Monday, November 29

පිංගුත්තර නම් සමාජය විසින් පහත් කරන ලද තවත් එළ කොල්ලෙකි..

මුලින්ම සීන් එක මෙහෙමයි...අද පැන්ඩට බඩේ අමාරුව..ලෙක්චර්ස් ගියෙත් නැ...බඩේ කැක්කුමට දෙහි එක්ක ඇම්.ලිවේරිස් වෙද මහත්තයගෙ ක්‍රීම් රාජ ගුලියක් ගහල ඉන්න කොට තමයි මේව ඔලුවට ආවෙ.ඔය අපේ කැලණිතිස්ස අයිය (කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය) නම් ඒවට කියන්නෙ කි* රාජ ගුලි කියල..ඕකෙ ස්මෙල් එක එකේ වගෙ ලු...අපි නම් දන්නෙ නැ ඕව..

තව එකක් මගෙ විස්ස විද්දාලෙ සගයෙක් හොද බ්ලොග් එකක් කරනව අලුතෙන්..පැන්ඩගෙ හිතවතා..පරිඝනක ක්ශෙත්‍රයෙ ඇත්තන්ට වැදගත් වෙයි...කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය

දැන් කතාව ඊ මෙල් වලට ඇවිත් තිබුනා අපූරු මේල් එකක්..දැන් ඕක මට මේකෙ ටයිප් කරන්න බැ..එ හින්ද මෙන්න පින්තුර තුනම මෙකෙ දාන්නම්..ඕක කිල්ක් කරල කියවල බලන්න කො.



පැන්ඩ ට ඔය ගීයෙ ප්‍රෙමයෙ පරිත්‍යාග ගැන හරිම අපුරු සංවේදී හැගීම ගොඩාක් පහළ වුනා...කොච්චරද කිව්වොත් ආයෙත් මම සිංදුව අහගෙන කියවල බැලුව..කොච්චර නම් හොද අපූරු ප්‍රෙමවන්තයෙක් ද ? කාට හරි ඇත්තටම තෙරෙනව ද ඒ හිතෙ කොච්චර ආදරයක් තියෙන්න ඇතිද ඒ කෙල්ල ට..හුගක් අය ආදරෙ කරද්දි ඉන්නෙ මම කියන සංකල්පයෙන් ම විතරයි..මට ආදරෙ මගේ ආදරෙ මගෙ සතුට මම ගැන හොයල බලන එක...ඒත් මෙ තරුණයා මම කියන සංකල්පෙන් මිදිල ඇය ඇයගෙ යහපත ඇයගෙ සතුට ඇයගෙ නිදහස කියන දේ ගැන හිතනව...දන්න අය දන්නව ඒක කොච්චර ලොකු කැපකිරීමක් ද කියල..එ වගෙ කැපකිරීම් කරන්න පුලුවන් බොහොම උසස් මනසක් තියෙන ආදරවන්තයින් ට විතරයි...අද කාලෙ හුගක් අය ආදරෙ දි හිතන්නෙ තමන්ගෙ කෙල්ල තමන්ට හිමි භාණ්ඩයක් කියල..කෙල්ල තමන්ට ආදරෙ කියන්නෙ තමන්ගෙ හැම ඕනි එපා කමක් ම ඇය අතින් ඉටු වීම කියල..ඕව ගැන නම් කතා එමටයි..





දැන් පිංගුත්තර කතාව..ඔයාලට පිංගුත්තර කිව්වම ඔලුවට එන්නෙ කොහොම මනො ච්ත්‍රයක් ද? බොහොම නියාලු නිවට කෙල්ලෙක් ගෙ පහසක් නොලබන කෙනෙක් කියල නේ ද?
ඒත් දන්නව ද හරි නම් ඔය ඇත්ත පිංගුත්තර කියන්නෙ හොද කෙලින් කතා කරන තමන් ට අවශ්‍ය දේ හරියට තොරල බේරල ගන්න පුලුවන් කමක් තියෙන ගැනු ළමයෙක් ගේ ගෞරවය ගෞරවාන්විත විදිහට රැකපු තරුණයෙක්.

ඇත්තටම පිංගුත්තර ගැන මෙහෙම නරක හිතුවිල්ලක් ඇති වෙන්න එක හේතුවක් තමා මේ පිංගුත්තර ජාතක පොතේ අදුන්නල දෙන විදිහ.."ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය.

දැන් පැන්ඩ මොකො ජාතක පොතට විරුද්ධ වෙලා පිංගුත්තර පොර කරන්න හදන්නෙ.ජාතක පොත වෙබ් අඩවියෙන් මම මේක කියවද්දි මට මේක දිහා මෙහෙම පැත්තකින් තමා හිතුනෙ..ඕව් පැන්ඩො ජාතක පොත එහෙම කියවනව.ප්‍රශ්නයක් නැනෙ එකෙ.

කෙටියෙන් කතාව කියන්නම් කො.දැන් ඔය පිංගුත්තර කියන තරුණයට ගැනු ලමයි ගැන වැඩි ඇල්මක් නැලු..මිනිහට ඕනි ජීවිතෙ තමන්ගේ පාඩුවෙ ගෙවන්න ලු.ඒත් කොකටත් ඉගෙන ගන්න එක හොදයි නේ කියල මිනිහ දිසාපාමොක් ගෙන් ඉගෙන ගත්තලු..නැ නැ රොටරි එකෙ සක්ය එකෙ නෙවෙ..දිසාපමොක් ගෙ ගෙදර..ඉතින් ඒ කාලෙ තිබුන නෙවැ සිරිතක් හොද ශිෂ්‍යන්ට තමන්ගෙ දුව පටලව ල දීල ෂෙප් වෙන සීන් එකක්..දැන් තිබ්බ නම් කොහොමට තියෙ ද? දැන් ඔන්න පිංගුත්තර ට ත් ඔය හෙණෙම කඩා පාත් වුනා ලු.මොනා කරන්නද ඉගෙන ගත්ත ගුරු ගෙ වචනෙට පිටු පාන්නත් බැ එත් පොරට කෙල්ල දිර වන්නෙත් නැ.ඔන්න ඉතින් එදා රෑලු වැඩෙ.පිංගුත්තර ඇදෙ ඉන්න කොට කෙල්ල ඇදට එනවලු..පිංගුත්තර බිමට යනවලු..කෙල්ල බිමට එනකොට පින්ගු ඇදට යනවලු..ඔහොම ටිකක් වෙලා ගිහින් වැඩෙ නැවැතුව ලු කෙල්ල..(නැ නැ මුකුත් වුනේ නැ ගැනු ලමය තාම ගැනු ලමයෙක්) පින්ගු බිම නිදා ගත්ත.කෙල්ල ඇදෙ නිදා ගත්ත.මේ මේව පැන්ඩ ආතල් දෙන්න අතින් දාල කියනව නෙවෙ ජාතක පොතේ තියෙන්නෙත් මෙහෙමයි..එකම දේ මම කියන්නෙ සරල සිංහලෙන්..එච්චරයි.බොරු නම් බලන්න කො 294 වෙනි ජාතක කතාව

පහුවෙනිද ඉතින් පින්ගු ඔය ලමය එක්ක ගමට යන්න පිටත් වුනා ලු.දැන් පින්ගු කල්පනා කලාලු මේ ලමය ගෙන් ගැල වෙන්නෙ කොහොමද කියල. ලමය අතරම් කරල යන්නත් බැ..හැබැයි පින්ගු දන්නව මම මුකුත් කලෙත් නැති නිසා කෙල්ලගෙ ගෞරවයෙ රැකපු නිසා ලමයත් හැඩ හින්ද කවුරුහරි කෙනෙක් ලමය ගෙනි යන බව.ඉතින් පින්ගු කරපු වැඩෙ කෙල්ල පැලැනක් ගහල ගහකට නැග්ගුවලු..ඊට පස්සෙ ගහ වටේට කටු අතු දැම්මලු..දැන් කෙල්ලට ආරක්ෂාවයි..කෙල්ල දැන් බැහැ ගන්න බැරි නිසා ගහේ ඉන්නව ලු පින්ගු ගියාලු..රජ්ජුරුවො යනකොට ගහෙ හිටපු සුරූපි කෙල්ල දැකල හිතක් පහල වෙලා ඇන්න ගියා ලු. ඔහොම ගිහින් කෙල්ල සැපෙන් බිසව වෙලා උන්නලු. 

ඕකෙ තව ටිකක් තියෙ..මොකො බොසත් සම්බන්ධ වෙන්නෙ ඉදිරියෙ දි..එත්කොට නෙ ඕක ජාතක පොතට approve වෙන්නෙ.කොහොම හරි ඔය කතාවෙ අන්තිමට ජාතක පොතේ රචකයාට අමතක වුනා කියන්න පින්ගු ගෙ යහපත් හැසිරිම නිසා තමයි මේ කෙල්ලට එහෙම හොඳ කලක් උදා වුනෙ කියල.ජාතක පොතේ හිතුවෙත් අනේ මොඩය කෙල්ල අත ඇරිය කියල නෙ..මට හරිම කෙන්තියි එවලෙදි නම් ජාතක පොතේ පටු අදහස ගැන..
පින්ගු ඒ ලමය තමන්ට එපා වුනත් එදා රැ අර නොකරපු කටයුත්තත් කරල කෙල්ල එපා හින්ද මාරු වුනා නං ද පින්ගු පොරක් වෙන්නෙ...පින්ගු ඒ ලමයට අකමැති හින්ද ඒ ලමයගෙ ගරුත්වය රැකෙන විදිහට හැසිරුන හින්ද නෙවෙ ද රජතුමා කෙල්ල ඇරගෙන ගියේ...

මොකො රජ්ජුරුවො හොයන්නෙත් වර්ජින්ස් ල නෙ..සමහර විට රජාගෙ වර්ජිනිටි එක නැති වුනෙ 9 වසරෙදි විතර වෙන්න ඇති ඒත් තමන්ට ගේන බිසව වර්ජින් වෙන්න ඕනි..අදත් බොහොමයක් උදවිය ඔහොම තමයි තමන් වැරදි කරල කසාඳ බදින්න ගියාම සුදු රෙදි හොයනව..හැබැයි තමන් ට ත් යටින් සුදු රෙද්දක් එලුවම ඒකෙ ඉරුනු හෘද සාක්ෂියේ ලේ තැවරෙන්නෙ නැත්තං තමන් කුමර බඹසර රැක්ක නම් ඒ විදියෙම කෙල්ලෙක් හොයන්න එයාට සාධාරණ අයිතියක් තියෙනව.

දැන් කොහොම හරි පින්ගු ගේ හැසීරිම උසස් මානුෂික ලක්ෂණයක් නෙවෙ ද? තව එකක් පින්ගු ට තිබුන න නෙ එහෙනං තමන් ආදරෙ නැතත් තමන්ට පවරල දුන්න කෙල්ල නෙ කියල ගෙනිහින් තමන් ට දාසියක් කරගෙන තමන්ගෙ ඕනි එපා කම් ටික ඉටුකර ගන්න.මොකො ඒ කාලෙ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංවිධාන තිබ්බෙත් නැනෙ.අර කෙල්ලත් දික්කසාද නඩු දාන්න ද..දිසාපාමොක් ගෙ ගෞරවය ගැන හිතල තමන්ට ආදරෙ නැති සැමියෙක්ට දාසියෙක් වෙලා ඉන්න නෙ වෙන්නෙ..අද කාලෙ නම් එහෙම ඒව වෙනව..ඒත් පින්ගු එහෙම කෙනෙක් නෙවෙ,පින්ගු හිතුවෙ ඒ ලමයට කැමති කෙනෙක් ට ඒ ලමය ලැබෙන්න වැඩ කරන්න.එහෙම කරපු පිංගුත්තර නේ මේ සමාජය බලු කලේ..

කොහොම හරි බඩේ අමාරුවත් අමතක වුනා මේව ලියන්න ගිහින්..වැඩ අධික හින්ද මුකුත් ලියන්න බැරි වුනාට හැමොම ලියපුව කියෙව්ව..


ප.ලි
සිංදුව ඕනි අයට ලින්ක් එක. http://www.filestube.com/909a59d82cf1e67303ea,g/Hanthanata-Payana-Sanda.html

Thursday, November 25

පොත් වලින් විවර නොකළ ලෝකය...

හෙණ ගගහ වහිනව ලු
මල් වැහි වැටෙනව ලු
ඉර පායනව ලු
ඉර බැහල හඳ පායනව ලු
ඒත් මම නෑ නොවැ දැක්කෙ
පොත් ගොඩ අස්සෙ
තිබ්බෙ නැ නොවැ කවුළු
දකින්නට සුන්දර දසුන්



Saturday, November 20

මම අමුතුයි ද?


හඳ ට පෙම් කළෙමි
නොසිතාම තවත්
ග්‍රහ වස්තුවක් ලෙස
පෝය ළගැයි කියන
අඩන කොට සනසපු
හඳ මාමා ලෙසම

ටැංකියේ ඉන්න 
ගෝල්ඩ් ෆිෂ් ට නොව
පහළ ඇලෙ උන්නු
තිත්තයට ආදරෙ කළෙමි

බණ පදයක් ඇසුයෙමි 
බණ පදයක් විමසුවෙමි
පන්සල ට ප්‍රිය කළෙමි
තෙරුණ් ඇසුර ලද්දෙමි

රුවට වඩා පුතුට පෙම් කළ
මවකගෙන් කිරි බී වැඩුනෙමි

මිත්‍ර ඇසුරට, රහ මෙරට නොව
පුතුට පෙම් කළ පියෙකුගෙ
ඇසුර රැකවරණය ලැබුවෙමි.

නයිට් ක්ලබ් එකට් නොව
සඳ එළිය වැටුන කාමරෙ 
පොතක් කියවමින්
රැය ගෙවන්නට 
ප්‍රිය කළෙමි

මගේ ජිවිතේ අමුතුලු
කිසි ගතියක් නැලු
මොලො රහක් දැනෙන්නැලු
කෙනෙක් පවසයි

අමුතු වුනත් මට මොකො
මගෙ ගතිය මම දනිම්
ලොව නොදකින රහ මම විඳිමි
මට රිසි සේ ගෙවමි.


above photograph is from http://www.flickr.com/photos/yamuni/3406509606/ by Yamuni Rashmika



 

Tuesday, November 16

කෙනෙකුගෙ සතුට සතුටින් ඉවසිය නොහැකි හිත්


මහළු බව පසෙක ලා
අම්තාබ් ප්‍රීතියෙන්
තම පුතු සමඟ 
සුරූපී ලේලිය හා එක්ව
අපූරුවට රඟනයුරු දුටු

බිරිඳගේ නිවසට වී
අසල් වැසියන්ගේ
ඇඳ හොයන
බිරිඳට කඩා පනින
සිතින් මහළු තරුණයා

"විකාර, වයසට කළ යුතු වැඩ දැයි"
කොපයෙන් මුමුණමින්
විසල් වූ දෙනෙතින්
මුව අයා බලා හිඳියි

 

Monday, November 15

බ්ලොග් ලියන පැන්ඩා අර්ධ ශතකය පසු කළ වගයි



පැන්ඩ අහම්බෙන් හරී අපූරු සිද්ධියක් දැක්ක නොවැ මගේම බ්ලොග් එකෙ...එක දැක්ක ගමන් පැන්ඩට ආව නිකන් හිනාවක් එක පාර උණ ගහක් වුනත් ඔබන්න පුලුවන් තරමට කටත් ඇරිල.

දන්නවද පැන්ඩ බ්ලොග් පොස්ට් 51 ක්ම ලියල නොවැ..හරි වැඩෙ තමා..දෙන්න ඕනි නේද මුව අල්ලගෙන බඩ පිරෙන්න..නරකද කට්ටිය මාව තද කොරල අල්ලගෙන එක්ක ගිහින් පිරෙව්ව නං බඩ ගෙඩිය...මැක්ඩොනල්ඩ් මාමා  ගෙ හරි කෙන්ටකි මාමා ගෙ බැදපු කුකුල් කඩෙ නං බැ ඕං.දන්නව නේද කස්ටිය පැන්ඩ කන්නෙ සතෙක් මරල කියල අවබෝධ වුන පොඩි අවධියේම මස් මාළු කෑම අත්හැරිය බව.කොටින්ම මූ නං පැන්ඩෙක් ම තමයි .ශාක භක්ශකයි එහෙම් පිටින්ම..ඒ හින්ද ඉතින් හොඳ වෙජිටෙරියන් සයිවර් කඩයක් තමයි.
මේ දවස් වල ශාන්ති විහාර් වහල නිසා අර විශාක එක කිට්ටුව ගාළු පාරෙ තියෙන සරස්වතී එකට වත් යමුද ?

කොහොමින් කොහොම හරි පැන්ඩගෙ සිතිවිලි වල page views ප්‍රමාණයත් දහ දාහ පැනල.මේවට මම මගෙ බ්ලොග් එකට එන වාර ගාණ ඇතුලත් නැ හොදේ,,අර cookie එකක් ඉන්ස්ටොල් කරල තියෙන්නෙ මාව කවුන්ට් නොවෙන විදිහට..

කොහොම හරි කාලයක් බ්ලොග් කියවල අන්තිමට මේ අවුරුද්දෙ වෙසක් දවසෙ පළවෙනි පොස්ට් එක දාල පටන් ගත්තු බ්ලොග් එක ආපු ගමන ගැන මට හරි සතුටුයි. දැන් මම මේකට ඇබ්බැහි වෙලා වගේ.හරියට මාස 6ක් ගෙවිලා. ඇත්ත ඔය පොස්ට් 51 එක අස්සෙ වැදගත් නොවැදගත් ඔය හැමදෙම ඇති.මම කියන්නෙ නැ මේ පොස්ට් ඔක්කොම පට්ට් සිරා ඒව කියල.ඒත් ඉතින් පුන්චි සතුටක් තියෙ.මම නිකමට බැලුව මේක නිකං අච්චාරුව වගෙ..හැම මගුලක් ගැනම ලියල..කවි,ආදරෙ,දේශපාලනයෙ ,විකාර, පෞද්ගලික අත්දැකීම්,ටෙක්නිකල් අනං මනං හැමදේම..එකෙත් අමුතු රහක් තියෙ.

දැන් කියන්නම් මෙ පොස්ට් එකෙ අරමුණ . මට මේක ලියන්න මගේ පැන්ඩි ගෙ ඉඳන් කතා කරපු උදව් කරපු අදහස් කියපු ගණන මෙපමණයි කියන්න බැ.ඒ හැමොටම පැන්ඩගෙ හදවතින්ම ස්තූති වෙනව.හුගාක් පින්.

මට ලැබුණ ලොකුම දේ තමා මේ බ්ලොග් අවකාශෙදි මට ලැබුණ යාළුවො රොත්ත..මට එකට නම් හරිම සතුටුයි..ඒ හැමොම මට දීපු මිත්‍රත්වයට හුගාක් ස්තූතියි.මගෙ බ්ලොග් එක ලොකෙට පෙන්නපු සින්ඩි වල ඇත්තන්ට ත් හුගාක් ස්තූතියි.

ඉතින් එහෙනං අපි හැමොටම ජය වේවා...නිදුක් නිරොගි සැපවත් සාරවත් ජීවිතයකට ඔය හැමොටම සුභ පතනව.


Sunday, November 14

පෙන් එකක් තියෙද ? එකෙන් උපරිම ප්‍රයොජන පහසුවෙන් ගන්නව ද?


අද කාලෙ ඉතින් බොල් පොයින්ට් පැනක් අතෙ තිබ්බෙ නැතත් හැමොම ගාව යු එස් බ් පෙන් තියෙනව නේද?

දැන් ඕක ගෙදර කම්පිතරෙ ගහල මොනා හරි පටො ගෙන ලොකෙ වටෙ ට බෙදල තියෙන එව උස්සගෙන ඇවිත් ආයෙත් කම්පිතරෙට ඔබනවට වඩා ඇරෙන්න වෙන කොච්චර වැඩ තියෙද ?

පැන්ඩ ට මෙ දවස් වල වැල් වටාරම් ගහ ල හැඩ කරල කතා ලියන්න විවෙකයක් නැ ආයිබෝං. සංගමෙ එකමුතුවටත් එන්න බැරි වෙයිද කියල හරි වෙදනාවෙන් ඉන්නෙ.. 

දැන් මෙහෙම නෙ කස්ටිය ඉන්නව කම්පිතර දෙකක් හාවිතා කරන..එකක් ගෙදර අනික රැකියා ස්ථානයේ හො අපෙ වගෙ නම් යුනි එකෙ ලැබ් එකෙ.දැන් ඉතින් එතකොට අපි ඔය තැන් දෙකෙදිම නිතර භාවිතා කරන ඩොකියුමන්ට් තියෙනෙ. මෙහෙම හිතන්නකො ප්‍රොජෙක්ට් එකක බරටම වැඩ දැන් අපිට ඔය ප්‍රොජෙක්ට් එකට එතකොට පෙන් එකෙයි ගෙදර කම්පීරෙයි ෆොල්ඩර් දෙකක් තියෙ.දැන් ඉතින් ගෙදරින් පිට කරන වැඩ පෙන් එකෙන් ගෙදර කම්පීතරෙට අප්ඩෙට් වෙන්නත් ඕනි ගෙදර දි කරපු වැඩ හෙට අයෙත් වැඩ කරන තැනදි continue කරගෙන යන්න පෙන් එකට යන්නත් ඕනි.කොටින්ම කිව්වොත් synchronization.

දැන් ඉතින් ඕක මැනුවල කරන කොට වෙන්නෙ මොකොද අන්තිමට රට පැටලිල ඔනි එව මැකිල නැති එව ඉතුරු වෙලා අමාරුවෙන් ලැබ් එකෙදි ලියපු ප්‍රොගැම් එක ගෙදර ගෙනහල පටලව ගෙන වෙන එකක් කම්පිතරෙට දාල එක මකල. නැත්තං රැ තිස්සෙ නිදි මරාගෙන ලියල ඒක නෙවෙ වෙන එකක් පෙන් එකෙ දාගෙන ආයතනයට ගෙනිහින්. ඔක්කොම ටැපලෙනව.

ඇයි ඉතින් ඔය වැඩෙ කරල දෙන්න පුන්චි මෘදුකාංගයකට භාර දෙන්නෙ නැත්තෙ. Sync Toy ,මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න. ෆ්‍රි හින්ද ක්‍රැක් කරන්න පවු කරන්න ඕනි නැ. 

සීන් එක මෙච්චරයි ඉන්ස්ටොල් කරගන්න.ඊට පස්සෙ මෙන්න මෙතනින් කම්පිතරෙ අදාල ෆොල්ඩර් එක පෙන් එකට ලින්ක් කරගන්න.
 දැන් ඔතන left එකට කම්පිතරෙ සින්ක්‍රොනයිස් කරන ෆොල්ඩර් එක හා right කියන තැනට එක පෙන් එකෙ වෙන්න ඕනි ෆොල්ඩර් එකයි දෙන්න.අලුත් ෆොල්ඩර් එකක් පෙන් එකෙ හදලම දෙන්න කො.

දැන් ඉතින් ඉදිරියට ඔයා පෙන් එකෙ මෙ ෆොල්ඩර් එකට මොනව කොහෙන් දැම්මත් තියෙන ෆයිල් එකක් වෙනස් කරත් ගෙදර ඇවිත් පෙන් එක කම්පීතරෙට ගහල සොෆ්ට්වෙයාර් එක රන් කරපු ගමන් මැශින් එකෙ අප්ඩෙට් වෙයි.

 තව ඉතින් ඔය කමිපීතරෙ තියෙන ෆොල්ඩර් එකට ඔයා රැ තිස්සෙ නිදි මරාගෙන හොයල ඇඩ් කරපුව තියෙන ෆයිල් වෙනස් කරපුවත් සොෆ්ට් එක රන් කලාම පෙන් එකෙ ෆොල්ඩර් එකෙ අප්ඩෙට් වෙනව. දැන් ඉතින් ඔෆිස් ගියාම හරි ලෙක්චර් එකට ගියාම හරි දෙලො රත් වෙන්නෙ නැ පෙන් එකට හරියට ඔක්කොම දාගෙන එන්න බැරි වුනා කියල.


ඕං එහෙනං පැන්ඩ ගියා...වැඩ වැඩ වැඩ ගොඩ ගැහිල..ලින්ක්ස් පරිභොගිකයින්ට නම් පොඩ්ඩක් කොක්ක තමා විසදුමක් ඇති හොයල බලමුකො හොඳේ...




Saturday, November 13

ආශ්චර්යමත් දිවයින හා වරිපනම් බදු ක්‍රියාත්ම වීම

පලවෙනි රූපය : බදු ගෙවීම




 දෙවනි රූපය : වරිපනම් බදු ක්‍රියාත්මක වීම හා කොළඹ යට වීම






තෙවෙනි රූපය : ආසියාවෙ අශ්චර්ය ක්‍රියාත්මක කිරීම


"a picture is worth a thousand words"


හෆොයි (ඒ කවුද ඒ හෆොයි කිවෙ අපේ පරණ රෙපා වත් ආවද ),...මේව මේ සීතලට වැස්සට පැන්ඩගෙ ලොම් තෙම්ල කහනවට දාපුව හොන්දෙ.නැතුව ඉතින් මේව ගැන වැඩ්දුර හිතන්න එහෙම එපා.අන්තිමට කොහෙන් නවතීද දන්නෙ නැ මේ විකාර ගැන හිතල..අපිට ජය වෙවා..





නරපණුව, මේ කිනම් දිවයින ද?


නරය මේ කිනම් දිවයින ද?
මේ උතුම් ශ්‍රී ලංකා ද්වීපයයි.

මට තොප විශ්වාස නැත
ශ්‍රී ලංකාව නම් මනරම් දිවයිනකි

උදුල් නම් නරපණුවා 
වෙසෙන්නෙ මෙහි නොවෙද? 

උදුල් ඒ කවුද යකො ඒ?

මීට දින 14 කට පෙර
සිරගත වූ නරයා

මා හට නිච්චියක් නැත දේවයිනි

එසේ නම් මේ ශ්‍රී ලංකාව මැයි



පසු වදන : මීට පෙර මා ලියු ලිපිය "උදුල් හා එස්.බි" http://pandaslif.blogspot.com/2010/11/sb.html. ඉන් පසුව අද වන තුරු කවුරුත් මට මේ ගැන වැඩිය මුකුත් කියනව ඇහුනෙ නැ 

ඇත්තටම එතකොට ලංකාවෙ අපිට හැමදෙම දවස් 14න් මතක නැ කියල ප්‍රභාකරන් කියපු දේ ඇත්ත ද? ඒක හොඳ ද නරක ද?ඕකට විවිධ පැති විවිධ අවස්ථා වලට අනුව තියෙනවා..අපිට මොකක් හරි ජීවිතෙට බලපැමක් වෙන එහෙම නැත්තං දුකට පත් වෙලා හිත හිත විඳ වන්න වෙන සිද්ධි නම් ඔහොම අමතක වෙන එක හොඳයි කියන එක තමාපැන්ඩාගෙ මතය.එත් ඕනි කරන හැමදේම ටික දවසින් අමතක වෙලා යන එක එච්චර හොඳ නැ නේද? 

එතකොට තව දෙයක් මතක් වුනා..පැන්ඩ ගෙ ඉන්නව හොඳ මිත්‍රයෙක්. මිනිහ කරන්නෙම පුන්චි නිවාඩුවක් ලැබුන ගමන් දන්න අදුරන කෙනෙක් ඉන්න ඇත පළාතක ඇවිදින්න යනවා,එහෙම යන කොට ඉතින් විවිධාකාර අය මුණ ගැහෙනව නෙ..කතාව කෙටියෙන් කීවොත් මෙච්චරයි. මේ අතරෙදි හම්බු වෙලා තියෙනව නිවාඩුවට ගෙදර ඇවිත් ටිකක් මත් වෙලා හිටපු හමුදා සෙබෙලෙක්...දන්නවද මොකද්ද කියල තියෙන්නෙ " මල්ලි අපි ඇවිල්ල මේ රටෙ හොඳට ගෞරවයෙන් හිටපු මිනිස්සු..ඒ දවස් වල ප්‍රභාකරන් ලොක්ක ඉන්න කාලෙ තමයි මිනිසුන්ට අපෙ වටිනාකම දැනුනෙ.දැන් අපිව බල්ලෙක් වත් ගණන් ගන්නෙ නැ..එකට ඒ දවස් වල බලන්න එපැයි යුද්දෙ ඉවර වුන ගමන් එක දවසට පිලිගැනීම උත්සව දෙක තුනක් තියෙ."..ඒත් දැන් අපි බලු වෙලා කිව්වලු ඇස් දෙකෙ කදුළු පිහ පිහා.

පොඩ්ඩක් බීල හිටියත් ඒ කියන්න ඇත්තෙ තමන්ට ඇත්තටම දැනෙන දේ නේද? ඒ වීර හමුදා සෙබළු නොහිටින්න අද අපි මෙහෙම බයක් සැකක් නැතුව යන්න එන්න ද? ඇයි අපි මෙච්චර ඉක්මණට ඒව අමතක කරන්නෙ..එහෙම කරන්න එපා..අත් වාරුවක් අරගෙන බස් එකට නගින හමුදා සෙබළට සීටි එක දෙන්න අමතක කරන්න එපා.එයාල අද අබාධිතයො වෙලා ඉන්නෙ අපි වෙනුවෙන් සටන් කරල.එයාලට තියෙන එකම සැනසිල්ල අපි එයාල එක්ක ඉන්නව එයල කරපු විශිෂ්ඨ ජයග්‍රහනයට අපි එයාලට ගෞරව කරනව කියන හැගීම.

ඉතින් ජිවිතෙ ඕනි එකයි එපා එකයි කර ගහ ගෙන අමතක නොකර ව්ඳවන්න කියල නෙවෙ පැන්ඩ කියන්නෙ.. අනවශ්‍ය දේ දෙපාරක් නොහිත අත හරින්න..ඒත අවශ්‍ය දේ හරියට තොරා බේරා ගෙන මතක තියා ගන්න..

පැන්ඩ ගියා ඔන්න..වැඩ ගොඩායි..ටික දවසකට දකින්න නොලැබේවි..කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් අමාරු වෙයි...එත් පුලුවන් කමක් ආපු ගමන් දුව ගෙන එන්නම්.


 

Wednesday, November 10

සාන්තුවරයින් විසින් ස්ත්‍රින් 81 දෙනෙකුට හා එම පවුල් වලට ගල් ගැසීමට නියම කිරිම..


" උඹ දැක්කද මචං ?
මොනාද බං ?
අර සිවේයන්ගෙ පොටො?
මොන සිවේයන්ගෙද බං?
අර පට්ට සිවේයන්ගෙ
පොටො ටික 
මාධ්‍යයෙට දීලලු "

කෙලෙස් ප්‍රහීණ කළ
රහත් බව ලද
තරුණයකු විසින්
මා විමසූ අයුරුය

සාන්තුවරයින් සිටින
පාතලය කැබිනට් යන
වෙනත් කිසිඳු වරදක්
සිදු නොවන රටක
තම සිරුර පෙන්වූ
ස්ත්‍රීන් පමණක්ම 
වරදකරුවන් වූ වගයි

මේ සියළු ස්ත්‍රීන්
අනාචාරයේ හැසිරුනෙ
චිත්‍රපටි තැනුයේ
පිරිමි පුලුටක් නොමැති
අපුරුම රටකය


රෝගාතුරු මවට
 වියපත් පියාට
පාසැල් යන මල්ලිට
සහයක් වන්නට
ඇඳි වත මුදා හල
අහිංසක යුවතියන්ගේ
පවුල් පිටින් වනසා
රට ධාර්මික කරන
පාලකයින් වෙසෙන
ධර්මද්වීපය යි මේ.


පසු වදන : පැන්ඩා නං කවදාවත් ලාංකාවෙ වාණිජමය අරමුණින් නිෂ්පාදනය කරන ලද නිල් චිත්‍ර පටියක් ගැන අසා නොමැත.. මා සොයා ගත් කරුණු වලට අනුව මේ බොහොමයක් නිල් ච්ත්‍ර පටි යනුවෙන් හදුනා ගෙන ඇති වීඩියො එම යුවතියකගෙ අනුදැනුමකින් තොරව රවටා පිරිමිකමට නිගා කරන අධම පෙම්වතුන් ව්සින් රූ ගත කරන ලද වීඩියො පටයි..එසේත් නොමැති නම් ප්‍රසිද්ධියට පත් නොකරන බවට පවසා අහිංසක යුවත්යින්ගේ අවසරය යටතෙ විඩියො කොට පසුව ඔවුන්ට හොර රහසෙ අන්තර්ජාලයට මුදා හල විඩියො වේ.

සිද්ධිය එසේ නම් වී ඇත්තෙ ඔවුන්ට බලවත් අසාධාරණයකි..එසේ නම් සදාචාරාත්මක රජයක් විසින් කළ යුත්තෙ මෙම යුවතියන් රැවටීමට ලක් කල අධමයින් සෙවීම විනා ඔවුන් ගේ ජයාරූප මෙසේ ප්‍රසිද්ධියට පත් කර ඔවුන් කබලෙන් ලිපට ඇද නොදැමීම බව පැන්ඩාගෙ අදහසයි.අහිංසක දෙමාපියන් හා සහොදර සහොදරයින් මහත් ව්‍යවසනයකට පත් වන බවක් තෙරුම් ගැනීමට තරම් වත් මෙම පාලකයින්ට අවබොධයක් නොමැති ද?


ඕං සුදු වැන් එකක් එනො...දුවපියො..මොකද්ද බං ඩොල්ෆින් එකක් ද? ඔන්න මම නං එන්නෙ ඩොල්ෆින් සුදු වැන් වල විතරයි..

 

Friday, November 5

දැනුම


 බුද්ධිය නැමති
ප්‍රගුණ වූ හස්තයෙන්

අවිද්‍යාවට එරෙහිව  
හැසිරවිය යුතු

දෙපැත්තම කැපෙන
මුවහත් අසිපතකි

Wednesday, November 3

උඳුල් හා s.b


වසංගත පතුරොන
විෂ බීජ දුරලන්න
අතුරු ආබාධ 
බොහො ඇති
පිළිකා කාරක 
බෙහෙතකි 


********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Monday, November 1

විජයාවගමනය නිකං ව්දේශීය ව්සිට් එකක් විතරක් ම වේවා...

මාර නොන්ඩිය නෙ
අපි විජයගෙන් නං පැවතෙන්නෙ
ඇයි?

රටින් සස්පෙන්ඩ් කලාලු නේද?
එහෙ කේස් ගොඩයි ලු නේද?
ඉවසන්න බැරි වුනාලු පිය රජුට
පස්සෙ පුතා වුනත් පල කිව්වලු

පස්සෙ cruise කරද්දි
ආවලු ලංකාවට
සෙට් වුනාලු කුවෙණිට
දුන්නලු අහිංසකීටත් ගිණි ගෙඩියක්

ඊටකලින් හිට්ය නේද
මෙහෙ හොඳ හෙළයො
මම නං හිතන්නෙ 
අපි එන්නෙ එයාලගෙන්

නැත්තං විජයගෙ ජාන
සහිත අපි ඉන්න ලංකාව
මීට වඩා හුගාක් නරක
වෙයි නේද මිතුරු?

********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්
 
Related Posts with Thumbnails