Monday, December 13

යාළු කම් වල අපුරුම විධි


මේ තියෙන්නෙ පැන්ඩට පැන්ඩගෙ යාළු යෙහළියො එක්ක චුට්ටක් දුක හිතුන වෙලාවක ලියල ඩ්‍රාෆ්ට් විදිහට තියල තිබ්බ එකක්...මකල දාන්නත් හදල මකල දාන්නෙ මොකටද කියල ඔන්නෙ ඔහෙ පබ්ලිශ් කලා.දැන් දකින කොට හිනා යනව.අපේ හිත් වල හැටි නේද.

මගෙන් උපදෙස් ගෙන
ඔහුගේ හතුරන් සමග
මිතුරු වූ පසු
පෙර මිතුරා වූ මම
අමතක වූ
අපූරුව


දැන් දකින කොට හිනා යනව.අපේ හිත් වල හැටි නේද.ඔහොම තමයි ජිවිතෙ හැටි නේද? ඉස්සර වගෙම තාමත් මෙයල මගෙ හොඳ යාලුවො.මොකො මම එයල එක්ක දිගටම හිටිය නේ.මගෙ හිතට දැනුන දෙ එහෙම ම තියාගෙන ටික දවසක් ඉවසිල හිටිය..එතකොට හිතුන එක එහෙම නෙවෙ මට හිතුන වැරදි කියල.හොඳ වෙලාවට කලබල වෙලා දුකට යාළුවො එක්ක තරහක් ඇති කරගත්තෙ නැ..එයාළට මගෙ දුක පෙන්නුවෙත් නැ .මොකො සමහර වෙලාවට අපේ හිත දුක් වෙලා කරදර වුනාට දවසක් දෙකක් ඉවසගෙන හිටියම තෙරෙනව ඒක එහෙම වෙන්න ඕනි කරණාවක් නෙවෙ කියල.මොකො දන්නවද අපි මතු පිටින් දකින විදිහ නෙවෙ ඇත්තටම සමහර දෙවල්.ඒක තෙරෙන්නෙ චුට්ටක් කල් ගියාම..ඒ හින්ද හොඳම දේ ඉවසන්න. ටික දවසක් ගියාම මට තෙරුනා මට එදා දැනුණ දේ වැරදි කියල.හොඳ වෙලාවට මම කලබල වෙලා දුකට යළුකම් අත ඇරියෙ නැ.

පැන්ඩ කවදාවත් කිසිම යළුවෙක් එක්ක තරහ වෙලා නැ.එවලෙට පුන්චි ප්‍රශ්නයක් වුනත් එක කතා කරල විසඳගෙන යාළුකම රැක ගන්නව..හුගක් අමාරු අය අශ්‍රයෙන් ඇත් කලත් කාත් එක්ක වත් තරහ වෙලා නැ.කා එක්ක හරි තරහ වුනොත් එක මගෙ හිතට වදයක්..ඒ මනුස්සය මුණට දකින කොට කතා නොකර යන්න මට බැ...ඒ හින්ද වැරද්ද එයාගෙ වුනත් මම සාමන්‍යයෙන් එයා සමාව ගන්න කං වගෙ දෙවල් හිත හිත ඉන්නෙ නැ...කතා කරල ඉවරයක් කර ගන්නව.

එතකොට හිතට හරි සැහැල්ලුයි.. මේක හරිම පුන්චි රටක් අනික මිනිස්සු වුන අපිට මේ ලොකෙ විවිධ මිනිස්සු අශ්‍රය කරන්නම වෙනව.අපි අපේ ජිවිතේ ටිකක් ෆෙලෙක්සිබල් වෙනව නම් මේක එච්චර වැඩක් නෙවෙ.හැමොම තමන් වගේ හිතන්නෙ පතන්නෙ නැනෙ..ඉතින් හැම වෙලම ඕක ඔලුවෙ තියා ගෙන ජීවත් වෙන්න ඕනි.එතකොට අපිට අනිත් අයව තෙරුන් ගන්න පුලුවන්.තව එක දෙයක් හැම වෙලේම ප්‍රශ්නයක් ඇති වුනාම තමන්ගෙ පැත්තෙන්ම හිත හිත ඉන්න එපා.එතකොට හරියට තෙරෙන්නෙ නැ.තමන් අනිත් කෙනාගෙ තැන හිටිය නම් කියල පොඩ්ඩක් හිතල බලන්නකො.ප්‍රශ්න දිහා ඔයාලට අමුතුම විදිහකින් පෙනෙයි..වෙනඳ නොදැක්ක අපුරු විසදුම් ඔයල දකී.

හැබැයි මේක අම්මල අක්කල ගැණු ළමය එක්ක එයාලගෙ ප්‍රශ්න ගැන කතා කරන කොට පරිස්සමින් කරන්න.ඊට පස්සෙ මොලෙ කල්පනා වෙන් ඒ විසදුම උපක්‍රමශිලිව කියන්න. නැත්තං අනිවාර්යෙන් අහගන්න පුලුවන් වාක්‍යයක් දැන් මං කියන්නම්. "මෙයාට ඉතින් අපිට වඩා ලොකු එයා නෙ"


නිකමට ඔහොම කරල බලන්න කො..තරහ කාරයෙක් නැති ජිවිතෙ හරිම සැහැල්ලුයි..අපුරුයි..නගරයක රටක ගමක සැනැසිල්ලෙ ඇවිදින්න පුලුවන්..මොකො බිම බලාගෙන ඇවිදින්න වෙන්නෙ නැ..ඉස්සරහට එන ඕනි කෙනෙක්ට කට ඇරල හිනා වෙලා කතා කරන්න පුලුවන්.

පැන්ඩට වයස 24 යි ආඩම්බරෙන් කියන්නෙ අද වෙනකං එයා මාත් එක්ක තරහයි නෙ කියන්න කෙනෙක් පැන්ඩට නැතිවෙන්න තරං පැන්ඩ වසනාවන්තයි.

11 comments:

  1. මටනම් ඔහොම ඉන්න බෑ ඕං... වැරදි වැඩක් දැක්කොත් කාට උනත් බනිනව තරහ උනොත් නම් ඉතින් ආයෙ මන් එක්ක කතා කරනකංම කතා නෑ.... ඒත් පාරෙදි දැක්කොත් අහක බැලිලිත් නෑ......

    ReplyDelete
  2. එළ එළ Same here! මටත් කා එක්කවත් තරහවෙලා නම් ඉන්න බැහැ. නින්ද යන්නෙත් නැහැ.

    ReplyDelete
  3. අප්පේ!හරි අපූරු කතාන්දරේ.ඇත්තම තමා.නෝක්කඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එලියයි කිව්වලු! :)

    ReplyDelete
  4. මටත් යාළුව නෙවේ මොකා උනත් අනවෂ්‍ය සද්දෙයක් දැම්මද ..මට මල පැන්නා ..ඒත් ඒවැඩ හින්දා මම නැතිකර ගත්ත දේවල් වැඩියි ඒකනිසා මම පැන්ඩා පිලිවෙත අනුගමනය කරන්න කැමතියි

    ..
    ජයවේවා !!

    ReplyDelete
  5. පැන්ඩගෙ අදහසටනම් මාත් එකගයි. ඒත් ඉතින් මටනම් එහෙ ඉන්න ටිකක් අමාරුයි. යාළුවත් එක්ක ටිකක් රණ්ඩුවට යනව පොඩ් වැරද්දකදි උනත්. හැබැයි කැම්පස් ආවට පස්සෙනම් මම කාත් එක්කවත් රණ්ඩුවුනේ නෑ.... හම්.. මතක විදියට. තරහ වුණ කවුරුවත් නෑ. උදේට දකින හැමෝටම කට ඇරල Good Morning කියන්න පුළුවන්.
    ඒත් හැබැයි ඉස්කොලෙදිනම් මට පොඩි දේකට තරහ ගිහින් මට මගේ හොදම යැළුවෙක් නැතිවුණා. මම අදත් දුක්වෙනව ඒක ගැන. ඇත්තටම එයා හොද යාළුවෙක්. එයා මට පොඩි වැරැද්දක් කරා. (අනේ මන්ද ඒක වැරැද්දක්මද කියල)ග දැන්නම් දුකයි එදා මම ගත්ත තීරණයට..

    ReplyDelete
  6. මමත් උඹේ මතේම තමයි ඉන්නෙ.කවුරු එක්කවත් තරහ වෙන්න කැමති නෑ.ඒක හිතට මහ වදයක් තමයි.

    ReplyDelete
  7. මේ පිළිවෙතට මාරු වුනොත් හොඳයි කියලා හිතෙනවා...

    ReplyDelete
  8. ACTUALLY PANDA'S IDEA IS CORRECT .I ALSO FOLLOW THAT POLICY .IT GIVE HAPPINESS FOR US.BUT UNFORTUNATELY SOME NARROW MINDED PERSON THINK KIND PERSON ARE WEEK.SO PANDA HAVE TRIED TO SHOW THAT TOLERANCE IS VERY GOOD VALUE.SO I WISH U PANDA .YOU CAN WRITE VALUABLE THINGS LIKE THIS IT IS SO NICE

    ReplyDelete
  9. muunata hinaawelaa ytin kapala daana yaaluwo thiyaagena innawata wadaa atharalaa daana eka hithata sahanayak pando.... :(

    ReplyDelete
  10. එහෙම අය එක්ක තරහ ඇරගෙන තමන්ගෙ හිත දූෂණය කර ගන්නෙ ඇයි..එයාලගෙ නරක එයාලට..අතේ දුරින් නපුරු බව දැන ගෙන ජීවත් වෙන්න...තරහ වෙලා ඇයි නැති ප්‍රශ්න ඇති කරගන්නෙ...තමන්ට ගැලපෙන්නෙ නැත්තං පැත්තකට වෙලා ඉන්න..තරහ වෙන්න එපා..එකෙ ඉවරයක් නැ නෙ..

    ReplyDelete
  11. මේ කියන විදිය හොදයි පැන්ඩෝ, ඒ වුනාට මේක හරි නොයන වෙලාවලුත් තියෙනවා....මමත් ඉතින් ඒ වුනාට ඔයා කියන විදියට හැමෝමටම වැරදි වෙනවනේ කියලා හිතලා හිත රිද්දගන්නේ සහ රිද්දන්නේ නැතුව ඉන්නවා, ඒත් සමහර අය කරන වැඩ වලටනං මූණවත් බලන්න හිතෙන්නේ නෑ...අපෙත් ඉතින් හිත් රිදෙනවනේ !

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails