Tuesday, December 14

සැනසිල්ල..කෝ


ඩබල් රූල් පොතේ
රූල් දෙක අතරෙ
ආ යනු ලියන්න
වලි කාපු හැටි මතකයි

ඇලපිල්ල රූලෙන් 
පිට පැන්නාම
පැන්සල් කොටේ
කටේ රුවා ගෙන
අම්මා තුරුළට 
දුවාපු හැටි මතකයි 

කුස්සියේ කොනේ
මිටි බංකුවේ ඉන්දවා 
ඔළුව අත ගාල
සනසාපු හැටි

ඒත් අද, 
වැඩ ගොඩ වුනාම
බෝඩිමෙ තනි වුනාම
කෝ මට දුව යන්න
අම්මා බෝඩිමෙ 

සැනසෙන්න බලන
හිත් රවට්ටන 
හොලිවුඩ් බොලිවුඩ් 
කත්න්දර තුල
කෝ ඒ සැනසිල්ල





Monday, December 13

යාළු කම් වල අපුරුම විධි


මේ තියෙන්නෙ පැන්ඩට පැන්ඩගෙ යාළු යෙහළියො එක්ක චුට්ටක් දුක හිතුන වෙලාවක ලියල ඩ්‍රාෆ්ට් විදිහට තියල තිබ්බ එකක්...මකල දාන්නත් හදල මකල දාන්නෙ මොකටද කියල ඔන්නෙ ඔහෙ පබ්ලිශ් කලා.දැන් දකින කොට හිනා යනව.අපේ හිත් වල හැටි නේද.

මගෙන් උපදෙස් ගෙන
ඔහුගේ හතුරන් සමග
මිතුරු වූ පසු
පෙර මිතුරා වූ මම
අමතක වූ
අපූරුව


දැන් දකින කොට හිනා යනව.අපේ හිත් වල හැටි නේද.ඔහොම තමයි ජිවිතෙ හැටි නේද? ඉස්සර වගෙම තාමත් මෙයල මගෙ හොඳ යාලුවො.මොකො මම එයල එක්ක දිගටම හිටිය නේ.මගෙ හිතට දැනුන දෙ එහෙම ම තියාගෙන ටික දවසක් ඉවසිල හිටිය..එතකොට හිතුන එක එහෙම නෙවෙ මට හිතුන වැරදි කියල.හොඳ වෙලාවට කලබල වෙලා දුකට යාළුවො එක්ක තරහක් ඇති කරගත්තෙ නැ..එයාළට මගෙ දුක පෙන්නුවෙත් නැ .මොකො සමහර වෙලාවට අපේ හිත දුක් වෙලා කරදර වුනාට දවසක් දෙකක් ඉවසගෙන හිටියම තෙරෙනව ඒක එහෙම වෙන්න ඕනි කරණාවක් නෙවෙ කියල.මොකො දන්නවද අපි මතු පිටින් දකින විදිහ නෙවෙ ඇත්තටම සමහර දෙවල්.ඒක තෙරෙන්නෙ චුට්ටක් කල් ගියාම..ඒ හින්ද හොඳම දේ ඉවසන්න. ටික දවසක් ගියාම මට තෙරුනා මට එදා දැනුණ දේ වැරදි කියල.හොඳ වෙලාවට මම කලබල වෙලා දුකට යළුකම් අත ඇරියෙ නැ.

පැන්ඩ කවදාවත් කිසිම යළුවෙක් එක්ක තරහ වෙලා නැ.එවලෙට පුන්චි ප්‍රශ්නයක් වුනත් එක කතා කරල විසඳගෙන යාළුකම රැක ගන්නව..හුගක් අමාරු අය අශ්‍රයෙන් ඇත් කලත් කාත් එක්ක වත් තරහ වෙලා නැ.කා එක්ක හරි තරහ වුනොත් එක මගෙ හිතට වදයක්..ඒ මනුස්සය මුණට දකින කොට කතා නොකර යන්න මට බැ...ඒ හින්ද වැරද්ද එයාගෙ වුනත් මම සාමන්‍යයෙන් එයා සමාව ගන්න කං වගෙ දෙවල් හිත හිත ඉන්නෙ නැ...කතා කරල ඉවරයක් කර ගන්නව.

එතකොට හිතට හරි සැහැල්ලුයි.. මේක හරිම පුන්චි රටක් අනික මිනිස්සු වුන අපිට මේ ලොකෙ විවිධ මිනිස්සු අශ්‍රය කරන්නම වෙනව.අපි අපේ ජිවිතේ ටිකක් ෆෙලෙක්සිබල් වෙනව නම් මේක එච්චර වැඩක් නෙවෙ.හැමොම තමන් වගේ හිතන්නෙ පතන්නෙ නැනෙ..ඉතින් හැම වෙලම ඕක ඔලුවෙ තියා ගෙන ජීවත් වෙන්න ඕනි.එතකොට අපිට අනිත් අයව තෙරුන් ගන්න පුලුවන්.තව එක දෙයක් හැම වෙලේම ප්‍රශ්නයක් ඇති වුනාම තමන්ගෙ පැත්තෙන්ම හිත හිත ඉන්න එපා.එතකොට හරියට තෙරෙන්නෙ නැ.තමන් අනිත් කෙනාගෙ තැන හිටිය නම් කියල පොඩ්ඩක් හිතල බලන්නකො.ප්‍රශ්න දිහා ඔයාලට අමුතුම විදිහකින් පෙනෙයි..වෙනඳ නොදැක්ක අපුරු විසදුම් ඔයල දකී.

හැබැයි මේක අම්මල අක්කල ගැණු ළමය එක්ක එයාලගෙ ප්‍රශ්න ගැන කතා කරන කොට පරිස්සමින් කරන්න.ඊට පස්සෙ මොලෙ කල්පනා වෙන් ඒ විසදුම උපක්‍රමශිලිව කියන්න. නැත්තං අනිවාර්යෙන් අහගන්න පුලුවන් වාක්‍යයක් දැන් මං කියන්නම්. "මෙයාට ඉතින් අපිට වඩා ලොකු එයා නෙ"


නිකමට ඔහොම කරල බලන්න කො..තරහ කාරයෙක් නැති ජිවිතෙ හරිම සැහැල්ලුයි..අපුරුයි..නගරයක රටක ගමක සැනැසිල්ලෙ ඇවිදින්න පුලුවන්..මොකො බිම බලාගෙන ඇවිදින්න වෙන්නෙ නැ..ඉස්සරහට එන ඕනි කෙනෙක්ට කට ඇරල හිනා වෙලා කතා කරන්න පුලුවන්.

පැන්ඩට වයස 24 යි ආඩම්බරෙන් කියන්නෙ අද වෙනකං එයා මාත් එක්ක තරහයි නෙ කියන්න කෙනෙක් පැන්ඩට නැතිවෙන්න තරං පැන්ඩ වසනාවන්තයි.

Saturday, December 11

අපි අහිංසක ජීව්ත දෙකක් බේරා ගත්තෙමු..හැමොටම හුගාක් පින්

මතකද ගිය සතියේ පැන්ඩ දාපු මේ පොස්ට් එක. "උදා වෙන නව වර්ෂයේ යහපත් කටයුත්තකට දායක වෙන්න කැමති ද?"


ඔය කටයුත්ත මම කරන්න හිටියෙ ජනවාරි මාසෙ කිව්වනෙ..ඒත් මම පසුගිය සතියේ ඉදන්ම මේ දුර්ජන කටයුතු වෙන තැන් කීපයක් ගැනම ඇහ ගහ ගෙන හිටියෙ. හදිසියේම අපේ පැන්ඩි මට බ්‍රහස්පතින්දා ඇමතුමක් දුන්න.මොකද්ද දන්නව ද කිව්වෙ අනේ පැටි..හොව් හොව් සරල සිංහලෙන් ඒක සංස්කරණය කළාම මෙහෙමයි.. "බුද්ධික, බණ්ඩාරවෙල මස් කඩේට අයිතිකාරය මියගිය වැස්සියෙක් හා එම වැස්සිගෙ වසරක් වයසැති පැටියාත් එක්ක මරන්න ගෙන හල..පවූ අනේ අම්මයි දරුවයි දෙන්නම මස් කඩේ.." මේක අහපු ගමන් මගෙ හිත කිව්වෙ මේ අහින්සක සත්තු දෙන්න නම් කොහොම හරි බේර ගන්නවමයි කියල.." කීයක් ද කියල ඇහුවම ටිකක් හිතට බය හිතුනත් කොහොම හරි කරන්නම හිතුව.දවසක් ඇතුලත සියළු මුදල් සොයා ගන්නත් ඕනි නෙ.මොකද ඒ මිනිස්සු වැඩි දවසක් ඒ සත්තු තියා ගන්න කැමති නැ..කොටින්ම බ්‍රහස්පතින්ද, අපිට ඕනි සෙනසුරද ඇව්ත් ගෙනියනව කිව්වම සිකුරාදා දවසේ සත්තු දෙන්නට කැම හොයල එවන්නත් කියල කිව්ව.නමුත් ඒ කිව්ව මිල හුගාක් වැඩි හින්ද බොම අමාරුවෙන් ගාන 40 000 කට අඩු කරගත්ත.පැටව් වුනත් නාකි වුනත් කිරි දෙන අම්ම කෙනෙක් වුනත් වස්සෙක් වුනත් මිල කියන්නෙ මස් බරට..අනේ අපොයි වුනත් එක එහෙමයි..මේ වැඩ වලට මට යන්න වුනේ නැ විශ්ව විද්‍යාල වැඩ අස්සෙ..එත් පැන්ඩිගෙ මස්සිනා ඒ කියන්නෙ අපේ ලක්ෂමන් අයිය හුගාක් උදව් කළ නිසා වැඩෙ කෙරුණා.


පැන්ඩ්ත් එක පයින් සබ්බ සකලමනාවම හරි විකුණල වැඩේ කරන්න කැමතියි..මාත් බැංකුවට ගිහින් එදා ඉඳන් ගෙදරට හොරෙන් මම ආස ගැජමැටික්ස් ගන්න පවත්වා ගෙන ගිය මගේ පුන්චි ගිණුමයි අනිත් ගෙදරින් සල්ලි දීල පවත්වාගෙන යන එකයි හිස් කලා....ඒත් ඒ වගෙ ලොකු මුදලක් තනි කර මගෙන් සහ පැන්ඩිගෙන් වැය වීම තාමත් ඉගෙන ගන්න මට  සහ රැකියාවට ගිය අලුත ඉන්න පැන්ඩිට බරපතළ කාරණාවක්..ඒ වගේම පැන්ඩි ල ගෙ අම්ම දැන් ඉතින් මගෙත් අම්ම තමයි කලින් කිව්වෙ ඔය වගෙ වැඩ වලට දායක වෙන්න කැමති අය ඉන්නව...එයාල කැමැත්තෙන් දෙන ආධාරයක් භාර ගත්තට කමක් නැ මොකො කාටවත් තනියෙන්ම මුදල් යොදවල ඔහොම දෙයක් කරන්න බැරි නිසා අනිත් අයටත් එහෙම හොඳ කටයුත්තකට දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන එක කොච්චර හොඳ ද කියල.


දැන් දැක ගන්න කැමතිද මේ අපි හැමොම එකතු වේල බේර ගත්තු දෙන්න..ඔය ඉන්නෙ පහළ චෝයි එකට..





ඔය සුදු බොලෙ වගේ ඉන්නෙ වසරක් වයසැති වැස්සි පැටියා..ඊට එහා පැත්තෙන් දුඹුරු පාට ට ඉන්නෙ එයාගෙ අම්ම..එයාටත් තාම වයස අවු 8ක් විතර කියල තමයි කිව්වෙ...

ඒ දෙන්නගෙම අයිතිකාරය මිය ගිහින් පස්සෙ මස් කඩේට දීල ඉතින් අපි ඔක්කොම එකතු වෙලා බේර ගත්ත.මේ තියෙන්නෙ කුවින්තාසිය.

 ඔය කුවින්තාසියේ නම තියෙන W.D මහින්ද රංජිත් තමා මේ දෙන්න ගෙ නව භාරකරු..මේ පහල පොටො එකෙ ඉන්නෙ ඒ අයිය තමයි.



මේ අභය දාන පිංකම කරල මේ දෙන්න භාර දෙන කටයුත්ත අපි කලේ බණ්ඩාරවෙල ශ්‍රී පුශ්පාරාම විහාරයෙ දි ගරු ඉන්ද්‍රනන්ද ස්වාමීන්වහන්සේ අපි ඔක්කොම කරපු යහපත් කටයුත්ත වෙනුවෙන් සිදු කළ පුණ්‍යනුමොධනාවෙන් අනතුරුව තමයි.


උදෙන්ම මේ දෙන්න මස් කඩෙන් නිදහස් කරගෙන ගෙනහල පන්සල් වත්තෙ ටිකක් බැඳල ඉඳල ඊට පස්සෙ හමුදුරුවො ඉදිරිපිට දි නව භාරකරු සත්තු දෙන්න පරිස්සමට රැක බලා ගන්න පොරොන්දුත් වුනා ට පස්සෙ ඒ දෙන්න අපි එයාලගෙ අළුත් නවාතැනට රැගෙන ගියා.



 පේනවද පුන්චි පැටිය කොච්චර සංතොෂෙන් තමන්ගෙ අම්මගෙන් නිදහසේ කිරි උරා බොන හැටි..

මම ගිය සතියෙ බ්ලොග් එකෙන් සම්බන්ධ වෙන්න කැමති කියපු වැඩෙ කරන කොට දැනුවත් කරන්න කියපු මම හැබැහින් දැකල නැති ඒත් මේ බ්ලොග් අවකාශෙන්ම අදුර ගත්තු අයට මේල් එකක් දැම්ම..

ඒ මේල් එක දැකපු දිනේශ් කුමාර අයිය (අර අකෙලෙ හම් බ්ලොග් එක කරන්නෙ) සහ රකිත කරුණාරත්න අයියයි එයාගෙ සහකාරිය වෙන්න ඉන්නෙ අක්කයි මට පහුවෙනිදම බැංකු වලට මුදල් දැම්ම.දිනේෂ් සහ රකිත අයියේ මම ඔයාලට එවපු මේල් එකේ ගුගල් ඩොක්ස් ලින්ක් එකෙ ඒ දායකත්වය හරියට සටහන් වෙලා නේද?

හරි ඉතින් තව මේකට දායක වුන හුගාක් අය ඉන්නව..පැන්ඩගෙ යාළුවො..එතකොට පැන්ඩිගෙ යාළුවො..පැන්ඩගෙයි පැන්ඩිගෙයි අම්මල තාත්තල පවුලෙ අය නැදැයො මේ හැමොටම හුගාක් පින්..මේක පැන්ඩගෙ වත් පැන්ඩි ගෙ වත් වැඩක් නෙවෙ.මෙක ඇවිල්ල අහින්සක සත්තු දෙන්නෙක් ගෙ ජීවිත බේර ගැනීමක් එකට අපි දෙන්න කටයුතු සකස් කළත් ඔයාල හැමොම දායක වුන නිසයි මේක මෙහෙම කර ගත්තෙ.ඒ හින්ද ඒ හැමොටම මේ පින් අනුමොදන් වෙනව.


අන්තිමට අපි හැමොගෙම හිත් වලට පුදුම සැහැල්ලුවක් දැනෙනව නේද...කොයි වෙලෙ හරි හිතට දුකක් කරදරයක් දැනුනම මේ ඉන්න අහින්සක සත්තු දෙන්න දිහා බලන්න...ඒ දෙන්න අද සතුටින් ජීවත් වෙන්න අපි නිසා..ඒ යහපත් සිතුවිල්ල අපේ ජීව්ත වලට ආශිර්වාදයක් වෙයි..

හැමොටම තෙරුවන් සරණයි...




Saturday, December 4

උදා වෙන නව වර්ෂයේ යහපත් කටයුත්තකට දායක වෙන්න කැමති ද?


2011 වර්ෂය උදා වෙනව..උදා වෙන නව වර්ෂයේ ආරම්භයේදීම හොඳ කටයුත්තකට දායක වෙන්න කැමති හැමෝම වෙත මම පුන්චි ආරධනාවක් කරනව..මම යි පැන්ඩි යි උදා වෙන ජනවාරි මාසයේ මරණයට කැප වුනු ගවයෙක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනව.
පැන්ඩ පුන්චි කාලෙ ඉඳන්ම ඒ කියන්නෙ කන්නෙ මරාපු සතෙක් කියල දැන ගත්තු දවසේ ඉඳන් කිසිම මස් මාංශයක් අනුභව කරන්නෙ නැ.මගෙ ආහාර වේල වෙනුවෙන් කිසිම සතෙක් ජීවිතය පුදා කරන්න ඕනි කියල මම විශ්වාස කරන්නෙ නැ..


ඒත් කවුරුහරි වෙනුවෙන් කාගෙ හරි ආහාරය වීම උදෙසා මේ අහිංසක සත්තුන්ට තමන්ගෙ ජීවිතය දන් දෙන්න වෙලා තියෙනව.


ඉතින් අපිට පුලුවන් නම් මේ එක අහිංසක සතෙක් හරි මරණෙයන් බේරා ගන්න එක සතෙක් ගෙ හරි මරණ භය දුරු කරන්න ඒක හුගාක් උසස් දෙයක් නේද..ඔබ පව් පින් ගැන විශ්වාස කරන අයෙකු වුවද නොවුවද යහපත් අයහපත් දේ නිබඳවම හදුනා ගැනීමෙ බුද්ධිය ඔබ සතු නිසාවෙන් හොදයි කියල හිතෙනව නම් කාට වුනත් සුලුවෙන් වුනත් මේකට දායක වෙන්න පුලුවන්..ඔබේ දායකත්වයේ ප්‍රමාණය නොව දායකත්වය ඉතා අගය කොට සළකමි..


ඉතින් ඔයාල කවුරුහරි මේකට දායක වෙන්න කැමති නම් පැන්ඩි ට හරි මට හරි කතා කරල කියන්න කො.ඒ වගේම මේ ලබා ගන්න ගවයට(බොහො විට මෙ කිරි ගවයෙකු විය හැක) ආයෙත් එවැනි ඉරණමක් අත් නොවන සේ නිසි භාරකාරයෙකුට ලබා දීමට ද අපි කටයුතු කරමු.


ස්තූතියි..


පහත ෆොර්මයෙන් කැමති අය විස්තර ලබා දෙන්න කො.






කලාවෙ නාමයෙන් අධො මුඛය දකින දෑ ලොවට පෙන්වන මිනිසා...

පැන්ඩ ගෙ ඇඟ හිරි වැටෙන දෙයක් පැන්ඩ දුටුව අන්තර්ජාලයේ..




මේ මොකක්ද මේ....මේ තමා මහාචාර්ය වෆා බිලාල් තම හිස පිටුපස සැත්කමක් සිදු කර සවි කරවා ගත් කැමරාව...මේක සවි කරල තියෙන්නෙ කොහොමද දන්නව ද? ටැටූ ගහන අයිය කෙනෙක් ඔලුවෙ සම ඇතුලට පුන්චි සැත්කමක් කරල ටයිටෙනියම් තඩුවක් දාල.දැන් ඊට පස්සෙ කැමරාව එකට පිටතින් සවි වෙනව කාන්දම් බලෙන්..


දැන් මොකො දන්නව ද මෙක පටියක් දාල ලේසියට ඔළුවෙ හයි නොකලෙ.මේක ඇවිල්ල 3rdi (third eye) කියල ප්‍රොජෙක්ට් එකක්.මෙකෙ අරමුණ තමා හැම මිනිත්තුවකම ඔහුගේ පිටු පස තියෙන දර්ශන අවුරුද්දක් පුරාවට ගන්න එක..මේ ජයාරූප ක්ටාර් වල තියෙන modern art කෞතුකාගරය ට ප්‍රදර්ශනය ට යවනව. මේක වතුර යන්නෙ නැති කැමරාවක්..ඉතින් ඔහු නාන කොට ඇවිදින කොට පමණක් නොව රමණයේ දී පවා ඔහුගේ මෙම කැමරාව දර්ශන ලබා දීම තමා අරමුණ...

මහාචාර්ය තුමා කියන්නෙ එයා දැනුවත්ව එයා තීරණය කරල පොටො ගැනීමෙ සංකල්පෙන් එයාට මිදෙන්න ඕනි වුනා කියල තමයි..


ඔන්න ඔහොම තමයි ලොකෙ වටේ ඉන්න මිනිස්සුන්ට හිතෙන අරුම පුදුම කාලාත්මක අපේ ඇඟ හිරි වට්ටන වැඩ..

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි..


Related Posts with Thumbnails