Tuesday, December 14

සැනසිල්ල..කෝ


ඩබල් රූල් පොතේ
රූල් දෙක අතරෙ
ආ යනු ලියන්න
වලි කාපු හැටි මතකයි

ඇලපිල්ල රූලෙන් 
පිට පැන්නාම
පැන්සල් කොටේ
කටේ රුවා ගෙන
අම්මා තුරුළට 
දුවාපු හැටි මතකයි 

කුස්සියේ කොනේ
මිටි බංකුවේ ඉන්දවා 
ඔළුව අත ගාල
සනසාපු හැටි

ඒත් අද, 
වැඩ ගොඩ වුනාම
බෝඩිමෙ තනි වුනාම
කෝ මට දුව යන්න
අම්මා බෝඩිමෙ 

සැනසෙන්න බලන
හිත් රවට්ටන 
හොලිවුඩ් බොලිවුඩ් 
කත්න්දර තුල
කෝ ඒ සැනසිල්ල





6 comments:

  1. සැනසෙන්න බලන
    හිත් රවට්ටන
    හොලිවුඩ් බොලිවුඩ්
    කත්න්දර තුල
    කෝ ඒ සැනසිල්ල

    aniwaa panda...ela kiri aaa..........oka katath podhui.............

    ReplyDelete
  2. සැනසෙන්න බලන
    හිත් රවට්ටන
    හොලිවුඩ් බොලිවුඩ්
    කත්න්දර තුල
    කෝ ඒ සැනසිල්ල

    ela kiri panda...oka kkaatath podui..........

    ReplyDelete
  3. සැනසිල්ල !

    මගේ සැනසිල්ල . තියෙන්නේ කොතනද කියලා පැන්ඩයියා දන්නවනේ . අපි හැමෝගෙම සැනසිල්ල . අපි වැඩියම ආදරේකරන අපි වැඩියෙන්ම ලංවෙලා ඉන්න අය ගාව තමයි තියෙන්නේ..



    ජයවේවා !!

    ReplyDelete
  4. මොනව කරන්නද මලේ

    අම්ම ලඟ නැති උනාම දුක තමයි.

    ඒත් පුරුදු වෙන්න ඕන.

    හැමදාම අම්මගේ තුර්ල්ලේම ඉන්න බෑනේ.

    අහ් බෝඩිම (boedima) කියල ලියන්න මලේ ඔයා ලියල තියෙන්නේ බොඩිම (bodima) කියලා

    ReplyDelete
  5. ස්තූතියි...ඔන්න නිවරදි කලා

    ReplyDelete
  6. කෝ ඒ සැනසීම..?.. ඒත් ඒ සැනසීම ලැබෙන්නේ නැත්තම්.. කොහොමහරි හොලිවුඩ් බොලිවුඩ් කතන්දර වල ලැබෙන සැනසිමෙන් සෑහීමකට පත් වෙන්න වෙයි නේද පැන්ඩෝ..?

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails