Sunday, October 31

නරකම හිතේ තියෙන අසික්කිත කම ද නැත්තං ගෑනු ලමයගෙ ඇදුම ද?



නිමිත්ත : හිප් එකට කලිසමක් ඇදල ඉස්සරහ හිටපු ගැනු ලමයගෙ හිප් එකට චුට්ටක් උඩින් තිබුන ඇදුමක කොටසක් දැකපු ඉළන්දාරියෙක්ගෙ කැළඹුනු හිත


ඇස් ඉදිරීපිට හිටපු
 මනුස්ස දුවගෙ
උඩින් හරි යටින් හරි
පේන ජංගියේ වාටියට

 ඇවිස්සුන සිතුවිලි වල
කැළඹිල්ල වහගන්න
කුණුහරුපෙන් බනින
සගයින් හා තර්ක නගන 
පාලනයක් නැති
අසංවර හිතේ
හෙලුව පේනකොට 
හරි කැතයි 
ඉළන්දාරියො

********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Saturday, October 30

ජීවිතෙ අපි ගෙවන හැටි හරිද?

මේක මගේ නිර්මාණයක් වත් කිසිම දෙයක් නෙවෙ..මේක මට ආපු ඊ මේල් එකක් (වෙන කාගෙන්ද ඉතින් පැන්ඩි ගෙන් තමයි,.. එයා කොහොමත් මට නිතර ඔහොම වැදගත් දෙවල් ජීවිතෙට එකතු කර ගන් උදව් කරනව..ඒක නෙ මම එයාට ගොඩාලියක් ආදලේ...ස්තූතියි හොදේ. ) .මේක හුගක් මගෙ හිතට වැදුන..ඒ හින්ද මගේ බ්ලොග් මිතුරන්ගෙ ජීවිත වලට පොඩි දෙයක් එකතු කර ගන්න ලැබෙයි කියන අදහසින් මම මේක පල කරන්නෙ...
*********************************************

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.





“මේක කොච්චර විතර බර ඇද්ද?”


“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.


“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”

මහාචාර්යය වරයා නැවතත් විමසීය.

“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.


“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”


“ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.


“ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.


“ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”

“අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?

“නැහැ” සිසුන් පිළිතුරු දිනි.

“එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?

සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

“වීදුරුව බිමින් තියන්න”


“හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”


මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට
අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.


මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”

-පරිවර්තනයකි.


*************************************************
මට මේක කියවගෙන යන කොට මැදදි අවසානය දකින්න කලින් හිතුනෙ මේකෙ මෙහෙම කතාවක් ගැන කියල..මොකද්ද දන්නවද මට හිතුන දේ. සමහර වෙලාවට අපි සමහර පුන්චි දෙවල් අතරිනව ඒව පුන්චි හින්ද ඒවට බලපැමක් කරන්න බැ කියල..ඒත් බලන්න ඒ චූටි දේ වුනත් අත නොහැර අල්ලගෙන හිටියොත් ඒකට කොච්චර ලොකු බලපැමක් කරන්න පුලුවන්ද කියල..සමහර වෙලාවට අපිත් අපිට ලැබෙන දේවල් පුන්චි හින්ද එක පාර ක්ෂනිකව ලොකු බලපැමක් නැති හින්ද අත ඇරල දානව...ඒත් සමහර අය ඒ චූටි දේ ගැන වුනත් විශ්වාසයක් තියල අත නොහැරම ඉදල ලොකු දෙවල් කරනව..


ඒක හින්ද අපිට ලැබෙන දෙවල් ලැබුන ක්ෂනිකයෙන් ලොකු වෙනසක් ඇති නොවුන කියල මීට පස්සෙ දෙයක් අත අරින්න කලින් දෙපාරක් හිතන්න හොඳ ද? හැබැයි ප්‍රශ්න නං එහෙම තියා ගන්න එපා හොදේ...පුලුවන් ඉක්මණට අත අරින්න.මොකො ප්‍රශ්න කියන ඒව චූටි වුනාට කල් යන ලොකු ප්‍රශ්න වෙලා වද දෙන එක වලක්වන්න බැ..

********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Friday, October 29

"(+18) මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි" යන පෙර මාතෘකාවට අදාල ලිපිය..



මේ බ්ලොග් පොස්ට් එක පෙර දින ලිපිය හා සබැඳි බව කරුණාවෙන් සලකන්න..(පෙර ලිපියට පිවිසෙන්න)


මේක ඇවිල්ල ගුටි කන කේස් එකක් දැන් පැන්ඩට,... එත් අනේ මං එහෙම කලේ මට ඒක කරල මම හිතුව විදිහ හරියටම හරිද කියල දැන ගන්න ඕනි වුන නිසයි... මට අද ඒක දැනගන්න ලැබුන මම හිතුවට ත් කලින්..ඒකයි ලියන්න සති දෙකක් ඉල්ලපු ලිපිය දිනක් ඇතුලත අද පල කරන්නෙ.


මෙතන් දි බහුතරයක් පෙර ලිපිය කියවල මීට අදාල කතාව පිළිබඳව විවිධ අදහස් පල කරල තිබුන.සමහරු තමන් බලාපොරොත්තු වෙන ව්දිහෙ දෙයක් මා විසින් පල නොකර තිබීම නිසා ඉතාම හොඳින් සුද්ධ කල බාසාවකින් පැන්ඩ අමතල තිබ්බ.මට ඕවයි නිකයි බසාවෙයි අතර කිසිම වෙනසක් නැ.ඒ හින්ද පැන්ඩ ඒව අරකක් තරං වත් ගනන් ගත්තෙ නැ.මොකද්ද? මොකක් හරි හිතාගන්නකො..


දැන් මේකයි සිද්ධිය..මේක ඇවිල්ල දැන් ෆුල් research රිපෝට් එකක් හොදේ.පැන්ඩ ඊයෙ මගේ බ්ලොග් එකෙ stats බැලුව එකෙදි මම දැක්ක මම බලාපොරොත්තු නොවුන ලිපියකට මම බලාපොරොත්තු වුනාට වඩා page views ප්‍රමාණයක් ඇති බව.කොහොමත් ඉතින් පැන්ඩගෙ උණ කැලේට බ්ලොග් ලිවිල්ලට ආධුනික හින්දයි, පැන්ඩගෙ බ්ලොග් එකෙ නීරස බව, නිතර ලිපි පල නොවීම වැනි හේතු නිසා හා මම නොදන්නා හේතු රාශියක් නිසා වැඩිය traffic තියෙන බ්ලොග් එකකුත් නෙවෙ නෙ.


ඔය ලිපිය තමා "යට ඇදුමේ නොදකින පැත්ත " කියන ලිපිය.ඕක 328 දෙනෙක් බලල තිබුන.
මේ තියෙන්නෙ ඒ පින්තුරෙ..උඩ ක්ලික් කලොත් ලොකු කරල බලන්න පුලුවන්.
මම මෙකට හේතුව කල්පනා කරන කොට මට නිකමට පුන්චි සැකයක් ආව මේකට හේතුව මාතෘකාව වෙන්න බැරිද කියල.මොකො දැන් අපේ බ්ලොග් වලට හුගක් traffic එන්නෙ ඒ කියන්නෙ viewers ල එන්නෙ සින්ඩිකේටර හරහ නෙ.ඔය සින්ඩිකේටර වල පලවෙන්නෙ ලිපියෙ මාතෘකාවයි තව පුන්චි කොටසකුයි නෙ. හරියට මේ වගේ..

 දැන් ඉතින් අපි බ්ලොග් එකට බොහො විට පිවිසෙන්නෙ මේ මාතෘකාව ගැන දැන ගන්න ආසවෙන්නෙ.(දැන් මගෙ ඊයෙ මේ කතාවට අදාල ලිපිය පලවුනෙ ඉහත රූපයේ පරිදි නෙ).එතකොට සාමන්‍යයෙන් නිතර අපි ලියන ලිපියක් ගානෙ ලුහුබැඳ ගෙන ගිහින් කියවල එන බ්ලොග් හැරුනම (උදාහරනයක් විදිහට පැන්ඩ එක්ක නිතරම ඉන්න බ්ලොග් එකට එන යන සෙට් එක ඇරුනම) ඉතිරි එවට අපි යන්නෙ ඔය මාතෘකාව මත නේ.

එතකොට ඒ අදාල පුද්ගලයාගේ කියවීමට සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ මාතෘකාව.දැන් ඊළග කාරණාව තමයි පැන්ඩට හිතුන අනික් ලිපි වල මාතෘකා වලට වඩා මේ "යට ඇදුමේ නොදකින පැත්ත " කියන ලිපියේ මතෘකාවෙ විශේෂත්වය මොකද්ද කියන එක..

ඉතින් පැන්ඩට හිතුන එක මගේ සිතුවිල්ල හරියටම හරිද බලන්න පොඩි ටෙස්ට් එකක් කරන්න..මේ පන්ඩිත වැඩෙ හින්ද අපහසුතාවයට පත් වුන කෙනෙක් නොමග ගිහින් මල පැන්න අයට (අර හොද කුණුහරුප කතාවක් බලල ආතල් ගන්න ඇවිත් නැති වුනාම මල පැනල මට සුද්ධ සිංහලෙන් අමතපු පිරිසට) එහෙම ඉතින් මට කියන්න තියෙන්නෙ සමාවෙන්න කියල තමයි මං කලෙ ටිකක් නරක වැඩක් වුනාට මාතෘකාව සහ එහි ස්වභාවය බ්ලොග් ලිපියක page views ප්‍රමාණයට කෙතරම් බලපායිද යන අතිශය වැදගත් සමීක්ෂණය සඳහා මට ඒක කරන්නම වුනා. 

සමීක්ෂණය කලේ මෙහෙමයි..


මම "(+18)  මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි" කියල මාතෘකාවක් දාල ලිපියක් ඊයෙ පල කලා.ඒක පල කලේ ඊයෙ හවස 7 ට විතර.ප්‍රතිඵල පුදුමාකාරයි. පැය භාගයක් ඇතුලත page views 58 යි.

රැ 12 වෙනකොට තත්වෙ තමා ඔය පහල තියෙන්නෙ. page views 350 ක්.


පැය 4ක් 5ක් ඇතුලත මා මෙතෙක් ලියු සියළුම ලිපි අභිබවා මේ මතෘකාවක් පමණක් ඇති ලිපිය page views ලබා ගෙන.ඒ වගෙම ඔයාලට දකුනින් පේනව ඇති ඉහත රුපයේ traffic sources.එතන වැඩිම traffic තියෙන්නෙ සින්ඩි වලින්.සින්ඩ් වල ලිපියක් හදුන්වා දෙන්නෙ මාතෘකාවකින් හින්ද මේ බහුතරයක් මතෘකාව ගැන පමණක් සලකල ඇතිවුන traffic.

දැන් අපි බලමු මේ වෙනකොට තත්වෙ ඒ කියන්නෙ දළ වශයෙන් පැය 24 කට පස්සෙ.



අදාල ලිපියට page views 632 ක් තියෙනව.කොහොමද තත්වෙ පැය 24 කට..එදා මෙදා තුර බ්ලොග් එකෙ උපරිම traffic ඇති කලේ මෙම ලිපිය.ඇඩෙනව නේද..මම හිතුවෙ මෙක හොදට වෙනසක් ඇතුව පෙන්නන්න සති දෙකක් විතර යයි කියල,..එත් පැය 24 ක් ඇතුලත ඒ විශේෂත්වය පෙන්වන්න මට හැකියාවක් ලැබුන.

පැන්ඩ ඔන්න මෙතනින් ඒ සමීක්ෂණය ප්‍රතිඵල පමණක් නිකුත් කරල නවත්තනවා.මං හිතනව කාගෙ වත් පුද්ගලික රසාස්වාදය ගැන නිගමන කරන්න මට සදාචාරත්මක අයිතියක් නැ..මොකො සමහර විට පැන්ඩ පවා ඔය ප්‍රධාන කුලකයේ අවයවයක් වෙන්න පුලුවන් නෙ...ඔයාලට පුලුවන් කැමති නං ප්‍රතිඵල ඇසුරින් ඔයාලගෙ නිගමන වලට එළඹිලා ඒව කැමති නං comment ව්දිහට දක්වල යන්න..

අවසාන වශයෙන් පැන්ඩ ගේ මේ තකතීරු වැඩෙ හින්ද කාට හරි අපහසුතාවයක් වුනා නං මම ඉතාම යටහත් පහත්ව සමාව ඉල්ලනව. ( අර තමන් බලාපොරොත්තු වෙන විදිහෙ කතාවක් පල නොවීම නිසා සුද්ධ සිංහලෙන් පැන්ඩ ව අමතපු අයගෙනුත්. කිසිම ද්වෙශයක් නැ ඔයාල එක්ක..එක එක අය තමන්ගෙ අදහස් දක්වන විදිහ වෙනස් නෙ ඉතින් කෙන්ති එහෙම ගියාම.පැන්ඩ නං ඒ comment ටික publish කරන්න වුනත් කැමතියි.එත් ඒක එච්චරම සදාචාරාත්මක නැනෙ නේද? )



*********************************************

 හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Thursday, October 28

(+18) මෙම ලිපිය වැඩිහිටියන් සඳහාම පමණයි.කරුණාකර අදාල අය පමණක් කියවන්න.


අයෙත් කියන්නෙ මේක අතිශයින්ම වයස 18 පහු කල අය උදෙසා ලියන බවයි...කරුණාකර ඊට අයත් නොවන පිරිස් වහාම මෙය බැලීමෙන් වලකින්න.

මේ දැනුම් දීම සින්ඩි වල පාලන අධිකාරින් වරු සදහායි.මාතෘකාව ගැන පමණක් සලකා මෙය සින්ඩි වල පලවීම වලක්වන්න එපා..කෙතරම් අසැබි වුව ද නීතී රෙගුලාසි වලට යටත් ව මම මේ කතා මාලාව පල කරමි.වයස දෙකක කිරි කැටියෙකුට වුවද හානියක් නොවෙන ලෙස මෙම කතා මාලව පල කිරීමට පොරොන්දු වෙමි.

දැන් හිතන්න එපා යකො පැන්ඩ මේ මොකාටද එන්නෙ කියල. හිතල වැඩක් වෙයි කියල මං හිතන්නෙ නැ.මොකද මං මේ කියන්න යන කතාව ඔයාලට ගෙස් කරන්න අමාරුයි.කොච්චර අමාරුද කියල කිව්වොත් කාටවත් කියන්නම බැරි වෙයි.

හැබැයි සමා වෙන්න ඕනි අද මම කතාව පල කරන්නෙ නැ..මම බලනව මේ කතාව මොකක් ගැනද කියල කී දෙනෙක් හරියට හිතයි (guess) ද කියල..අනේ ඉතින් කතාව පල නොකර මෙහෙම පොඩි පෙරවදනක් දාපු එක ගැන කෙන්ති නොගෙන පැන්ඩට සමාව දීල ඔයාගෙ guess එක කමෙන්ටුවක් විදිහට දාල යන්න කො. අපි බලමු කවුද හරියට මම හිතන දේ කියන්නෙ කියල.

අද සිට සති දෙකක් ඇතුලත හරියටම මීට අදාල කතාව පල කරන බවට දිවුරා පොරොන්දු වෙමි.එහෙම නොකොලොත් ආයෙත් මේ පැත්තෙ පලාතෙවත් එන්න එපා. එහෙම කල් ඉල්ලන්නෙ එහෙම කාලයක් ඒ වැඩෙට අවශ්‍යම හින්ද බව කරුණාවෙන් සලකන්න.


ඉහත මා පොරොන්දු වු ලිපිය මේ වෙනවිට පල කර ඇත..(එම ලිපියට පිවිසීම)
*********************************************

 හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්



Tuesday, October 26

'අ' යනු 'ආ' යනු අමතක වීම


මම මේ කියන්න යන එක තැන තැන කියන්න ඕනි කථාවක් නෙවෙ,... ඒ තරං ලැජ්ජ වෙන්න ඕනි සීන් එකක්..හැබැටම පැන්ඩො ලැජ්ජ හිතුනම මක් කරනව ඇතිද? පැස්බරා වගේ පශ්චාත් භාගය එලියෙ දාගෙන ඔලු ගෙඩ්ය වැල්ලෙ ගහ ගන්න බැනෙ..දැන් ඔය පැස්බරා ල ඉන්නෙම වැල්ලෙ ද? හොද වෙලාවට ලංකාවෙ නැත්තෙ නැත්තං උන් ඔලුව හංග ගන්න ගිහින් ඔලු පලා ගත්තම බෙහෙත් දාලා ඉවරයක් නැති වෙයි.අනික ලංකාවෙ වෙන වැඩ විදිහට උන්ට ඔලුව එලියට ගන්න වෙන එකක්ම නැ.


හරි හරි කථාව නේද..ඒක මෙහෙමයි..පුන්චි කේස් එකක් එත් ලංකාවෙ අපි හුගාක් සැලකිලිමත් වෙන්න ඕනි දෙයක්.


කතාව මේකයි මම පුංචි කවියක් වගෙ එකක් ලියාගෙන ගියා...දැන් ඉතින් ඕව ලියන කොට rhyme වෙන්න ලියන්න ඕනි නෙ අමාරුවෙන් හරි.(පැන්ඩ කවියෙක් නොවෙමි හරිද? ඕක ගැන අපෙ විතරාගි එක්ක වාද කරල අනිතිමට එයත් කිව්ව පැන්ඩ කවියෙක් නොවන බව පිලි ගනිමි කියල) ඔන්න ඉතින් මට ඔහොම ගැලපෙන වචනයක් ඔලුවට ආව. ඒත් මට ටිකකින් සැක හිතුන මේ වචනෙ තෙරුම හරියටම මම හිතපු එක ද කියල.නිකං ලස්සනට යන හින්ද දැම්මට මට සැක හිතුන..දැන් අහන්න එපා එහෙම වෙන්න පුලුවන්ද කියල. පැන්ඩන් ට එහෙම ඒව වෙනව. දැන් මම කොහොමද මේකෙ තෙරුම හරියට දැන ගන්නෙ.


ඉංග්‍රිසි - සිංහල ,ඉංග්‍රිසි- ඉංග්‍රිසි ශබ්ද කොෂ නං එමටයි ඕනි ගෙදර ක. ඒත් සිංහල වචෙනක හරි තේරුම දැන ගන්න පොතක් අපි ලඟ නැ. මධුර, cambbridge, Oxford ඔක්කොම පරිඝනකයේ තිබ්බ ත් ඕක දැන ගන්න එකක් අපි ලඟ නැ..ඔන්න ඔතන ලැජ්ජ වෙන්න ඕනි පලවෙනි කාරණෙ.මොකො අපි ශ්‍රි ලාංකිකයො නේ.ඉතින් එහෙම වෙන්න බැ නේද.පිට රට පර භාෂා කෙසෙ වෙතත් අපි ලඟ අපේ භාෂාවෙ නොදන්න තැන් දැනගන්න පොතක් තියෙන්න ඕනි නේද?මොකො ඉතින් ඕක අපේ භාෂාව වුනාට නොදන්න තැන් තියෙන්න බැරි නැනෙ නේ ද?.

අන්තිමට මට පාවිච්චි කරන්න වුනෙ බොහොම ශොචනීය වැඩ පිලිවලක්.මධුර භාවිතයෙන් අර සිංහල වචනෙ ඉංග්‍රීසි වචනෙ හොයා ගත්ත. ඊළගට (පැන්ඩ වට පිට එහෙම බලල කවුරුත් නැති හින්ද ටක් ගාල) cambridge එකෙ ඔය වචනෙ ගහල හෙමින් සීරුවෙ ඒ වචනෙ තෙරුම හොයාගෙන ඒක දැන ගත්ත (හැබැයි ඉතින් මෙක සිංහල වගෙ පුළුල් භාෂාවක පද අරුත් දැන ගන්න අතිශය අසාර්ථක ක්‍රමයක්.).අපේ දසුන් හිටිය නං දැන් කියයි කුජීතයි කියල..

කොහොමින් කොහොම හරි කරණාව මේකයි බහුතරයක් ලාංකික අපිට අපේ දෙවල් ගැන අගයක් නැ.ඉතින් අපි වෙන ඒව පස්සෙ යනව.අන්තිමට ඒක අපේම දෙයක් නෙවෙ හින්ද අපිට ඒකත් හරියට බැ..අපේ එකත් බැ..(අර චව් චව් වගෙ බැ බැ තමයි..අපි හැමදාම නානවා - මතකනෙ දොස්තර හොඳ හිත). අපිට අපි ලඟ තියෙන එක ගැන අගයක් නැ. ඒකනෙ රටෙ නැති ශබ්ද කෝෂ තිබ්බත් අපි ලග අර වගෙ සිංහල පද අරුත් තියෙන පොතක් නැත්තෙ.පැන්ඩ නං ඊළගට පොත් සල්පිලකට ගොඩ වැදුන ගමන් එකක් ගන්න හිතා ගත්ත.


ඔන්න ඕකයි පැන්ඩට වුන කතාව.දැන් ඉතින් කියන්න එපා මේකෙන් අපිට ඇති වැඩක් නැනෙ මෙක බලන්න නාස්ති වුන කාලෙ කියල.අර අපේ තාත්ත මෙලො සිහියක් නැතුව සියළු කාරණා අමතක කරල නිව්ස් බලද්දි අම්ම අහනව මොකද ඕක ඔච්චරටම වැදගත් කියල..අන්න එතකොට තාත්ත කියන එක මම ඔයාලටත් කියන්නම්. "මිනිස්සු වුනාම රටෙ ලොකෙ අනිත් මිනිස්සුන්ට වෙන දේවල් දැනන් ඉන්න ඕනි"..

මට ලැජ්ජයි මම යනවො.

************************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Thursday, October 21

බිඟුන් වැනි පෙම්වතුන් නරකම ද?



මලින් මලට
ගියද රිසි සේ
නොතලාම ගනි
පමණට පැණි

කෙදිනක වත්
අසා ඇතිද
බිගුන් පහස ලද මලක්
මැලවුනු බවක්
පරවුනු බවක්
නටුවෙන් ගිලිහුනු බවක්

ලද පහසින්
පෝෂණය වී
පරිණතව
රස දිව පිනවන
අමා ඵල
බිහි කල මිසක



පසු වදන : ඔබට ඔබ ලද මල නොගැලපේ නම් හැර යන්න.නමුත් ඈව නොතලාම හැර යන්න.ඇයට රිසි සේ පිපෙන්නට සමාජයේ ගෞරව ලබන්නට ජිවිතෙ අමා ඵල ලබන්නට ඉඩ තබා හැර යන්න.

**************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Wednesday, October 20

(unqualified) පරිඝනකවේදියා හීනයේ සිද්ධිය පහදයි



ඇස් ගෙඩි දෙක
මොලය කියන
CPU එකට connect කල
camera දෙක වගෙ

camera එකෙන්
ගන්න විෂුවල්
වලට තියෙන්නෙ
එකම එක
display unit එකයි.

audio channel
කීපයක් ඇති හින්ද
දවාලට ලෙක්චර් එකෙදි
ලෙක්චර් නොට්ස් විෂුවල් වෙද්දි
මනො පාරක්
වෙනම audio channel
එකකින් අපි ව්ඳිනව

ඒ වුනාට
sleep mode එකේදී
camera වැඩ නැති වුනාට
power එක ඇති හින්ද
virus අනවසරෙයෙන්
display access කරල
ෆුල් විෂුවල් එක්ක
ස්ටීරියො, සරවුන්ඩ් දාල
රටෙ නැති හීන
දිග අරිනවා


**************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Tuesday, October 19

FOSS user mag හා පැන්ඩාගෙ සතුට..



හදිසියට පුංව් බ්ලොග් පොස්ට් එකක් ලියල යන්න ආවෙ. හෙට උදේම AI ලෙක් එක Genta ඇදල යන එක නෙ. Genta ඇඳල හින්ද ද කොහෙද ඒ ලෙක් එකට ගියාම නිකං නොතේරෙද්දි සර් ප්‍රශ්න අහද්දි නොදන්න හින්ද බිම බලාගෙන ඉන්න upset වගේ. ඒ හින්ද මොනා හරි පොතක් කියවල පොඩ්ඩක් සුදානම් ශරීරෙන් යන්න ඕනි.ඒ නිසා බ්ලොග් එක කෙටියෙන් ලිව්වට සමා වෙන්න ඕනි.

සිද්ධිය මේකයි..ලංකාවෙ පලවෙන එකම ලියාපදිංචි foss ගැන ලියවෙන සඟරාව මොකක්ද? හරි දන්න අය අත උස්සමු.. හරි හරි උත්තරෙ තමයි FOSS user.

ඉතිං මේ සඟරාවත් ගොඩක් බාධක මැද්දෙ ආපු සඟරාවක්.මේ ගැන විස්තර ඔක්කොම මේ FOSS user සඟරාවෙ වෙබ් අඩවියෙන් දැන ගන්න පුලුවන් හොදේ...

දැන් පැන්ඩ මෙතන මේන් පොයින්ට් දෙකක් තම උලුප්පන්න හදන්නෙ,...නැ නැ උලුප්පනව කිවෙ පුප්පනව වගෙ දෙයක් නෙවෙ ඉතින්.

කාරණා අංක එක:
මේ සගරාවෙ ඔක්තොම්බර් කලාපයෙ පැන්ඩ ලියපු ලිපියක් පලවුනා. දැන් ඉතින් කියන්න එපා හරි එකත් ඉවරයි කියල ඔන්න..මේක ඇවිල්ල මේ බ්ලොග් ලියනව වගේ වචාල කමින් පැන්ඩ ලියපු එකක් නෙවෙ. මතකනෙ පැන්ඩ වින්ඩොස් දික්කසාදෙට case ෆයිල් කලා(මීට පෙර මේ සම්බන්ධයෙන් පැන්ඩ ලියපු අදහස ).ඒ වගේ සිද්ධි එහෙම දැකපු බුද්ධික කුරේර කියන අපේ සහොදරය ගෙ මග පෙන්වීම යටතෙ තමා මම මේකට යොමු වුනේ.
කොහොම හරි පැන්ඩ ලියපු ආටිකල් එක මේ පාර මැගසින් එකෙ පල වුනා..ඉතිං පැන්ඩට සතුටුයි.මොකො ඉතින් ප්‍රසිද්ධ සගරාවක පාඨක පිරිසක් එක්ක පැන්ඩට දැනුම බෙදා ගන්න ලැබුනට. ආරංචි විදිහට සගරාවට දැනට 30 000 ක විතර පාඨක පිරිසක් ඉන්නව ලු. දන්නව ද රූ කියල සඟරාමය CD එකක් තියෙන්නෙ අන්න එකෙත් මේක පලවෙනව...ඕං ඒ කාරණාව ඉවරයි.

කාරණා අංක දෙක:

දැන් මේ සඟරාව විධිමත් ලෙස සංස්කාරක මණ්ඩලයක් එහෙම එක්ක පිලිවෙලට කර ගෙන යනව. ඉතින් මම මේ බ්ලොග් එක කියවන FOSS ගැන උනන්දු අපිට වඩා කාරණා ආදිය දන්න අයට සාදරණිය ඇරයුමක් කරනව ඔයාලගෙ දැනුමත් අරගෙන මේකට දායක වෙන්න. FOSS ප්‍රචලිත කිරීමට හා ඒව භාවිතා කරන අයගේ දැනුම වර්ධනය දායක වෙන්න කියල මම ආරධනා කරනවා එහම නැත්තං ඉල්ලීමක් කරනව.

දැනට පවතින මෘදුකාංග මාෆියාවෙන් ලාංකාව බේර ගන්න දායක වෙමු නැත්තං උත්සාහ කරමුකො.

කොටින්ම අර පැන්ඩ කලින් කිව්ව වගේ අපා ගත නොවි (මීට පෙර මේ සම්බන්ධයෙන් පැන්ඩ ලියපු අදහස ) අනිත් අයට අපා ගත නොවෙන්න අවස්ථාවක් දීල පිනක් කර ගමු.

පැන්ඩ එහෙනං දැනට ඇති නේද ලිව්ව.. හෙට Genta ට ලැජ්ජ නොවෙන්න පොතක් බලා ගමු.


ප.ලි

Genta යනු විස්ස විද්දාලෙදි පැන්ඩන්ට වුනත් කලිසමට shirt එක යට කර දෙපයට සපත්තු පළදා Gentleman කෙනෙක් වීමට සිදු වීමයි.

*************************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Saturday, October 16

ජීවිතේ අපූර්වත්වය



***********************************************
ඔයා මට කොච්චර ආදරේද?
මම ඔයාට ගොඩාක් ආදරේ

එහෙම බැ කොච්චරක්ද?
එහෙම කියන්නෙ කොහොමද කොච්චරක් ද කියල.(කෙල්ලගෙ මූණ මැල වී ගෙන එනව)
කොල්ලටත් දුකයි..

"idea ආගයා"
කොල්ල තමන් අහල තියෙන සියළුම දේවල් අහස,පොලව මේ හැමදේටම වඩා තමන් ආදරෙයි කියල කියනවා.හරියට අම්ම පොඩි කාලෙ මට කොච්චර ආදරෙද කිව්ව වගේ...

කෙල්ලගෙ ඇස් ටික ටික දීප්තියෙන් බබලනව
පුන්චි හිනා රැල්ලක් එනව
පුංචි ආදරණීය හාද්දකින් කොල්ලට ස්තූති කරනව

**********************************************

ආදරේ කියන්නෙ එහෙම මනින්න පුලුවන් දෙයක් ද... නැ..ඒත් අපි හැමොම ආදරෙ කරද්දි ආස ඒ වගෙ උත්තර වලට..

ඕයි පැන්ඩො.මොකටද මේ එන්න හදන්නෙ.දැන් උඹත් හදන්නෙ අර අහිංසක කෙල්ල බොළදයි කියල චාටර් කරන්න ද කියල අහන්න එපා. අනේ නැ පැන්ඩ ඒ කෙල්ල එහෙම දකින්නෙ නැ

එහෙනං, මේ පැන්ඩ අත් දැකපු සිද්ධියක්.මෙව මතක් වෙන කොට අපිටම අපි ගැන ඉබේම හිනා යනව..ඒත් ඒ එක්කම දැනෙනව ඒක තමයි ආදරේ අපූරුව..මොකො තමන්ගෙ කෙල්ල එක්ක ඇරෙන්න වයස 23 ක් 24ක් වෙච්චි කොල්ලෙක් තමන් වටෙ ඉන්න අය එක්ක මෙහෙම හුරතල් වෙන්න ගියොත් බ්ලොග් ලියන්න වෙන්නෙ මට අංගොඩ ඉඳන් තමයි.

මම නං දකින්නෙ අම්මගෙ තුරුලෙ ඉදන් පොඩි කාලෙ හඳ මාමගෙන් කිරි පැනි ඉල්ලපු අපි ලොකු වෙන කොට වටෙ ඉන්න අය හිනා වෙන නිසා ඒ ලමය අපි අස්සෙම හංග ගන්නව...එත් එයා එයාට සුරක්ෂිත කියල දැනුන පරිසරේදි එලියට බැහැල හිතෙ හැටියට ඉන්නව. ආදරෙ කරන කාලෙදි ඒ හංග ගෙන හිටපු ලමයට ආයෙත් එලි බහින්න තවත් අපූරු ලමයෙක් තමන්ගෙ සහකාරිය තුලත් හැංගිල ඉඳල හම්බ වෙනව.

කොල්ලෙක්ට කවදාවත් තමන් ගෙ කොල්ලො සෙට් එක එක්ක අයිස් ක්‍රීම් එකට රංඩු වෙන්න බැ..(මං කියන්නෙ අර සුද්ධ සිංහලෙන් අපි සෙට් එක ටොපි කැල්ලට කැ ගහ ගන්න විදිහට නෙවෙ)එත් ඒ හැම පිස්සුවක් ම තමන්ගෙ සහකාරිය එක්ක කරන්න පුලුවන්.කොච්චර සද්ද දාගෙන ඉන්න කොල්ලෙක් වුනත් තමන් ඇත්තටම ආදරෙ කරන කෙල්ල එක්ක මලක් කඩන වෙලාවට කියන කතා වලින් අනෙ මේ මූ මද කියල හිතෙනව.. ඒ කෙල්ල රවට්ටන්න හුරතල් වෙන්න කියන කතා නෙවෙ.ඒව ඇත්තටම ඒ කොල්ලගෙ හිතෙන් පහල වෙන ඒව.සමහර විට ඌම හෙට කොල්ලො සෙට් එක එක්ක ඉන්න කොට තමන්ගෙ තවත් සගයෙක් එහෙම කෙල්ල එක්ක කතා කර කර ඉන්න කොට පල් එක දායි.

කොහොම වුනත් ඉතින් ඕක තමයි මේ ජිවිතෙ අපුරුව ආදරෙ අපූරුව.අපේ හිත් අස්සෙ හැංගිලා ඉන්න අර පුංචි ලමය එලියට පනින හැටි..ඒත් ආදරනීය තරුණ කාලෙ ගෙවුනත් මෙ පුංචි ලමය අපිව අත හැරල යන්නෙ නැ..ආයෙත් අපි දෙමාපියො වෙලා ඉන්න කාලෙක අපි අපෙ දරුවො එක්ක ඉන්න කොට ආයෙත් අපි අස්සෙ හැංගිලා හිටපු පුංචි ලමය හිතෙ හැටියට එලියට බැහල ඉන්නව.ආයෙත් ඒ දරුවො ලොකු මහත් වෙන කොට අපි ජිවිතෙ එක්ක ඔට්ටු වෙන කොට ඒ පුන්ව් එකා ආයෙත් අපි අස්සෙම හැංගෙනව.

කොහොම හරි කාලයක් ගෙවිල අපි සීයල ආච්චිල වුනාම අපෙ මුණුබුරා ල එක්ක මේ පුන්චි එකා ආයෙත් අපෙ හිතෙ ඉඳගෙන එලියට පනිනව.නිකමට බලන්නකො ටිකක් වෙලා පොඩි ලමයෙක් සීයා හරි ආච්චි හරි ලඟ තියල ටිකක් ඇතට ගිහින් ටික වෙලාවකින් ලමය කවුද වයසක කෙනා කවුද කියල හොයා ගන්න බැරි වෙනව.

ඕක තමයි අපි මේ ගෙවන ජීවිතෙ අපූරුව.

*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

.

Friday, October 8

මගේ පැන්ඩි....


ඉඟ සුග මිටින්
ගන්න බැරි වුනාට
ඔයා මට හැඩයි
මං වගේ පැන්ඩෙක්ට
ඔයා ලස්සන වැඩි

හඳ පානෙ
මාත් එක්ක
සිංදු නොකීවට
මට හැමදේම
එපා වුන වෙලාවට
ඔයාගේ එක වචනයක්
ඇති මාව ජීවත් කරන්න

week ends වල
Beetle car එකක
මාව pick කරන්
රවුම් නොගැහුවට
මා දකින්න
පැය ගණන්
බස් වල
කටු කාපු ඔයා
පණටත් වඩා
මට වටිනව

රටේ ඇති
රස බොජුන්
දහස් ගණන්
දීල මට
ඇරන් නොදුන්නට
ඔයාගෙ අතින්
උයල ගෙනව්ත්
මට කවපු බත් කට
දිව්‍ය භොජන වගෙ

පැන්ඩ ලෙඩ වුනාම
ඔය ඇස් වල
කදුළු පිරුන
හැටි දැක්කම
මට මගෙ ලෙඩ
අමතක වුනා

කැම්පස් බොඩිමෙ
කැම නැති වුනාම
ඔය ඇස් වලට
කදුළු උනපු
හැටි දැක්කම
බඩෙ ගින්දර
නිවා ගෙන
ආදරේ ඉතිරුනා

මගේ මොඩ වැඩ
ඔය හිත රිද්දන කොට
ඒ හැමදේම
හිනාවකින් දරා ගෙන
මට ආදරෙ කලා

තරහා, වෛරය
දුක, පසු තැවිල්ල
ආදරේට සමාන වචන
වී ගෙන එන යුගයක

ඒ මුකුත් නැති
ඔයාගෙ
අහිංසක ආදරෙ
මට දැනෙනව
මාව ජීවත් කරනව




*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.


Tuesday, October 5

21 වන සියවසෙ චෞරයන් වෙමු අපි


පවසයි
ආඩම්බරෙන්
අපෙන් කාටවත්
නැ නොව හිංසාවක්

අපි අපේ පාඩුවෙ
බලාගෙන film එකක්
කියො
ගෙන E-පොතක්
ගෙවනව අපේ ජීවිතෙ

කොහෙන්ද බං film?
නෙට් එකෙන් බෑව

කොහෙන්ද බං පොත් ?
එකත් නෙට් එකෙන්

අවුරුදු ගණන්
වෙහෙසිලා
අධ්‍යක්ෂක
හදපු film
අපි බානව
පැදුරටත් හොරෙන්

අවුරුදු ගණන්
හොයල බලල
කතුවරයා
ලියාපු පොත්
අපි බානව
ක්ලාස් ගන්න

අපා ගත වෙන්න
ඉතින් දැන්
සැරසෙන්න



*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.



Friday, October 1

අපේ විස්ස විද්දාල උපාධිය

විස්ස විද්දාලෙන්
පිටවෙන අපේ
ජීවිත

දිවි හිමියෙන්
පෙමි කර
දූෂණය වු
යුවතියකගේ සේ මැයි

තුරුලට ගෙන
තොදොල් බස් තෙපලු
කඩවසම් ඔහුට (උපා
ධියට)
වශී වුනෙමු පෙමි බැන්දෙමු

බඹසර බිඳ
ඔහු ගියදා
හඩනු හැර
නැත සරණ

නඩු දමා
කැ ගසා
ලද හැකි මුත්
සරණ

නිමාවී
හමාරයි
හතර වරිගේ
නම්බුව

කට පියා
දෑත් බැද
හිදින්නෙමු
ඒ නියාවෙන්

සරසවා
හැඩ දමා
රැගෙන යනු
ඇත දිනෙක

දුටු දාට
සත්‍යය
අහිමි බව
බඹසර (දැනුම)

ලිප් බොක්කෙ
සැගව
ගෙවයි අදුරේ
දිවිය

*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Related Posts with Thumbnails