරක් නෙමේ ගොඩක් අයට තියන දෙයක්.

    සිත කියනමුත් මිදී යන්නට
    මොහොතකට මේ ලෝකයෙන්...
    නොහැකි වී ඈත මග හරින්නට
    එකයි බිංදුව අප සිතෙන්...

    ReplyDelete
  2. ඔහොම නම් බෑ සහෝ . .

    පොත් ගොඩ පැත්තකින් තියලා . .

    කොම්පීතරේ ඕෆ් කරලා . . .

    ගෙන්දගම් පොලොව පොඩ්ඩක් පාගලා බලන්න ඕන හැබෑ ජීවිත අත්දකීම් ලබා ගන්න නම් . .

    ReplyDelete
  3. @කේෂාන්; ඔය ලියවෙන්නෙ පද ගැලපිලා අපූරුවට...

    ReplyDelete
  4. දුකා: කියල වැඩක් නැ දුකා...මම ඉන්නෙ සබ්ජෙක්ට් එකක් විතර ඩ්‍රොප් කරල දාන්න...

    ReplyDelete
  5. පොතෙන් දෑස් මදකට ඉවතට ගෙන
    බලන් මොහොතක් රට යන අත
    ඒ යන මග වැරදි යයි හැඟේද
    කාලය හරි දැන් නැගී සිටින්නට

    පොතෙන් ගත් දැනුමෙන් රට හදන්න !

    ජයවේවා !!

    ReplyDelete
  6. හි හී!
    අපිට නම් ළඟදීම "සම්භාව්‍ය 5 වෙනි මණ්ඩලේ "එව්වත් බලන්න පුලුවන්.අපි දැන් නිදහස් මිනිස්සු!;)
    පැන්ඩාටත් ඉක්මනින්ම ලැබේවා!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails