Thursday, January 20

පැන්ඩගෙ රථ ගාය. වරද්ද ගන්න එපා රත ගාය නෙවෙ

මේක පැන්ඩගෙ ජීවිතෙ හා සම්බන්ධ කතාවක්.ඔන්න මුලින්ම කිව්ව නැත්තං බලල ඉවර වෙලා පැන්ඩ ගෙ කරට ගොඩ වෙයි වැඩක් නැති එව ලිව්ව කියල.හැමොම වගේ බ්ලොග් වල තම තමන් ගැන ලිව්වට මම එහෙම කලේ නැ වගේ.මම ලිව්වෙම මට එන අදහස් විතරයි.ඒත් අද ලියන්නෙ පැන්ඩ ගැන.වැඩක් නැ කියල හිතේ නම් මෙතනින්ම ආපහු හැරෙන්නත් පුලුවන් ඔයාලට.

 ඔන්න ඕකනෙ වැඩෙ පැන්ඩ දෙයක් කියන්න ගියාම වැල් වටාරං වැඩි නේද.අපේ අම්ම නම් කියන්නෙ වැල් වටාරං නැතුව කියන දේ කියන්න කියල .එත් එහෙම බ්ලොග් ලියන්න බැ නෙ නේද ?


මේක පොඩි කාලෙ මට තිබ්බ ලෙඩක් හැබැයි සනීප වුනෙ නැ තාම.අසාධ්‍යය වෙලා හිටිය හුගාක් කල්.පස්සෙ ටිකක් අඩු වුනා.ඒත් හිටි ගමන් අඩු වැඩි වෙනව.

රථ ගාය කියන්නෙ බොහොමයක් පුන්චි ලමයින්ට හැදෙන ලෙඩක්.නමුත් මේක සමහර අයට නිසි වයසට එන කොට මේව වෙන වෙන ඒව හින්ද සනීප වෙනව.රථ ගාය සනීප කරගෙනම කාලයත් එක්ක ගැටයන්ට‍ හැදෙන ලෙඩක් තමයි මදන ගාය.පැන්ඩට අනිත් ඒවත් හැදුන නිසි වයසට හැබැයි අරක සනීප නොවී.ඒ හින්ද නිතර "එයාගෙ කතාව වාහන ගැනමයි" වගේ ඒව අහගත්ත


කොහොම හරි පැන්ඩට ත් ඕක හැදුන ළදරු අවධියේදීම.මේ නම හැදුවෙ අපේ එරංග අක්ක වගේ තමා මතක.

රථ ගාය.ඕකෙ ප්‍රධාන රොග ලක්ෂණ මේව.වාහනයක් දැක්කම කෙළ හලාගෙන එක දිහා බලා ඉන්න එක.අතක් පයක් කැඩිල ඇඩුවත් වාහනයක ඩ්‍රයිවින් සීට් එකෙ වාඩි කරවල ස්ටියරින් එක අල්ල ගන්න දුන්නම අඬන එක නැවැත්තීම.කතා කරන්න පුලුවන් වෙන කොට වාහන සහ එහි කොටස් පෙන්න පෙන්න ලග ඉන්නෙ අයගෙන් ඒ මොකද්ද එකෙන් වෙන්නෙ මොකද්ද ඒක නැත්තං වෙන්න මොකද්ද ඒ කැල්ල අනිත් එකෙත් තියේද වගේ රටේ නැති ප්‍රශ්න විමසා වධ දීම.යන්තං අඩු පඩු දික් වෙන කොට ඒව පැදවීමට උත්සාහ දැරීම.වාහන ගේම් හැර අනෙකුත් සියලුම පරිඝනක ක්‍රිඩා ප්‍රතික්ශේප කිරිම.විඩියො එකක් බැලුවොත් එක වාහන හා සම්බන්ධ එකක් වීම.ෆිල්ම් එකක් බැලුවොත් වාහන හා සම්බන්ධ එකක් වීම.ටික කාලයකදී වාහනයක හඩින් පවා ඒ වාහනයෙ වර්ගය ප්‍රකාශ කිරීමට හැකි වීම.ටික ටික තමා අවට ඉන්න වාහන ගැන උනන්දු අය වාහන ගැන තොරතුරු විමසීමට පැමිනීම.කෙල්ලෙක් ඉන්න කාලෙක "ඔයාට ඉතින් මට වඩා ලොකු ඔය යකඩ ගොඩවල් " යැයි බැණුම් ඇසීමට සිදු වීම.සියළුම motor show වලට නොවරදවා සහභාගි වීම.ගෙදරම වාහනය ගලවා අළුත් වැඩියා ඇරඹීම සුළු පාඩු මුලදි වුවද. සම වයසෙ අනෙක් මිතුරන් ගැවසීමට කැමති තැන් නොව වාහන ගැරේජ් වල බොහොම කැමැත්තෙන් ගැවසීම වගේ එව තමයි. 

ඔය රොග ලක්ෂණ සියල්ලම පැන්ඩට තියේ.මේ තියෙන්නෙ සාක්ෂි.
ඔය ඉන්නෙ පැන්ඩට වයස අවුරුදු දෙකෙ දි.හිනා වෙන්න කියන්න ඕනි නැ වාහනයක් ලඟින් තිබ්බම කොල්ල නිකන්ම හිනා වෙනව.

දන්නවද ඔය කට ඇද කරගෙන ඉන්නෙ ඇයි කියල.මට පස්සෙ කියපු හැටියට මාව අර උඩ තියෙන රතු පැජරො එකෙන් මේ ජිප් එකට නග්ගන්න හදන කොට එහෙම බැ මට පැජරො එකෙම යන්න ඕනි කියල මතයක හිටපු හින්ද.වයස අවු 2 දිත් වාහන වල වෙනස හොදින් අදුරල වගේ නේද ?

කොහොම හරි පැන්ඩ ඔහොම තත්වයක තමා ඉඳල තියෙන්නෙ.පැන්ඩ පොඩි කාලෙ කාලයක් තිබුන පැන්ඩල ට වාහනයක් නැතුව.පැන්ඩට බොහොම අමාරු අවධියක්.ඒ කාලෙ පැන්ඩ එකට පොඩ් විසදුමක් හොයා ගත්ත.ඒ තමා පැන්ඩ විසින් හදා ගත්තු පැන්ඩ ගෙ මායා රථය පැදවීම.


මේ මායා රථය අවස්ථානුකූල ව වෙනස් වෙනව.මේක වෙලාවකට බස් එකක් එහෙම නැත්තං ලොකු ප්‍රයිම් මූවර් එකක් නැත්තං කාර් එකක් වගෙ.මේක කරන්න මෙහෙමයි. මොකක් හරි පියනක් හොයා ගන්නව කුස්සිය පැත්තෙන් ස්ටියරින් වීල එකට.වැඩෙට හරියටම හරි අම්මගෙ දානෙ උයන සාස්පානෙ පියන.පස්සෙ කාලෙක ඕක අම්ම මට පැත්තකින් තියල ම තිබ්බ ඕනි වෙලාවක ගන්න.ඊට පස්සෙ සීට් එකට මේසයක් උඩින් වාඩි වෙනව.ගියර් එකට කොස්සක් හරියටම හරි.ඉතින් එලවන එකයි තියෙන්නෙ මගෙ මායා රථය හිතේ හැටියට.කටින් පොඩි සද්දයකුත් දා ගත්තම මරෙ මරු. දැන් නම් මතක් වෙනකොට හිනා කාල මැරෙනව.වැඩ ඉවරවෙලා තාත්ත එහෙම ඇවිත් හිටිය නම් ඔන්න එයාට ත් මගෙ වාහනෙට නගින්නම වෙනව.ඔය වගේ කතා නම් එමටයි.

පැන්ඩගෙ රථ ගාය සනීප නොවෙන්න එක හේතුවක් පැන්ඩගෙ ආදරණීය තාත්ත.එයාගෙ වාහන ගැන දැනුම සාමන්‍‍යයෙන් බොහොම ඉහළයි.ඒ හින්ද ඉතින් තාත්ත තමයි වීරය.පැන්ඩ පොඩි කාලෙම පැන්ඩ දන්නව වාහනයක ක්‍රියා කාරිත්වය පැන්ඩගෙ කෙලවරක් නැති ප්‍රශ්නයි තාත්තගෙ දැනුම යි හින්ද.දැනටත් පැන්ඩලගෙ වාහනය රෙපෙයාර් එකක් ආවම තාත්ත දන්නව මොන කැල්ලෙ ද කියල ඉතින් කැඩිච්ච කැල්ලත් එකට ඕනි අනිත් අනං මනං ඔක්කොම ඇරගෙන හයි කරගන්න විතරක් ගැරෙජ් එකට යනව.ගැරෙජ් එකට ගිහින් ආයෙ බඩු ගෙන්න කියල යන්න ඕනි නැ.

 පැන්ඩල ගෙ දෙමාපියො බොහොම දුක් මහන්සියෙන් රැකියා කරල මුදල් ඉපයපු අය හුගාක් සල්ලි තියෙන අය නෙවෙ හින්ද පැන්ඩලට සුපෝබභොගී වාහන ගන්න බැ.යන්තං වැඩෙ කරගන්න පුලුවන් වාහනයක් ගන්න එක තමා කරන්නෙ. පැන්ඩට මතකම වාහනෙ තමා කොරොල්ල කාර් එක.එතකොට පැන්ඩ ඉස්කොලෙ එ ලෙවෙල් කරනව.පැන්ඩ තමා ගිහින් වාහන හොයල තොරල ඔක්කොම කලේ..තාත්ත ආවෙ අන්තිමට ගණු දෙනුව කරන දවසෙ තමයි.

ඒත් පැන්ඩටයි තාත්ත ට යි හරිම අසාවක් තිබ්බ මේ 4DR5 ජීප් එකක ට.පැන්ඩට නම් දකිද්දි ආසවෙ බැ.හැබැයි පැන්ඩට ඕනි ඕක පොඩ්ඩක් වැඩ කිඩ දාල මොඩිෆයි කරන්න.ඒත් තාත්තට ඕනි ඔරිමජිනල් තත්වෙට හදන්න අනං මනං වැඩ නැතුව.ඕක තමයි ඝට්ටනෙ.හුගාක් ජීප් මොඩ්ෆයි කරල.ඔය ජීප් එකෙ එන්නෙ ඇමරිකන් ස්ටයිල් එකෙ ස්ට්යරින් ගියර් ලීවර් එකක් එත් හුගක් අය ඔව ෆ්ලො බොර්ඩ් කරල එහෙම නැත්තං පවර් ස්ටියරින් තියල එහෙම නැත්තං ට‍්රබො එන්ජින් තියල හොදටම වෙනස් කරලා.කොහොම්න් කොහොම හරි ඔහොම මුල් තත්වෙ තියෙන ජීප් එකක් අපි හොයා ගත්ත.

 ජීප් එක ඇරගෙන සතියෙන් මෙන්න බොලෙ අපේ තාත්ත තඩි පොතක් පෙරලගෙන ඉන්නව.බැලුවම ජීප් එකෙ පාට්ස් මැනුවල් එක.නෙට් එකේ වත් නැ හලො.මාත් පස්සෙ නොන්ඩියට හොයල හොයල යුසර් මැනුවල් එකයි වර්ක් ශොප් මැනුවල් එකයි ෆොරම් එකක් දාල තිබිල භා ගත්ත.ඒත් අර පාට්ස් මැනුවල් එක නැ නෙට් එකෙ.තාත්තා ජිප් එක වෙනස් කරනවට බොහොම අකමැතියි.අඬල අඬල යන්තම් alloy wheel ටිකක් දාන්න කැමති කරව ගත්ත.




ඔය තියෙන්නෙ අපේ ජීප් පොඩ්ඩයි කාර් පොඩ්ඩයි.
alloy wheel දැම්මට පස්සෙ තාත්ත "පොඩි ගතියකුත් තියේ නේද පොඩ්ඩක් වෙනස් කරාම " කියල කිව්ව.සමහර විට මගේ ජිප් එක අමුතු කිරිමෙ අසාවෙ ආරම්භය වෙන්න ත් පුලුවන්.

මේ රථ ගාය හින්ද පැන්ඩ දැන ගත්තු දෙවල් දන්න දෙවල් සිද්ධි නම් බොමයි..ඒත් ඔව ඔක්කොම ලියල බ්ලොග් එක කියවන අයට එපා කරවන්න බැ.රථ ගාය තියෙන්නෙ මට නෙ.

හරි හරි බනින්න එපා.මේක ලියල ඉවරයි තව මේ ලිපිය දික් ගස්සන්නෙ නැ.ඔන්න ඉවරයි.

එත් හලො මේ වාහන ගැන කියනව නම් ... අඩො පැන්ඩ කට වහපිය දැන් තො ඔක නවත්තනව කිව්ව නේද ? හරි හරි ඔන්න කට වැහුව.ඒත් මචං ජිප් නං.. ඔන්න ඕක අල්ල ල කට ගැට ගහපං

* රත් පැහැයෙන් දක්වා ඇත්තෙ පාඨක ඔබේ ප්‍රතිචාරය විය හැක.

25 comments:

  1. pando first comment in your blog
    ubata tiyenne mara wahana meniyawak ne ban
    eka babage train walata wada wadine.
    me matat kawada hari dawasaka wahanayak ganna salli hambunoth oya knoledge eka tikak denawada?
    habai mata wahana elawanna bane??

    ReplyDelete
  2. pandage vahana meniyawaka tarama

    ReplyDelete
  3. mara case ekane pando mama baluwa ko mage comment eka kiyala mama deparak damma eta passe yatin noterena sinhalen liyalane
    "YOUR COMMENT WILL BE VISIBLE AFTER APPROVAL"

    ReplyDelete
  4. මේ ජීව කියන්නෙ අපේ මහෙෂ් නේද..ඔව් මහේෂ් මීට ටික කාලෙකට කලින් හිටිය බ්ලොග් වල ලිපියට අදාල නෙවෙන විදිහෙ කුණුහරුප දාන මානසික රොගීන් කීප දෙනෙක්.ඒ හින්ද අපිට සිද්ද වුනා කමෙන්ට් දාපු හැටිය පබ්ලිශ් නොවී කතෘ දැක්කම පබ්ලිශ් වෙන විදිහට දාන්න.අපහසුතාවක් වුනා නම් සමාවෙන්න..හරි හරි දෙන්නම්..
    ඇනොනිමස් ට ත් ස්තූති

    ReplyDelete
  5. අපේ අප්පච්චිත් මොන මොන වාහනේ ගත්තත් නොවිකුණා තියාගෙන ඉන්නවා ටොයොටා කොරොල්ලා DX කාර් එක. ඒකට ඇලෝවීල් දැම්මාම මට නම් මාර ලස්සනක් පේනවා. කොහේද අප්පොච්චා කැමති නෑනේ.. ස්ටිකර් එකක්වත් අලවන්න අවසරයක් නෑ. ඔරිමජිනල් තත්වයෙන් තියාගන්න. :\

    ReplyDelete
  6. එක ඇත්ත..අපේ දන්න අය ගාව dx දෙක තුනක් තියේ.17 ඒව එක්ක වුනත් ටක් ගාල අපේ එක පේනව ගතියට වීල් සෙට් එක හින්ද..වැඩිය අරුමොසම් නැති ශෙප් දෙකක් දැම්ම ම පොඩි ගතියක් එනව වාහනෙට.ටය‍ර් එහෙමත් ටිකක් පළල එකෙන් නෙ වැටෙන්නෙ.

    ReplyDelete
  7. හොඳයි වාහනේ නං...............

    ReplyDelete
  8. ඒ'ගාය'ත් නරකම නෑ වගේ.

    ReplyDelete
  9. මාරම ලස්සන ජීප්පුව මටනම් මේ කපේට පුට් සයිකලයක්වත් ගන්ඩ බෑ ඒ තරමට හත වැදිලා

    ඒ කියන්නේ අයියා ධනපති පන්තියේ පැන්ඩෙක් ..දැන්නම් මටත් පට්ට ආසයි අරවගේ ජීප්පුවකට . අපේ පැත්තේ පාරවල් වලට කියාපු භාන්ඩේ . අනේ ඉතින් මක්කොරන්නද ? මම නිර්ධන පන්තියේ කොලුවෙක්නේ

    ජය වේවා !!

    ReplyDelete
  10. හේහේහේහේ බලනකොට බ්ලෙග් ලියන අයට තියෙන්නේ මාර රථගායක්නේ....දවසක් අපේ බනී කොලුවත් ලියලා තිබ්බා....
    ඇයි මේ මටත් ඔය ගාය එහෙන් පිටින්ම පිහිටොලා තියෙනවා.

    ගෙදර රථයක් තිබුණට මොකෝ අල්ලන්ට දෙන්නේ නෑනෙවැ....අල්ලන්ට දෙන්‍නෑ කීවට ඉතිං දැනටමත් පොඩි පොඩි මොඩිෆිකේෂන් දෙනවා බැනුම් අහ අහා...හික්ස්
    තව ටික කාලෙකින් මගේම කියලා එකක් අරන් හොද මොඩිෆිකේෂන් දෙන්න හදන්නේ ආයේ ලොවෙත් නැතිවෙන්න....

    ReplyDelete
  11. @ හිස් අහස: එහෙම නැ බං..මට මතකයි මගෙ පුන්චි කාලෙ මම තාත්ත එක ෆුට් සයිකල් එකෙ එහෙ මෙහෙ ගියා..අපේ තාත්ත සාමන්‍ය රජයෙ සෙවකයෙක්..පස්සෙ කාලෙ තමයි මේ කාර් එහෙම ගත්තෙ..අයින් වෙලා පස්සෙ කාලෙක අපේ ඉගෙන ගන්න කටයුතු නැවතුනාම ජිප් එක ගත්තෙ..එයාල අර පරිස්සමට ලැබුන මුදල් පාවිච්චි කලා..ඒ හින්ද අධෛර්‍‍ය වෙන්න එපා මචො..උඹටත් ඉක්මණටම මේව කරගන්න ලැබෙයි.අරපරිස්සමින් මොලෙ කල්පනාවෙන් වැඩ කලොත් කාටත් පුලුවන් වෙයි.

    ReplyDelete
  12. ෂිට් දිග..... කමෙන්ට් එකක් ලිව්වා මේ වී කෙයාර් ඕල්වේස් එක ඒක කෑවා.........

    මේ පාර භාගයයි ලියන්නේ.
    අපේ පුංචිගේ පුතාටත් ඔය ගායම තමා. අවුරුදු 3ක් වෙද්දි වත්ත ඇතුලේ බාප්පාගේ උකුලේ ඉදන් ස්ටියරින් වීල් එක ගෙනිච්චා. ආයේ අතක්වත් තියන්න ඕනි නෑ ගානට මිම්මට යනවා. (දැන් එක වසරේ)
    එයාට හැබැයි තියෙන්නේ ලොකු රථ ගායක්. ඒ කීවේ ඩෝසර් ලොරි බැකෝ වගේ රථ ගායක්.(තාත්තාගේ පැටිටේරියේ ලොරි නිසා වෙන්න ඇති) පිගානක් ස්ටියරින් වීල් එකට ගත්තම වැඩ කෝටියයි. වැලි අදිනවා පස් කපනවා ලී ගෙනියනවා. අපිට හිනා කාලා මැරෙනවා......

    මේ ඇති. කලින් එකේ තව ලිව්වා. මේකට බැ.

    ReplyDelete
  13. @ හසිය..හී හී ස්තූතියි
    @හා පැටික්කි : අනේ එහෙම කරන්න හොඳ නැ නොව..හා පැටික්කි ඉතින් always care my blog posts හින්ද ඉතුරු ටිකත් ලියමු ලියමු..මම ඔයගෙ බ්ලොග් එකට ආව ගියා.කවි ටිකත් කියෙව්වා..එත් කැරට් දාන්න හිතුනෙ නැ..එහෙම දුක් මුසු ඒව හාවි ලිව්වම මුකුත් කියන්න බැ වගෙ,

    ReplyDelete
  14. බැ ඔය ඇති.

    හෙහ් හෙහ් මං දන්නවනේ අයියා. අයියා පැන්ඩි අක්කි එක්ක හරි මට කතා කරන්න කිව්වේ ඒ නිසානේ. අවුලක් නෑ. අයියා කියවන බව දන්නවා මම. :D

    ReplyDelete
  15. හපෝ මටනම් එච්චරම රථගායක් නැතෝ... හැබැයි නැති එක හොදයි කියල දැන්නම් හිතෙනව... කිවුවට මොනවත් හිතන්න එපා පාරෙ යන වාහනේක සද්දෙන් මට ඒක බයිසිකලයක්ද කාර් එකක්ද කියලවත් කියන්න බෑ. හපොයි විළි ලැඡ්ඡාවෙ සන්තෝසෙ බෑ.. කාටවත් ඇහුනෙ නෑ නේද??? අනේ කාටවත් කියන්න එපා.
    වාහන වලට ටිකක් ආසයි. අයිය Bike එකක් ගේනකොටත් මම මුකුත් කිවුවෙ නෑ.. (ඇත්තම කිවුවොත් කියන්න දන්නෙ නෑ...) ගේන මගුලක් ගේනන් කිවුව. ගෙනාවම අඩු නැතුව පැද්ද එකනම් කරා. දැන් ඒ Libero එක නෑ... තව එකක් ගේනන් හදන්නෙ. අයිය මගෙන් හෝ ගාල අදහස් විමසනව. ඒත් මම නෝ Reply.... මම දන්න එකක්යැ... හික් හික්ස්..

    ReplyDelete
  16. @කේෂාන් : අයියගෙ බජට් එක කියපන්..මම කියන්නම් බයික්..දැන් අයියත් ලොකු පොරක් හින්ද ඉන්ඩියන් බයික් පැද්ද ඇති කියපන්.

    ReplyDelete
  17. keshan tawa tika kalekin car ekakin colombo wate raum gahai pando oya kiwwata. e kale e taram dura na. ape sir(s2k) ta sada jaya wewa...

    ReplyDelete
  18. pando matat blog ekak liyanna hitenawa ban mokada kiyanne

    ReplyDelete
  19. මටත් ඔය ගාය නම් තියේ.. ඒත් ඉතිං වාහන ගන්න හැමෝටම සල්ලි නෑනෙ බං..

    ReplyDelete
  20. ඒක ඇත්ත කණියො..අපිටත් ඉපදෙන කොට වාහන තිබ්බෙ නැ..අපේ තාත්තල මහන්සියෙන් ඉතුරු කරල අන්තිමට රැකියාවෙන් ඉවත් වෙන්න කිට්ටු වෙනකොට මේව ගත්තෙ..ඒතකොට අපේ අධයාපනයට එහෙම වැයවෙන මුදල අඩු වෙලා නෙ..ඒ වුනාට ඉතින් කණියා ඉගෙන ඉවර වෙලා මහන්සි වෙලා වැඩ කලොත් කරන දේ හරියට කලොත් රැකියාවෙන් ඉදිරියට යන එක වලක්වන්න බැ..එතකොට වාහනයක් කියන එක ඉබේම ලැබෙයි..

    ReplyDelete
  21. අප්පට බොල පැන්ඩෝ..උබ මගේ ජාතියේ එකෙක් :D

    ඔය උණ කොහොමද කියනවානම්..මම අවු 8 දී ලොරිය ගෙනියනවා :D

    අපේ කැබ් එක මොඩ් කිරීමට මටත් උණක් තියෙනවා.. හැම තාත්තා කෙනෙක්ම එක වගේනේ :-/

    ReplyDelete
  22. මට වැඩිපුරම (දැනටත්) තියෙන්නෙ බයික් ගාය. මේ දවස් වල හෙන ගේමක් දෙනවා Karizma ZMR එකකට. ඒත් පස්සෙ කල්පනා කොළා තව කීයක් හරි දාල පොඩි කාර් පොඩ්ඩක්ම ගත්තොත් හොඳ නැද්ද කියල.

    ReplyDelete
  23. ජීප් එක නම් මැක්සා.... J 20? මොන අවුරුද්දෙද?

    ReplyDelete
  24. මචන් පැනඩෝ මටත් ඔය ගායම තියෙනවා. හැබැයි උඹට වැඩ වෙනස්. මොකද මත් කැමති නෑ පරණ වාහන මොඩිෆයි කරනවට. මාත් 4DR5 දැක්කම කෙල හලනවා බන් . එත් තාම මට හරියන 1කක් හොයාගන්න බැරි උනා. මොකද කියනවනම් ආර්ථික ප්‍රශ්න. කොහොම උනත් මගේ ගව මයිනර් 1කක් තියෙනවා කියල මම සතුටු වෙනවා. වාහන ගැන කතා කරනවානම් මට කන්න ඕනෙත් නෑ බොන්න ඕනෙත් නෑ..

    ReplyDelete
  25. අඩෝ පැනඩෝ මටත් ඔය උණම තියෙනවා බන්. එත් මම පරණ වාහන මෝඩ් කරන්නනම් කැමති නෑ..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails