Saturday, December 11

අපි අහිංසක ජීව්ත දෙකක් බේරා ගත්තෙමු..හැමොටම හුගාක් පින්

මතකද ගිය සතියේ පැන්ඩ දාපු මේ පොස්ට් එක. "උදා වෙන නව වර්ෂයේ යහපත් කටයුත්තකට දායක වෙන්න කැමති ද?"


ඔය කටයුත්ත මම කරන්න හිටියෙ ජනවාරි මාසෙ කිව්වනෙ..ඒත් මම පසුගිය සතියේ ඉදන්ම මේ දුර්ජන කටයුතු වෙන තැන් කීපයක් ගැනම ඇහ ගහ ගෙන හිටියෙ. හදිසියේම අපේ පැන්ඩි මට බ්‍රහස්පතින්දා ඇමතුමක් දුන්න.මොකද්ද දන්නව ද කිව්වෙ අනේ පැටි..හොව් හොව් සරල සිංහලෙන් ඒක සංස්කරණය කළාම මෙහෙමයි.. "බුද්ධික, බණ්ඩාරවෙල මස් කඩේට අයිතිකාරය මියගිය වැස්සියෙක් හා එම වැස්සිගෙ වසරක් වයසැති පැටියාත් එක්ක මරන්න ගෙන හල..පවූ අනේ අම්මයි දරුවයි දෙන්නම මස් කඩේ.." මේක අහපු ගමන් මගෙ හිත කිව්වෙ මේ අහින්සක සත්තු දෙන්න නම් කොහොම හරි බේර ගන්නවමයි කියල.." කීයක් ද කියල ඇහුවම ටිකක් හිතට බය හිතුනත් කොහොම හරි කරන්නම හිතුව.දවසක් ඇතුලත සියළු මුදල් සොයා ගන්නත් ඕනි නෙ.මොකද ඒ මිනිස්සු වැඩි දවසක් ඒ සත්තු තියා ගන්න කැමති නැ..කොටින්ම බ්‍රහස්පතින්ද, අපිට ඕනි සෙනසුරද ඇව්ත් ගෙනියනව කිව්වම සිකුරාදා දවසේ සත්තු දෙන්නට කැම හොයල එවන්නත් කියල කිව්ව.නමුත් ඒ කිව්ව මිල හුගාක් වැඩි හින්ද බොම අමාරුවෙන් ගාන 40 000 කට අඩු කරගත්ත.පැටව් වුනත් නාකි වුනත් කිරි දෙන අම්ම කෙනෙක් වුනත් වස්සෙක් වුනත් මිල කියන්නෙ මස් බරට..අනේ අපොයි වුනත් එක එහෙමයි..මේ වැඩ වලට මට යන්න වුනේ නැ විශ්ව විද්‍යාල වැඩ අස්සෙ..එත් පැන්ඩිගෙ මස්සිනා ඒ කියන්නෙ අපේ ලක්ෂමන් අයිය හුගාක් උදව් කළ නිසා වැඩෙ කෙරුණා.


පැන්ඩ්ත් එක පයින් සබ්බ සකලමනාවම හරි විකුණල වැඩේ කරන්න කැමතියි..මාත් බැංකුවට ගිහින් එදා ඉඳන් ගෙදරට හොරෙන් මම ආස ගැජමැටික්ස් ගන්න පවත්වා ගෙන ගිය මගේ පුන්චි ගිණුමයි අනිත් ගෙදරින් සල්ලි දීල පවත්වාගෙන යන එකයි හිස් කලා....ඒත් ඒ වගෙ ලොකු මුදලක් තනි කර මගෙන් සහ පැන්ඩිගෙන් වැය වීම තාමත් ඉගෙන ගන්න මට  සහ රැකියාවට ගිය අලුත ඉන්න පැන්ඩිට බරපතළ කාරණාවක්..ඒ වගේම පැන්ඩි ල ගෙ අම්ම දැන් ඉතින් මගෙත් අම්ම තමයි කලින් කිව්වෙ ඔය වගෙ වැඩ වලට දායක වෙන්න කැමති අය ඉන්නව...එයාල කැමැත්තෙන් දෙන ආධාරයක් භාර ගත්තට කමක් නැ මොකො කාටවත් තනියෙන්ම මුදල් යොදවල ඔහොම දෙයක් කරන්න බැරි නිසා අනිත් අයටත් එහෙම හොඳ කටයුත්තකට දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන එක කොච්චර හොඳ ද කියල.


දැන් දැක ගන්න කැමතිද මේ අපි හැමොම එකතු වේල බේර ගත්තු දෙන්න..ඔය ඉන්නෙ පහළ චෝයි එකට..





ඔය සුදු බොලෙ වගේ ඉන්නෙ වසරක් වයසැති වැස්සි පැටියා..ඊට එහා පැත්තෙන් දුඹුරු පාට ට ඉන්නෙ එයාගෙ අම්ම..එයාටත් තාම වයස අවු 8ක් විතර කියල තමයි කිව්වෙ...

ඒ දෙන්නගෙම අයිතිකාරය මිය ගිහින් පස්සෙ මස් කඩේට දීල ඉතින් අපි ඔක්කොම එකතු වෙලා බේර ගත්ත.මේ තියෙන්නෙ කුවින්තාසිය.

 ඔය කුවින්තාසියේ නම තියෙන W.D මහින්ද රංජිත් තමා මේ දෙන්න ගෙ නව භාරකරු..මේ පහල පොටො එකෙ ඉන්නෙ ඒ අයිය තමයි.



මේ අභය දාන පිංකම කරල මේ දෙන්න භාර දෙන කටයුත්ත අපි කලේ බණ්ඩාරවෙල ශ්‍රී පුශ්පාරාම විහාරයෙ දි ගරු ඉන්ද්‍රනන්ද ස්වාමීන්වහන්සේ අපි ඔක්කොම කරපු යහපත් කටයුත්ත වෙනුවෙන් සිදු කළ පුණ්‍යනුමොධනාවෙන් අනතුරුව තමයි.


උදෙන්ම මේ දෙන්න මස් කඩෙන් නිදහස් කරගෙන ගෙනහල පන්සල් වත්තෙ ටිකක් බැඳල ඉඳල ඊට පස්සෙ හමුදුරුවො ඉදිරිපිට දි නව භාරකරු සත්තු දෙන්න පරිස්සමට රැක බලා ගන්න පොරොන්දුත් වුනා ට පස්සෙ ඒ දෙන්න අපි එයාලගෙ අළුත් නවාතැනට රැගෙන ගියා.



 පේනවද පුන්චි පැටිය කොච්චර සංතොෂෙන් තමන්ගෙ අම්මගෙන් නිදහසේ කිරි උරා බොන හැටි..

මම ගිය සතියෙ බ්ලොග් එකෙන් සම්බන්ධ වෙන්න කැමති කියපු වැඩෙ කරන කොට දැනුවත් කරන්න කියපු මම හැබැහින් දැකල නැති ඒත් මේ බ්ලොග් අවකාශෙන්ම අදුර ගත්තු අයට මේල් එකක් දැම්ම..

ඒ මේල් එක දැකපු දිනේශ් කුමාර අයිය (අර අකෙලෙ හම් බ්ලොග් එක කරන්නෙ) සහ රකිත කරුණාරත්න අයියයි එයාගෙ සහකාරිය වෙන්න ඉන්නෙ අක්කයි මට පහුවෙනිදම බැංකු වලට මුදල් දැම්ම.දිනේෂ් සහ රකිත අයියේ මම ඔයාලට එවපු මේල් එකේ ගුගල් ඩොක්ස් ලින්ක් එකෙ ඒ දායකත්වය හරියට සටහන් වෙලා නේද?

හරි ඉතින් තව මේකට දායක වුන හුගාක් අය ඉන්නව..පැන්ඩගෙ යාළුවො..එතකොට පැන්ඩිගෙ යාළුවො..පැන්ඩගෙයි පැන්ඩිගෙයි අම්මල තාත්තල පවුලෙ අය නැදැයො මේ හැමොටම හුගාක් පින්..මේක පැන්ඩගෙ වත් පැන්ඩි ගෙ වත් වැඩක් නෙවෙ.මෙක ඇවිල්ල අහින්සක සත්තු දෙන්නෙක් ගෙ ජීවිත බේර ගැනීමක් එකට අපි දෙන්න කටයුතු සකස් කළත් ඔයාල හැමොම දායක වුන නිසයි මේක මෙහෙම කර ගත්තෙ.ඒ හින්ද ඒ හැමොටම මේ පින් අනුමොදන් වෙනව.


අන්තිමට අපි හැමොගෙම හිත් වලට පුදුම සැහැල්ලුවක් දැනෙනව නේද...කොයි වෙලෙ හරි හිතට දුකක් කරදරයක් දැනුනම මේ ඉන්න අහින්සක සත්තු දෙන්න දිහා බලන්න...ඒ දෙන්න අද සතුටින් ජීවත් වෙන්න අපි නිසා..ඒ යහපත් සිතුවිල්ල අපේ ජීව්ත වලට ආශිර්වාදයක් වෙයි..

හැමොටම තෙරුවන් සරණයි...




16 comments:

  1. අපේ පැන්ඩ ​කොහොමත් හිත හොද කොල්ලනෙ. අහිංසක සත්තු දෙන්නෙක් බේරගත්තට ගොඩක් පින්. පැන්ඩ ඔකට මහන්සි උන විදිය අපි දන්නව. ඊයෙත් හිටියෙ හරිම කලබලෙන්නෙ. කොහොම හරි වැඩේ හොදට කෙරුනනනෙ ඒ ඈති.
    උඔට ගොඩක් පින් බං.

    ReplyDelete
  2. උඹ සෑහෙන්න මහන්සි වෙලා තියනව නේද?කමක් නෑ බං උනුත් ජීවත් වෙන්න ඕනැනෙ.සිරාවටම අරුන් කිව්වද සිකුරාදට සත්තුන්ට කෑම ගෙනත් දෙන්න කියල.යකෝ මෙහෙම මිනිස්සුත් එක්කලනෙ අපි ජීවත් වෙන්නෙ.සත්තු දෙන්න දැක්කාමනම් දුකේ බෑ.ආයෙ පිං අතේ වැඩක් තිබුනොත් කියපන්.පුලුවන් විදියට සෙට් වෙලා කරමු.

    ReplyDelete
  3. @ මහ වලසා :බොහොම ස්තූති

    ReplyDelete
  4. @කේෂාන්: බොහොම ස්තූති කේ...උඹල තමයි මුල ඉඳන් ම කරමු කරමු කිව්වෙ...ඉතින් එහෙම අපිව පෙළඹවලා දායක වෙලා කරපු වැඩ වලට හුගාක් පින්..

    ReplyDelete
  5. @දිනේශ්: උඹ නම් මාර කොල්ලෙක් බං...පුදුම පිනක් උඹ කරගත්තෙ..උඹ හිටිය හින්ද තමා වැඩෙ ඉක්මණටම කෙරුනෙ.උඹ ලංකාවෙ නැතත් උඹ එවපු ඒ දායකත්වය වැඩේ හුගාක් පහසු කලා,...බොහොම පින්..අපි ආයෙත් හෙමින් මොනවහරි කරමු...කවද හරි මේ ලොකෙන් අපි යන කොට අපිට ඉතුරු වෙන්නෙ ඔච්චරයි...ඒ වගේම මේ ඉන්න ලොකෙ අනේක සිද්ධි මැද්දෙ මෙ වගේ දෙයක් කරල ඒ අහින්සකයො හොඳින් ජීවත් වෙනව දකිද්දි හිතට දැනෙන සැනසිල්ල...

    ReplyDelete
  6. එල පැන්ඩො ඉස්සරහට තවත් මේ වගේ දේ වල් කරන්න.....
    මටත් ඔය වගේ සත්තු හම්බ වෙලා තියනවා.කැම්පස් එකේ ඉන්න එලුවොත් එහෙම ගෙනපු අය.එත් හරක් පැටව් බේරන්න තරන් එදා අතේ සල්ලි තිබුන්නැ.
    -සුධාරක-

    ReplyDelete
  7. මට උදවු කරනන බැරි උනා සමාවෙන්න මම තාම පඩි ගත්තේ නෑ මාසේ මැද නේ මම පඩි ගන්නේ 25 පැන්ඩයියේ ! පඩි ගත්තගමං ඔයගේ ගිනුමට මගෙන් කීයහරි එවන්නම් මට මේකට එන්ඩ බැරි උනාට මාරම දුකයි ..

    සමාවෙන්න මචං ...

    ReplyDelete
  8. @හිස් අහස: කොල්ලො අනේ එහෙම හිතන්න එපා...දැන් අපි හැමොම එකතු වෙලා වැඩෙ කලා....ඔයත් එකට සම්බන්ධයි...මොකො එකට දායක වෙන්න ඕනි කියන සිතුවිල්ල ඔයාට ආව නෙ ඒ යහපත් සිතුවිල්ලටම හුගාක් පින්...හදිස්සියේ නොකළ නම් අනිවාර්‍ය්යෙන් උඹ දායක වෙනව නේ....දැන් ආයෙත් සල්ලි දාන්න එපා මචො...වැඩෙ හොඳට වුනා නෙ...අපි ඊළග පාර ආයෙත් මෙහෙම වැඩක් කරන කොට ආයෙත් දායක වෙන්න කො..මම කියන්නම් අනිවා‍ර්යෙන්ම උඹට ආයෙත් කරන කොට.

    ReplyDelete
  9. ඇත්තටම හොද වැඩක් ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කවුරුත් මාව වැරදි විදිහට තේරුම් ගන් නැති වෙයි කියලා හිතනවා. පහළ තියෙන්නේ ප්‍රශ්න දෙක.

    01. කඩේ අයිතිකාරයා ලාභයක් නැතුව සත්තු දෙන්නා දෙයිද?
    02. ඒ ලාභයත් එක්ක ගත්ත මුදලින් තව හරකෙක් නොගෙන ඉදීද

    එතකොට අපි සතෙක් බේරගන්නවා කියන්නේ තව සතෙක් හරි දෙන්නෙක් හරි ගන්න මුදල් කීයක් හරි වැඩිපුරත් එක්ක දෙන එක නේද?

    ගොඩක් සිංහල අය හරක් විකුණන්නේ ඒ හරක්ගෙන් ප්‍රයෝජනයක් නැති වුනාම හරි බලාගන්න බැරි වුනාම හරි. ගොඩක් වෙලාවට ගොන්නු විකුණන්නේ කරත්ත එහෙම බදින්න දැන් නැති නිසානේ. පුළුවන් නම් ඔයාලා ඔය වියදම් කරන සල්ලි වියදම් කරලා ජීව වායු නිෂ්පාදනයට පහසු ක්‍රමයක් එතකොට ඒ වායුවෙන් විදුලිය නිෂ්පාදනය කරන විදිහක් වගේ හොයාගන්න උත්සාහ කරන්න. එතකොට හරක් බේරෙන ගාන ඔයාලටත් පුදුම හිතේවි. මොකද එතකොට ගොම ටික ගන්න හරි හරක් ලඟ තියාගන්න මිනිස්සු පෙළබේවි‍නේ.

    මම හැදුවේ ඔයාලා කරපු වැඩේ අගය බාල කරන්න නෙමෙයි. ඒත් ඒ පිටිපස්සේ තියන දේ කියන්නයි. මගෙ අදහසින් කාගේ හරි හිත රිදුනනම් සාමාවෙන්න.

    ReplyDelete
  10. උතුම් ක්‍රියාවක් පැන්ඩො. මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  11. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් සෑදුවෙ බලයෙනි ඈගේ
    ඒ කලගුන නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

    ReplyDelete
  12. මං මේක දැක්කේ දැන් අයියේ.......
    අනේ අක්කියි අයියයි කරපු මේ වැඩේ ගැන නම් බොහෝම පින් වැඩක් කියලා තමා කියන්න වෙන්නේ.......
    පුළුවන් විදියට මේ වගේ වැඩ කරන එක ගැන ඇත්තටම සතුටුයි.....
    පුළුවන් උන කාලෙක මාත් උදව් කරන්නම්කෝ......

    ReplyDelete
  13. @හිංචි මල්ලි : මෙහෙමයි මල්ලි මේකට දායක වුන හැමොම දන්නව හරක් දෙන්න දුන්නෙ උන් දෙන්න මස් වලට විකිණුව නං කඩ කාරය ලැබෙන මුදලටම තමයි කියල....මස් විකුණල ගත්තත් හරක් දෙන්න අපිට දිල ගත්තත් ඒ මනුස්සය එක සමාන මුදලක් ගනී අතට.ඊළගට ඒ මුදලෙන් තව හරකෙක් ගෙනහල ආයෙත් මරයි...ඒත් මල්ලි ඔයාට වෙනස තෙරෙනවද ? මෙතෙන්දි මේ හරක් දෙන්නගෙ ජිවිතෙ බෙරිලයි ඒ මිනිහ ඒ මුදල අතට ගන්නෙ අනික් වෙලාවෙදි හරක් දෙන්නෙ මැරිල අතට ගන්නෙ..මාත් කැමතියි මේ මිනිස්සු නිකන්ම හරක් දෙන්න මට දුන්න නං ඒත් එහෙම දෙන්න බැ කිව්ව නෙ..ඉතින් මට ඕනි වුනෙ මේ අම්මයි දුවයි මැරෙන එක වලක්වන්න මම ඒක කලා.

    තව දෙයක් මේ දෙන්න නාකි වෙලා වත් එපා වෙලා වත් නැ මේ දෙන්න මස් කඩෙට දෙන්න හේතුව මම කිව්ව..දැනට රජයේ ක්‍රම සහ දැනුම සපයනව මම හිතන්නෙ ජීව වායුව මගින් විදුලිය නිපදවන්න කැමති අයට...ඒත් එකට අවශ්‍යය කටයුතු සකස් කරගෙන ඒව නඩත්තු කරගෙන තමන්ට ගෙදරට ඕනි විදුලිය නිපදවා ගැනීමට මිනිස්සු පෙළඹ්ලා ගෙදර ඉන්න හරක දවසට දාන ගොම් බෙටි චුට්ට වෙනුවෙන් මස් කඩෙට දක්කන්නෙ නැතුව ඉඳි කියල මම හිතන්නෙ නැ..

    ඒ කට හේතුව ඒ හරක් අයිති මනුස්සයගෙ කෙළෙහි ගුණ නොදන්න කම සහ නැහැදිච්ච කම...මෙච්චර කාලයක් තමන්ට උදව් පදව් කරපු සතා නාකි වුනාම මස් කඩෙට දක්කන්න හේතුව ඒ මනුස්සයගෙ අසත්පුරුෂ කම.මම දන්න අනත්ත දුප්පත් මිනිස්සු ඉන්නව තමන් ගාව ඉන්න හරක වයසට ගියත් ඉස්සර වගේම බලා කියා ගන්න..මෙතන තියෙන ලොකුම දේ ඒ හරක් අයිති මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් අයහපත් වීම...පුලුවන් නම් අන්න ඒක වෙනස් කරන්න උත්සාහ කරමු...එතකොට මේ සත්තු ජිවිත කාලෙම උදව් උපකාර කරපු මිනිහ ගාවම ස්වාභාවිකවම මැරෙයි..

    ඔයාගෙ අදහසට ස්තූති..තෙරුවන් සරණයි

    ReplyDelete
  14. හපොයි ඔව් පැන්ඩා අයියේ. අපේ අය ඉතින් වැස්සිගෙන් කිරිත් බීලා ඒ වැස්සිගෙම මසුත් කන අයනේ. මොනවා උනත් දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ පිනට දහමට ගොඩක් ලැදි වීගෙන එනවා කියන එක දකිද්දි නම් ගොඩක් සතුටුයි. අපිටත් කිරි හරකෙක් ඉන්නවා. ඒ හින්දා මම දන්නවා හරක් මස් දකිද්දිත් ඇතිවන පිළිකුළ.

    ReplyDelete
  15. ඇත්තටම බොහොම හොද සත් ක්රියාවක්. මීට පස්සේ මාවත් දායක වෙනවා ඕවට. මම මේ ගැන දැනං හිටියේ නෑ. පිනක් කරගන්න පුලුවන් වෙලාවට ඒක කරගන්න ඕන. නැත්නම් අපි මැරෙන වෙලාව වෙනකම් හිටියොත් පිං කරන්න ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails