Monday, June 28

හිංගල ඩික්ෂනරියක් සොනි පොන් එකට



මෙතනින් බා ගන්නකො

http://www.mdic.tk/sites/mdic/

වැඩි විස්තර කියන්න වෙලාවක් නෑ.පැන්ඩට exam නෙ....

කොහොම වුනත් මෙකෙ නිර්මාපකයන්ට බොහොම පින්...වැඩෙ අන‍ර්ගයි.

Thursday, June 24

Politics in university


Politics in university

while..
Intercourse is limited,

Masturbate by dreaming...



විශ්ව විද්‍යාල සමයේ දේශපාලනය

සංසර්ගය සීමා සහිත වූ කල,
සිහින මවමින්

ස්වයං වින්දනයේ යෙදීමකි...

ගඳ ගහන ඇත්ත...



1) http://namalsdreamland.blogspot.com/2010/05/1.html

2) http://namalsdreamland.blogspot.com/2010/05/2.html
3) http://namalsdreamland.blogspot.com/2010/06/3.html
4) http://namalsdreamland.blogspot.com/2010/06/4.html

(නාමල් සුසන්තගේ බ්ලොග් අඩවියෙන් ඉහත ලින්ක් උපුටා ගන්නා ලදී.)



ගඳ
ගහන ඇත්ත..., කියවපං කියවල හරි කියල හිතෙනව නං තව කාටහරි ඔලු ගෙඩිය පාද ගන්න දීපල්ලා...ඌව වෙල්ලස්සට මේක වෙන්න දෙන්න එපා..අපි අපේ කැම්පස් එක පරිස්සම් කරගමු, පටු අරමුනු වලින් පිරුන දුර්ජනයන්ගෙන්. අලයෙක් වත් පොද්දෙක් වත් නොවී ඔලු ගෙඩියක් තියෙන මිනිහෙක් වෙමු.
කැම්පස් එකක
ම කොල්ලෙක් මෙහෙම ලියන්නෙ කොයිතරන් වේදනාවෙන්ද?.අපේ මල්ලිලටත් කවදහරි අපෙ කැම්පස් එක ගැන මෙහෙම කතා කරන්න වුනොත් එකට පවු කාරයො වෙන්නෙ අපි..ඒ පවට කර නොගහ වෙල්ලස්ස දැනට බහුතරයක් විශ්ව විදයාල ගෙවන කරුම සංස්කෘතියෙන් බේරා ගමු.වෙල්ලස්සට ඇයි අපිට බැරි මීට වඩා වෙනස් සංස්කෘතියක් ගොඩනගා ගන්න.
අපි අලුත්.. අපිට පුලුවන් අලුත් සංස්කෘතියක් ගොඩ නගන්න..අනෙක් විශ්ව විදයාල වලට ඈත් කරන්න ඕනි
ගඳ ගහන දේ අපිත් අරගෙන අපිත් ගඳ ගහන්නෙ ඇයි..පරිපාලනයට කඩේ යන හෝ පටු දේශපාලන අරමුනු වලින් පිරි අන්තර හා සංගම් වලින් තොර අනාගතය බාර ගැනීමට සුදුසු උපාධිධරයෙකුට ගැල පෙන සංස්කෘතියක් අපි ගොඩනගමු.
ජනතාව විසින් පිදුම් ලද විශ්ව විදයාල ප්‍රජාව ලගදීම ජනතාව විසින්ම ගල් පහර කන තත්වයට අද බහු තරයක් විශ්ව විදයාල ප්‍රජාව පත්ව ඇත..රැකියාවකට යාමේදී රජයේ විශ්ව විදයාල උපධියකට හිමි කම් කීම නුසුදුසුකමක් වන තරමටම වර්තමාන විශ්වවිදයාල සංස්කෘතිය පිරිහී ඇත.වෙල්ලස්සටත් මේ තත්වය උදා කර ගනිමුද?
මන්ද උපාධියට වඩා පුද්ගල ආකල්ප වලට මුල් තැනක් වර්තමාන ලෝකය තුල ගොඩ නැගී ඇත.අප සතු ආකල්ප මනින පහසුම ක්‍රමය අප ජීවත් වූ හා හැදී වැඩුන පරිසරයි.සමාජය විසින් පිලි ගැනීමට බදුන් වන සංස්කෘතියක් විශ්ව විදයාලය තුල ගොඩ නැගීමෙ වග කීම අප සතුව ඇත..
ඔබ බුද්ධිමත් නමුත් ඔබේ බුද්ධියට තවත් මතයක වහලකු වීමට ඉඩ නොදෙන්න...දෑස් හැර බලන්න..ඔබේ බුද්ධිය ඔබ විසින් මෙහෙයවන්න...

Friday, June 18

පොඩි case එකක්




අනේ මට ලබන සදුදා ඉදන් 2nd year final exam... ඒ හින්ද ලිපි නං ලියන්න බැරි වෙයි... එත් සින්ඩි වල කවුරුත් ලියන ඒව බලන්න නං අනිවා එනව හොදේ...

Thursday, June 17

අදත් උත්පලවන්ණා වන් තෙරණියන් අපි අතරම ඇති..


මම ථෙරි ගාථා පොත ගත්තෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනෙන්...... ලගදි ආයෙ පෙරලන කොට මේක දැක්කම මට අද වගේමයි එදත් කියල හිතුන... මෙවන් දුක් විදින සියලු කන්තාවන් ගේ විමුක්තිය, කන්තා සංවිධාන වලට වඩා හොදින් බුදු හාමුදුරුවො ප්‍රකට කලා එවන් විමුක්තියක් ඔවුන්ටත් උදා වේවා.

උත්පලවන්ණා තෙරණිය

මව හා දුව වන අප දෙදෙනාම
වන්නට විය එකම පුරුෂයකුගේ බිරිදන් ලෙසට
අපවිත්‍රව දුගදව කෙලෙසුන්ගෙන් පිරුනු
කාමය ඔබ
අප දෙදෙනාම එකම පුරුෂයකුගේ බිරිදන් කළහ

දුටුවෙමි මේ කුරිරු කාමය ගැන හොදින් මෙමා
නික්මුනෙමි දම් රසය සොයා රජ ගහ නුවරින්
යන්නට වුනෙමි ගංගා තීරයේ මෙහෙනි අරමකට
සසුන් ගත විය අපමණ ශ්‍රද්ධාවෙන්

ලදිමි පෙර අත්භවය දකිනා නුවණ
අනි සිත් දකින්නටද මට හැකි වූවා
සංසුන්ය ඉන්ද්‍රයන්
ඉන් ආශ්‍රවය දුරි වුනි

මවා ගෙන ගොස් අසුන් හතරකින්
යුත් රථයක්
නමස්කාර කලෙමි
භගවත් ගෞතමයන්ට

බාලාවනි බිය නොවන්නයැයි
තථාගථ හිමි ඇමතුවා
සල් රුක මුලට ගොස්
සමවතින් සිටින්ඔබට කිසිවෙකුට හිරිහැරයක් කළ නොහැක
බිය නොවන්
සල්ලායන්ට ඔබට
හිරි හැර කළ නොහැක
සල්ලායන් එකකු නොව සීයක් පැමිනියද
මට හිරි හැර කළ නොහැක

මාරය අසව
තට කළ හැකි දැන් දෙයක් නැත

මම සංසුන් සිතැතිව
සෘධිය වඩා ඇත

ඔබ කියන කාම රතිය
මට නීරසයකි
නැසුවෙමි සියලු තෘශ්ණාව
දැන ගත යුතය තොප එය හොදා කාරවම


සිංහල ථෙරි ගථා පොතෙන් උපුටා ගන්නා ලදී




Wednesday, June 16

පරිඝනක භාවිතා කරන බොහොමයක් අපා ගත වීමට ඉඩ ඇත

කෙන්ති ගන්න එපා "කෝ යකො මෙක හිස් නෙ කියල" අහිංසක අම්මල තාත්තල මතක් කරන්නත් එපා....ම්ං මෙක ලියන්න හිතුව..ඊට පස්සෙ ආයෙත් හිතුවා මං මේ ටොපික් එක ගැන දැන්ම ලියන්නේ නෑ....

කරුණාකරල අනේ කම්මැලි නොවි
මේ මොකද්ද කියල ඔයාල හිතන්න...හිතල පැන්ඩට කියන්න (comments දාන්න)..

සමහර විට මේ ටොපික් එකෙන් මං හිතපු පව ඇරෙන්න වෙනත් පව් එහෙමත් එතකොට එලියට එයි.

ඊට පස්සෙ පැන්ඩ අදහස් කරපු පව ගැන
ගැන ලියන්න දෙයක් තිබ්බොත් පැන්ඩ ලියයි...

එහෙනං කියමු බලන්න.හිතෙන දේවල්
...



කට්ටියගෙ comment එකක් වත් මට හිතුන දේ ගැන නෙවෙ..ඔන්න එහෙනං මගෙ අදහස ලිව්වා
http://pandaslif.blogspot.com/2010/07/2.html

Tuesday, June 15

අපේ ප්‍රේමය


නිමිත්ත : අපේ ආදරේ මොනවට හරි, කාට හරි සමාන කරලම දැන ගන්න ඕනි හැමොටම

රැඩිකල් ද..?
එහෙනං
රාම සීතා..?
ආහ්..
රොමියො ජුලියට්.. ?
හරි හරි
ලයිලා මන්ජු..?
ම්....
දස්කොන් ප්‍රමිලා..?
අර..
ඔඩිසි හා පෙනිලොප්..?
අඩුම තරමෙ කුස හා පබාවතී..?

අනේ මං දන්නෙ නෑ ඕයි
අපි අපිට
හුගාක් ආදරෙයි
මට එයාව එයාට මං
නැතුව නං බෑ
අපි, අපි වගේ වෙන්න ඇති

Monday, June 14

ටිකි ටිකිය



ටික්.... ටික්.... ටික්.....
කටු යන ඔරලෝසු
මහම මහ ඇණයක්

ඔරලෝසුවේ ටික් ගාන එක
අපේ පපුවෙ ඩිග් ගාන එක
එක වගෙයි මට නං

ඩිග් කියන්නෙ ජීවත් වෙනව
ටික් කියන්නෙ කාලෙ දුවනව
ඕක මතක් කරන උඹ ඇණයක්

Saturday, June 12

මගේ ගංජා සූට්ටුව 1



හැමොටම ඕන
ඇබ්බැහියක්
ජීවිතේ ජීවත් කරන්න

ගංජා හොඳම
ඇබ්බැහියක්
නොමැත
සදාචාරාත්මක

මම ගත්ත පොත් ගොඩක්
ඇබ්බැහිව ඒ චරිතයන්ට

Sunday, June 6

study leave ජරමරේ


අමාරුවෙන් නිදයි එකෙක්
සිහින මවමින්
බලන්නට පොතක්

අල්ලගෙන බඩවල්
බදා ගෙන ඔළු ගෙඩි
විදියි ගැස්ටික් වල ගෑස්

පොටොකොපි කඩ වලට
නෑ නොවැ නිනව්වක්
ලස්සනට ඇති නොට් පොත්
හිරවෙලා මැෂිමට

ටිකක් හරි දන්න ඒකා
දන්න ටික පුරවයි
අමාරුවෙන් කුප්පියට

මෙලො දෙයක් නොද
න්න එවුන්
හලා ගනිමින් කුප්පි
තනා ගනී තඩි බොතල්

අහිංසක කාල සටහන
විදියි මේ සියලු අවමන්
විභාගේ නාමෙයෙන්..

Wednesday, June 2

අම්මාටයි අක්කාටයි නංගිටයි කෙල්ලටයි විතරක් ආදරේ කලාම ඇතිද?



පැන්ඩට කියන්න හුගාක් දෙවල් තිබ්බ Topic එකක් ගැන බූන්දියේ සදකැලුම් කතා කරල තිබ්බ.
මෙන්න ලින්ක් එක...

http://boondionline.blogspot.com/2009/06/blog-post_5112.html

අපේ හුගක් තරුණයො තමන්ගෙ අම්මට හරි අක්කට හරි කෙල්ලට හරි වචනයක් කිව්වොත් කවුරු හරි GAME එක ඉල්ලන්නෙ එක පයින් එත් ඒ කොල්ලම ඒ කටින්ම කවුරු හරි කෙල්ලෙක්ට තමන්ගෙම තකතිරු අනුමානෙකට අනුව කථාවක් හදනවා..
ලංකාව වගෙ හැම තිස්සෙම ආගම දහම කථා කරන රටක ඇති වෙලා තියෙන මේ තත්වෙ ඇත්තටම හුගාක් දුක්ඛිතයි.

හැබයි අපේ රටේ තරන් සමහර වෙලාවට කන්තාවක් විසින් තවත් කාන්තාවක්ම හෙලා දකින සංස්කෘතියක් වෙන කොහොවත් නැතුව ඇති.පිරිමියාට කලින් ආපෝ ඔය ගෑනි නං කියල පටන් ගන්න ස්ත්‍රින් අපි කොච්චර දකිනවද? ලොකුම දේ මේ හුගක් චෝදනා පදනම් විරහිත තමන්ගෙ පුද්ගලික, අමන, කුහක හිතෙන්ම හට ගන්න හෙලා දැකිමෙන් පහත් සතුටක් ලබන්න කියන කථා.
මේ වගෙ පසු බිමක් තියෙන ගෙදරකින් හැදිල සමාජෙට ඇතුල් වෙන පූතන්ඩියෙක්ට හැබයි අර මං කලින් කිව්ව වගෙ මානසිකත්වයක් පවුලෙන් පිට ස්ත්‍රින් කෙරේ ඇති විමේ අරුමයක් පැන්ඩට නං දැනෙන්නෙත් නෑ
.

මේ තත්වෙ ගැන අපි හැමොම වගකිමෙන් දකින්න කාලෙ උදා වෙලා කියල තමා ඕං පැන්ඩට නං හිතෙන්නෙ..
Related Posts with Thumbnails