Monday, November 29

පිංගුත්තර නම් සමාජය විසින් පහත් කරන ලද තවත් එළ කොල්ලෙකි..

මුලින්ම සීන් එක මෙහෙමයි...අද පැන්ඩට බඩේ අමාරුව..ලෙක්චර්ස් ගියෙත් නැ...බඩේ කැක්කුමට දෙහි එක්ක ඇම්.ලිවේරිස් වෙද මහත්තයගෙ ක්‍රීම් රාජ ගුලියක් ගහල ඉන්න කොට තමයි මේව ඔලුවට ආවෙ.ඔය අපේ කැලණිතිස්ස අයිය (කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය) නම් ඒවට කියන්නෙ කි* රාජ ගුලි කියල..ඕකෙ ස්මෙල් එක එකේ වගෙ ලු...අපි නම් දන්නෙ නැ ඕව..

තව එකක් මගෙ විස්ස විද්දාලෙ සගයෙක් හොද බ්ලොග් එකක් කරනව අලුතෙන්..පැන්ඩගෙ හිතවතා..පරිඝනක ක්ශෙත්‍රයෙ ඇත්තන්ට වැදගත් වෙයි...කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය

දැන් කතාව ඊ මෙල් වලට ඇවිත් තිබුනා අපූරු මේල් එකක්..දැන් ඕක මට මේකෙ ටයිප් කරන්න බැ..එ හින්ද මෙන්න පින්තුර තුනම මෙකෙ දාන්නම්..ඕක කිල්ක් කරල කියවල බලන්න කො.



පැන්ඩ ට ඔය ගීයෙ ප්‍රෙමයෙ පරිත්‍යාග ගැන හරිම අපුරු සංවේදී හැගීම ගොඩාක් පහළ වුනා...කොච්චරද කිව්වොත් ආයෙත් මම සිංදුව අහගෙන කියවල බැලුව..කොච්චර නම් හොද අපූරු ප්‍රෙමවන්තයෙක් ද ? කාට හරි ඇත්තටම තෙරෙනව ද ඒ හිතෙ කොච්චර ආදරයක් තියෙන්න ඇතිද ඒ කෙල්ල ට..හුගක් අය ආදරෙ කරද්දි ඉන්නෙ මම කියන සංකල්පයෙන් ම විතරයි..මට ආදරෙ මගේ ආදරෙ මගෙ සතුට මම ගැන හොයල බලන එක...ඒත් මෙ තරුණයා මම කියන සංකල්පෙන් මිදිල ඇය ඇයගෙ යහපත ඇයගෙ සතුට ඇයගෙ නිදහස කියන දේ ගැන හිතනව...දන්න අය දන්නව ඒක කොච්චර ලොකු කැපකිරීමක් ද කියල..එ වගෙ කැපකිරීම් කරන්න පුලුවන් බොහොම උසස් මනසක් තියෙන ආදරවන්තයින් ට විතරයි...අද කාලෙ හුගක් අය ආදරෙ දි හිතන්නෙ තමන්ගෙ කෙල්ල තමන්ට හිමි භාණ්ඩයක් කියල..කෙල්ල තමන්ට ආදරෙ කියන්නෙ තමන්ගෙ හැම ඕනි එපා කමක් ම ඇය අතින් ඉටු වීම කියල..ඕව ගැන නම් කතා එමටයි..





දැන් පිංගුත්තර කතාව..ඔයාලට පිංගුත්තර කිව්වම ඔලුවට එන්නෙ කොහොම මනො ච්ත්‍රයක් ද? බොහොම නියාලු නිවට කෙල්ලෙක් ගෙ පහසක් නොලබන කෙනෙක් කියල නේ ද?
ඒත් දන්නව ද හරි නම් ඔය ඇත්ත පිංගුත්තර කියන්නෙ හොද කෙලින් කතා කරන තමන් ට අවශ්‍ය දේ හරියට තොරල බේරල ගන්න පුලුවන් කමක් තියෙන ගැනු ළමයෙක් ගේ ගෞරවය ගෞරවාන්විත විදිහට රැකපු තරුණයෙක්.

ඇත්තටම පිංගුත්තර ගැන මෙහෙම නරක හිතුවිල්ලක් ඇති වෙන්න එක හේතුවක් තමා මේ පිංගුත්තර ජාතක පොතේ අදුන්නල දෙන විදිහ.."ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය.

දැන් පැන්ඩ මොකො ජාතක පොතට විරුද්ධ වෙලා පිංගුත්තර පොර කරන්න හදන්නෙ.ජාතක පොත වෙබ් අඩවියෙන් මම මේක කියවද්දි මට මේක දිහා මෙහෙම පැත්තකින් තමා හිතුනෙ..ඕව් පැන්ඩො ජාතක පොත එහෙම කියවනව.ප්‍රශ්නයක් නැනෙ එකෙ.

කෙටියෙන් කතාව කියන්නම් කො.දැන් ඔය පිංගුත්තර කියන තරුණයට ගැනු ලමයි ගැන වැඩි ඇල්මක් නැලු..මිනිහට ඕනි ජීවිතෙ තමන්ගේ පාඩුවෙ ගෙවන්න ලු.ඒත් කොකටත් ඉගෙන ගන්න එක හොදයි නේ කියල මිනිහ දිසාපාමොක් ගෙන් ඉගෙන ගත්තලු..නැ නැ රොටරි එකෙ සක්ය එකෙ නෙවෙ..දිසාපමොක් ගෙ ගෙදර..ඉතින් ඒ කාලෙ තිබුන නෙවැ සිරිතක් හොද ශිෂ්‍යන්ට තමන්ගෙ දුව පටලව ල දීල ෂෙප් වෙන සීන් එකක්..දැන් තිබ්බ නම් කොහොමට තියෙ ද? දැන් ඔන්න පිංගුත්තර ට ත් ඔය හෙණෙම කඩා පාත් වුනා ලු.මොනා කරන්නද ඉගෙන ගත්ත ගුරු ගෙ වචනෙට පිටු පාන්නත් බැ එත් පොරට කෙල්ල දිර වන්නෙත් නැ.ඔන්න ඉතින් එදා රෑලු වැඩෙ.පිංගුත්තර ඇදෙ ඉන්න කොට කෙල්ල ඇදට එනවලු..පිංගුත්තර බිමට යනවලු..කෙල්ල බිමට එනකොට පින්ගු ඇදට යනවලු..ඔහොම ටිකක් වෙලා ගිහින් වැඩෙ නැවැතුව ලු කෙල්ල..(නැ නැ මුකුත් වුනේ නැ ගැනු ලමය තාම ගැනු ලමයෙක්) පින්ගු බිම නිදා ගත්ත.කෙල්ල ඇදෙ නිදා ගත්ත.මේ මේව පැන්ඩ ආතල් දෙන්න අතින් දාල කියනව නෙවෙ ජාතක පොතේ තියෙන්නෙත් මෙහෙමයි..එකම දේ මම කියන්නෙ සරල සිංහලෙන්..එච්චරයි.බොරු නම් බලන්න කො 294 වෙනි ජාතක කතාව

පහුවෙනිද ඉතින් පින්ගු ඔය ලමය එක්ක ගමට යන්න පිටත් වුනා ලු.දැන් පින්ගු කල්පනා කලාලු මේ ලමය ගෙන් ගැල වෙන්නෙ කොහොමද කියල. ලමය අතරම් කරල යන්නත් බැ..හැබැයි පින්ගු දන්නව මම මුකුත් කලෙත් නැති නිසා කෙල්ලගෙ ගෞරවයෙ රැකපු නිසා ලමයත් හැඩ හින්ද කවුරුහරි කෙනෙක් ලමය ගෙනි යන බව.ඉතින් පින්ගු කරපු වැඩෙ කෙල්ල පැලැනක් ගහල ගහකට නැග්ගුවලු..ඊට පස්සෙ ගහ වටේට කටු අතු දැම්මලු..දැන් කෙල්ලට ආරක්ෂාවයි..කෙල්ල දැන් බැහැ ගන්න බැරි නිසා ගහේ ඉන්නව ලු පින්ගු ගියාලු..රජ්ජුරුවො යනකොට ගහෙ හිටපු සුරූපි කෙල්ල දැකල හිතක් පහල වෙලා ඇන්න ගියා ලු. ඔහොම ගිහින් කෙල්ල සැපෙන් බිසව වෙලා උන්නලු. 

ඕකෙ තව ටිකක් තියෙ..මොකො බොසත් සම්බන්ධ වෙන්නෙ ඉදිරියෙ දි..එත්කොට නෙ ඕක ජාතක පොතට approve වෙන්නෙ.කොහොම හරි ඔය කතාවෙ අන්තිමට ජාතක පොතේ රචකයාට අමතක වුනා කියන්න පින්ගු ගෙ යහපත් හැසිරිම නිසා තමයි මේ කෙල්ලට එහෙම හොඳ කලක් උදා වුනෙ කියල.ජාතක පොතේ හිතුවෙත් අනේ මොඩය කෙල්ල අත ඇරිය කියල නෙ..මට හරිම කෙන්තියි එවලෙදි නම් ජාතක පොතේ පටු අදහස ගැන..
පින්ගු ඒ ලමය තමන්ට එපා වුනත් එදා රැ අර නොකරපු කටයුත්තත් කරල කෙල්ල එපා හින්ද මාරු වුනා නං ද පින්ගු පොරක් වෙන්නෙ...පින්ගු ඒ ලමයට අකමැති හින්ද ඒ ලමයගෙ ගරුත්වය රැකෙන විදිහට හැසිරුන හින්ද නෙවෙ ද රජතුමා කෙල්ල ඇරගෙන ගියේ...

මොකො රජ්ජුරුවො හොයන්නෙත් වර්ජින්ස් ල නෙ..සමහර විට රජාගෙ වර්ජිනිටි එක නැති වුනෙ 9 වසරෙදි විතර වෙන්න ඇති ඒත් තමන්ට ගේන බිසව වර්ජින් වෙන්න ඕනි..අදත් බොහොමයක් උදවිය ඔහොම තමයි තමන් වැරදි කරල කසාඳ බදින්න ගියාම සුදු රෙදි හොයනව..හැබැයි තමන් ට ත් යටින් සුදු රෙද්දක් එලුවම ඒකෙ ඉරුනු හෘද සාක්ෂියේ ලේ තැවරෙන්නෙ නැත්තං තමන් කුමර බඹසර රැක්ක නම් ඒ විදියෙම කෙල්ලෙක් හොයන්න එයාට සාධාරණ අයිතියක් තියෙනව.

දැන් කොහොම හරි පින්ගු ගේ හැසීරිම උසස් මානුෂික ලක්ෂණයක් නෙවෙ ද? තව එකක් පින්ගු ට තිබුන න නෙ එහෙනං තමන් ආදරෙ නැතත් තමන්ට පවරල දුන්න කෙල්ල නෙ කියල ගෙනිහින් තමන් ට දාසියක් කරගෙන තමන්ගෙ ඕනි එපා කම් ටික ඉටුකර ගන්න.මොකො ඒ කාලෙ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංවිධාන තිබ්බෙත් නැනෙ.අර කෙල්ලත් දික්කසාද නඩු දාන්න ද..දිසාපාමොක් ගෙ ගෞරවය ගැන හිතල තමන්ට ආදරෙ නැති සැමියෙක්ට දාසියෙක් වෙලා ඉන්න නෙ වෙන්නෙ..අද කාලෙ නම් එහෙම ඒව වෙනව..ඒත් පින්ගු එහෙම කෙනෙක් නෙවෙ,පින්ගු හිතුවෙ ඒ ලමයට කැමති කෙනෙක් ට ඒ ලමය ලැබෙන්න වැඩ කරන්න.එහෙම කරපු පිංගුත්තර නේ මේ සමාජය බලු කලේ..

කොහොම හරි බඩේ අමාරුවත් අමතක වුනා මේව ලියන්න ගිහින්..වැඩ අධික හින්ද මුකුත් ලියන්න බැරි වුනාට හැමොම ලියපුව කියෙව්ව..


ප.ලි
සිංදුව ඕනි අයට ලින්ක් එක. http://www.filestube.com/909a59d82cf1e67303ea,g/Hanthanata-Payana-Sanda.html

18 comments:

  1. ඔයා හොදට ලියනවා,මගෙන් සුබපෑතුම්.
    අනේ පුලුවන්නම් මට අර පේරා මේල් එක එවන්නකො!

    ReplyDelete
  2. @වන්නි: ස්තූතියි..බොහොම සුලු දෙයක්..දැන් කොහොම ද ඊ මෙල් ඇඩ්‍රස් එක..

    ReplyDelete
  3. අනේ පැන්ඩො උඹ හෙටනම් ලෙක්චර් පලයන්.නැත්තන් හෙටත් මේ වාගෙ දිග එකක් ලිව්වොත් කියවන්න වෙලාව නැති වෙයි.

    ReplyDelete
  4. බඩෙ අමාරුව දෑන් සනිපයි මයෙ හිතෙ...
    එත් මෙක කියවපු දොහෙ ඉදන් පෑන්ඩිනම් හිත් අමනාපෙන්.. එකි ගෑනත් සදහනක් නොකලෑයි කියල නොවෑ ඔය. . . . . .

    ReplyDelete
  5. @dinesh: හෙට නම් මටත් යන්න ඕනි... අපේ විස්ස විද්දාල ස්කොලෙ 80% නැති වුනොත් අවුරුදු 4ම අපරාදෙ.

    ReplyDelete
  6. පැන්ඩා මලේ, මොඳ පෝස්ට් එකක්. ලෝබ නැතිව අන්තිම වෙනකන් කියෙව්වා. තව මේ වගේ ඒව දාමු . . . !

    ReplyDelete
  7. @දුමී: ස්තූතියි දුමී අයියෙ..වෙලාව ලැබෙන විදිහට අපි ලියමුකො..දුමී ගේ කට කහන කොට ලියන බ්ලොග් එක අපූරුයි..මම කියවනව.

    ReplyDelete
  8. නියම පොස්ට් එක ජයවෙවා..!

    ReplyDelete
  9. දැන් ලෙඩ හොදයිද??

    මම ගැනත් මතක්කරාට සිතූතියි.

    කියල තියන දේ නම් පපුවටම වැදුන. ඈත්තට​ම ආදරේ කියන දේ අපි අතරින් කී දෙනාගෙ හිතේද තියෙන්නෙ. පොඩ්ඩක් ඉන්න මම ගැන හිතල බලන්න. අපෝ බෑ.... ඔලුව රිදෙනව. සින්දුව මීට කලින් අහල තිබුනට හරියට තේරුම් ගත්තෙ අද තමයි.

    අර පින්ගුත්තර ගැන තියනව නම්, හිත හොද කෙනෙක්. අද කාලෙ නම් හොයා ගන්න හීනෙන් වත් බැරි වෙයි නේද??

    ReplyDelete
  10. atta katava pandoo menna me tikata man booma aasai
    හුගක් අය ආදරෙ කරද්දි ඉන්නෙ මම කියන සංකල්පයෙන් ම විතරයි..මට ආදරෙ මගේ ආදරෙ මගෙ සතුට මම ගැන හොයල බලන එක...ඒත් මෙ තරුණයා මම කියන සංකල්පෙන් මිදිල ඇය ඇයගෙ යහපත ඇයගෙ සතුට ඇයගෙ නිදහස කියන දේ ගැන හිතනව...දන්න අය දන්නව ඒක කොච්චර ලොකු කැපකිරීමක් ද කියල..එ වගෙ කැපකිරීම් කරන්න පුලුවන් බොහොම උසස් මනසක් තියෙන ආදරවන්තයින් ට විතරයි....
    ikmanata honda karagena thava liyapan pandooo..

    ReplyDelete
  11. කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වා... ලස්සනට ලියලා.. :)

    ReplyDelete
  12. පැන්ඩ මලයත් හොඳ හොඳ ජාති නෙව ලියන්නේ..
    අනේ මන්දා බං මටත් වයර් පැටළුනා..
    උම්මග්ග ජාතකයෙත් ඔය කථාව එනවා වගේ මතකයි..
    පිංගුත්තර..සිරිකාලකන්නි කතාව..ඔන්න ඔහොම මතකයක් හිත ඇතුලේ කරක් ගහනවා..ඒ අස්සේ අත්තික්කා ගහක්ද කොහේදත් තියෙනවා..
    හරි..ගහට නැග්ගුවෙ උදුම්බරා දේවිව නේද..?

    ReplyDelete
  13. @මාරයාගේ හෝරාව: ඕව් ඔව් නම සිරි කාලකණ්නි ජාතකය..නැග්ගුවෙ දිවුල් ගහකට..දිවුල් ගහෙ හිටපු හින්ද රජ්ජුරුවො උදුම්බරා දේවි කියන්න පටන් ගත්තලු.මේ කතාවෙ අග හරියෙ අර උදුම්බරා දෙව් අලි එකෙන් යන ගමන් පාරෙ හිටපු පින්ගු දැකල හිනා පහළ කරනව නොන්ඩියට..මෙක දැකපු රජ්ජුරුවන්ට මළ පැනල උදුම්බරා ගේ ඔළුව කන්න හදනකොට මහොෂධ පඩි තුමා තමා ප්‍රශ්නෙ විසඳන්නෙ...අන්න එහෙමයි මේක උම්මග්ග එකට සම්බන්ධ වෙන්නෙ..මහොෂධ පඩි තුමා ගෙන් සිරි කාලකණ්නි පැනය විමසන ව නෙ.

    ReplyDelete
  14. නියමයි පැන්ඩයියේ පිංගුත්තර ගැන කියන නම අහල තිබුනට කොයි වගේ ඩයල් එකක්ද කියලා දැනං හිටියේ නෑ ..සමහරුන්ට රිදෙයි මේ පෝස්ට් එක දැකලා ඒත් පැන්ඩා ලියලා තියෙන්නේ සම්පූර්න ඇත්ත ,,..


    ජයවේවා !!

    ReplyDelete
  15. නියමයි පැන්ඩෝ....අද මේ පෝස්ට් එක දැක්කේ....
    අතිවිශිෂ්ඨයි කිව්වට පාඩු නෑ....
    දිගටම ලියන්න සහෝ....

    ReplyDelete
  16. @all: අදහස් දක්වපු හැමොටම බොහොම ස්තූතියි....ඇත්ත මේ වගෙ පින්ගුත්තර ල අපි අතර ඇති...එ වගෙම අපිට එයාලගෙ යහපත් ගත් මග ඇරිලත් ඇති...

    ReplyDelete
  17. ela.............pandaa...........oyage blog eke hoda dewal thiyanawaa...ohoma yann........

    ReplyDelete
  18. PANDA ELA....OYA SAHENNA MAHANSIWELA THIYANAWA....CONGRATZZZ..........

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails