Saturday, December 4

කලාවෙ නාමයෙන් අධො මුඛය දකින දෑ ලොවට පෙන්වන මිනිසා...

පැන්ඩ ගෙ ඇඟ හිරි වැටෙන දෙයක් පැන්ඩ දුටුව අන්තර්ජාලයේ..




මේ මොකක්ද මේ....මේ තමා මහාචාර්ය වෆා බිලාල් තම හිස පිටුපස සැත්කමක් සිදු කර සවි කරවා ගත් කැමරාව...මේක සවි කරල තියෙන්නෙ කොහොමද දන්නව ද? ටැටූ ගහන අයිය කෙනෙක් ඔලුවෙ සම ඇතුලට පුන්චි සැත්කමක් කරල ටයිටෙනියම් තඩුවක් දාල.දැන් ඊට පස්සෙ කැමරාව එකට පිටතින් සවි වෙනව කාන්දම් බලෙන්..


දැන් මොකො දන්නව ද මෙක පටියක් දාල ලේසියට ඔළුවෙ හයි නොකලෙ.මේක ඇවිල්ල 3rdi (third eye) කියල ප්‍රොජෙක්ට් එකක්.මෙකෙ අරමුණ තමා හැම මිනිත්තුවකම ඔහුගේ පිටු පස තියෙන දර්ශන අවුරුද්දක් පුරාවට ගන්න එක..මේ ජයාරූප ක්ටාර් වල තියෙන modern art කෞතුකාගරය ට ප්‍රදර්ශනය ට යවනව. මේක වතුර යන්නෙ නැති කැමරාවක්..ඉතින් ඔහු නාන කොට ඇවිදින කොට පමණක් නොව රමණයේ දී පවා ඔහුගේ මෙම කැමරාව දර්ශන ලබා දීම තමා අරමුණ...

මහාචාර්ය තුමා කියන්නෙ එයා දැනුවත්ව එයා තීරණය කරල පොටො ගැනීමෙ සංකල්පෙන් එයාට මිදෙන්න ඕනි වුනා කියල තමයි..


ඔන්න ඔහොම තමයි ලොකෙ වටේ ඉන්න මිනිස්සුන්ට හිතෙන අරුම පුදුම කාලාත්මක අපේ ඇඟ හිරි වට්ටන වැඩ..

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි..


9 comments:

  1. පිටිපස්සටත් ඇස් ..නරක නෑ මිනිහගේ අදහස ...අනේ මන්දා මේ සුද්දොන්ටත් හිතෙන දේවල් .උපතින්ම ලැබුනු ඇස් දෙකක් මදි නේද මුනට ?

    ජයවේවා !!

    ReplyDelete
  2. මාරයිනෙ යාළුවා...ඇත්තටම දවසක අපේ සංවේදන ස්නායු වල පෙනීමට සම්භන්ධ කොටස කැමරාවක් ආධෘරයෙන් උත්තේජනය කරොත් අපට පිටිපස්ස බලන්නත් පුළුවනි නේද...??

    ReplyDelete
  3. පැන්ඩා, ඔයින් කැමරාවක් කීයද කියලා දාලා නැනේ....

    ReplyDelete
  4. @බුද්ධි: කෙහෙල් කොටුවෙ චූටි මහත්තයට තිබ්බ දාංගලෙ හැටියට මෙකකුත් තිබ්බ නං කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නැ...ඒ හින්ද ගනං හිලව් ඕනි නැ

    ReplyDelete
  5. මටත් හිතෙනව කනට ටිකක් පිටිපස්සෙන් ඔලුවෙ පොඩි හිලක් හදල, memory chip එකක් බස්ස ගන්න32GB විතර.මොකද ඔලුවෙ තියනRAM එක මේ දවස් වල full.ඇයි බං සුද්දන්ට විතරද ඔව්ව කොරන්න පුලුවන්.අපි ඔ‍ටුවොද?

    ReplyDelete
  6. තරු සහෝදරයා
    ඔය ගැන ඉන්ග්‍රීසි ෆිල්ම් එකකුත් තිබ්බා වගේ මතකයි.හැබයි ඔය සංකල්පයේ අවුල තියෙන්නේ කැමරාවෙන් එන විද්‍යුත් සංඟා කොහොමද මොලයට තේරෙන ඒවාට හරවන්නේ කියන එකයි.ඒක සොයා ගන්න පුලුවන් වුණ දවසට අන්ධ අයටත් පෙනුව්ම දෙන්න පුලුවන්.

    ReplyDelete
  7. he on dan tawa kuru hari age wena koheta hari cam1 hi karagai sure 1 tama

    ReplyDelete
  8. මුන්ට අමු කැවිලද මන්දා :))

    ReplyDelete
  9. නරකම නෑ. ඕක ඈස් පේන්නෙ නැති අයට ගන්න පුළුවන් විදියට දියුණුකරගන්න පුළුවන්නම් කොච්චර හොදද?

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails