Tuesday, July 20

අද පැන්ඩට 24 යි ලු...


මේ වගෙ දවසක
පැන්ඩ මවු කුසින් මෙලොව
එලිය දුටුවාලු
එලොව පින් කල නිසා
මිනිසත් බව ලැබුවාලු

අදට වයස 24යි ලු
මේ වගේ 24 වල්
මේ සසරෙ තව කීයක්
ගෙවල ඇතිද?

පැන්ඩ අද පාටිද?
අනේ මොන පාටි බං

ජීවිතෙ 1/4 ක් ඉවරයි
තාමත් ඉගෙන ගන්නවා
ඊට පස්සෙ රස්සාවක්
විවාහයක්
දරු මල්ලො
වියපත් බව
මරණය
ආයෙත් මව් කුසක..

මට ඇති වෙලා බං
දුකයි මේ සංසාරෙ
කරන්න ඕනි පිං කමක්
වඩන්න ඕනි බවුන්
නොලබන්නට නැවත
24වෙනි උපන් දිනයක්

පිස්සුද ඕයි...
හෙට Maths paper එක නේද
next week project final නේද
උඹ එක කලාද
අන්න උඹෙ අම්ම කතා කලා
උඹ හොදට වැඩද ඇහුව
උඹෙ තාත්තගෙ අදහස
උඹව රට අරින්නලු
තව ටිකක් ඉගෙන ගන්න
කෙල්ල නං කැමති බැදලම යන්න

අනේ... මට එපා මේ උපන්දින..


Thursday, July 15

එලිසබත් මහ රැජිනගේ අපුරු ලැප්ටොප් එක..





මහ රැජින වෙනුවෙන් නිපද වු එහෙම නැත්තං තේරෙන බාසාවෙන කිව්වොත් custom develop එකක් තමයි මේ ලැප් එක.හොද උස මහත කොලු ගැටයෙක් වුනාට මේක දැක්කම පැන්ඩත් කොර වුනා.. Datamancer s විසින් නිපදවන ලද මේ ලැප්ටොප් එක අස්සෙ හැංගිලා ඉන්නෙ අපි කවුරුත් දන්න hp ZT1000 ලැප් එකක්.
මේක වික්ටෝට්යානු සමයේ නිර්මාණ කලාවට අනුව තමයි හැඩ කරල තියෙන්නෙ.ලී,තඹ, හා හම් වගේ දෙවලුත් හැඩ කරන්න යොදාගෙන.

ඔය උඩ රූපෙන් පේන යතුර කැරකුවාම තම්යි මේක on වෙන්න. සතුටු දායකම ආරංචිය මේක ට ත් මයික්‍රොසොෆ්ට් ඇරුනම උබුන්ටු ත් දාලා ලු තියෙන්නෙ
.





ඔය තියෙන්නෙ ඩිවිඩි රොම් එක.ඔය පුන්චි තඹ බොත්තම ඔබනකොට ඕක open වෙනව.


මේ අර වයලීන් වල වගෙ කපොලු තියෙන්නෙ SPEAKERS වලට.ඊලගට ඔය පබලු වගෙ පෙන්නෙ ලැප් එකෙ එන led ටික.
පෙන්වද යතුරු පුවරුවේ ලස්සන


ඔන්න ඔහොමයි මේකෙ පෙනුම හැඩ කරන්න කලින්...

හරිම අපුරුයි නේද?
Datamancer ගේ නිල වෙබ් අඩවියෙන් තමයි විස්තර ටික හොයා ගත්තෙ.



Tuesday, July 13

ජොක් එකක්ද සමාජ විග්‍රහයක්ද?


මට ආපු තවත් email එකක්...
හැබැයි පැන්ඩට නං හිනා ව එක්කම මහා බැරෑරුම් සිතිවිලි කන්දරාවක් පහල වුනා..ඒවායින් ඔයාලට වැඩක් නෑ නේ.

අපේ රටෙ ඔය වගේ සිද්ධි නැති වෙන්න හරි අඩු වෙන්න හරි හේතුව අපෙ රටේ සංස්කෘතිය.නමුත් ඇත්තටම මෙහෙම දේවල් ලොකේ වෙනවා.අපිට ඒව විහිලු..අපේ රටෙ මෙහෙම සංස්කෘතියකින් සදාචාරයකින් අපිව හැඩ ගැහිල තිබ්බෙ නැත්තං අපිත් කොච්චර අවුල් වියවුල් වලට මැදි වෙලා ඉදීද..

ඒ අතින් බැලුවම අපි ඒවට ණය ගැතියි.. නැත්තං ඉතින් අපිත් අනථ සාගරෙ තමයි..

Sunday, July 11

තාත්තා ව තෙරුං ගමු..


අද පැන්ඩට දාන්න හිතුනෙ පැන්ඩ දැකපු බොහොම සංවේදි පත්තර කොලයක් ගැන..මේක මට ආපු email එකක් මට එක කොච්චර දැනුනද එ වගෙම ඔයාලටත් දැනෙයි කියල පැන්ඩට හිතුන.

හුගක් අය හිතන්නෙ තාත්තා කියන්නෙ අපෙ බඩ කට පුරවන මැෂිමක් කියල..එකම වෙන්න ඇති තාත්තල ගැන කතා නොවෙන්නෙ.එත් දරුවෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතෙම වුනත් දන් දෙන්න එයාල බලා ඉන්නව
පැන්ඩත් සමහර වෙලාවට තාත්තව හරියට තෙරුංගත්තෙ නෑ..එත් ටික වේලාවක් ගියාම හැමදාම පැන්ඩ එක තෙරුං ගත්තා.

අපි තාත්ත කෙනෙක් වුනාම තාත්තව තෙරුං අරගෙන අපේ තාත්ත ගැන හරි විදිහට හිතන්න ගන්නකොට අපි පරක්කු වැඩි වෙන්න පුලුවන්... එදාට දුක් නොවී ඉන්න අපි තාත්තව දැන් තෙරුං ගමු.

Thursday, July 8

දෙවන කොටස - පරිඝනක භාවිතා කිරීම හා අපා ගත වීමෙ පහසුකම



පැන්ඩ මෙකෙ ඔයාලගෙ අදහස් ගන්න මීට කලින් දාපු පොස්ට් එක මතක ඇතිනෙ...මෙන්න එකට ලින්ක් එක.එත් කවුරුත් මේ ගැන කියල තිබ්බෙ නෑ.සමහර විට එයාල අතින් මේ වැරද්ද සිද්ධ වෙන්නෙ නැතුව ඇති.මේක අද බහුතරයකට මිසක් හැමොටම අයිති case එකක් නෙවෙ.

ඔන්න ඉතින් exam අස්සෙ ලැබුන පුංචි විවෙකයෙදි මං කතාව කියන්න හිතුව.

මීට වසර 2500 කට කලින් පරිඝනක නොතිබුන හින්ද බුදු හාමුදුරුවො මෙවට වෙනම සිල් පද දේශනා කරල නෑ.
ඒත් දේශනා කරපු ධර්මය බොහොම අපූරුවට පහදල දේශනා කරපු හින්ද හරිම අපූරුවට ඇගට පතට නොදැනී කැඩෙන දෙවන සිල් පදේ හින්ද තාම මෙ අපා ගත වීමෙ අවදානම ඇති වෙන්නෙ.කවුරුත් දන්න software එහෙම නැත්තං මෘදුකාංග හොරකම.

බුද්ධ ධ‍ර්මයේ විතරක් නෙවෙ දස පනතෙ, කුරානයෙ, හා හින්දු ධර්මෙ මේ කොයි ආගමෙත් හොරකම වරදක් පාපයක්.ආගම පැත්තකින් තිබබත් මේක නීතියෙන් බොහොම බරපතල වරදක්.

දන්නවද දකුණු ආසියාතික පැසිපික් කලාපයේ දෙවනියට ඉදිරියෙන් ඉන්නෙ ලංකාව මේ සම්බන්ධයෙන්.අවංකවම කිව්වොත් මේක ලියන මම ද ඇතුලුව අපි කවුරුත් විවිධ අවස්ථා වල මේ පව කරල තියේ.කවුරු හරි පුද්ගලයෙක් නැත්තං ආයතනයක් තමන්ගෙ දැනුම ශ්‍රමය වැය කරල නිපදවන මේ මෘදුකාංග වල වටිනාකම බොහොම ඉහලයි.එත් ලංකාවෙ රු 20 CD එහෙම නැත්තං USB PEN අස්සෙ මේව මාරු වෙන හැටි නිෂ්පාදකය දැන ගත්තොත් මෘදුකාංග නිපදවීම පැත්තක තියල බඩ කපා ගෙන මැරෙයි.

ලංකාවෙ මිනිස්සුන්ට මේක කොච්චර සාමන්‍ය වෙලාද කිව්වොත් සමහර අය මම නං අනුන්ගෙ සත පහක දෙයක් ගන්නෙ නෑ යැයි කියමින් හිදී නමුත් ඔහුගෙ පරිගනකය තුල ලක්ෂ ගනන් වල මෘදුකාංග හොර කොපි භාවිතා වේ,
තවත් පිරිසක් මුදල් ගෙවා මේවා මිලදී ගන්නා පුද්ගලයින්ට නොංජල් හිනාවකින් අනෙ මොඩයා යැයි කියා සංග්‍රහ කිරිමටද පසු බට නොවේ.

ලාංකීය සමාජයේ තාම මේක ගැන බර ට කතා බහක් නෑ. ලාවට එහෙන් මෙහෙන් නීති එහෙම නං සකස් වුනා මං හිතන්නෙ..තමන්ගෙ වත්තෙ ගහෙන් වැටිල පාරට විසි වෙන පොල් ගෙඩිය ගෙනියනකොට හොරා කියල කෑ ගහන අපි ලක්ෂ ගනන් වල මෘදුකාංග හිතෙ හැටියට සත පහක් නොගෙවා පාවිච්චි කරනව.

මං හිතන්නෙ අද ලංකාවෙ හුගක් දක්ෂ මෘදුකාංග ඉංජිනෙරු වරු ව්‍යවසායකත්ව ව්‍යාපාර වලට යොමු නොවි විදේශීය ආයතන වලට තමන්ගෙ දැනුම ලබා දෙන්නත් මේක හෙතුවක් වෙන්න පුලුවන්.මොකද ලංකාවෙ තමන්ගෙ නිර්මාණ වලට නියම වටිනාකම ලැඛෙයිද කියන බය නිසා.

දැන් හුගක් වර්තමාන මහා පරිමාණ මෘදුකාංග නිපදවන ආයතන කලාපීය සීමා තුල අලවිය සදහා විශේෂ මිල ගනන් යටතේ මෘදුකාංග නිකුත් කිරීම ආරම්භ කිරීම මීට හොද විසදුමක් වේවි.

නමුත් අපි ට කරන්න බොහොම පහසු දෙයක් තියෙනවාල ඒ තමා නිදහස් මෘදුකාංග FOSSකෙරෙහි නැඹුරු වීම. මේ ගැන සින්ඩි වල නිතර කතා බහ වෙන හින්ද ඒ ගැන මං කතා කරන්නෙ නෑ.



මේවා භාවිතය සම්බන්ධයෙන් උපදෙස් මට වඩා ප්‍රවීනයො බ්ලොග් ඕනැ තරම් ලියනවා.එත් හුගක් අයට දැනෙන්නෙ නෑ ඇයි එහෙම නිදහස් මෘදුකාංග භාවිතයට තමන් හුරු විය යුත්තෙ කියල.

මං බලාපොරොත්තු වුනේ එහෙම නොකිරීමෙන් අපි වරදකරුවෙක්, පව් කාරයෙක් වෙන බව පැහැදිලි කරන්න කාටත් තෙරෙන බසාවෙන්.සරලම සරල බාසවෙන් කිව්වොත් මහන්සි වෙලා අපිට මේව හදල දෙන මිනිහට බඩේ පාර ගහනවා.

FOSS කරා අපි බොහොමයක් හුරු නොවීමට හේතුව හුගක් වෙලාවට මේක භාවිතය අපිට වැඩිය ලංකාවෙ උගන්නනෙ නෑ ප්‍රචලිත නෑ. අපි තනියෙන්ම ඉගෙන ගන්න ඕනි. එත් microsoft භාවිතය ගැන නං ගහක් ගලක් ගානෙ තියෙනවා.

මං හිතන්නෙ රජයකට පුලුවන් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.LINUX වගේ ඒවා භාවිතය පාසලෙන් හා රජය මගින් පිහිටුවා ඇති පරිගනක අධ්‍යාපන ආයතන වලින් ඉගැන්නුවොත් මීට වඩා යහපත් බලපෑමක් වෙයි ඒවා භාවිතයට යොමු වීම කෙරෙහි.ඒ වගේම මේ විවෘත මෘදුකාංග වල වර්ධනයටත් මේක බලපායි.

එහෙනං ඔන්න පැන්ඩ ලියල ඉවරයි. කවුරුත් මේ පාපයෙන් වලකින්න උපරිමෙන් උත්සාහ කරමු අනිත් අය දැනුවත් කරමු.

මේ තියෙන්නෙ ලිනක්ස් භාවිතය ගැන ශාකුන්තල සහො ලියපු විස්තර ටිකක්

http://blog.shaakunthala.com/search/label/Linux


සින්ඩි ටික SEARCH කලා නං තව ගොඩක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.


Related Posts with Thumbnails