Tuesday, November 29

මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට

නිමිත්ත :  හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..


තාත්තාගෙ අසනීපෙට
රාළහාමිට සින්න වුන
අරුංගල් නැතුව
පාළු වෙන කන් පෙත්තෙ
වැහීගෙන යන හිල
කරපිංචා නැට්ටෙන් 
වලකන්න වෙර දරන

මසකට වරක්  
සෝදමින් ගැහැණුකම
කඩමාළු රෙදි වලින්
දුක් විදින ඈට

කොයින්ද මිල මුදල්
මිලගන්ට පැකට් කල
සනීපාරක්ෂක තුවා
රන් පෙන්ඩන දිනා
සරසන්ට පාළු ගෙල


Wednesday, October 12

ෆොන් එකට ජිවිතේ භාර දෙන්නෙ ඇයි


මෙහෙමයි හැමදාම වගෙ මෙකත් මතෘකාවෙන් සම්පූර්ණ පිටද දන්නෙ නැ. මෙහෙමයි පැන්ඩ ත් සිව්වන වසරට අඩිය ගහල තාම වැඩ පටන් ගත්තෙත් නැති නිසා අලුත් බොඩිමෙ වෙලි වෙලි ඉන්නකොට තමා මේක ගැන ලියන්න හිතුනෙ..

සරලව එන්ටර් වෙමුකො ඔයාගෙ ෆොන් එක දැන් මෙ මොහොතෙ නැති වෙනව..තව චුට්ටක් හිතමු නැති වෙනව කියන්නෙ පාව්ච්චි කරන්න පුලුවන් තත්වෙන් අන් සතු වෙනව..හොරෙක් වෙන්නත් පුලුවන් පාරෙ වැටිල තිබිල අහුලනව වෙන්නත් පුලුවන්..දැන් සීන් එක මවා ගන්න. දැනෙන හැගීම් මොනවද ? ඔව් පලවෙනියටම පාඩුයි.වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඇඩීගෙන එනව...තව ටිකක් හිතන්න දැන් අර පොර ෆොන් එක ඔන් කරල අහුවෙච්චි එකා ඔකෙ සැරි සරනව.දැන් මොකද හිතෙන්නෙ..මම හිතන්නෙ නැ අහුලපු හරි උස්සපු හරි පොන් එකෙ ඉන්බොක්ස් එකෙ රවුමක් නොගහන්න තරං විනය ගරුක අය ගොඩාක් ඇති කියල..

දැන් පොඩ්ඩක් රත් වෙනවද ? අම්මට සිරි ..තාප්ප්පෙට කෙලිය..හු. ආ .හා...ප..&%$^*)))%$#&()(^ වගේ එව එනවද කටට..පෙරෙද රැ ආලයෙන් මුසපත් වෙලා මල් කඩන වෙලාවෙ කොටපු ඔක්කොම එකෙද ? එතකොට හොදම හරියෙදි ආපු MMS එකක් වගෙත් තියෙන්න පුලුවන් ද ? මතක තියා ගන්න අමාරුවෙ වැටෙන්නෙ ඔයා විතරක්ම නෙවෙ ඒවට සම්බන්ධ අනිත් පාර්ශවත්.. මොකො දැනෙන්නෙ තමන් පණ වගෙ ආදරෙ කරන කෙල්ලගෙ ආත්මයම එකෙන් විනාස කරන්න පුලුවන් වගෙ දැනෙනකොට.ඔයයි කෙල්ලයි වත්ස්‍යානගෙ පොතේ අලුත් වර්ශන් එකක් අඩුවක් නැතුව දිග හැරිම මම වැරදි කියල කියනව නෙවෙ ඕං පැන්ඩ කියන්න හදන්නෙ..එකෙ ත්‍රිල් එක දන්න අය මම එපා කිව්වත් අහන්නෙත් නැ :-) ..ප්‍රශ්නෙ වෙන්නෙ ඕකට ෆොන් එක සම්බන්ධ වෙලා ඒක ඔය දෙන්නට විතරක් සීමා නොවුනොත්.. 

හරි දැන් අර ෆොන් හොරා හරි අහුලපු එකා හරි යනව ඉන්බොක්ස් එකෙන් ෆයිල් මැනෙජර් එකට.. දැන් මොකද වෙන්නෙ..මම දන්න සමහර එවුන්ට මේ තත්වෙ උදා වුනොත් සුළු දිය බෙරෙන්න ඕනි කකුල දිගේ..නොටිඇමරිකන් අක්කල හිටියට කමක් නැ කියමුකො එකෙන් වෙන දෙයක් ඔයාට‍ නෙ. එත් මොකො වෙන්නෙ අපි රගපාන වර්ශන් එකක් තිබ්බොත්..දන්නව නෙ ලංකාව කියන්නෙ කොච්චර ගොන් වස්සො පිරුන රටක්ද කියල.මෙන්න මේක බැලුවොත් පොඩ්ඩක් මතක් වෙයි (සාන්තුවරයින් විසින් ස්ත්‍රින් 81 දෙනෙකුට හා එම පවුල් වලට ගල් ගැසීමට නියම කිරිම..) මෙ සින් එකෙදිත් ඔය වගෙ නොසිතු ලෙස අන්සතු වෙලා ප්‍රශ්න වලට මුහුණ දුන්න අහින්සක කෙල්ලො කොල්ලො කොච්චර ඉන්න ඇති ද ?


අන්න ඒ හින්ද මේ දැන්ම මකන්න.මේ දැන්ම.ඔයා එයාට ආදරෙයි නම් ඒ සොදුරු මතක (පින්තුර විඩියො වොයිස් කට් SMS MMS ) හිතට විතරක් සීමා කරගන්න..ඔයා සමහර විට ලොක් කරල ඇති ඒත් ෆොන් එකෙන් මෙමරි චිප් එක ගලවල ගත්තොට් ඒ ලොක් ඇප් එකෙන් වැඩක් වෙයි ද ?ඒ වගේ හුගාක් ෆොන් වල ලොකින් ඇප්ලිකෙශන්ස් බොහොම දුර්වලයි..ඒක පාරක් මම ලග තිබ්බ එකකින් ලොක් කරනව කියන්නෙ ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් එක වෙනස් කරනව විතරයි..නිකමට මම එව ආයෙත් මැනුවල් රිනෙම් කලා කම්පියුටර් එකට දාල හරි එක්ස්ටෙන්ශන් එකට..ලොක් කැලේ..අමු අමුවෙම පේනව. 

ඒ හින්ද ඔය ලොක් හයිඩ් ඇප්ලිකේශන් හොදින් දැනගෙන භාවිතා කරන්න..මේක යම් තාක් දුරට පරිඝනක වලටත් බලපානව..වැඩියෙන්ම රිපෙයර්ස් වලට යවද්දි..මෙහෙමයි හුගක් පරිගනක භාවිතා කරන අය මෘදුකංග දොශයක් පවා නිවරදි කරගන්න අදාල ස්ථානයකට ගෙනියනව. ගෙදර os එකක් දාන්නෙත් බොහොම සුලු පිරිසයි..ඉතින් දොශයක් ඇවිත් ඩොකොස් ගාල හිට්ටොත් මොකො වෙන්නෙ..අදාල තැනකට ගෙනියන්න ඔනි.ෆොන් එකකට වගෙ වුනත් ඔය සන්තැසිය තමා..ෆොන් එකෙදි සින් එක දරුනුයි.පරිඝනකයෙ නම් හාර්ඩ් එක ගලවල හදන්න ගෙනියන්න පුලුවන් එත් ෆොන් එකෙ ඉන්ටර්නල් මෙමරි ඩෙටා ගැන ඔයාට චිප් එක ගැලෙව්වත් 100% ශුවර් වෙන්න වෙනව.

ෆොන් එක නිතරම මම නම් කියන්නෙ මේ මොහෙතෙ වෙන කෙනෙක් ලගට ගියත් අවුලක් නැ කියල දැනෙන තරමට සුද්ද කරල තියා ගන්න.සමහර මැසෙජ් පින්තුර ඉවත් කරන්න බැරි නම් කම්මැලි නැතුව පර්සනල් කම්පියුටර් එකට ෆොන් එක හා ලැබුනු මෘදුකාංගය භාවිතා කරල දා ගන්න.මේ වැනි දත්ත රදවා ගත හැකි බහු තරයක් ෆොන් වලට මේ පහසුකම් සලසල තියෙනව ප්‍රස්නෙ අපි ඕව භාවිතා කරන්න උනන්දු නොවීම.

සොනි එරික්සන් අයට නම් my phone explorer වලින් sms එකෙ contact එකෙ ඉදන් හැමදේම පරිඝනකයට ගබඩා කරන්න පුලුවන්.

දැන් ඔහොම පරිඝනකය පුරවල තියෙද්දි එක හදන්න යන්න වුනොත්..සරලම දේ එක්ස්ටර්නල් හාඩ් එකක් තියාගන්න එකට හොද ලොකින් ක්‍රමයක් භවිතා කරල දාන්න.ඒ වගේම එක පරිස්සමට තියා ගන්න..ඒක ඉතින් ඔයාගෙ වැඩක්...ෆොන් එකෙන් එක්ස්ටර්නල් හාඩ් එකට දාල දෙකම එක බැග් එකෙ දාගෙන ගිහින් බැග් එක නැති වුනොත් මොකො වෙන්නෙ..පැන්ඩට ඉතින් ඔහොම අසුභවාදි සිතුවිලි වලින් නම් අඩුවක් නැ.

අනේ මන්ද..හොදම දේ ඔහොම දේවල් හිතට විතරක් සීමා කරගන්න,තමන්ගෙ මතකයේ ගබඩා කරන්න..එක තමා ටිකක් හරි ආරක්ශිතම තැන..ඒත් අරක්කු බොතල් මුඩියක් පැගුනාම ඔක්කොම ඉවර්යි සමහරුන්ට.

කොච්චර වුනත් ඔය ඩිවයිසස් කියන එව්ව නම් විශ්වාස කරන්නම බැ..ඇයි කියල කතාවක් කියලම මේක ඉවර කරන්නම්.හුගාක් ඉස්සර සිද්ධියක් පොඩ්ඩක් එජස් කලා .හැබැයි මේක සත්‍ය කතාවක්.දවසක් මම ඉන්නකොට Y  යාලුවෙක් (ශා 8 වසර ගණන් පොත මතක් වෙනව) එනව. අනේ මචන් මෙකෙ කැමරා ඇල්බම් එක උඹෙ මැශිමට කොපි කරල මට සිඩි එකක් ගහල දීපන්..කෙල්ලගෙ ( Y' ) ෆොන් එක ආපහු ගෙනිහින් දෙන්න ඕනි.මම පස්සෙ එන්නම්.මොනද මේ පොටො මම ඇහුවා .. මේ එදා අපි සෙට් වුන දවසෙ එව්වා ‍Y කිව්වා.(දැන් ‍මම අහන්නෙ නැ y ගෙ දරුවාට y' ගෙ නංගි ගෙ නැ කම මොකද්ද කියල..බය වෙන්න එපා).හරි ඔන්න මම දඩ බඩ ගාල කොපි කරද්දි පොර ගියා ටිකකින් එන්නම් කියල. 

මම ඉතින් ඔන්න අපි සෙට් වුන දවසනෙ කියල පොටො ටික බලන්න ගත්ත.ඒක ලස්සනයි..අපො මුගෙ හැටි..යකො හිනා වෙන කොට ගන්න තිබ්බ නෙ..ඔහොම දිගටම යනවා එකපාරටම මට හොද එව කියවුනා මොකො දන්නවද මම හොර වැඩක් කරනව මුන් පොටො ගහල.නැ නැ ඒක නෙවෙ කතාවෙ අරමුණ.. ඔහොම ටිකක් යනකොට තමා එක වුනෙ..මාව නිකං කන්ෆියුස් වුනා ඊට පස්සෙ මාව ස්ටෙස් වුනා ඊට පස්සෙ එම්බැරස් වුනා..සිහි එලවා ගෙන ගිහින් දොර වහල ආවා.

මේ සින් එක දන්නො දනිති..ඔය සොනි එරික්සන් k සිරිස් එකෙ සමහර ෆොන් වල එහෙම සමහර් ඉමේජ්ස් මැකුවට පස්සෙ මොකක් හරි ජල්බරියක් වෙලා මේවා අලුත් පොටො එක්ක මර්ජ් වෙනව.ශෙඩ් වෙලා පරන එකෙන් ටිකයි අලුත් එකෙන් ටිකයි එකතු වෙලා අමුතු එකක් වෙනව.කොයි වෙලෙ වෙනවද මකපු මොන ඉමෙජ් එකත් එක්ක මර්ජ් වෙනවද කියල සක්‍රයවත් දන්නවද කියන එක ගැන සැකයි..මගෙ k800 එකෙත් ඔය කචල් එක තිබ්බ නිසා නෙත්දැකිමෙන් මම දන්නව.

දැන් මෙකෙ තියෙනව ඒදා සෙට් වෙච්චි ෆොටො එක්ක මර්ජ් වෙච්චි පරණ පොටො තියෙන පොටො කීපයක්..මෙක ‍Y' ගෙ සෙට් එකෙ කෙල්ලෙක්ගෙ අතිශය පෞද්ගලික පින්තුර..වැඩි විස්තර ඕනි නැ..
මම එදා එක අර යාලුවටවත් නොකියා ශිෆ්ට් ඩිලිට් කලා..ෆොන් එකෙත් ඒ ටික හොයල මැකුවා..අදටත් මගෙ ඒ යලුවවත් මේ දෙ දන්නෙ නැ.ඌට මාව මුන නොගැහෙන තරම් සීන් එක පරණ වෙලා අවදානම නැති වෙලා සහ කතාව මතක් නොවෙන්න සිද්ධිය එජස් කල නිසයි මම මේක මෙතන කිව්වෙත්.

අන්න ඒ නිසා එදා ඉදන් මම නම් කිසිම ඩිවයිස් එකක් විශ්වාස කරන්නෙ නැ..අද මේ කතාව ඔයාලටත් පාඩමක් කරගන්න කියන්න මුල් වුනෙ ඒ සිද්ධිය මතක් වුන නිසා.ඒ නිසා පොඩ්ඩක් අසුභවාදී වෙලා මේ වගෙ අනවශ්‍ය රිස්ක් ගැනීමෙන් වලකින්න.ෆොන් එකට ජිවිතේ භාර දෙන්න එපා.

*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. 


Friday, September 16

පැන්ඩගෙ සිස්සත්ත කාලෙ


අඩේ මට බ්ලොග් එකකුත් තිබිල නෙ..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ..විභාග කාලෙ නෙ..කැම්පස් ජිවිතේ තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ.(ඇති දෙයක් නැ එත් පොඩ්ඩක් එහෙම කියන්න එපැයි නැද්ද මම අහන්නෙ.)

අපේ බොඩිමෙ පල්ලෙ ගෙදර පොඩි එකා සීස්ත්තෙ ලිව්වා.කොල්ල ගොඩ ගියා. කොල්ලටත් වඩා අපි ප්‍රර්ථනා කලා ඌ පාස් වෙන්න කියල.මොකො එහෙම නොවුනොත් ඌට බනින බැනිලි අපිට වත් අහගෙන ඉන්න බැරි නිසා..අනේ මේ කැම්පස් අපිත් 10ට නිදා ගන්න කොට ඌ පාස්ට් පේපර් කරනව.අකුරක් පැටලුනත් තාත්ත බනින්නෙ තමුසෙ කියල, අපි එච්චර කලා මෙච්චර කලා මේක බැරිද කියල . මට නම් පවු කියල හිතෙනව දෙමාපියො මෙච්චර මොඩ වීමයි දරුවන්ට ඒව ගෙවන්න වීමයි හින්ද. 

ඕවත් එක්ක ඉතින් පැන්ඩත් අතීතෙට ඇදිල යනව නිකං අර අංගම්පොර කරල මොකෙද්ද අවදි කරල කාල තරණය කරල වගේ..(හීන තමයි ඉතින් ඔව්වා..අගල් 40 අලි බඩ ගෙඩියක් තියෙන පැන්ඩෙක්ට මොන අංගම්පොර ද)


පැන්ඩ සිස්සත්තෙ ලිව්වෙ අර ර/ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයෙ නෙ..ඒ කාලෙ කවුරු හරි ඉස්කොලෙ ඇහුව ගමන් බඩ පල්ලෙ තියෙන කලිසමත් උඩට උස්සල ඇරගෙන පපුව බුම්මල "ර ඇහැලියගොඩ ප්‍රාථ්මික විද්‍යාලය" කියලම අඩුවක් නැතුවම කියනව.අනේ ඉතින් හලි හුරතල් කියල උම්ම එකක් නම් එතකොට වැරදෙන්නම නැ.

පහ වසරෙ පොටො එකක් නම් හොයා ගන්න බැරි වුනා.පැන්ඩ පොඩි කාලෙ මෙන්න මේ වගේ ඕං.
.

ඇහැලියගොඩ ප්‍රාථමිකේ කියන්නෙ ශිෂ්‍යත්ව ව්භාගෙට නම ගිය ඉස්කොලයක් ඉස්සර,මොකද ප්‍රථමිකයක් නිසා හැමොම කැප වෙලා හිටියේ ලමයි හැමොම හොද ට පාස් කරවන්න නැත්තං ලමයි අනාථයි ඉස්කොල හොයාගන්න ගියාම.මොකො මහා විද්‍යාලයක් තිබ්බෙත් නැනෙ එකට අනුබද්ධව.පැන්ඩට ඉස්කොලෙ හරි ජයයි ඒ කාලෙ.මොකො පැන්ඩ ගෙ දෙමාපියන්ගෙ පැත්ත නිසා ඉතින් කවුරුත් ගුරුවරු දන්නව ලමය කවුද කියල.බලන්ට එපැයි හරි සැලකිලි.ගේමක් නැතුව ප්‍රින්සිපල් සර් එක්ක වුනත් කතා කරන්න පුලුවන්.

අපේ ගෙ ඉස්සරහ මාත් එක්ක හැම වැඩෙටම උන්න අර ඉස්සරහ ගෙදර කෙල්ලත් ගියේ ඔය ඉස්කොලේම තමා ඕං..ඒ නිසා ගෙදර යාලුව පන්තියෙත් යාලුවම තමා.

තව ඉතින් අර තුනෙදි හතරෙදි ද ලියුම් ලියන්න කියා දෙන කාලෙ පැන්ඩට හිටිය තව යාළුවෙක්.ඒත් කෙල්ලෙක්ම තමා ඕං.ඔන්න පැන්ඩත් ලිව්ව ඉස්කොලෙ ටීචර් ලිව්ව වගේම ලියුමක් පොතෙ කළු ලැල්ල බලාගෙන.ඒත් ඉතින් ලියුම් තියෙන්නෙ නිකං පොත් වල ලියන්න නෙවෙ නෙ.අද කාලෙ ඉගෙන ගත්තුව තියරි වලින් ඉවර කොලාට ඒ කාලෙ ඉතින් හෙන පැක්ටිකල් කොලු පැංචා.ඉගෙන ගත්තු දෙයින් වැඩක් ගන්න ඕනි කියල හිතුව ලියුමක් ලියල දෙන්ට.දැන් කාටද ලියන්නෙ බැලුව වට පිට මේ ඉන්නෙ එහා පැත්තෙ මගෙ අති ජාත මිතුරිය.ලිව්ව ලියුම කොලෙක අකුරක් නැර පොතේ තිබ්බ වගේම නම විතරක් රිප්ලේස් කරල.තාම මතකයි."දයාබර *** ඔබගෙ සැප දුක් කේසෙද ? මම නම් සුවෙන් සිටිම්...."දැන් කොහොමද ලියුම දෙන්නෙ ටිචර් නම් කිව්වෙ තැපැල් කන්තොරු හරහා නෙ. පැන්ඩ පැටියට මොන තැපැල් කන්තොරු ද? 

ආව පොයින්ට් එකක්."මේ ඔයා හැමදාම ගෙදර ගියාම බැග් එක අස් කරනවද ?" "මම නම් අස්කරනව"."හහ් මාත් අස් කරනව තමයි". එළ කිරි නෙ.දැම්ම ලියුම බැග් එකට හොරෙන්ම.සින් එක එතනින් ඉවර වුනා මටත් අමතක වුනා.මෙන්න බොලෙ පහුවදා කෙල්ල දාල උදේම වැඩට යන අම්මා ගෙට්ටුව ගාව බලා ඉන්නව.අපේ අම්ම ඉස්සරහට එනව කවදාවත් නැතුව."ඊයෙ පුතා හරි හපන් කමක් කරල නෙ".හුටා....ඔන්න කිව්ව කතන්දරෙ අපේ අම්මට.දෙන්නම හිනා වෙලා ඒක එතනින් ඉවර වුනා තරමක් දුරට අපේ අම්මලත් යලුවො බවට පත් කරල.පහු කාලෙක ටවුම මැද වුනත් මාව දැක්කම ඕක මතක් කරන්න කවුරුත් පසු බට වුනේ නම් නැ.

සිස්සත්තෙ නම් අපි ලිව්වට ලිව්වද කියලවත් අපිට දැනුනෙ නැ.ඉස්කොලෙ වැඩට අමතරව ටීචර් ල ම හවස පන්තියක් කලා ඉස්කොලෙම සිස්සත්තෙ කිට්ටු කොරල.පැන්ඩ හැබැයි ඒක් වෙනියා (එහෙම තමයි ඒ කාලෙ මම පලවෙනියට කිව්වෙ) වුනෙ නම් නැ.10 ට අඩුවෙන් නම් උන්නා.කොහොමින් කොහොම හරි සිස්සත්තෙත් ලිව්වා.ඒ 96 අගොස්තු මයෙ හිතෙ.සිස්සත්තෙ ලියල ඉවර වුනාම තාත්ත ගෙනහල දුන්නෙ පත්තෙරක ගිය පේපර් එකක් ආයෙ කරන්න.මට හොදට මතකයි මම ඒක දෙකට තුනට නමල කොහෙද හැන්ගුවා.ඒත් අපේ ගෙදර අම්මල නම් ඒ ගැන මොකුත් කිව්වෙ නැ.

ඔන්න ඔහොම නට නටා ඉන්නකොට තමා රිසාස්ල්ට්ස් ආවෙ.දැන් වගෙ ජංජාල නැ නෙ.යන්න ඔනි ඉස්කොලෙ ප්‍රතිඵල බලන්න.මට නිකමට බයක් ඇවිත් බැ කිව්වා.පස්සෙ අම්ම ම ගියා.ඔන්න ඉතින් අම්ම එන බස් එක ගේ ඉස්සරහ නැවත්තුව.දූල ගිහින් ජනෙලෙ එල්ලිලා බැලුව අම්මගෙ මූඩ් හොදා අතේ බ්‍රවුන් පේපර් කවරයක්.ඒ කියන්නෙ කන දෙයක්.පුන්චි ගොඩ යැමක් සහතිකයි.කුස්සිය පැත්තෙන් ගෙට අපු අම්මා මාව තුරුල් කර ගත්ත.අඩේ අම්මගෙ ඇස් වල කදුළු.මට සිස්සත්තෙට ලකුණු 170 යි.අපේ පන්තියේ පලවෙනියා මම..මට ඒත් එක මොකද්ද කියලවත් එකෙ මට වෙන වාසියක් වත් දැනුනෙ නැ.කොටින්ම කුරුදු වත්තෙ මගෙ දෙවනි මහඉස්කොලෙ වගේ ඉස්කොලයක් තියෙනව කියලත් මම දැන ගත්තෙ එදා. 

එදා ඒ අපු ප්‍රතිපලෙ නිසා මම ලබාපු දේවල් ගොඩක් තියේ මගෙ දෙවනි ඉස්කොලෙ හරහා.ඒත් මගෙ හිතේ හැමදාම යටින් කැගහනව අනේ මම සිස්සත්තෙ පාස් නොවුනම් කියල.මට 6 වසරෙන් පස්සෙ මගෙ ගම අම්මගෙ ආදරෙ නිවාඩු කාලෙට විතරක් සීමා කලේ ඒ සිස්සත්තෙ තමයි.

එදා අම්මලගෙන් මාව සිස්සත්තෙ ඈත් කලේ ඒක පාස් වුනාට පස්සෙ ඒත් අද සිස්සත්තෙට සුදානම් වීම උදෙසාම දරුවන්ට දෙමාපියන්ගෙ ආදරෙ නිදහස අහිමි වීම ජාතියේ දරුවන්ගෙ අභාග්‍යයක් කියලයි පැන්ඩට හිතෙන්නෙ. 



*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Saturday, September 3

අනිත්‍යයේ පට්ට පැත්ත

බලපං කාටත් ඔච්චර තමයි
අනිත්‍යයි
දුකායි
අනාත්මයි

ඒ වුනාට මචන්
බලපං පොඩ්ඩක්
මැවිල පේනව
ඒ කාලෙ පට්ට ඇති

හ්ම්...හ්ම්...

ජයාරූපය අන්තර්ජාලයෙ දැක්කෙ

Friday, July 15

PHP වලින් localhost එකෙ ඉඳන් Gmail එක හරහා email යවමු








මෙන්න මේකයි ස්ටොරිය. PHP වලින් වැඩ කරන බහුතර ශිෂ්‍යයො එව කරන්නෙ ලොකල් හොස්ට් එකෙන් නෙ.හුගක් වෙලාවට වැම්ප් හො XAMP.එහෙම කරල පොජෙක්ට් කලාම ඔකෙ ඊමෙල් සීන් එකක් ආවම එක්කො මෙල් සර්වර් එකක් හොයා ගෙන ජිල් බරියක් කරන්න ඕනි...නැත්තන් බොරුවට mail() ෆන්ශන් එකෙ කොඩ් එකෙ දීල message sent කියල පෙන්නල ලකුනු ගන්නව.එහෙම බැරි වෙලාවක අපි අර අපේ දෙවනි අවුරුද්දෙ පොජෙක්ට් එකට කලා වගේ postcast server වගේ එකක් දාගෙන ඉල ඇදෙන කං ඕකෙ සෙටින්ස් හදාගන්න ඕනි...ඒ කලත් ඔන්න දවස් 15 න් එකෙ ෆ්‍රි යුස් කරන කාලෙ ඉවරයි..එහෙම නැත්තං යවන මේල් එක අස්සෙ උන්ගෙ ඇඩ්.


මේල් සර්වර් එකක් ලැබිල තියෙන අයට මේ ප්‍රශ්න මොකුත් නැතුව ඇති..තව අය ඉන්නව ෆ්‍රි තැන් වල පොඩියට සයිට් එක හොස්ට් කරල ඒත් මේල් සර්වර් එකක් භාවිතයට නැ..ඉතින් එයාලටත් මේ ප්‍රශ්නෙ ඇති.


මේ වැඩෙට අපිට ඕනි වෙනව SMTP එකක්..ඒ කියන්නෙ simple mail transfer protocol එකක්..හරි සිම්පල් ඒත් හරි එකක් හොයා ගන්න අමාරුයි. දෙනව කියන අයගෙ වෙන වෙන සෙල්ලම් ගොඩයි.


මෙතෙන් දි අපි දන්න කියන ගූගල් දෙයියො සහයට එනව.මොකො දන්නව ද ගූගල් ල එයාලගෙ smtp සර්වර් එක අපිට access කරන්න දෙනව.ඒ හින්ද මෙතෙන් දි අපිට ඕනි වෙන්නෙ ගූගල් මේල් එකවුන්ට් එකක් පමණයි.


මෙතෙන්දි තව එක දෙයක් කියන්න ඕනි මේ එකක්වත් මම තනියෙන් මගෙ ඔලුවට ආපු කොඩ් ටයිප් කරල හොයා ගත්තු එවා නෙවෙ..අන්තර්ජාලයෙ ව්විධ මුලාශ්‍ර පරිහරණය කරල ඒ ඒ කොටස් ඇරගෙන ඒව මගෙ වැඩෙට ගැලපෙන්න අමුණල සකස් කරල තියෙන්නෙ මගේ ඔලුවෙන් .සමහර ඒව වල තිබ්බ වැරදි අඩු පාඩු හදාගන්න තව ඒව බලන්න වුනා..ඒක තැනකින් කියල හෙව්වෙ නැති නිසාත් එක එක දවසට ඒක තැන් වලින් ඒ  ඒ වෙලාවට ගත්තු ඒව නිසා  රිෆරන්ස් දාන්න මතකයක් නැ.ඒව ලියපු කරපු කාටත් පින්.


හරි තව දෙයක් ඕනි..ඒ තමයි PHPmailer ..ඔයාගෙ PHP වර්ශන් එක 5 හො 6 නම් මේතනින් භා ගන්න.  මම ගත්තෙ ඔය PHPMailer v5.1 කියන එක තම ඕං.මේක PHP වල මේල් යවන්න භාවිතා කරන ක්ලාස් එකක්..මෙකෙ එක්සාම්පල් එහෙම බලල ඔයාලට හුගක් දෙවල් කරන්න හැකි වෙවි.ඩොක් එකකුත් තියෙනව නෙ..දැන් ඕක භාගෙන අර වැම්ප් වල තියෙන WWW ෆොල්ඩර් එකට මේ ෆොල්ඩර් එක දාගන්න.මේ ෆොල්ඩර් එකෙ නම ලේසියට අපි දාගමුකො PHPMailer කියල.


හරි දැන් තව එක දෙයක් මුලදිම කර ගමු..නැත්තං එන එරර් එක ගුගල් වල ගහල මට වගේ පැය ගනන් හේතුව හොයන්න වෙයි. දන්නවනෙ වැම්ප් එකෙ php.ini file එක..එකෙ තියෙනව එක්ස්ටෙන්ශන් එකක් php_openssl.dll කියල...ඒක " ; " මේ වගෙ කමෙන්ට් එකක් විදිහට කරල inactive තියෙන්නෙ..එකෙ කමෙන්ට් සලකුන අයින් කරල ඇක්ටිව් කරගන්න වෙනව.


හරි දැන් තියෙන්නෙ කොඩ් කරන්න..පොඩ්ඩක් ඉන්න දැන් මම එක මෙතන ගහන්න කලින් එකෙ මම දාල තියෙන මගෙ පාස්වර්ඩ් මකන්න.


මෙන්න කොඩ් එක භා ගන්න..




මෙකෙ ලයින් නම්බර් 9 - 13 දක්වාත් 17 හා 18 ත් ඔබේ දත්ත ඇතුල් කර සකස් කර ගන්න..
9 ඔයාගෙ ජීමෙල් ඇඩ්‍රස් එක
10 එකෙ පාස්වර්ඩ් එක
11 ඊමෙල් එක ලබන කෙනා රිප්ලයි එබුවම යන ඇඩ්‍රස් එක
12 ලබන්නගෙ ඊ මෙල ඇඩ්‍රස් එක
13 එයාගෙ නම
17 සබ්ජෙක්ට් එක
18 ඊමෙල් එකෙ අන්තර්ගතය


දැන් ඉතින් ඔය කොඩ් එක අපි මොකක් හරි නමකින් .php වලින් www ෆොල්ඩර් එක තුල සෙව් කර ගමුකො.


දැන් ඔයාලට පේනව ඇති මේ කොඩ් එකෙ smtp කියල class එකක් උඩ දී පාවිච්චියට ඇරගෙන තියෙනව. මෙන්නෙ මේ ක්ලාස් එකෙත් පුන්ච් වෙනසක් කරන්න ඕනි.ඉතින් අර කලින් සෙව් කරපු PHPmailer ෆොල්ඩර් එකෙ class.smtp.php කියන ෆයිල් එක ඕපන් කරන්නකො. දැන් ඕකෙ ලයින් නම්බර් 115 ලඟ මෙන්න මේ විදිහට ගූගල් smtp එක සහ port නම්බර් එක දෙන්න ඕනි.




දැන් ඔන්න ඒ ටික හරි...මොනාව ත් අමතක වුනා ද..එක එක තැන් වලින් බල බල ඒක වැරදි එක එක දවස් වල හරි ගැස්සුවෙ..ඒ හින්ද දැන් ලියන කොට කරපු ඔක්කොම ලියවුනා ද කියල සැකයි..ඔන්න මම නම් ඊමෙල් එකකුත් යවල ටෙස්ට් කරල ම තමයි මේක ඔයාල වෙනුවෙන් ලිව්වෙ..


දැන් ඉතින් වැම්ප් ලොකල් හොස්ට් එක හරහා ෆයිල් එක රන් කරවන්න කො.


තව ඉතින් මේකට ෆොර්ම් එකක් ඇඩ් කරල ඩෙටා අරගෙන ඒ ඩේටා මේවට පාස් කර ගෙන ලස්සනට වැඩෙ කරගන්න අවශ්‍යය විදිහට හොදේ.


මම භාවිතා කරපු ක්‍රමෙ හො තාක්ශනික යෙදුම් වල වරදක් ඇතොත් සමාවෙලා මටත් කියා දෙන්න.තව දෙයක් මෙව මෙහෙම තැන් තැන් වලින් හරි සර්ච් කරල හොයා ගන්න මට ලැබුනෙ මීට කලින් ෆොරම් වල වෙබ් සයිට් වල බ්ලොග් වල මේ ගැන වෙන අය කතා කරල තිබ්බ නිසා..එයාලට ගොඩාක් ස්තූතියි.


*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Friday, July 1

#@$?* හාල් ගරන චින්තනයක් තුල රෙද්දක බලය

උදේට ඒක ඇඳන්
කකුලට සපත්තු දාල යද්දි
මාව මහත්තැන් කෙනෙක්
කරන රෙද්ද

හවසට අරක ඇඳන්
කකුලට බාටා දාල යද්දි
මේ මාවම රස්තියාදුකාරයෙක්
කරන අපූරුව 




Tuesday, June 14

අශෝකයට එන්න කියාපිය






හතර අතට ගහල
දිග් විජය කල අශොක මහ රජා
අතින් වුන ආපදා 
මතක් කර දෙන්න

සිවුරත් කරේ තියන්
බොඩ් ලැල්ලකුත් උස්සගෙන
ගමෙ කොල්ලො ටිකත් අවුස්සල
නිග්‍රොධ සාමනේර ගියා නං

"අශෝකයට එන්න කියාපිය
මෙවට උත්තර දෙන්න කියපන් යැයි "
මොර දෙමින් තම පිරිස හා
හිතෙනවද පින්වත අහයි කියල මහරජ

තවත් පිරිසක් මර්ධනය කර
අශොක තවත් චණ්ඩාශොකමැයි
අපට බුදු දහමකුත් නැතැයි
ලංකාවකුද නැතිමැයි

****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.


ප.ලි
සීන් එක මතක නැති අයට මෙන්න මතක් කරගන්න ලින්ක් එක
http://www.dahamsayura.com/index.php?option=com_content&view=article&id=226&Itemid=243
 

Saturday, June 11

ආදරයට මෛත්‍රිය

හුඟ දවසකින් බ්ලොග් අවකාශෙ ඔන්න පැන්ඩ..ටික දොහක් හොඳටම busy වෙලා උන්න..වෙසක් කුඩුව විභාග ආයෙත් පොසොන් වලට වෙසක් කුඩුව මොණරාගාල විහාරයක බුදු මැදුරක් හදන්න ආධාර පිණිස තියෙන පොසොන් කලාපයක සවි කරන්න වගේ වැඩ තමයි ඔය busy වෙන්න හේතු..

ඉතින් මොකද්ද මේ ආදර මාතෘකාව..ආදරයට මෛත්‍රිය. මොකද්ද මේ ආදරය කරන්නෙ නැතුව මෛත්‍රිය කරන්න කියනවද ? අපෝ නැ.ආදරය කියපු ගමන් හිතට එන්නෙ මොකද්ද.ලස්සන ගැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි අතින් අල්ලගෙන මුහුදු වෙරළක් වගේ තැනක සංතොශෙන් ඉන්නව වගේ වීව් එකක් නේද ? රයිට් එක තමයි ආදරය අද මාකට් වෙලා තියෙන විදිහ.

දැන් ඔය ආදරය අස්සෙ එන අනිත් කොම්පොනන්ට්ස් මොනවද ? මම මේ කතා කරන්නෙ තරුණ පෙම් යුවළක් අපි දෙන්නට දෙන්න ආදරෙයි කියල කියන කොට අදහස් කරන ප්‍රෙමණීය ආදරෙ ගැන හොඳේ. කරුණාව සෙනෙහස දයාව සමගිය ලිංගිකත්වය වගේ දෙවල් තමයි..ඔය ඔක්කොම හරියට බැලන්ස් වෙනව ඕක අස්සෙ පැන්ඩගෙ අදහසට අනුව.තව නෙගටිව් කොම්පොනන්ට්ස් ගොඩකුත් එනව.තණ්හාව ඉරිසියාව මොඩකම් පළිගැනීම තරහ වගේ. හොඳ පෙම්වතුන් යුවළක් පුලුවන් තරම් දුරට තමන්ගෙ ආදරේ ඔය අන්තිමට කියපු කැලි හලනව.නැත්තටම නැති කපල් නම් මේ ලොකෙ නැතුව ඇති.හැබැයි නකුල මාතා හා පිතා නම් ඔන්න ideal කපල් එකක් වෙන්න ඇති.


දැන් මොකද්ද මේ අලුත් එක මෛත්‍රිය.මෛත්‍රිය කියන්නෙ බොහොම ප්‍රබල සිතිවිල්ලක්.එක කොච්චර ද කිව්වොත් අම්මගෙ ආදරෙට පැන්ඩ කියන්නෙ මෛත්‍රි සහගත ආදරයක් කියල. ඇයි ඒ. කවදාවත් අම්ම ඔයා අතින් අම්ම ගෙ හිත රිදුනම ආයෙත් ඔයාගෙ හිත ට ඒක දනවන්න එකට එක කරල තියෙද ? එහෙම නැත්තං අම්ම අතින් ඔයාගෙ හිත රිදුන වෙලාවල ඔයා එදා මට මෙහෙම කලා කියල ඒ වරද සාධාරණීය කරන්න හදල තියෙද ? එහෙම නැත්තං කවදහරි ඔයා අම්මට කරපුව වෙනුවෙන් මට මෙහෙම අනාගතයෙදි කරයි කියල බලාපොරොත්තු වෙලා දැනිල තියෙ ද ? මේ හැම එකටම උත්තරෙ " නෑ " නේද.
ඒකට තමයි මෛත්‍රිය කියන්නෙ.අම්ම කෙනෙක්ට දරුවෙක් කෙරෙහි කවදාවත් අර මම උඩ කියපු තණ්හාව ඉරිසියාව වගේ දෙවල් ගොඩ නොගැනෙන්න් හේතුව තමයි දරුවා කෙරෙහි ඇති මෛත්‍රිය.


ඉතිං ඔයාලගෙ ආදරයට ත් මෛත්‍රිය පුරුදු කරන්න.ඇත්ත මේක 100% ක් පුරුදු කරවන්න බැ..ඒත් අඩුම තරමෙ ඒක දැන ගෙන ඉන්නකොට වත් එහෙම ටිකක් හරි යයි.


සරල උදාහරණයක්.ඊයේ ඔයා මට වැඩිය කතා කලේ නැ නෙ.අද මම කතා කරන්නෙ ත් නැ එතකොට තෙරෙයි නෙ දුක.මෙතෙන් දි තමන්ගෙ පාට්නර් ඔයාට කතා නොකලේ හිතා මතා ඔයාව රිද්දන්න නොවෙන්න වෙන්න පුලුවන්.ඒත් එක කොහොම හරි වෙලා ඔයාගෙ හිත රිදුන.දුක හිතුන.ඔයා එක එයාට කිව්වම එයා අතින් වුන දේ ගැන අවංකවම එයත් දුක් වුනා නම් සමාවෙන්න කියලත් කිව්වම ඔයා ගෙ හිත ඊට පස්සෙ එයාට කොල් එකක් ගන්න කියද්දිම කියනව නම් එක්කො ඕනි නැ ගන්න ඊයෙ මම විඳපු දුක එයාටත් දැනෙන්න ඕනි කියල.අන්න ඔයාගෙ හිත මෛත්‍රියෙන් ඇත් වෙලා.ඇත්ත ඔයා එයාට ආදරෙ තමා ඒක නෙ ඔය අතරෙ හදිසියේ ලෙඩක් දුකක් හැදුන නම් එයාට ඔයා ඇස් වල කදුලු පුරොගෙන දුවන්නෙ.ඒත් අර කියන වෙලාවෙ ඔයාගෙ හිතේ ආදරෙ ඇතුලෙන් පුන්චි ද්වෙශ සහගත එහෙම නැත්තං පලිගන්න හිතක් හැදිල නේද.


ඔයාල දෙන්න අතරෙ මෙන්නෙ මේ වගෙ කතා වෙනව නම් මේක අත්‍යාවශයම දෙයක් ඔය දෙන්නගෙ ආදරෙට.දෙන්නගෙම හිත් වලට මෛත්‍රිය පුහුණු කලොත් මේව හුගාක් මඟ ඇරෙයි.හැබැයි හිතට මෛත්‍රිය පුරුදු කරද්දි ඒක එයාට විතරක් කරන්න පුරුදු කරන්නත් බැ.ඒක සියලු සත්වයින් කෙරෙහිම පුරුදු කරන්න ඕනි.කල් යන කොට ටික ටික හුරු වෙයි.ඇත්ත අමාරුයි තමා මේ කතා කරන මගෙ හිතෙනුත් මෛත්‍රිය ඇත් වෙන වෙලාවල් තියේ.ඒ හින්ද අපි ඔක්කොම මේක පුරුදු කරමු..දන්නෙම නැතුව දෙන්නගෙම ජීවිත සුන්දර වෙයි.


****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Saturday, May 21

අපේ පහන් කුඩුව පැන්ඩට දැනුන හැටි

දැන් ඔන්න අපේ එවුන් දැක්කොත් කියයි තාම මූ ඕක අල්ලගෙන කියවනව ද කියල.ඔව් කියවනව තමයි මොකො අතේ කරගැට තාම බැහැල නැ.කකුලේ තුවාල තාම සනීප නැ.කුඩුවේ ලස්සන දැකල හිතේ ඇති වුන තංතොසේ තාම ඉතිරෙනවා.කතා කරන අහන දකින අය කුඩුව ලස්සනයි හොද වැඩක් කලේ කියනව කුඩුව හදන්න සල්ලි මදි වුනාම ණය වුන ණය කාරයො ගැණ රැ තිස්සෙ මතක් වෙනව ඉතින් මම හැමදේම කතා කරන මගේ බ්ලොග් එකෙත් එක ගැන ලියන එක වැරදි නැ නේද ආයිබොං.

 ඔය තියෙන්නෙ බැබලි බැබලි අපුරුවට අපේ පහන් කුඩුව.මේක නිර්මාණය කලේ අපේ විශ්ව විද්‍යාලෙ computer science එකෙ කොල්ලො කෙල්ලො ටික තමයි.ඕන් ඔය වැඩ හින්ද තමා බ්ලොග් පැත්තෙ කරක් ගහන්නත් බැරි වුනේ.අපේ දිලුම් සහොදරයගෙ අවසන් ගමන ගැන නිසි තොරතුරු නොලැබුනෙත්.මේ වෙලාවෙ මම අපේ දිලුම් අයියට කිසි දිනක සැබැවට හමු නොවූ අපේ සයිබර් මිතුරාට පැන්ඩා නිවන් සුව පතනව.අපි මේ පහන් කුඩුව හදල හුදී ජනයාගෙ හිත් පහන් කල පින දිලුම් අයියාට අනුමොදන් වේවා කියල ප්‍රාර්ථනා කරනව.

ඉතින් විශ්ව විද්‍යාලෙ ගොඩ වැදුන අපි අපේ ජිවිත අධ්‍යන කටයුතු අස්සෙ හිර කරගෙන ඉන්න කොට මීට වසර දෙකකට විතර කලින් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද පාදාංකරය කියන අපේ අලුත් කැම්පස් එකෙ කුළුදුල් ප්‍රදර්ශනයට එකතු වුනා.එතෙන්දි අපි දිලා (දිලරුවන් අපේ රෙපා) ගෙ මූලිකත්වයෙන් අපි කොල්ලො කෙල්ලො ටිකක් සෙට් වුනා.අපේ හැකියාවන් අදුර ගත්ත.විශේෂයෙන්ම දිල් රුවන් රිජිෆොර්ම් වලින් අනිත් අය දාන කැටයම් වැඩ ලී කැලි වල දාන හැටි දැක්කම විද්‍යා අංශයේ ඉන්න මේ කොල්ල ගැන අපි ආඩම්බර වුනා.පාදාංකරය හදල ඉවර වෙනකොට දිලරුවන්ගෙ මූලිකත්වයෙන් අපි හිතුව කැම්පස් එකෙන් යනකොට නම් කුඩුවක් ගහලම තමයි යන්නෙ කියල.ඒත් ඉන් පස්සෙ ආපු වෙසක් වලදි මේකට විවිධ බධාවන් ආව.


කොහොම හරි අපි විශ්වවිද්‍යාලෙ ගත කරන අවසාන වසර හින්ද නැවතත් අපි අපේ අදහස විශ්වවිද්‍යාලයට සම්බුද්ධජයන්ති වෙසක් මංගල‍ය වෙනුවෙන් ඉදිරිපත් කලා.දෙන දෙයියො පැන පැන දෙනව කියනව වගේ කැම්පස් එක අපේ අදහසට අනුමැතිය දුන්න විතරක් නෙවෙ මුළු කැම්පස් එකෙම වෙසක් කළාපයක් නිර්මාණය කරන්න හිතුව.කැම්පස් එකෙ ගහන්න හිටපු එක කුඩුව වෙනුවට හැම අධ්‍යන අංශයක් විසින්ම කුඩුවක් නිර්මණය කලා.

 ඉතින් අපිත් අපේ කුඩුව හදන්න ගත්ත.මහ කුඩුව අඩි 14ක් උසට ඒ වටේට උඩින් සහ යටින් නෙලුම් මල් 6 බැගින් 12ක් සහ එක නෙලුම් මලකට පැටව් 6 ගානෙ 72 ක්.මේ ඩිසයින් එකෙ සම්පූර්ණ අයිතිය දිලා ගෙ.ඊටපස්සෙ මුලින්ම කුඩුව බේර ගන්න ගැහුව නියම හට් එකක්.අපිට ඉන්නව එක කොල්ලෙක් පුවක් කොටෙ වලල්ලක් නැතුව නැගල අනිත් පැත්තෙ එවුන් ඉනිමගෙ නැගල ගැටගහන කල් පුවක් කොටෙ අල්ලන් එක අතකින් අනිත් අතින් ෆොන් එක අල්ලන් මල් කඩන්න පුලුවන් දක්ශ තරමෙ.ආඩම්බරයි නේද ?ඒ තමයි අපේ ඈයා.

ඊළගට කැටයම්.හැම කැටයමකම මුලීක ඩිසයින් එක ඇන්දෙ දිලා.කොල්ලො ටික එකතු වෙලා දිවා රැ නිදි මරාගෙන බඩට නොකා දිලාගෙ බොඩිමට වෙලා කැටයම් කැපුවා තාමත් මැවිල පේනව.බොඩිමට එද්දි උරහිස් රිදෙනව.පැටව් කුඩු වල සමහර ඩිසයින් වල 576 ක් ද කොහෙද තිබ්බ.ඔය වගේ එව්වා ගොඩායි.ඒ මදිවට වෙසක් නිවාඩුවට ඔං ටිකක් ගෙවල් වල ගොහින්.ඉන්න පිරිසත් සැහෙන්ට අඩු වුනා.

ඔය රැ පින්නෙන් බෙරෙන්න කැප් එකක් දාගෙන කැටයම් කපන්නෙ පැන්ඩා.පැන්ඩට එහා පැත්තෙ ඉන්නෙ ඉශාන්.ඉශාන් ල කැටයම් කපන්න වෙහසුන තරම කියලා නිම කරන්න බැ.සමහර දවසට උදේ 6 වෙනකං එක දිගට ඉශාන් කැටයම් කැපුවා.එහෙම කරල බොඩිමට ගිහින් ආයෙත් උදේ 10 වෙනකොට ඇවිත් වැඩ පටන් ගන්නව.එහෙම කැටයම් කපල හැඩ කරපු පැටව් 72 තමයි ඔය ඉන්නෙ.තව ඔය තියෙන නෙළුම් මල් 12 ත් හැම පැත්තකම හැම පෙත්තකම සිංහල පාරම්පරික කැටයම් වලින් හැඩ කරල තියෙන්නෙ.

ඊට පස්සෙ තව මතක් කරන්නම ඕනි දෙයක් තමයි විදුලි අලොක රටා.අපේ කුඩුවට අපි ෆැලැශර් කොට ගැහුවෙ නැ.IC programme කරල තමා සියළු අලොක රටා දැම්මෙ.මෙකෙදි මතක් කරන්නම ඔනි කොල්ලො තුන් දෙනෙක් ඉන්නව. මිලින්ද, කේශාන් සහ නිමේශ්.විශේෂත්වය තමයි මේකට ෆැල්ශර් කොටෙට තරම් වියදමක් යන්නෙත් නැ, ඒ වගෙම රටා හිතෙන විදිහට බොහොම පහසුවෙන් කුඩුව පෙන්වන දිනෙන් දිනට වෙනස් කරන්නත් පුලුවන්.අද තියෙන අලොක රටා නෙවෙ හෙට.මේ අලොක රටා කලින් සිමියුලෙට් කරල චිප් වලට දාන්න රටාව දුන්නම කේත ටික චිප් එකෙ ලියවෙන අපුරු පරිගනක මෘදුකාංගයකුත් මිලින්ද සහො හැදුවා කුඩුව වෙනුවෙන්ම.


මේ තියෙන්නෙ ඒ පරිපථ.පැන්ඩට ඔටො ට මිලින්ද ට දිලරුවන්ට ඕව අස්සෙ අත දාල ඒ දවස් වල කරන්ට් වැදුන එකත් ආතල් එකක් වෙලා තිබ්බෙ.කුඩුව හැදීගෙන සංතොසෙට 33000 වැදුනත් හිනා වෙයි අපි.

ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පහන් කුඩුව නිර්මාණය වුනේ.පුන්චි දුකක් තියෙන්නෙ අපේ කුඩුව ඩිසයින් කලේ කොටස් තුනකට පැති දෙකකට කැරකවෙන්න.ඒත් වෙසක් දවසෙ රෙසරයකට ගහල තිබ්බ වැල්ඩින් ඩොට් ටිකක් ගැලවුනා.රට වටෙ පැන්ඩ තඩි බඩ ගෙඩියත් උස්සගෙන ඇවිද්දත් ඊට කලින් පාස්සන වැඩ වලට එදානම් අපිට ඇරල තිබුන එකම වැල්ඩින් කරන තැනක් වත් සෙට් වුනේ නැ.ඉතින් හැමොම මූන වල් බෙරි කරගෙන කුඩුව තනි පැත්තට කැරකවෙන්න සෙට් කලා.
ඕං ඔහොම එකක් තමා ගැලවුනේ. කොහොම හරි සැහෙන වෙහසක් දරල අපේ කුඩුව මැද වැඩ ඉන්න බුදු රජාණන් වහන්සේලා තෙනමට මල් පුජා කරලා කුඩුව විවෘත කරපු දවසෙ ආපු සංතොසෙ කියලා නිම කරන්න බැ. නිදි මරපු අත පය ඇදිල හම ගිහිල්ල තිබ්බ වෙදනාවන් ඔක්කොම කොහෙන් ගියාද නැ.

ඉතින් මේ කුඩුව හදන්න මුදලින් ශ්‍රමයෙන් එක දාඩිය බින්දුවකින් හරි දායක වුනා නම් ඒ හැමොටම පැන්ඩගෙ ස්තූතිය.ලංකාව හතර දිග්භාගෙන් ආපු අපිව එකතු කරපු අපිට මේ අවස්ථාව දීපු අපේ විශ්වවිද්‍යාලයට අපේ ගෞරවනීය ප්‍රණාමය.

අන්තිම දවසෙ රැ කුඩුව වහන කං ඒ ලගින් වාඩි වෙලා උන්නු මගේ හිතට දැනුන සතුට අදත් මට වචන වලට පෙරලන්න බැ.ඒක විදින්න පින තියෙන්න ඕනි.කුඩුව වටේ එකතු වුන අපි හැමොටම ඒ පින තිබ්බ.

විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නත් අපේ කුඩුවට පුලුවන් වුනා.ඒත් අපිට සංතොෂ ඒ හින්දම නෙවෙ.මේ බදුල්ලට පිට පළාත් වලින් ආපු අපි බදුල්ලෙ අහිංසක මිනිස්සුන්ට අපිට නවතින්න නවාතැන් දුන්න කන්න කැම ටික දුන්න අයට බලන්න හොද කුඩුවක් හදපු එකට."මුළු බදුල්ලටම , බණ්ඩාරවෙලටම මෙහෙම කුඩුවක් නැ මල්ලි" කියල ආපු අය කියද්දි අපි විඳපු සතුට කියලා නිම කරන්න බැ..

පුන්චි දෙයක් මෙතන මම නම් වශයෙන් මම මතක් කරපු අය විතරක් නෙවෙ තව සැහෙන්න හයියක් වුන අපේ කොල්ලො කෙල්ලො ඉන්නව.ඒ හැමොගෙම නම් ගම් මතක් කරන්නෙ නැ.එහෙම කලෙ නැ කියල උන් තරහ වෙන්නෙත් නැ.මොකො ඒ හැමොගෙම හිත් හරිම අපුරුයි.ඒ අපුරු හිත් තියෙන මිනිස්සු එක්ක එකතු වෙලා අපුරු වැඩක් කරන්න පැන්ඩට ලැබුන අවස්ථාව කවදාවත් අමතක වෙන්නෙ නැ.

සම්පුර්ණ කරපු නිර්මාණයේ පොටො

 



Sunday, May 8

ජිවිතේ දුක් වලට අඬ ගහන අපි

පැන්ඩ හුග දවසකින් බ්ලොග් එකකට ලියන්න අත ගැහුවෙ..ලැප්ටොප් එක කැඩිල තිබ්බෙ..දස අතේ කල්පනා කර කර හිටියේ අලුතින් එකක් ගන්න වුනොත් කියල ඒත් ආයෙත් ස‍ර්විස් සෙන්ටර් එකෙ අයට පුලුවන් වුනා ලැප් එක ගොඩ දාන්න.


ඉතින් ඔහොම ඉන්න අතරෙ පහු ගිය සතියේ කැම්පස් පටන් අරගත්ත අවුරුදු නිවාඩුවෙන් පස්සෙ.ගිය ගමන් ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වුනා ගුරුවරු දෙදෙනෙක් ඉවත් වීම නිසා ඇතිවූ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්. ඒක ගැන නොයෙකුත් සාකච්චා මත ගැටුම් අනේක විදිහට ඇති වුනා.අවසානයේ සාමන්‍යය විසදුමකට ලගා වුනා.


ඊට පස්සෙ මම දන්න කිහිප දෙනෙක් ගෙ පෞද්ගලික ගැටලු ගැණ කතා කීපයකට ත් මාව මැදි වුනා.
ඒත් ඔය ඔක්කොටම ටොක් දීල අන්තිමට මාත් ප්‍රශ්නයක් ආවම බිංදුවටම වැට්ච්ච තැන් තියෙනව.ඒ වෙලාවෙදි පිහිටට එන්නෙ පැන්ඩිල අම්මල යාලුවො තමයි. කොහොමින් කොහොම හරි කාරණාව පැත්තට එමුකො.


මේ හැමදේකදිම මේ බොහොමයක් ගැටළු වලදි මම දැක්ක ලොකුම කාරණෙ අපි අපිව අනිත් අය එක්ක සංසන්දයට හා ඒ සංසන්දන වලින් අපිට අහිමි පැත්ත ගැණ විතරක් හිතල හිත කනස්සලු කර ගැනිම.


ප්‍රශ්නයක් කියන හැමොගෙම වගේ කටින් ආපු දෙයක් තමයි ඉතින් පැන්ඩො "අරයගෙ එහෙමයිනෙ" , නැත්තං "අර ආයතනයේ එහෙම යි නේ "කියල ඉස්සෙල්ල අපිව හරි අපිට සම්බන්ධ තැන හරි සංසන්දනය කරල කතා කරන්න ගන්න එක.


සංසන්දනය කියන එක මහම මහ කුණු ගොඩක් ගෙන්නෙ දුකමයි, මොකො අපේ හිතුත් හුගක් වෙලාවට දුක් කරදර වල පැටලුනාම හදන්නෙ සංසන්දනය කරල අඩු පාඩු පැත්තම නැති පැත්තම පෙන්වන්න හදන එක.


මේක දෙමාපියන්ගෙ ඉඳන්ම ලාංකාවෙ දරුවන්ට දාපු ලෙඩක්..ඉස්කොලෙ රෙකොඩ් බුක් එක අතට ගන්න එකෙදි විතරක් නෙවෙ ලමයගෙ සාක්කුවට දාන ලෙන්සුව තියෙන විදිය ඉඳං පොඩි කාලෙම වෙන අයට සංසන්දනය කරන්න කරල කතා කරන්න අපිව හුරු කරවනව. හුඟක් වෙලාවට මේ සංසන්දනයන් වෙන්නෙත් වැරදුනාම එකෙ වැරදි පැත්තම පෙන්වන්න මිසක් හරි ගියාම කොච්චර හොඳද පෙන්වන්න නෙවෙ නෙ.


ඒක කොච්චර දුරට හිත් වලට ගිහිල්ලද කිව්වොත් මම දන්න සමහර අය ඉන්නව රිසස්ල්ට්ස් එලියට දැම්ම තමන්ගෙ එකට කලින් අනුන්ගෙ එක බලන..ඊටපස්සෙ තමන්ගෙ එක ගැණ බලන්නෙ..කොච්චර දුරට සංසන්දනය කරනව ද ? තමන්ගෙ මුලු ජිවිතේම දුවන්නෙ තව ඒවට සංසන්දනය කර කර, කවද්ද මගේ කියල ජිවිතයක් ගෙවන්නෙ. එහෙම හිතකට සැනසිල්ල කියන එක බොහොම දුරයි.


සංසන්දනය කරන එක වැරදි ඇයි ? හරි සරළයි..සින්හලෙන් ම කිව්වොත් අපි සහ අපි සම්බන්ධ මේ සියල්ල unique .සුවිශේෂියි. මාව සමාන කරන්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලොකෙ නැ.මට ඇති වෙන තත්වයන් සමාන කරන්න පුලුවන් කිසිම තත්වයක් තවත් ලොකෙ නැ.අපි දෙන්නම එකම වයසෙ වුනාට අපි දෙන්නම එකම ඉස්කොලෙ ගියාට එකම විෂයන් හැදැරුව]ට අපි දෙන්නම විභාගයක් ලියද්දි කවදාවත් මම යි එයයි සමාන නැ.


ආදරෙයෙදි සංසදනය කියන්නෙ විෂ. ගැවුනත් ඇති ගැවුන ගැවුන තැන පලු දාල කුණු වෙලා විනාස වෙන්න.අපේ කාලෙ බොහොමයක් යාලුවෙන්න ට්‍රයි කරන තැන ඉඳන්ම පටන් ගන්නෙ සංසදනය කරල.එයාගෙ එතන මෙච්චරයි මෙයාගෙ මෙතන අච්චරයි එයාගෙ මෙච්චර සුදුයි ලු අරයගෙ රත්තරන් පාටයි ලු. අර ඌ යාලු වෙලා ඉන්න එකට වඩා මෙක හොඳයි. නැත්තං චාටර් බං බලපල්ලකො අර ඌගෙ කෙල්ල එක්ක බැලුවම. එහෙම නැත්තං අපේ කෙල්ලො අරය උපන් දීනේට දීල තියෙන්නෙ මෙව්ව එකක් ඒ වුනාට මට දුන්නෙ අරව එකක් එහෙම නැත්තං එයා නම් බස් එකටත් නග්ගල බස්සල යන්නෙ ඒත් මෙයා හොල්ට් එකට විතරයි එන්නෙ..


ඔහොම කරන්න ගියාම කවද්ද හිතට සැනසීම එන්නෙ.කවද්ද සතුටක් එන්නෙ.මොකො ටක්කෙටම දන්නව එයා සහ මෙයා සුවිශේෂි දෙන්නෙක් .ඉතින් කවමදාවත් ඒ දෙවල් ඒ විදිහට මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.ඒ වගෙම තව කෙනෙක්ට ලැබුන කියල ඒ දෙම මටත් ලැබෙන්න ඕනි කියල හිතන්න එපා. හොඳට කල්පනා කරල බැලුවොත් එයාට නොලැබෙන ඊට වඩා වටින වෙන දෙයක් ඔබේ සහකරුගෙන් ඔබට ලැබෙනව වෙන්න පුලුවන් එකම දේ ඒකෙ වටිනාකම ඔයා අදුරගෙන නැ.
සමහර විට ඔයා සංසදනය කරන පුද්ගලයගෙ සහකරු හරි සහකාරිය එක්ක කතා කරල බලන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ හුගක් වසනාවන්තයි කියල හිතෙන්නත් පුලුවන්.


ආයතනයක රැකියාවකට ගියාම එහෙම නැත්තං ඉගෙන ගන්න තැනකත් හුගක් අය ඉන්නෙ සතුටින් නෙවෙ.බැලුවම හේතුව අතන හොඳයි නැත්තං මෙතන හොදයි කියල සංසදනය කරල හිතාගෙන දුක් වෙනව.ඒත් සමහර විට කරුණු විමසල බැලුවම පිටින් හොඳ වගේ තිබ්බට එතනට වඩා තමන් ඉන්න තැන දාහකින් හොඳයි.


පුන්චි උදාහරණයක් ගමු. ගමක රස්සාවක් කරන එහෙම නැත්තං වගාවක් කරන ඉලන්දාරියෙක් ටවුමෙ රැකියාව කරන කොල්ලෙක් දැකල ඒ කොල්ලගෙ වාහනෙ දැකල ඇදුම් වල වටිනාකම දැකල සංසදනය කරල තමන් දුක් වෙනව.මට ඒ දෙවල් නැ ඒව නැ කියල.ඒත් සමහර විට ඔබව දකින අර නගරෙ ඉළන්දාරිය දුක් වෙනව ඇති ගම්බද තරුනයගෙ ජීව්තේ තියෙන සැහැල්ලුව පහසුව ගැන.විධායක රැකියාවක් නිසා ඔහුට තියෙන පීඩනය ඔහුට තියෙන වගකීම එක්ක ඔහු අර ගමේ ඉන්න තරුණය කොයි තරං වසනාවන්තද කියල හිතයි සංසදනය කලොත්.දෙන්නම තමන් ලඟ නැති අන් කෙනා ලඟ ඇති දේ ගැන සංසදනය කරල හොයාගෙන ඒ දෙවල් අහිමි වීම ගැණ ජිවිතේ දුක් වෙනව.


අපි අවබෝධ කරගන්න ඕනි දේ මෙකයි.ලොකෙ තියෙන සුන්දරම දේ තමා විවිධත්වය, ඒක සුරැකෙන්න අපි හැමොම සුවිශේෂී වෙලා තියෙන්නෙ.අපි තවත් කෙනෙක් වීමෙන් ඒ දේ සිද්ධ වෙන්නෙ නැ.ඒ හින්ද කළ යුතු හොඳම දේ ජීවිතේ ට නිතියක් දා ගන්න මම මගේ ජිවිතේ මට ඕනි විදිහට ගෙවන්න.කවමදාවත් කිසිම දේකට තමාව සංසන්දනයට යන්න එපා.තමන්ගෙ ජිව්තෙ පාලනය ඔබ සතුවම තියා ගන්න.


පුන්චිම දේ ට වත් එපා.ඔයාගෙ මුනෙ කුරුළැ ආවට ඔයාගෙ යාලුවත් ඔයා කන කඩෙන්ම ඔයා කන කැමම කැවත් කුරුලැවක් නැති පැහැපත් සමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන් ඉතින් ඒ ගැන කිය කිය බලන්නකො අපි දෙන්නම එකම විදිහට‍ කැවත් මගෙ මුනෙ කුරුලැ නෙ කියල දුක් වෙන එක ඔබේ මොඩකම.ඒක ජිවිතේ සුවිශේෂි කම.චුට්ටක් හිතල බලන්න මම මේ කියන දේ ගැන.දවසට කී පාරක් සමහර අය දුකට පත් වෙනවද අන් අය සමග සංසන්දනයෙන්..මේක හරියට පිහියක් තමන්ගෙ අතින්ම ඇරගෙන තුවාල වෙන බව දැන දැන සිහියෙන් යුතුවම තමන්ටම ඇනගන්නව වගේ දෙයක්.


මිනිසුන් වෙච්ච අපිට අපේ හිතේ පාලනය සීයට සීයක් අපේ අතටම ගන්න බැ.ඒත් උත්සාහ කරමු.මේ කතා කරන මාත් තව ටිකකින් ටවුමට ගියාම පරණ යාලුවෙක් මුණ ගැහුනොත් තොරතුරු කතා කරද්දි සංසදනයක් කරන්න උත්සාහයක යෙදෙයි.ඒ හින්ද මේක නැති කරන්න හොදම පලමු විසදුම එහෙම අවස්ථා හොදින් අදුනා ගැනීම.මුලදි විකාරයක් වගේ දැනෙයි ඒත් පොඩ්ඩක් සිහියෙන් ඉන්න බලන්න කො මෙහෙම කේස් එකක් තියෙනව කියල දැනගෙන..එතකොට කාලයක් යනකොට ඔයාගෙ හිතම කියන්න ගන්නව ඔන්න පැන්ඩො උඹ හදන්නෙ ඉල්ලන් කන්න..ඌත් එක්ක උඹව සංසදනය කරන්න එපා වගේ දෙයක්.එතකොටම ක්ෂනිකවම හිත කියන්න ගනී ඒ එයා මේ මම.මම වෙනස් කියල.දැනට අපි ඔක කරනව.ඒ තමයි අපිව කාට හරි සංසදනය කරල වෙන කවුරු හරි නොන්ඩියක් දාන්න හදන කොට අපි මේක නේද එයාට කියන්නෙ.ඒත් එක එයාට කියල ඒ දේම ඔයාගෙ හිතටත් කියලත් දුක් නොවී ඉන්න පුලුවන් වෙන්නයි ඕනි.


තව දෙයක් පුලුවන් නිතරම තමන්ගෙ තියෙන හොඳ දකින්න උත්සාහ කරන්න.මෙහෙම කියමු ඔයාට හොදට රිසාස්ල්ට්ස් ආව..ඒක දිහා බලල සතුටු වෙන්න.ඔයාගෙ හිතට ශක්තිය දෙන්න..කියන්න අඩේ උඹ එළ කොල්ලෙක් නෙ කියල ඔයාගෙ හිතටම. හැබැයි ගැනල බලන්න හදන්න එපා ඔයාට වඩා අඩුවෙන් රිසාස්ල්ට්ස් තියෙන ගානවත් වැඩියෙන් තියෙන ගානවත්.අනිවාර්යෙන් අර සතුට නැති කරාවි ඒක. අපේ හිත් පුදුමාකරයි,සංසදනය කරන්න ඊට පස්සෙ දුක් වෙන්න පුරුදු කෙරෙව්වොත් එකටම පුරුදු වෙනව.ඊටපස්සෙ ඔයා කොච්චර හොදට ලකුනු අරගෙන ඔයාට වඩා එක්කෙනෙක් හරි වැඩි නම් හිතට පුලුවන් සංසදනයෙන් අර ජයග්‍රහණයේ සතුට මකල අනිත් කෙනාට වඩා ලකුණු නොමැතී වීම ගැණ දුකට පත් කරවන්න.


ජිවිතේ කියන්නෙ තරඟයක් කියන සිතුව්ල්ල මම ප්‍රතික්ශේප කරනව. ජිවිතේ කියන්නෙ චාරිකාවක්.අපි හැමොම යා යුතු හා නිම කළ යුතු.නමුත් අවසානයේ කවුරු හරි ඉඳගෙන එක දෙක තොරන තරඟයක් නෙවෙ මේක.ඔයා ඒ චාරිකාව ඔයා කැමති අයුරින් රස විදින්න.ඔයාට ලස්සන තැන නැවතිලා ඒ ලස්සන විදින්න අනිත් අය නවත්තපු හින්ද එතනම නවත්තන්නවත් අනිත් අය ඉදිරියෙන් යනව කියලවත් දුක් වෙන්න එපා.එහෙම විය යුතු නැ.


පුන්චි තව උදාහරනයක් කියන්නම් මගෙ වයසෙ ඉන්න වැඩි දුර ඉගෙන ගන්න හැමොම කියන දෙයක් තමයි අපි තාම ඉගෙන ගන්නව.එත් අපේ වයසෙ ස්කුල් අවුට් වුන ගමන් ජොබ් ගිය එවුන් බැදලත් ඉවරයි. අපි මෙහෙම දුක් වෙන්නෙ ඇයි සංසදනය නිසා.සමහර විට අර පුද්ගලයා දුක් වෙනව ඇති ජිවිතේ වගකීම් ඉක්මනට හදා ගත්තු එක ගැන.කොහොම වුනත් අපිට මොකද කියල හිතන්න පුරුදු වෙන්න.මේ ඔයා තොර ගත්තු පාර එක විශ්වාසෙන් යන්න.එක එයා තොරගත්තු පාර.ඒ දෙක සංසදනයෙන් ලැබෙන දෙයක් නැ.අනික ජිවිතේ කියන්නෙ චාරිකාවක් නම් වැදගත් වෙන්නෙ එකෙ ඉදිරියට යැම මිසක් යන ආකරය නෙවෙ.අනික ඔහොම අනිත් අය ට ඕනි දේ තමන්ටත් ලබා ගන්න හදන ජීවිතයක් නොදැනීම විනාසයට යනව මිසක් කවදාවත් තෘප්ත කරන්න බැ.අතෘතිමත් පුද්ගලයෙක් වෙන්න ලේසිම ක්‍රමය තමා සංසදනය.


ඔයාගෙ ජිව්තේ තෘප්තිමත් කරගන්න එක ඔයා සතු දෙයක්.ඒකට ලේසිම මග තමයි අන් අය හා සංසදනයෙන් වැළකීම.

*****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Tuesday, May 3

පැන්ඩිට සුභ උපන්දිනයක් වේවා!!!

 අද ට එයාට වයස අවු 25ක්...මට මුණ ගැහුනේ එයාට 23 දි. ජිවිතේ 1/4 විතර ගෙවල උන්නු මට එයා ලැබුනම ආයෙත් ඉපදුනා වගේ දැනුනා.ජිවිතේ ඔහේ ගලා ගෙන යන එක නැවතුනා..ජිවිතේට අරමුණු එකතු වුනා. ගුණ යහපත් කෙල්ලෙක් හින්ද ඒ අරමුණුත් යහපත් ඒව කියල මම දන්නව.ලියා ගෙන යන්න දෙවල් ගොඩාක් හිතට එනව.ඒත් කාල වෙලාව මදි.අද උදේ උපන් දිනේට සුභ පතන්න කොල් කලාමත් හැමදේටම කලින් මම හොදින් ද සනීපෙන් ද කියල දැනගන්නයි එයාට ඕනි (චුට්ටක් ලෙඩ වෙලා මම) වුනේ.මතකද මීට කලින් මට එයා ගැන ලියවුනු ලිපිය අමතක අය මේතනින් ගිහින් බලන්න කො. පැරණි ලිපියට

මට මගෙ ජිවිතේ අම්මයි තාත්තයි දුන්න දීපු තාමත් දෙන ශක්තිය ඇරුනම ඊට නොදෙවෙනි එකම ශක්තිය ඇයයි.මට මේ දේ ඕනි ඔයා මෙහෙම වෙන්න ඕනි කියල කවදාවත් මට මගෙ ජිවිතේට බරක් එකතු නොකරපු එයා මගෙ ජිව්තේ තවත් සැහැල්ලු කරන්න උදව් කලා.ජිවිතේ කියන රේස් එකෙ කොහෙ කොතන ගියත් හැරිල බලන කොට මාත් එක්කම මගෙ දකුනු පසින් ඔයා ඉන්න එක, හැමදෙම අමතක කරල මට දෙන ඒ දයාබර හිනාව මාව දිරිමත් කලා.ඒ හැමදේටම මම ඔයාට ණය ගැතියි හුගාක් ස්තූතියි හුගාක් පින්.


මාතින් ඔය සිත
රිදුව සැම කල්හි
නිහඩවම කල් ගෙවන
මතක තුල සගවාගෙන
මා සිත නොනතලන
ඔබයි මහගු පෙම්වතිය


නීරස වූ ජීවිතය
නිම්නැති ආදරයෙන් පුරවා
ස්නෙහෙයෙන් කලතවා
මවක සේ කරුණාව පා
ජිවිතේ අනගි කල
ඔබයි ආදරණීය පෙම්වතිය


අන් සත දුක් දැක
කරුණාබර ඔය හිත
සැලුනු සැම විට
කුසල් සිත් පෙරටු කර
මා සිත පොළබවා
කුසලයේ යෙදවූ
කළණ මිතුර
ඔබයි මා පෙම්වතිය


නුවණින් පොහොසත්ව
දුන් ආදර ඔවදන්
මා ජිවිත එලිය කර
නැණ පහන් දැල්වීය


පසු තැවිලි සිත්
කිසි කල් නොනැගෙන්න
ඉඩක් නොතබාම
ඔබ දුන් ආදරය
අමිලමය මා හට


ඔබ හා මා ගෙවන
සොඳුරු අනාගතයකට
සිහින පොදි ගසා
විස්වාසයෙන් පය තබා
දිරියෙන් දිව යන්න
ජවය දෙන උල්පත
ඔබයි මා පෙම්වතිය 

පැන්ඩගෙ ලැප්ටොප් එකට අසාධ්‍ය වෙලා සර්විස් සෙන්ටර් නිසා මාව මේ දවස් වල බ්ලොග් වල නොදකින්න ඇති..ඒ ගැන සමාවෙන්න.දැනුත් මේ හදිස්සියට දුවල යන්න ආවෙ යාළුවෙක්ගෙ එකකින් 

**********************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Tuesday, April 5

පැන්ඩා දැන් ජිවිතේ අවසානභාගය නේද?


දැන් බලන්න එපා මේ මොන කුනු හරුපයක් ද කියල..ඔහොම තමයි ජිවිතේ නේද ?ඒත් වයස 25ක් වුන මම මොකො ජිවිතෙන් 3/4 ක් ඉවරයි කියන්නෙ..ආයෙත් හොඳට කල්පනා කරල බලමු.

මෙහෙම නෙ මෙ බ්ලොග් ලොකෙට ආපු පැන්ඩා බෞතිස්ම වුනෙ මීට අවුරුදු 3 කට කලින් විස්ස විද්දාලෙ ගියාම නෙ..ඊට කලින් නිකම්ම නිකං බුද්ධික නිර්මාල් ගෙදෙට්ට ලොකු පුතා ඉස්කොලෙ එවුන්ට තොම්සන්. අර ටින් ටින් එකෙ උන්නෙ.

පැන්ඩා කියන කේස් එක වුනෙ කුන්ග් ෆු පැන්ඩ එකෙ දර්ශනයක් කාල බීල ඉන්න වෙලෙ හොස්ටල් එකෙ රඟ දක්වන්න ගිහින් නෙ.ඊට කලින් සුදු භූතය (කැස්පර් එකෙ ) කියල කට්ටියක් කිය කිය උන්නෙ.ඒත් එක එහෙම ම මඟ ඇරෙන්න දුන්න මම.දැන් හිතන්නකො මම ඇවිද ගෙන යනකොට යාළුවෙක් අඩ ගහනව සුදු භූතයො පොඩ්ඩක් හිටූ කියල..එතකොට මම මට නෙවෙ වගෙ යනව.එතකොට තව එකෙක් අඩො පැන්ඩො කියනව එතකොට අන්න ටක් ගාල හැරිල බලනව.අන්තිමට සුදු භූතය අමතකම වෙලා ගියා. 

කොහොම හරි අර කිව්ව වගේ ඔකට විවිධ විශේෂන එකතු වෙනව කාලනුරුපීව.


හිතන්නකො බැච් මීටින් එකක් වගෙ එකකදි මම මුකුත් කිව්ව කියල ක්ෂණිකව එතකොට අන්න අහගන්න පුලුවන් අඩො පැන්ඩො වගේ විශේෂනයක් සහිතව මගේ නම.

තව අපේ ඔය හෙයියා එහෙම සෙට් එකෙ ඉන්න කොට මොකක් හරි බොලයක් මට බස්සවන්න ඕනි වුනාම පැන්ඩ ඩාලිං වගේ ඇහෙනව එතකොට මම දැනගන්න ඕනි ඉක්මණට මාරු වෙන්න.

තව ගෲප් ප්‍රොජෙක්ට් වල එහෙම ඉන්නකොට නිතරම පැන්ඩ පැටියො වගේ එව මට ඇහෙන්න ලැබෙනව.
 
සිරාවට ආදෙරෙට උඹල එහෙම කියන වෙලාවලුත් ඇති බව මම හොඳින් ම දන්නව.


අර හගුර ට ඉන්නව භාරියක් වැඩ නිකං එලිසබත් මහ රැජින වගේ..අන්න එක තමයි හිටි ගමන් පැන්ඩ්ස් කියන්නෙ..මම නිතරම කියනව හරියට ඩ් ශබ්ද කරන්න කියල මොකො මට ඇහුනෙ පලවෙනි දවසෙ ට් යන්න වගෙ,..මම ඉතින් ගනං ගත්තෙ නැ උන් දෙන්නගෙ පෞද්ගලික දෙයක් කියල හිතල. 

පැන්ඩා හින්ද අහින්සක කෙල්ලෙක් ට පැන්ඩි වෙන්නත් වුනා..මගෙ අරය (අර අරය බං අර වයිපරෙ කියන්නෙ මගේ කෙල්ල) ඒ කියන්නෙ ටික කාලෙකට කලින් සෙව්වන්දි කියල නමක් තිබ්බ එයා මම එක්කන් ගියා මැච් එකක් බලන්න කැම්පස් එකෙ..දන්නව ද අපේ එවුන් කියපු එක.."මෙයා නම් පැන්ඩියෙක් වගේ මයි".. අඩුම තරමෙ උඹ වගෙම සුදුයි හැඩයි හුරතල් ලස්සනයි කියපන්කො..ම්ම් හ් එව කොහෙද ..එදා ඉඳන් අනේ ඒ අහින්සකිත් පැන්ඩිම විය.

ආයෙත් තව අවුරුද්දකින් මම විස්ස විද්දාලෙන් එළියෙ..පැන්ඩා එතකොට ආයෙත් උන්නා වගෙ බුද්ධික වෙයි නේද ? එහෙම බැලුවම මගෙ පැන්ඩගෙ ජිවිතේ ඉවර වෙන්න කිට්ටුයි.සමහර විට බ්ලොග් කෙරුවාව නැවතුනෙ නැතොත් පැන්ඩා දීර්ඝායුෂ විඳින්න ඉඩ තියේ. 


ජිවිතේ ගැන හැරිල බැලුවම මොකොද හිතෙන්නෙ පැන්ඩො කියල ඇහුවොත් සංතොෂයි කියන්න පුලුවන්.විස්ස විද්දාලෙ වසර තුනක් ගෙව්ව විවිධ මත තියෙන ඇයො එක්ක එක විදිහට ඉඳල තාම තරහ කාරයෙක් නැතුව හැමොම එක්ක හිනා වෙලා කතා කර‍න්න පුලුවන් මට.බැරි දේට බැ කිව්ව පුලුවන් දේට පුලුවන් කිව්ව යටින් ගෙම් දුන්නෙ නැ ගින්දර ඇද්දෙ නැ ලොකු පොර‍ක් වෙන්න ගියෙත් නැ තාමත් එක හින්ද වැඩිය මාව දන්නෙ ත් නැ.පැන්ඩ දන්නව ද කියල අපේ කැම්පස් එකෙක් ගෙන් අහල සමහර විට නැ කිව්වොත් ඒ නිසා පුදුම වෙන්න එපා

අහම්බෙන් බ්ලොග් අවකාශයට ආපු මට පහු ගිය වෙසක් මහෙ බ්ලොග් එකට නමක් නැතුව හතර අතේ හිත හිත ඉන්න කොට හිතුන පැන්ඩ වගේ නමකින් ලියන්න.මට ඉස්සර හරි අමාරුවක් තිබ්බ හොඳ අනුවර්ත නමක් හදන්න හරියට අර සුගතපාල සිල්ව මහත්තයගෙ glad fly පොතේ ඇට මැස්ස වගේ හරි ජැක්සන් ගෙ පනාපුත්‍ර කුහුඹු පැනියා වගේ එකක් හරි.ඒත් එහෙම එකක් හදා ගත්තම සැරට නම්බු හිටින්න ලියන්න ඕනි..එතකොට කරදරයි ඒ හින්ද මම පැන්ඩ කියලම දා ගත්ත..නිකං කොමිටල් නෙ එතකොට වැඩිය සිරියස් නැ පොඩි හුරතල් ලයින් එකකුත් යනව.


ඊට පස්සෙ බ්ලොග් පොස්ට් නම් 84 ක් ලිව්වා..අද වෙනකොට page views 22 420ක් තියෙනව. ..පුන්ච් සතුටක් තියේ 22 420 වතාවක් කවුරුහරි ඇවිත් කියෙව්වෙ නැතත් මේක දැකලවත් තියෙ නෙ.


ඉතින් කවද හරි බ්ලොග් වලට පින් සිද්ධ වෙන්න කියවන ඔයාලට පින් සිද්ධ වෙන්න කැම්පස් එකෙන් ගියත් පැන්ඩගෙ ජිවිතේ රැකෙයි නේද ?

************************************

 කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Friday, April 1

ඇයි මේවට වල් චිත්‍ර නොකියා ව්ජ්ජු ලතා හා මේඝ ලතා කියන්නෙ

ඔන්න පැන්ඩ අත ගහන්නෙ ගුටි කන ටොපික් එකකට.මේක ඇවිල්ල ලංකාවෙ අතිශය වටිනාකමක් හෙබි ලොක පුදුම හතෙන් එකකට ගිය ලංකාවෙ උරුමයක් පීචං කිරීමවත් ඒ කලාකරුවන්ගෙ හැකියාවන් හා වසර සිය දහස් ගණනක් පවතින ලෙස ඇන්ද ඒ තාක්ෂණ හැල්ලු කරනව වත් නෙවෙ ආයිබොං 

මීට කලිනුත් විජය රජ්ජුරුවො ගැන කිව්ව මතකද මන්ද ..විජයාවගමනය නිකං ව්දේශීය ව්සිට් එකක් විතරක් ම වේවා... කියල.



දැන් පැන්ඩ මේ මතෘකාවට එන්නෙ මෙන්නෙ මේ සිද්ධිය හින්ද.පැන්ඩ ගියා සිගිරි වන්දනාවෙ නැ නැ වන්දනාවක් නෙවෙ දැක බලා ගන්ට කාස්සප ගෙ ප්ලේස් එක..ඒත් ඇත්තම කිව්වොත් අපේ සමහර ඇයො මේ අනුරපුරෙ වන්දනාවෙ ගිහින් සිගිරි ගලටත් වැඳල එනවලු..ඒව කාරි නැ.. 

කතාව මෙච්චරයි නැග්ග ගලේ..ගියා සිගිරි චිත්‍ර ගාවට .හැබැයි හොරෙන් වගේ බැලුවෙ ලඟ ගැනු ලමයි ටිකක් උන්න හින්ද ලැජ්ජායිත් එක්ක..ඇයි හත්වලාමෙ නිකං ලාවට සළු පොටක් දාල ඇන්ද නම් ඉවරයි නෙ ඔච්චර ඇඳපු එකෙ.මට ඉතින් ඕලෙවල් ච්ත්‍ර කරල පැන්ඩල වගේ උන්ට ත් A ගන්න හදාපු ලියන ප්‍රශ්න පත්තරෙට ගහපු ගිරව මතක් වුනා.ක්‍රි.පු 4- 5 සියවසේ ඇඳි සිගීරි ච්ත්‍ර වලින් විජ්ජු ලතා හා මේඝ ලතා නිරූපණය වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත..

මොන විජ්ජු ලතෙක් වත් මේඝ ලතෙක් වත් නෙවෙ මට නම් පෙන්නෙ බොහොම අපුරුවට නාරි ලාලිත්‍ය පෙන්නල ඇඳපු ච්ත්‍ර ටිකක්..ඉඟ සුඟ මිටින් නෙවෙ සුලැගිල්ලයි මහපට ඇගිල්ලයි එකතු කළා නම් ගන්න තිබ්බ.ඒ අස්සෙ හිටපු එකෙක් කිව්ව මගෙ බ්ලොග් පොස්ට් එකෙ ඌන පූරණය.. "කාස්සප නිකං මම වගෙ පොරක් වෙන්න ඇති නේද " දැනට කියමුකො ඌට x කියල..මට කෙළින්ම මතක් වුනෙ උගෙ රූම් එක..කාමරෙ පුරා ඉන්නෙ beyonce නංගි,lady gaga , tomb raider පොස්ටරෙ අර පට්ට බයික් එකෙ නැගල ඉන්න angelina අක්ක වගේ ඇයො බොහොම අමාරුවෙන් චුටි චුටි රෙදි කැලි පටලවගෙන දැන් ගැලවිල වැටෙයි කියල හිතෙන ඒව..ගෙදර මිනිස්සු කොයි වෙලෙත් මුට දෙසනව වල් කම තිබ්බට ලොකෙට පෙන්නන්න එපා බං කියල.ඉතින් ඒව ඌ කාමරෙ ගහපු අරමුණ ම නෙවෙ වෙන්න බැරිද කාස්සප මේව තමන්ගෙ වාසස්ථානෙ අඳින්න හේතුව.

මොකො ඉතින් කාස්සප කියන්නෙ පරක්‍රමබාහු රජ්ජුරුවො වගේ වත් දුටුගැමුණු රජ්ජුරුවො වගේ වත් මහා ශ්‍රෙෂ්ඨයෙක් නෙවෙ නෙ.හද්ද චාටර් වෙලා ඉඳල තමන්ගෙ සුභ සිද්ධියට ආරස්සවට අහින්සක මිනිස්සු මරවල වැඩ කරවල ඒ අවධියේ උන්නු අයගෙ දස්කම් වලින් තමන්ට ආතල් එකෙ ඉන්න හදපු මාළිගාව නිසා ප්‍රසිද්ධ වුන කෙනෙක් නෙ..තමන්ගෙ තාත්ත ඝාතනය කරපු, සහොදරය එක්ක ගේම ඉල්ලපු කාස්සප, මහා උසස් චින්තනයක් තියෙන කලාකාමී අපුරු හෘදයාංගම ඩයල් එකක් වෙන්න පුලුවන් ද ? 

මේක ඇවිල්ල කාස්සප විසින් තමන්ගෙ මන දොළ පිනවීම පිණිසම ශෘංගාරය වඩවන අදහසින් ඇඳපු චිත්තරයක්ම තමයි.සමහර විට තමන්ගෙ අන්තඃපුරෙ මෙච්චරම අපුරු සුන්දර යුවතියො නොහිටපු හින්ද මට මෙන්නෙ මේ වගෙ කෙල්ලො ටිකක් ඇඳල දීපං බං බල බල ඉන්නවත් කියල කිව්ව වෙන්නත් බැරි නැ...

සමහර ගංජාකාරයො හොඳ නිර්මාණකරුවන්ට කියල උසස් සින්දු නිර්මාණ ලියවගෙන ගොඩ යනව වගේ කාස්සප ගෙ චිත්‍ර ශිල්පයා බොහොම අපුරු අයෙක් වෙන්න ඕනි.මේ වගෙ සංයමයකින් මහ භයානක ගලක එල්ලිල උසස් නිර්මාණයක් කරන්න අනිවාර්යෙන්ම ඔහු බොහොම උසස් මනසක් හිමි අපුරු පුද්ගලයෙක් වෙන්න ඇති.සමහර විට මේ නිර්මාණකරුටත් සෙනරත් මහත්තයට වගේ හිතෙන්නෙ ඇති..ඒත් ඒ මනුස්සය ගැන කතා වෙනව බොහොම අඩුයි.

අපේ මිනිස්සුන්ගෙ බොහොම අපුරු ලක්ෂණයක් තියෙනව..මිනිහෙක් මලාට පස්සෙ ඌ ගමටම කසිප්පු බෙදපු එකා වුනක් උපාසක මහත්තය කියල නිවන් සුව පතනව..ශේප් එකෙ කරපු වැරදි රහසින් කතා කළත් මතක් කලත් ප්‍රසිද්ධියෙ උන්නු කාලෙ කරපු වැරදි කියවන්නෙ නැ මළාට පස්සෙ.

මම හිතන්නෙ කාස්සපටත් උනේ ඔය සන්තැසියම තමයි..පරණවිතාන මහත්තය තමන්ගෙ බොහොම නිවුණු මහාචාර්ය මොළෙට චිත්‍ර ගැන සංවෙදි වුන විදිහට අපේ ලංකාවෙ ශ්‍රෙෂ්ඨ සංස්කෘතිකයට අපුරු නිර්මාණවලට ගැලපෙන විදිහට දුන්න නිගමනයක් චිත්‍ර ගැන කාස්සපත් විශිෂ්ඨ රජෙක් වෙන්න.

ඒත් පැන්ඩ නම් සතේකට විස්වාස කරන්නෙ නැ කාස්සප ඕව ඇන්දෙව්වෙ විජ්ජුලතා මේස ලතා වගේ උපමා වශයෙන් අරගෙන ලංකාව වගෙ කෘශිකාර්මික රටකට අවැසිම වරුශාව වගේ දේවල්  නිරුපණය කිරිමෙ අදහසින් වත්  එහෙම නැත්තං පිදුරංගල විහාරයට යන උපාසිකාවන් ටිකකගෙ චිත්‍ර උදේ හවා දැකල හිත පහද ගන්න අදහසින්වත් කියල..

හැබැයි ආයෙත් කියනව මේක ඇඳපු චිත්‍ර ශිල්පියා බොහොම අපුරු නිර්මාණකරුවෙක් හා උසස් චින්තනයක් හෙබි අයෙක් වෙන්න පුලුවන්..


කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Friday, March 25

(රම) (මර) ණය


කෙනෙක් සැනසීමට
මරණය පතයි
තවකෙක් සැනසීමට
රමණය පතයි
එකම අකුරු සතරකි
වෙනස් අරුත් දෙකකි
අහෝ අවසානය දුකකි.



 

Friday, March 11

පැන්ඩා, Euthanasia , සහ Guzaarish හි හින්දි චරිත


Guzaarish , සන්ජේ ලීල භාන්සාලි කියන සුප්‍රසිද්ධ ඉන්දියානුවගෙ තිර පිටපතින් හා අධ්‍යක්ෂණයෙන් එළි දැකපු ගුසාරිශ් ච්ත්‍රපටිය හින්දි ච්ත්‍ර පට අතලොස්සක් විතරක් නරඹපු පැන්ඩ ගෙ හිත වශී කළා.


අනුකම්පා සහගත මරණය
හෙවත් euthanasia
අයදින කඩවසම් ඔහු
12 වසරකට පෙර
ඊතන් මැක්ස්කරේනස් නමින්
මැජික් ලොව මර්ලින් ලෙස
දහස් ගණන් සිත් 
අමන්දා නන්දයට කැඳවාලූය

ගෙල සිට පහලට  
කිසිඳු සංවේදනයක් නොවිඳින
ඊතන්ගේ ජීව ගුණයෙන් පිරි සිත
සොෆියා ඩී සූසා නම් 
සුරූපි යුවතිය හා බැඳි
නෙවිල් ඩී සුසා නම්
කයින් නිරොගී පුරුෂයා පැරදීය

කෙටියෙන්ම කිව්වොත් ෆිල්ම් එක බොහොම අපුරු දෙවල් රැසක් අපේ හිත් වලට හිතන්න ඉතුරු කරල ඉවර වුනා. Euthanasia එහෙම නැත්තං අනායාස මරණය කියන එක ගැන මුලින්ම මම අහල තිබ්බට චුට්ටක් හරි හොයල බලන්න හිතුනෙ මේකට පස්සෙ.

මෙක විවිධ පරාසයන් ඔස්සෙ ලොකෙ විවිධ තැන් වල කතාවට ලක් වුන මාතෘකාවක්. ඒ වගේම euthansia කියන එකේ ප්‍රහේද බොහොමයක් දකින්නට ලැබෙනව.බෞද්ධයෙක් විදිහට මම අනායාස මරණය හා ඒ පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් ගැන හොයා බලන්න උත්සාහ කලත් මට තියෙන කාලයයි අපේ කාලෙ අපි හැමදේටම පෙරලන ගූගල් දෙයියොයි මෙකෙදි එච්චරම පිහිට වුනේ නැ.


ඒත් එක දෙයක් දැන ගන්න ලැබුන ථෙරවාද බුදු දහමට අනුව අනායස මරණය සලකන්නෙ අකුසලයක් විදිහට. අජාන් හිමියන්ට අනුව කෙනෙකුට මරණය කරා ලගා වීමට උදව් කිරීම හො ඊට අනුබල දීම දයාවෙ ලක්ෂනයක් ලෙස සළකන්න බැ.ඒ හින්ද මෙතෙන් දි වෙන්න ඕනි ඒ පුද්ගලයට දුක හා වෙදනාව අවබෝධ කොට නැති කිරිමට ඔහුගෙ විදර්ශනාව අවදි කර ගැනීමට උදව් කිරිමයි. 
 ඒ වගේම භික්ෂුන් උදෙසා පිළිවෙත් සඳහන් වන පාටිමෝක්ක යෙත් මේ මරණයට උදව් දීම හෝ ඒ සඳහා පෙළඹවීම සංඟ සමාජයෙන් ඉවත් කිරිමට තරම් හේතු වන දෙයක් විදිහට සලකනව.

ලොකෙ විවිධ ජන කොටස් වල ආගමික පසු බිමත් එක්ක සමාජීය පසු බිමත් එක්ක බැඳිල තර්ක වලට සංවාද වලට තුඩු දුන්න මතෘකාවක් තමයි මේ euthanasia.පැන්ඩට වෙලාවක් ලැබුන ගමන් මේක ගැන හොයන්න හිතිල තියෙන්නෙ.ඒ දෙවල් වල වැදගත් කම සලකල ඒව ඔගොල්ලන්ටත් පස්සෙ දැනුම් දෙන්නම්.

මේ කතාව සන්ජේ ලීලා භන්සාලි විසින් බොහොම අපුරුවට ගොඩ නගල නවත්තපු තැන ඉඳන් ඉදිරියට ගියොත් ඊතන් මැක්ස්කරෙනස් කියන පුද්ගලය සහ ඔහුගෙ රෝගී කයට බැදුන නිරොගි උසස් මානසික මට්ටමකින් හෙබි සත්පුරුෂ හිත මම හිතන්නෙ නැ සොෆිය ඩී සුසා නම් සුරූපී යුවතියත් එක්ක සිදුවූ විවාහයෙන් සහ ඔහුගේ සමු ගැනීමෙ සාදයෙන් පසු ඇගේ සහයෙන් යුතුව අනායස මරණයකින් කෙළවර වෙයි කියල.

ඒක ගැන එතැන් සිට කතාවක් මට ගොඩ නගල ලියන්න හිතෙනව..බලමු වෙලාව මට කොයි තරං දුරට මේව එක්ක වැඩ කරන්න ඉඩ දෙයිද කියල.ඒත් ඒ කතාවෙ ගොඩ නගපු ඊතන් කියන චරිතය තමන් ව්ඳින වේදානාව සමඟ ඇතිවූ මරණයට ලැඳි සිත මැක්ස්කරෙනස් මහත්මියගෙ සුරුපී ආදරය ඉදිරියේ අනිවාර්යෙන්ම පවා දෙයි.

කෙනෙකුට හිතෙයි ගෙලින් පහළ පණ නැති පුරුෂයෙක් ට පුලුවන් මොනාද කියල.සොෆියා ඩී සූසා ගෙ සුරුපීත්වය සහ ඇගෙ පිරිණු දෙපා යුග ගැන දොඩවන මේ පුද්ගලයාට ප්‍රාණවත් වෙන ලිඟුවක් වත් නැ නේද කියල.ඒත් ලිඟුව හො අත් පා කියන්නෙ ශරීරයට සම්බන්ධ තවත් සංවෙදකයක් පමණයි..ඒ සංවෙදනයට අනුව ඇතිවන සිතිවිලි වලට තමයි මිනිස්සු ලොල් වෙන්නෙ.ඒ සංවෙදනය ගෙනහල දෙන සංවේදක අවයවය මේ මුළු සිද්ධියේම පුංචි කොටසක් විතරයි.කෙනෙකුට තියෙනව නම් අපූරු හිතක් සහ ඒ හිත අවදි කරන්න තරම් සංයමයක් හා උසස් මානසික මට්ටමක්  මම පෞද්ගලිකවම විශ්වාස කරනව සංවෙදක අවයවයකින් එන සංවෙදනයකට සමානවම අපේ හිත අවදි කරවන්න අපිට පුලුවන් ඒ සංවෙදනයෙන් තොරවම.
ඊතන් මැක්ස්කරෙනස් කියන මේ අපුරු සිනමා චරිතය ඒ ශක්තියෙන් හෙබි බව කිසිදු සංවේදනයන් නොමැති ඔහුගේ දෙපා සම්භාහනයේදී ඔහු විසින් නගන අපුරු හඩින් ඔහු විසින් තම සිත ඊට අදාලව සංවේදන ලැබුන අවස්ථාවක සේම අවදි කිරීමට‍ සමත් බව හැගෙනව.

මොකො හිතෙන්නෙ......


හොඳ සිනමා නිර්මාණයකට අපුරු කතිකාවත් ගොඩ නගන්න මිනිස්සුන්ගෙ හිත් වලට බලපැම් කරන්න වගේම මේ වගේ මෙලො රහක් නැති බ්ලොග් ලියවෙන්නත් හේතු වෙන්න පුලුවන් කියල දැන් තෙරෙනව නේද ?



Wednesday, March 9

මොකුත්ම ලියවුනෙ නැත්තෙ රයිටර්ස් block හින්ද ද නැත්තං එක්සැම් හින්ද ද?

පැන්ඩ නිකං ඔහේ ලියාගෙන යන්න හදන්නෙ..ඔහේ කියවල බැලුවට කමක් නැ..නොබල ගියාට තරහකුත් නැ..හැබැයි ඕං අද විතරයි.


පැන්ඩට එක්සැම්..දැයට කිරුළ හින්ද එක්සැම් එකටත් කිරුළ ලැබුනා..කොච්චරද කිව්වොත් මාස එක හමාරක් විතර සෙමෙස්ටර් එක්ක පස්සට ගිහින්..ලංකාවෙ එකම අන්‍ රෙස්ට් දුවන කැම්පස් එක හින්ද වෙන්න ඇති ඒ කිරුළ අපිට ලැබුනෙ..

දැන් කොහොම හරි අනං මනං නිවාඩු හින්ද එලියට විසික් වෙන්න තිබ්බ කාලය මාස 3කින් විතර කල් ගියා.ඔය ජරමර අස්සෙ පැන්ඩ සබ්ජෙක්ට් එකක් ඇණ ගත්ත කැම්පස් ජිවිතේ ප්‍රථම වතාවට..පෙරළුන පිට හොඳයි කියල මාත් තදය වගේ හිටිය සබ්ජෙක්ට් එකක් රිපිට් වුනේ නැත්තං කැම්පස් එකෙ ජිවිතෙන් වැඩකුත් නැ කියල.ඒ වුනාට හිත යටින් පුන්චි දුකක් තිබ්බ මගෙ රිසල්ට් ගොඩට හා හා පුරා කියල එකතු වෙන C pass එක ගැන..ඔහොම තමයි ලාභ අලාභ දුක සැප යස අයස නින්දා ප්‍රශංසා කියල මම මගේ හිතටම කියා ගත්තා.


අනං මනං අස්සෙ බදුල්ලට යනකොට බදුල්ලෙ බහුතරයක් නාය ගිහින්..අහින්සක මිනිස්සු තවත් අමාරුවෙ වැටිල..ආමාරුවෙන් ණය අරගෙන හදා ගත්තු ගෙවල් වල ණය ගෙවන්නත් කලින් ඒව අතහැරල යන්න වෙලා හුඟක් අයට.ඒ අස්සෙ පැන්ඩිගෙ මාම ගෙ ග්‍රාම සේවක වසම අනාථ කඳවුරෙ ළමයි ආපහු යන්න බැ කියල අඬනව ලු..පස්සෙ හිමින් සිරුවෙ කාරණාව හොයල බැලුවම අනේ අහින්සක දරු පැටවු තුන් වෙල බඩ පිරෙන්න කාල සතුටින් ඉඳල තියෙන්නෙ කඳවුරෙ ඉන්න කොට..ගෙදර දි තුන් වේල බඩට කන්න විදිහක් නැලු.

ඔය ඔක්කොම අස්සෙ හදිස්සියෙ කොළඹ ආවම මෙන්න බොලෙ කොළඹ පාර වල් වල ෆෝර්ඩ් කොබ්‍රා , චෙවලට් කැමිරො, හමර් දුවනව...එකම රටෙ කිලොමීටර් 400 ක් දුරින් වෙනස.


විභාගයක් කියන්නෙ කොච්චර දුර්වල ක්‍රමයක් ද ලමයෙක් ගෙ හැකියාව මනින්න කියල මට හිතුන..පැන්ඩ ගෙ බැච් එකෙ දක්ස කෙල්ලෙක් කොච්චර හොදට වැඩෙ කලත් කරපු ආන්සර් ෆයිල් එක අප්ලොඩ් කරන කොට පරිඝනකයේ අඩු පාඩුවක් හින්ද එක වෙනස් වුනා..දැන් ඒ ළමයට ලැබෙන ප්‍රතිඵලේ ඒ ලමයගෙ දක්ස කම අගයල ලැබෙන එකක් නෙවෙ.

පැන්ඩගෙ ආදරෙට ඔව අස්සෙ අවුරුද්දක් පිරුණ..ඒක සමරන්න අපි දෙන්න එකතු කරපු සල්ලි අපි දෙන්නම ඉළන්දාරියගෙ ගිණුමට බැර කලා..ඊට පස්සෙ දැනුන සතුට ඒ සල්ලි ටිකෙන් කාල බීල ඇවිද්දට වඩා හරිම අමුතුයි..හැමොම දන්නව නේද ඉළන්දාරියගෙ විස්තරෙ..ඔය මගෙ බ්ලොග් එක උඩ දකුනු පැත්තෙ තියෙන්නෙ...ඔයාලටත් තාම අවස්ථාව තියෙනව කොල්ලට උදව්වක් කරන්න.

විභාගෙ කාලෙ තවත් විශේෂයෙන් මතක් කරන්නම ඕනි බ්ලොග් සගයෙක්.ඒ තමයි කේශාන්..අර කේශාන්ගේ අන්තර්ජාල අවකාශය කොලු ගැටය..ඇස් වහක් කට වහක් නැ බොහොම හොඳට දැණුම් තෙරුම් තියෙන කාරණා කාරන අවබෝධ වෙන කොල්ල.වැදගත්ම දේ එක නෙවෙ.තමන්ගෙ දැනුම තමන් පැය ගණන් වෙහෙසිලා අවබෝධ කරගත්තු දේ අපි කම්මැලිකම හින්ද හොයල නොබලපු සහ අපේ බුද්ධි මට්ටමට නොතෙරුණ කාරනා බොහොම නිර්ලොභීව හැමොම හෙට විභාගෙ කියල පොත් පෙරලගෙන දඟලද්දි නොතෙරුන අපි වෙනුවෙන් තමන්ගෙ වටිනා කාලය යොදාගෙන අපිට කුප්පි දැම්ම.බොහොම පින් මචං.මේ පිනම ඇති උඹට වැඩි වැඩියෙන් තවත් කාරණා කාරනා ආදිය මතක හිටින්න අවබෝධ වෙන්න.

පැන්ඩට තවත් මතක් කරන්න ඕනි එකෙක් මතක් වුනා.මගෙ රූම නිශාන්.ඕනි දෙයක් ඇහුවම නැ බැ නොකිය පොතේ තිබ්බ තැනත් එක්කම ආපහු කියයි.අපි ව්භාගෙ අස්සෙ පුන්ච් බ්‍රෙක් එකට ගෙදර දුවගෙන එන කොට ඌ එහෙ ඉඳගෙන රැ නිදි මරාගෙන තවත් කොල්ලො ටික කට ස්ටැට් කියා දෙනව.උඹටත් ඉතින් තෙරුවන් සරණයි බොහොම පින්..පැන්ඩට කරන්න පුලුවන් උදව්ව තියෙ නං ඕනි වෙලාවක උඹල වෙනුවෙන් කරනව.

මගෙ නම් මතක ශක්තිය බොහොම දුර්වලයි..ගිය සෙමෙස්ටර් එකෙ ඉගෙන ගත්තු සබ්ජෙක්ට් එකෙ නමත් අමතකයි මේ සෙමෙස්ටර් එකට එනකොට..අනේ මන්ද.අපේ අම්ම නම් කියන්නෙ වයස අවුරුදු 5 විතර ඉඳන් නිර්මාංශ වුන හින්ද කියල.හාල්මැස්සෙක් වත් මට කවන්න පුදුම ගේමක් දෙනව.ඒව කොහෙද පැන්ඩ එක්ක..මමත් ඉතින් රටෙ නැති තර්ක ඉදිරිපත් කර කර මගෙ නිර්මාංශ පිලිවෙත දිගටම ගෙනියනව.

අනේ මන්ද ඔහේ ලිව්ව..කටවත් වැඩකට ඇති දෙයක් නම් ලියවෙන්න නැතුවත් ඇති..ඒත් මගේ හිතට හොඳයි.ආ තවත් එකක් වෙල්ලස්සෙන් බ්ලොග් අවකාශෙට තවත් කොල්ලෙක් ආව...බ්ලොග් ලියන්නෙ හගුර කියල..හරිම හිත හොඳ කාටවත් කරදරයක් නැති  එළ කොල්ලෙක්..පොඩ්ඩක් බලන්නකො. 

පැන්ඩ ගෙ හෑල්ල මෙතනින් ඉවරයි...ආයෙත් බ්ලොග් නොලියන්නත් ඉඩයි..ඒ තරමට කිසිම ගැම්මක් නැ මුකුත් ලියන්න...අනේ මන්ද පැන්ඩට මක් වෙලා ද කියල.පොඩ්ඩක් බලමුකො මොකක් වෙයිද කියල.ඒ මේ අස්සෙ pageviews 20,000 (පැන්ඩව කවුන්ට් නොවෙන විදිහට කුකී එක ඉන්ස්ටොල් කරල තියෙන්නෙ) ත් පැනල..අනේ මන්ද..



Saturday, February 12

මගෙ හිත මේ අහපන්


මගෙ හිත මේ අහපන්
ඕනි මට ගෙවන්න
ආදරෙන් මයෙ කෙල්ලට
නිදහසෙ මගේ දිවිය

නිතඹ පෙන්වන
ළමැද හංසයින් රඟන
සුපර් බයික් වල නැගුනු
යුවතියන් හා
යෙහෙන් රඟ දෙන
තරුණයින් සිටින
ඊමෙල් වෙබ් අඩවි
ඕනි නැ මට
දැක බලා ගන්නට

දනිමි විගඩං
නිෂ්ඵල බව
යටි හිතින්
නමුදු මාර ග්‍රහණයට
හසුවුන මොහොත
නොහදුනයි අනේ
නොරහත් අපේ සිත්

එපා මට පෙන්වන්න
ලොවේ ඇති විගඩං
ඇදුනොත් අනේ
පෘතග්ජන මයේ හිත
අවුල් වෙයි ගෙවන
මයෙ සරල දිවි පෙවෙත


Wednesday, February 9

බැරො මීටරෙන් ආතල් දීම හා සම්මතයෙන් පිට පැනපු බුද්ධිමතුන්

මේක මගේ කතාවක් නෙවෙ. උපුටා ගැනීමක් තමයි.ඒත් වැදගත් දෙයක් හින්ද උපුටා නොගෙන බැනෙ නේද.ඉතින් පැන්ඩ දෙපාරක් හිතන්නෙ නැතුව පැනපු ගමන් උපුට ගත්ත. කාගෙන් ද ? මොරටුව විස්ස විද්දාල්ලෙ සහොදරයො ටිකක් අපේ මල්ලිල ට කරපු මොට්වෙෂනල් වැඩ සටහනක දි බෙදපු පොත් පිංචකින් තමයි.පිංචක් වුනාට ඒ කොල්ලො ටික වැඩෙ පීචං වෙන්නෙ නැතුව කරල තිබ්බ.අපේ මල්ලිල ඇතුලු සියලු ශිෂ‍ය ප්‍රජාව වෙනුවෙන් කරපු යහපත් වැඩෙට උපහාර පුදල උපුටා ගත්තු එකෙ පොටො ටික දාන්නම්.

පොටො උඩ ක්ලික් කලාම ලොකු වෙල පෙනෙයි.බොරු .... ආ බොරු නම් කරල බලන්ටකො ලොකු වෙලා පෙන්නෙ නැද්ද කියල.මට නම් පෙනුන






Wednesday, February 2

ලංකාවට ආපු ලිමො වාහන හා පැන්ඩාගෙ රථ ගාය උත්සන්න වීම


මීට කලින් පැන්ඩ ගෙ රථ ගාය ගැන ලිව්ව මතක ඇති නෙ.මේ ඇවිල්ල ඒ ගාය දෙගුන තෙගුන කරපු මේ සතියෙ සිද්ධි ටිකක් ගැන කියන්න යන්නෙ.

ලංකාවට නිල ආරන්චි විදිහට ලිමො රථ දෙකක් ආව. ඒ පසු ගිය බදාදා හා බ්‍රහස්පතින්දා.ඒකක් ප්‍රාඩො 4000 cc 2010 මොඩල් එකක්.අනික ක්‍රයිස්ලර් 300c කියන එක.එක 3500cc එකක්.ආරන්චි විදිහට මේ ප්‍රාඩො එක තමා එකම ලිමො ප්‍රාඩො එක ලොකේම මේ මොඩල් එකෙ.

මොනවද මේ ලිමො කියන්නෙ.ලිමොසින් එහෙම නැත්තං ලිමො කියන්නෙ අධි සුපභොගී වීල් බේස් එක දික් කරන ලද වාහන.මොටර් ශො ගිය අයට මතක ඇතිනෙ එකෙ තිබ්බ සුදු බෙන්ස් ලිමො එක.හැබැයි මට හිතුනෙ එක නම් නොමල් සැලුන් කාර් එක මෙහෙ මොඩිෆයි කරල වගෙ.කොහොම හරි මේ කාර් අස්සෙ බාර් එකක් (ඔන්න මාරය අපේ සඳරු එහෙම වැදගත් කියල හිතන එක පොයින්ට් එකක්) තව බහුමාධ්‍ය mulitimedia උපකරණ අන මනං ඔක්කොම තියේ.

දැන් මේකෙ අපුරුම සිද්ධිය මේක. අර ප්‍රාඩො එකෙ මිල ඇ.ඩො 50,712 ලු. (මේ කතා ඔක්කොම ඉවර වෙන්නෙ ලූ ප්‍රත්‍යයෙන් තමයි හොදේ, හැබැයි සන්ඩෙ ලීඩර් එක බැලුවොත් ඒත් මෙව දකී මෙහෙම ම )ඒ කියන්නෙ සාමන්‍යයෙන් රුපියල් වලින් නම් මිලියන 5.6 එකක් වගේ නේද.දන්නවද ටැක්ස් කියද කියල සොච්චමයි. මිලියන 1.19 . මෙක අපිට ලොකු ගානක් වුනාට ලංකාවෙ අනිත් වාහන වලට ගහන ටැක්ස් එක්ක ඇඩෙන කේස් එකක් නෙ. මොකද්ද දන්නවද මෙච්චර අඩු වෙන්න සීන් එක.ඇතුලෙ වාඩි වෙන්න පුලුවන් ලු 18 දෙනෙක් ට.මේව ආනයනය කරල තියෙන්නෙ බස් ආනයනය කරන කැටගරි එකෙ.ඉතින් ටැක්ස් එක මෙච්චරයි.

අර ක්‍රයිස්ලර් ලිමො එකට ටැක්ස් ගහල අනං මනං ඔක්කොම කලාම මිල මිලියන 4.73 ලු.මේකෙ 13 කට වාඩි වෙන්න පුලුවන් ලු.මම හිතන්නෙ අපි මරුටියක් ගෙනාවත් මීට වඩා ටැක්ස් වදිනව.ඕං වැඩෙ හැටි.පැන්ඩ ඕවට ලේ කොප කරගන්නෙ නැ.පැන්ඩ දැන් බොහොම නිවිල.මේ කාර් එක ලගදිම මම දකි.ආරන්චි ව්දිහට රත්නපුරෙට තමා මේක ගෙනහල තියෙන්නෙ.

පොටො දකින්න ඕනිද ?




මේ තියෙන්නෙ ප්‍රාඩො ලිමො එක



ඔන්න ඕක තමයි තත්වෙ.මම ලංකාවෙ මිනිස්සුන් ගෙ වාහන පරිභොජන පිලිවෙල එක්ක එදා ඉදන් විරුද්ධයි.ඒකත් මෙතනම කියන්නම්.අපේ අය හුගක් වෙලාවට තමන්ට සුදුසු වාහනෙ මිලදී ගන්න දන්නෙ නැ.කොළඹ ඉන්න කොලඹ ඇතුලෙ අය ගන්නව ප්‍රඩො ලැන්ඩ් කුශර්.මේ ඔක්කොම තියෙන එංජිම් 3 ලීටර් වලින් එහා.නාස්තිය උපරිමයි.මැනික් මුදලාලි කෙනෙක් ගත්තට කමක් නැ එක අතකින් ඒ මනුස්සය පතල් පොලට යන කොට යන්න වෙන පාරවල් වල කාර් යන්න බැරි නිසා.

අනේ මන්ද මම ඕව කතා කරන්න යන්නෙ නැ.තෙරුමක් නැ ලංකාවට ආපු ජපන් තාත්තගෙ යාලුවෙක් කිව්ව එක පාරක් ජපානෙත් නැලු මෙහෙ තරං මොන්ටෙරො.එක සංඛයාත්මක වැර්දි වුනත් ප්‍රතිෂත අගයක් ගත්තොත් මිනිහ හරි ඇති කියල මාත් හිතනව.මොකො මිට්සුබිසි වැඩ කරන කෙනෙක් කිව්ව  නොර්මලි ලොකෙ සලකන්නෙ මොන්ටෙරො කියන්නෙ වාහනයක් විදිහට ප‍්රෆොර්මන්ස් ෆේල් වුන එකක් ලොකෙ වාහන ලොලීන් අතර.නමුත් අපේ රටෙ එකෙ බලාපොරොත්තු නොවූ විදිහෙ අලෙවියක් තිබිල තියෙනව.




ඔන්න රටේ තත්වෙ.මිනිස්සු නැති ලොකු කම් හො තියෙන ලොකු කම් වාහනෙන් පෙන්නන්න යන එක පැන්ඩ දැඩි සෙ හෙලා දකිනව.එහෙම කරන්න ගිහිං ලිසිං කරල ගෙවාගන්න බැරුව අන්තිමට ඔක්කොම අනා ගත්තු අයත් ඉන්නව.ඒ ඔක්කොම මදිවට නොගැලපෙන තරං ලොකු වාහන ගෙනහල කරන පරිසර දුෂනය.ඕව ගැන කතා කරල වැඩක් නැ.

අළුත් විදිහට හිතන අයට අන්න දැන් ලංකාවෙත් හයිබ්‍රිඩ් කාර් ඇව්ත් තියෙනව(ඉන්ධන සහ විදුලිය යන දෙකෙන් බල ගැන්වෙන).උනන්දු අය ඉන්නව නම් ඒ ගැනත් ලියන්නම්.පුලුවන් නම් එහෙම දේ කට යොමු වෙන්න.මොකද මුලු ලොකෙම හරිත සංකල්පෙකට යන්න හදන මොහොතක අපේ අය ලොරියක් දුවන්න තරං තෙල් බොන වාහන දෙන්නෙක්ට යන්න ගේනව.

හරි කතාව එපමණයි.මීට අමතරව හමර් ලිමො එකකුත් ලංකාවෙ තියෙනව ලු.මේ තියෙන්නෙ එක.



මේ දෙක නම් මට එළකිරි තිබිල ලැබුනෙ.ඇත්ත බොරු මම දන්නෙ නැ.මේ එකක් වත් මගෙ ඇස් දෙකෙන් දැක්කෙ නැ (එතකොට මේ දාන්නෙ.ඒ වෙන අය ගෙ ඇස් වලින් දැකල මට දීල පස්සෙ මම දකින ඒව නෙ).ලැබුන තොරතුරු පමනයි.පැන්ඩට ඉතින් රොදයක් කැරෙක්නව කියන්නෙ ඊට වඩා වැදගත් තව දෙයක් නැනෙ.

ආ ලිමො රවුමක් යන්න ඕනි නම් මෙන්න තැන.අපි නම් දන්නෙ නැ වැඩි විස්තර.http://prestigelimousines.com.lk/index.html.


පසු වදන : මෙකෙ දාල තියෙන මිල ගනන් ගැන මාත් එක්ක කීප දෙනෙක් වැරදි ඇති කියල කිව්ව.අනේ මන්ද මම මෙක උපුටා ගත්තෙ මෙන්න මෙ සන්ඩෙ ලිඩර් ලින්ක් එකෙන්.එක වැරදි නම් මාත් වැරදි.පරිවර්තනය වැරදි නම් එත් වැරදි.ඔයාලම බලන්න කො ඕනි නම්. http://www.thesundayleader.lk/2011/01/30/stretched-luxury-for-sri-lanka/ 


ලොකෙ වාහන අපි හිතන තරම් ගනන් නැ.එකම කේස් එක ලංකාවෙ තියෙන ටැක්ස් කේස් එක..කාලයක් තිබ්බ වාහෙනෙකට 300% ටැක්ස් ගහන.ඉතින් ඔක්කොම වාහන කොටි ගනන්.අපි හිතන්නෙ පට්ට ගනං කියල.එත් ටැක්ස් නැතුව වාහන මිල දන්නව නම් ඔයාල මරාගෙන මැරෙනව. ලිමො ප්‍රයිසස් ලොකෙ මේ බලන්නකො  http://www.limotrader.eu/sale.php


සාමන්‍ය 2007 විට්ස් කාර් එක ලංකාවට ගෙන්නෙ මිලියන 1.3 ලු.ඒත් ටැක්ස් ගැහුවම ලක්ස 22 23 යි කියන්ව.ඒකනෙ මිනිස්සු වාහන පර්මිට් එකක් ගන්න මැරෙන්නෙ. දියවන්නා ව පැත්තෙ ලක්ශරි වාහන ඔච්චර තියෙන්නෙ එකයි.ඔයාල කොරොල්ල 121 එකක් ගෙන කොට ඒ වගෙ මුදලකට එයාලට ලක්ශරි වාහනයක් ගන්න පුලුවන්.ඇයි ටැක්ස් රිලිස් නෙ.

දැන වාහන මිල ගැන කතාව ඇදුන හින්ද මම තව කියන්නම් කො.සාමනයෙන් මොන්ටෙරො පෙට්‍රල් එක ජපානෙ දි මිල රුපියල් ලක්ෂ 55ක් විතර.ඒත් ලංකාවෙදි ටැක්ස් එක්ක එක රුපියල් ලක්ශ 127ක් විතර මෙකෙ ඩීසල් එකට වදිනව ටැක්ස් එකක් ලක්ශ 200 ටත් එහා වාහනෙ මිල වෙන්න, තෙරෙනවද වාහන වලට මිල වදින්නෙ ලංකාවෙදි කියල.

මේ ටැක්ස් වදින්නෙ වාහනෙ ස්වභාවය අනුව.බස් වලට වතු වාහන වලට එහෙම මේව බොහොම අඩුයි.එකනෙ අර 5 දෙනෙක්ට වාඩි වෙන්න පුලුවන් කිං කැබ් එක පහු ගිය කාලෙ නොහිතන අඩු මිලකට ගියෙ.එකෙ දොර කණුව නැති වීමත් මිල අඩු වෙන්න බලපැව.එත් වැඩියෙන්ම බලපැවෙ එක ටැක්ස් එක අඩු කැටගරියකට ලංකාවෙදි රින්ගවන්න පුලුවන් වුන නිසා..ෆෙරාරි එකක් හරි කමක් නැ මෙහෙට ඔප්පු කලොත් බස් කැටගරියෙ කියල වාහනෙ ගන්න පුලුවන් සොච්චම් ටැක්ස් එකක් ගෙවල.ඕක තමා ලංකාවෙ ආශ්චර්ය කියන්නෙ.තෙරුනා ද. 



Related Posts with Thumbnails