Saturday, December 4

උදා වෙන නව වර්ෂයේ යහපත් කටයුත්තකට දායක වෙන්න කැමති ද?


2011 වර්ෂය උදා වෙනව..උදා වෙන නව වර්ෂයේ ආරම්භයේදීම හොඳ කටයුත්තකට දායක වෙන්න කැමති හැමෝම වෙත මම පුන්චි ආරධනාවක් කරනව..මම යි පැන්ඩි යි උදා වෙන ජනවාරි මාසයේ මරණයට කැප වුනු ගවයෙක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනව.
පැන්ඩ පුන්චි කාලෙ ඉඳන්ම ඒ කියන්නෙ කන්නෙ මරාපු සතෙක් කියල දැන ගත්තු දවසේ ඉඳන් කිසිම මස් මාංශයක් අනුභව කරන්නෙ නැ.මගෙ ආහාර වේල වෙනුවෙන් කිසිම සතෙක් ජීවිතය පුදා කරන්න ඕනි කියල මම විශ්වාස කරන්නෙ නැ..


ඒත් කවුරුහරි වෙනුවෙන් කාගෙ හරි ආහාරය වීම උදෙසා මේ අහිංසක සත්තුන්ට තමන්ගෙ ජීවිතය දන් දෙන්න වෙලා තියෙනව.


ඉතින් අපිට පුලුවන් නම් මේ එක අහිංසක සතෙක් හරි මරණෙයන් බේරා ගන්න එක සතෙක් ගෙ හරි මරණ භය දුරු කරන්න ඒක හුගාක් උසස් දෙයක් නේද..ඔබ පව් පින් ගැන විශ්වාස කරන අයෙකු වුවද නොවුවද යහපත් අයහපත් දේ නිබඳවම හදුනා ගැනීමෙ බුද්ධිය ඔබ සතු නිසාවෙන් හොදයි කියල හිතෙනව නම් කාට වුනත් සුලුවෙන් වුනත් මේකට දායක වෙන්න පුලුවන්..ඔබේ දායකත්වයේ ප්‍රමාණය නොව දායකත්වය ඉතා අගය කොට සළකමි..


ඉතින් ඔයාල කවුරුහරි මේකට දායක වෙන්න කැමති නම් පැන්ඩි ට හරි මට හරි කතා කරල කියන්න කො.ඒ වගේම මේ ලබා ගන්න ගවයට(බොහො විට මෙ කිරි ගවයෙකු විය හැක) ආයෙත් එවැනි ඉරණමක් අත් නොවන සේ නිසි භාරකාරයෙකුට ලබා දීමට ද අපි කටයුතු කරමු.


ස්තූතියි..


පහත ෆොර්මයෙන් කැමති අය විස්තර ලබා දෙන්න කො.






11 comments:

  1. මගේ නම උඩින්ම ලියාගන්න පැන්ඩයියේ මම ඔය වැඩේට ඔයා එක්ක ඉන්නවා ..මම ගාව සල්ලි ගොඩක් නෑ ඒත් දැනට අතේ තියන ඔක්කෝම සල්ලි උනත් මේ වැඩේට යොදවන්න මම ලෑස්තියි ..! උඹ නම් නියම මනුස්සයෙක් බං !මම දැක්ක දේ වෙන කාටවත් දකින්න විඳින්න ඉඩතියන්න ඕන නෑ නේ ! මම උඹත් එක්ක ..කොහොමද මම ඕකට සෙට් වෙන්නේ ? ජයවේවා !!!

    ReplyDelete
  2. බොහොම ස්තූත්යි හිස් අහස..මාත් හුගක් සල්ලි තියෙන කොල්ලෙක් නෙවෙ..අනික මම තාම කැම්පස් එකෙ..ඔය අමාරුවෙන් අළුත් ෆොන් එකකට එකතු කල සල්ලි ටිකක් තියෙනව,..ඒ ටික මේ වැඩෙට දාන්න හිතා ගෙන වැඩේට අත ගැහුවෙ..පැන්ඩිත් එ වගෙම තමයි..කොහොම හරි මගෙ ඊමෙල් එක මේක. rcboy2005@gmail.com..මාව එකෙන් කන්ටැක්ට් කරපන් කො..

    ReplyDelete
  3. වාව් පැන්ඩ ඇත්තටම වෙජිටේරියන්. නියමයි පැන්ඩො. ඔහොම තමයි ඉන්න ඕනෙ.

    ReplyDelete
  4. කොහොමද උදවු කරන්නේ.. විස්තර දැන ගන්න ඕනි...

    ReplyDelete
  5. ස්තූති වත් අක්කෙ...ඔන්න මම ෆොර්ම් එකක් දැම්ම..එකෙන් මට විස්තර දෙන්න කො..මම පොරොන්දු වෙනව ඔයාලගෙ දායකත්වයෙන් මෙ වැඩෙ වුන විදිහ ගැන වැඩෙ වුනාට පස්සෙ ඔයාලව දැනුවත් කරන්න..

    ReplyDelete
  6. නියමයි සහෝ...මමත් එනවා.

    ReplyDelete
  7. අඩේ මමත් ඉන්නවා.මට ෆොම් එක පේන්නෑ බං.මේ mail ad; එකට එවන්න පුලුවන්ද?(dinukuma@gmail.com)

    ReplyDelete
  8. හසියාත් ඔන්න ඉන්නවා....විස්තර එව්වා.....
    වැඩේ නම් මැක්සා....

    ReplyDelete
  9. උඔ මට ඕක ගැන කලිනුත් කිවුවනෙ. මම ඒ වෙලාවෙම තීරනය කරා පුළුවන් උපරිමයෙන් උදවුවක් කරන්න.පුළුවන් උපරිම දේ කරන්නම්. අපේ කෑම වේල වෙනුවෙන් තවත් සතෙක්ගෙ ඡීවිතයක් නැති කරනඑකනම් හරිම අසාධරනයි නේද?? එත් ඒක තාම ගොඩක් අයට තේරෙන්නෙ නැති හැටි.

    ReplyDelete
  10. කෝ....දැන් කොහොමද වැඩේ ක්‍රියාත්මක වෙන්නෙ?????

    ReplyDelete
  11. අනේ මලේ අපි මේ කටයුත්ත කළා..මෙන්න ලින්ක් එක. http://pandaslif.blogspot.com/2010/12/blog-post_11.හ්ට්ම්ල්

    ඔයාගෙ යහපත් සිතුවිල්ලටත් හුගාක් පින්.අපි ආයෙත් මෙහෙම දෙයක් කලොත් දැනුම් දෙන්නම් කො

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails