Thursday, September 23

අද දවසයි හර්ද සූත්‍රයයි


මම
බෝඩිමට කොටු වෙලා
එලියෙ වහිනව සීරුවට

ඉහිරුනු වතුර බින්දු
ජනේලෙන් එලිය
බොඳ කරල
මගේ හිත වගේ

පොත් පොලේ
ගිය හින්ද
නැ මට
දැං තනියක්

සුනේත්‍රගෙ "හර්ද සූත්‍රය"
තුරුළු කරන් මම
ගුලි වුනා ඇඳට

බදුල්ලට දැන්
වහින කාලෙ
වෙන්ට ඇති
මයේ හිතේ

මේ වගේ වෙලාවට
ගෙදර මම උන්න නං
පොත් මගේ හිත පුරවද්දි
අම්ම හදපු රස කෑමක්
මගේ බඩ පුරවයි

ගෙදර ඉන්න කං
හිත කොහේ හරි
ඇවිදින්න
කොහේ හරි ගියාම
ගෙදර දුවන්නමයි සිහිය

හර්ද සූත්‍රයේ මුදිත
මං වගේ ද?
එහෙම නැත්තං
මගේ පිරිමි කය අස්සෙ
පුන්සරා කෙනෙක්
ක්‍රෝටන් කොල වෙනුවට
ධමනි වලඅකුරු කරල
හදේ පුංචි එලියට
අල්ල ල කියොනවද?

මොනාද මේ ලියන්නෙ
මට හිතෙනව ඉතින් ලියනව

මෙහෙම වහිද්දි
දවල් දොලහත්
උදෙ 7 වගේ දැනෙද්දි
ජීවිතේ තව හුගාක්
ඉතුරුයි වගේ

ඒ හින්ද ද මන්ද
මෙහෙම වහිද්දි
අපිට මෙච්චර
කම්මැලි..


*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Thursday, September 16

දුකට සැපට ඇඳ

දරා ගන්න
බැරි තරමට
දුක හිතුනම
මං ආවේ
උඹේ ළගට

උඹෙ තුරුලේ
හරහ වැටිල
එළි වෙනකං
හෙලපු කදුළු
උරා ගත්තෙ
උඹම තමයි

සතුටක් මං
ලද විගසින්
ඇදන් වැටුනේ
උඹේ පිටට

උඹෙ තුරුලේ
සුව මැද්දේ
නේක සිහින
මැවෙන නිසයි

දුකට සැපට
හැමදාමත්
උඹයි මගේ ඇඳ


*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Saturday, September 11

යට ඇදුමේ නොදකින පැත්ත..

නිමිත්ත : ලොකු ලොකු සාප්පු වල lingerie section වල ඇති හැඩ වැඩ දාපු ඇදුම්

මල් අල්ල ල
වියල, ගොතල, ලෙහල
මහල හදපු ඇදුම්

දහස් ගණන් මිල
කරලයි ගෙත්තම් වල
හැඩ හින්දා

ලංකාවෙ ගාමන්ට් වල
අවිහිංසක ගැනු ලමයි
දහඩියෙන් නැ
වෙමින්
මල් අල්ල ල
මහපු ඇදුම්

දහස් ගණන්
මිල ගෙවලා
රැගෙන අදියි
ධනවතියෝ..

නැති මුත් මල් කැටයම්
කිසිවෙක් නොදකින
යට ඇදුමේ

හැදින්නෙමු ඔබේ
අවිහිංසක සිතුවිලි
පොදි ගැහෙනා
දිරිය හදවත

ඔබයි
සන්නාලිය
රට දැය නංවාලන


*************************************************

කැමති
නං හිතට එන ඕනි දෙයක් පහල comment තිරුවෙ අකුරු කරන්නත් පුලුවන්

Friday, September 10

ගිනි හිවලා (firefox) තුල අපේ කැරට්ටුව රැක ගැනීම

ඕං දැන් ඉතින් පහල තියෙන ලිපියෙයි උඩ තියෙන පින්තූරෙයි ගලපන්න යන්න එපා..එතකොට ඒක නිකං අද කාලෙ තියෙන වීඩියො සින්දුවක් වගේ වෙනව.ලිපියෙයි මේකයි සම්බන්ධයක් නැ.දැන් කියන්න එපා පැන්ඩ බ්ලොග් ආටිකල් ජනප්‍රිය කර ගැනීම උදෙසා ස්ත්‍රිය වෙළද භාණ්ඩයක් කර ගන්න හදනව කියල..නැ දෙයියනේ නැ.මං ආටිකල් එකට ගූගල් දෙයියන්ගෙන් පින්තුර පොඩ්ඩක් ඉල්ලුව.එතකොට මේක දැක්කම හිතුනා ගිනි හිවල කොච්චර අපේ ඇගට කා වැදිලද කියල මෙකෙන් පේනව කියල.

අනික නිකං පොඩි ආකර්ශනයකුත් නැද්ද මං අහන්නෙ.දෙන්න බලන්න අපෙ කොල්ලො ටික ආන්සර් එකක්..නැ ඕයි චාටර්... ආ නැද්ද එකට කමක් නැ එහෙනං අපි අපෙ මාතෘකාවට බහිමු,

හරි කතාව මෙහෙමයි, දැන් ඉතින් අද කාලෙ හුගක් ජංජාල පරිශීලකයො ජංජාලෙ සැරි සරන්න බහුලවම භාවිතා කරන්නෙ ෆය‍්ර් ෆොක්ස් නෙ?.නැ... නැත්තං ඉතින් මෙතනින් පහලට ඔයාට වැඩක් නැ..ගොඩ වුන එකේ වෙන ලිපියක් බලල පැන්ඩට දිරි වැඩෙන්න comment එකක් දාල යන්න.

හරි ගිනි හිවලගෙන් අපි කොච්චර තැන් වල සැරි සරනවද.ඔය අතරෙ මුර කපොලු කීයකින් මුර පද(password) කිය කිය මාරු වෙනවද?ඔය අතරෙ ඇහැට කනට පේන (පැන්ඩන්ට කනෙනුත් පේනව) පිටුවක් දැක්ක හැටියේ bookmark එකක් දා ගන්නව.ඔහොම දාලා දාල ටික දවසක් ගියාම සමහර අයට bookmark හොයන්න bookmark දාන්න වෙනව,ඒ තරං bookmark.(ඕකට හොදම විසදුම bookmark ටික වර්ග කරල ෆෝල්ඩර් අස්සට දා ගන්න)ඊට පස්සෙ ගිනි හිවල අපිට ඕනි ව්දිහට addon දාල theme දාල හැඩට හීලැ කර ගන්නව.හොදට හීලැ වෙලා හිවල sure වුනාම මුර පද ටිකත් ඌටම මතක තියා ගන්න කියනව.

ඉතින් ඔහොම පවත්වාගෙන යන ගිනි හිවලට ලෙඩක් දුකක් හැදුනොත් එහෙම.නැත්තං ගිනි හිවල ඉන්න වින්ඩොස් කූඩුවට ලෙඩක් හැදුන.එතකොට අර මෙච්චර දවසක් පවත්වා ගෙන ආපු සුන්දර මතක වල bookmark , ගිනි හිවලට හැඩට අන්දල තිබ්බ themes, සවි කරගෙන හිටපු addon ,අපිටවත් මතක නැති ඒත් ගිනි හිවලට විතරක් මතක අපේ මුර පද ඒව මේව ඔක්කොම අපිට නැති වුනොත්.කොටින්ම ගිනි හිවල අපිට ආයෙත් මුල ඉදන් හීලැ කරගන්න වුනොත්.දැන් ඉතින් බනින්න එපා පැන්ඩ කට කැඩිච්ච කතා කියනව කියල.

එහෙම දේවල් වෙන්න පුලුවන් නැත්තං ඔයා අලුත් කම්පීතරයක් ගත්ත, එහෙම නැත්තං උසස් වීමක් ලැබිල අලුත් කාමරේකට ගියා එහෙම නැත්තං අලුත් ඔපීසියකට ගියා ඔය මොකක් හරි ජල්තරයක් හරි සුභ දෙයක් හරි හින්ද හොදට හීලැ කරගත්තු හිවල දාලා යන්න වුනොත්.ඇඩෙනව නේද?

මං කියා දෙන්න හදන්නෙ යන තැනකට අර හීලැ හිවල අරගෙන යන විදිහක්.. තෙරෙන සිංහලෙන් කිවොත් backup and restore.

සිද්ධිය මෙහෙමයි.. ඔයා හිවල එක්ක කරන හැම වැඩක්ම හිවල මතක තියාගෙන ඉන්න
ව. ඒ කොහෙද?

Tuesday, September 7

ආදරයේ අපූරුව


හිදියි...
ඉදි කට්ටට නූල සේ

නමුත් වූ කල
නූලේ හෝ කට්ටෙ
පුංචිම පුංචි වෙනසක්

අපූරුවට මැහුණ මැහුම්
ගැලවී යයි රෙද්දවත් නොදැනීම
හෙලි කරමින් නොදුටු නිරුවත....

Related Posts with Thumbnails