Tuesday, August 31

මේකට topic එකක් නැ.'නෑ???' නැ තමයි ඇයි මොකද


මින් ඉදිරියට මෙම ලිපිය කියවීමෙදි ඔබ වැය කරන කාලය ගැන මම වග නොකියමි.මොකද අද මේ ලියන්නෙ මගේ ඔලුවට ආපු මනො විකාර.පැන්ඩ මද කිපිලද ?..චී මොනාද මේ අහන්නෙ.එහෙම දෙයක් නැ.ඇයි යකො පෘථග්ජන අපේ හිතට කොච්චර නං හිතුවිලි කන්දරාවක් විනාඩියකට පත බැවෙන වද? මාර ඩවුල්ලොඩ් ස්පිඩ් එකක්. එත් ඉතින් ලෙක්චර් එකකට එහෙම ගියාම තෙරෙන්නෙ අප්ලොඩ් ස්පීඩ් නං බලු කියල.හරියට අපෙ නෙට්වර්ක් providers ල වගේම තමයි.. හැබයි පැන්ඩ ලියන හැම ලිපියක්ම මෙහෙම නැ ඕං.



"Everything works on a cycle, ඒත් රවුමක් අස්සෙ ලොකු කොටු ගහල වෙන් කරන්න ගියම එකෙ වර්ග ඵලය වේස්ට් වෙලා සමහර දෙවල් අපි දකින්නෙ නෑ.හැබයි ඉතින් කොටුව හුගක් චුටි වුනොත් pixel එකක් තරන් එත්කොට රවුම හැදිල තියෙන්නෙත් එකෙන් හින්ද මට හැමදෙම අපුරුවට දකින්න පුලුවන් වෙයි. එ හින්ද ට්රෙන්ඩ් එකට ජීවත් වෙන ලොකු රවුමක් වත් එක කඩාගෙන ජීවත... වෙන්න හදන තඩි කොටුවක් වත් නොවි හැමදෙම අපුරුවට දකින්න පුලුවන් පුන්චිම පුන්චි කොටුවක් වෙන්නයි මට ඔනි"


මෙක බොහොම කාලෙකට ඉස්සෙල්ල මම පල කරපු ෆේස්බුක් status එකක්..මට මතක නැ ඇයි මම මෙහෙම දෙයක් ලිවෙ කියල.. ඒත් එක දැක්කම මට නිකං මාර ආතල් එකක් ගියා..ආතල් එක ගිය කොහෙද අහන්න එපා දැන්.ඉතින් මම එක ඇරන් පැන්ඩගෙ බ්ලොග් එකෙ ලීව මේක මගෙ බ්ලොග් එක නෙ.එකයි.නැතුව මේකට කිසිම හෙතුවක් නැ.

එහෙම කියල සින්ඩි වල රෙජිස්ටර් වෙලා ඉන්න හින්ද ඔලුවට එන හැම කුනුහරුපෙම ලියන්න බැ..එත් ඉතින් බ්ලොග් එකක් කියන්නෙ මාර ප්ලෙස් එකක් නේද.ලිපියක් එහෙන් මෙහෙන් හදාගෙන එනකොට හරියට foreplay එක වගේ වෙන්න ඇති.. ටික ටික හද හද draft විදිහට තියල පල කලාම නිකං මාර එකක් එන්නෙ දන්නවනෙ ඉතින් foreplay එක ඉවර වෙන්නෙ කොහොමද කියල.. හැබැයි ඕක ඉතින් මාත් දන්නෙ theory වලින් විතරයි. ඔය දන්න theory නං ලියන්න පුලුවන් එලි වෙනකං.

Monday, August 30

මගේ වින්ඩොස් දික්කසාදෙට case file කිරීම ඇරඹුනි



ඔන්න ඉතින් පැන්ඩත් දැන් හෙමින් සිරුවේ මුල අමතක කරගෙන යනව.හිතන්න එපා මු නං සතෙක්ම තමයි කියල. අනේ එහෙම එකක් නෙවේ මං මේ කියන්නෙ, හෙමින් සිරුවෙ විවෘත මෘදුකාංග භාවිතයට මාරු වෙන්න හදනව්. ඉතින් බිල් ගේට්ස් ගෙ වින්ඩොස් හෙමින් අමතක කරන්න හදන්නෙ.


අර කවුද ඇහුවලු මිනිහගෙ නම ගේට්ස් වෙලා ඇයි පොර වින්ඩොස් හදන්නෙ කියල.

කොහොම හරි මං හැබයි මිල අධික හින්දයි මෘදුකාංග හොරෙක් කියන හෘද සාක්ෂියෙන්(මතකද මං මේ ගැන මුලින් ලියපු එක) බෙරෙන්නයි තව ඉතින් පරිඝනක ශිෂයෙක් විදිහට බිල් ගේට්ස් මාමා ගෙ නිති රීති අස්සෙ නිදහසෙ හැසිරෙන්න අමාරු හින්දයි තමා ලිනක්ස් පදනම් වු OS එකකට හිත යොමු කලේ.නැතුව මම වින්ඩොස් හෙලා දකින්නෙ නැ.. මම් මුලින්ම පරිඝනකයට වින්ඩොස් 95 එක්ක 1997 දි අත් පොත්(අත් යතුරුපුවරු) තියල මෙච්චර කල් එක එක වැඩ කලේ DOS එක්ක නෙවෙ නෙ windows එක්ක නෙ.බොහොම පින් බිල් මහත්තයො

linux
ගැන හිතද්දි ෆෙඩෝර හා උබුන්ටු කියන දෙක තමයි ඔලුවට ආවෙ... ඒ වුනාට තව ගොඩාක් තියෙනව හොදේ.. අහල ඇති නෙ හන්තාන ලිනක්ස් ගැන එහෙමත්.. තව ගොඩාක් තියෙ.අපේ ශාකුන්තලටත් පොඩ්ඩක් කරදර කරල බැලුව.අපරාදෙ කියන්න බැ ටක් ගාල පිලිතුරු ආව.

9.04 වෙනකන් හැමදාම උබුන්ටු සිඩි ගෙන්න ගත්ත. පස්සෙ එක නැවත්තුව නෙ. එ දවස් වල ඉතින් ඕක පොඩ්ඩක් live run කරල ආයෙත් වින්ඩොස් වලටම දුවනව... ලොකුම හේතුව අලුතෙන් දෙයක් ඉගෙන ගන්න තිබ්බ කම්මැලි කම.

දැන් ඉතින් කම්මැලිකම් කොලා මදැයි කියල බැලුව අලුත්ම version එක. ubuntu 10.04 (Lucid Lynx).කම්මැලිකම පැත්තක තියල භාගත කිරීම පටන් ගත්ත.

දැන් නොට් බුක් වලට ටිකක් සැහැල්ලු එකකුත් තියෙනව එත් ඉතින් මම නං ඩෙස්ක්ටොප් එකම භාගත කරල ලැපීට ඉන්ස්ටොල් කලා.මගෙ ඉතින් පට්ට ලැප් එක නෙ ;-)

load උනාම ටිකක් mac os එකක් වගේ කියන ගතිය අලුත් theme එකේ තදින්ම දැනුන.

මෙන්න බොලෙ වැඩක් මෙකෙ close minimize maximize button වින්ඩොස් වල වම් අත පැත්තෙ.. දකුණු අත හුරු වීමයි වින්ඩොස් හුරුකමයි එක්ක මේක මලම මල ඇණයක්..

ටිකක් වෙලා දගලල එක නං විසද ගත්ත ඕං.


Wednesday, August 25

බ්ලොග් ලිවිල්ලෙන් මං ටිකක් විසි වෙලා...



ඔන්න ඊයෙ තමා හුග දවසකට පස්සෙ මගේ ලැප් එක මට ලැබුනෙ.අලුතෙන් නෙවෙ කැඩිල තිබුනෙ.හදල ගෙනාවෙ ඊයෙ.

හැමොම තම තමන්ගෙ බ්ලොග් ලියන සගයා ගැන කතා කලාට මට කතා කරන්න උනේම නැනෙ.මම බ්ලොග් ලීවෙ මගේ Benq joybook S41 කියන ලැප් එකෙන්.කැම්පස් එකට ගිහින් ටික කාලෙන් ගත්තට තාම විෂයට අදාල මහා දෙයක් මේකෙන් කරලා නෑ.

ලැප් එකක් ගන්න කොට හුගාක් හෙව්වා මට ගැලපෙන එකක්..අතේ තිබ්බෙත් එකයි ඊට වඩා එකක් ගන්නත් දුකයි.අහින්සක අම්මල තාත්තලගෙ සල්ලි නෙ.ඒ වුනාට හොද VGA එකක් තියෙන එකක් ගන්නත් ඕනි වුනා.පස්සෙ බලන කොට ගම් පලාතෙ කඩෙක මෙන්න බො
ලේ joybook එකක් තියෙනව gaming series nvidia VGA එකක් එක්ක.ඒ දවස් වල තිබ්බ හුගක් HP ලැප් වල තිබුනෙ entertrainment series vga. Gaming series VGA තියෙන ලැප් එක හමාරත් පැනල..

ඔන්න ඉතින් ලැප් එක ගැන net එකෙ reviews ඔක්කොම කියෙව්වා..පස්සෙ තෙරුනා common නැති වුනාට රජ බඩුවක් කියල. අනික කඩෙත් ටිකක් අදුරන හින්ද unity එකෙ වගෙ warranty ගන්න අධො මුඛය දෙන්න ඔනි නෑ.

කොහොම හරි මීට අවුරුදු එක හමාරකට කලින් දෙයියනේ කියල ඔන්න මං ලැප් එකක් ගත්ත..

මෙන්න වැඩි විස්තර. හැබැයි මගෙ එකෙ තියෙන්නෙ T8100 2.1Ghz එකක් හොදේ.

ඕකට තව 2GB RAM එකක් එහෙම දාලා බොහොම අපුරුවට මං පාවිච්චි කලා ඕං. පහු ගිය ටිකෙ වැඩ කරන කොට හිටි ගමන් ලැප් එක stuck වෙනව... පස්සෙ වෙද මහත්ත්යට දුන්න.. desktop එකට නං මම ම බෙහෙත් දෙනව ඕනි ලෙඩකට .එත් මෙකට නං අත ගහන්න බයයි.

කොහොමින් කොහොම හරි ඊයෙ තමා සනීප වෙලා ගෙදර ගෙනාවෙ.

ඔය උඩ රූපෙ තියෙන desktop එක තමා මගේ අති ජාත මිත්‍රයා..2002 විතර ගත්තෙ ස.පෙ ලියල ගෙදර ඉන්නකොට..එත් දැන් එයා මං ලග නෑ.. එයා දුන්න අපෙ පැත්තෙ තවත් ලමයෙක්ට පරිඝනක අත් පොත් තියන්න උදව් කරන්න..පස්සෙ හෙමින් සීරුවෙ කැලි ටිකක් ගෙනහල core 2 Quad ඩෙස්ක්ටොප් එකක් අමුන ගත්ත එතැන තිබ්බ පාලු ගතිය නැති වෙන්න...

ඔං එහෙනං මගේ පරිඝනක ගැන විස්තර මෙතනින් හමාරයි..

ප.ලි
කඩෙන් කිව්වෙ ලෙඩෙ තිබුනෙ VGA මෙමරි chip වල කියල..එයාල chip 4ක් මාරු කලාලු...

Sunday, August 8

ටයි පොල්ලෙන් හෙලුව වැසීම

කරයි ජඩ කම්
මුවාවි ගෙල බැදි
ටයි පටියට

ටයි පොල්ලෙන් සර් වී
කරයි සියලු
නොපනත්කම්

ශිෂ්ඨත්වයේ ඇදුම
‍යැයි නම් තබා
තම වාසියට

දිගු කරයි ඇගිලි
අප්පුහාමි මාමාට
පංච ශීලයම රකින
හැදි නිසාවෙන් සරම


Friday, August 6

මගේ ජීවිතේ බේර ගත්ත

EXAM අස්සෙ
මාසයක් හිර වෙලා
පණ ගහ ගහ තිබ්බ ජිවිතේ
අන්තිම මොහොතේ
දිගම දිග නිවාඩුවක් ඇවිත්
බේර ගත්ත.

තව මාසෙකින් යනකොට
අපිත් super senior ලු

ජීවිතෙන් senior කරන්න
උපාධියේ තෙවෙනි වසරකට
පුලුවන් වුනේ කොයින් ද?

කොහෙදො එකෙක් කෑ ගසයි
"පවතින ක්‍රමෙ වෙනස් කල යුතුයි
වරෙව්
මෙහෙම ඉදලා හරි යන්නෙ නෑ බොලව්"

සියලු දේ වෙනස් වන සුලුයි
නොපමාව කුසල් රැස් කරනු මිසක්
විස්ස විද්දාලෙට එන්න කලින්
නෑ නෙ මම ඇහුවෙ
වෙනස් නොවෙන ක්‍රමයක් ගැන

අරගල කල යුත්තෙ
තව තවත් වෙනස් කරන්නට නොව
මේ වෙනස් වීමේ දුකෙන්
ගැලවෙන්න නොවෙද




Related Posts with Thumbnails