Thursday, January 6

1000 ගණන් යාළුවො උන්නාට..


නුඹෙ මූණු පොතේ 
දාන දාන වැකියට
කමෙන්ට් ඔබන්නට
දාන දාන පින්තුරෙට  
ටැග් එක ගසන්නට
  යාළුවො නොඅඩුව
නුඹ හට උන්නාට

ලප නොම වතින්
රිය සක වැනි පුළුපලුකුලින්
 තිසරුන් බඳු පිරුණු ළැමින්
නැබ වට කර ඇඳි පච්චෙන් 
  හැඩ වූ කෙල්ලන්
ලිස්ට් එකෙ උන්නාට

හිටිය ද එකෙක්
මගුලේ උදව්වට
මාම ගෙ මළ ගමට
කැඩුනම උඹෙ කකුල

දුටුවෙ නුඹෙ අසලින්
හැමදා උන්නු
මිතුරො මිතුරියො
පමණකි සබඳ

9 comments:

  1. යාළුවො කියන අය සයිබර් අවකාශෙට විතරක් සීමා වෙලා සැබෑ ලෝකෙ අපි තනිවෙන දවස වැඩි ඈතක නෙමෙයි.

    ReplyDelete
  2. fb eka lokayama karagen inna ape ewanta eha gedara ekage age therenna mala geyak magul geyak wennama one thamaa...

    ReplyDelete
  3. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  4. ඈත්ත පැන්ඩො දෙයක් උනාම තමයි තේරෙන්නෙ තමන් වටේ ඉන්නෙ කී දෙනාද කියල... කවදාවත්ම Chat නොකරට, SMS එකක් වත් නෙඑවුවට අපිට කරදරයක් උනාම අපිට උදවුවට එන අය ඕන තරම් ඉන්නව. අන්න ඒ අයට තමයි මම නම් ඇත්තටම යාළුවො කියන්නෙ....

    ReplyDelete
  5. එහෙම දුකට සැපට ඉන්න යාලුවොත් මේ සයිබරයේ ඉන්නවා පැන්ඩෝ..

    ReplyDelete
  6. ඒක තමයි මටත් වෙලා තියෙන්නේ සහෝ. අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉදන් හබල් ගහනවද කොහෙද

    ReplyDelete
  7. පැන්ඩාගේ කතාව නම් ඇත්ත.
    ඒත් පැන්ඩෝ.

    නිතරම කතා නොකරන
    නිතර මුන නොගැසෙන
    නමුත් දුර උන් අපේ සෙට් එක
    දාන Status Updates ටික හෙම
    කියවලා මම බලා සැම විට
    විටෙක ඇත මා දැනගෙන
    ඒ මොහොතෙ ඌ රෝහලේ බව
    නහරයක් දෙක තුනක් වැඩි කමට
    මීටරේ කටු කරකවාගෙන
    ගිය වේගයට වැටක ඇමිනුන
    පසුව රෝහල වෙතට දැක්කුව
    ඌව බලන්න මම ගියෙත් බොල
    ඔන්න ඔය Status එකක් දැක.

    ReplyDelete
  8. මූණු පොතේ නුඹෙ සයිබර් පිටුවට
    දාන දාන වැකිය කමෙන්ට් ගසන්නට
    දාන දාන පින්තුරෙ ටැග් කරන්නට
    දාන දාන ලින්ක් එක ඔබන්නට
    යාළුවො ලිස්ට් එකෙ නොඅඩුව හිටියාට

    කැඩුනම කකුලක්, කරදරයකට
    නුඹෙ මගුලේ උදව්වට
    උඹෙ මාමගෙ මළ ගමට
    හිටිය ද සබඳ එකෙක් අවට

    නහරයක් දෙකක් හෝ වැඩ වැඩි කමට
    කවදාවත්ම Chat නොකරට
    SMS එකක් වත් නෙඑවුට
    නිතර නිතර සෙට් නොවුනාට

    සැබෑ ලෝකෙ දුක සැපට
    කරදරයක් උවමනාවක් උදවුවට
    දුටුවෙ නුඹ අසලින් හැමදා උන්නු තනියට
    මිතුරො සෙට් එක පමණකි නුඹට

    ReplyDelete
  9. පැන්ඩා අයියගේ කටේ උණ ගහක් දාන්න ඕන . කතාව සහතික ඇත්ත .

    ඒත් මගේ ලඟ හිටපු කෙනෙක් යාළුවෙක් නෙවේ හතුරෙක් කියලා මට ඒත්තු ගැන්නුවේ මූනුපොතෙන් හම්බවෙච්ච නොදන්නා කෙනෙක් . මූනුපොතේ නම් මම වැඩිය ගැවසෙන්නේ නෑ ඒත් බ්ලොග් අවකාසේ ඉන්න ගොඩක් අයගේ බොක්ක හොඳයි ..(හරකෙක් බේරගත්තු අවස්ථාවම බලන්නකෝ ?)

    ජය වේවා !!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails