Monday, January 24

බිරිඳක් වෙනුවෙන් සැමියකු ගයන පැන්ඩා ඇසූ එකම ගීය

අපි අපේ ජිවිතෙ අනේක ගීත අහනව,ආදරෙ වෙනුවෙන් ලියවුන ගීත මෙතැකයි කියල කියන්න මම දන්නෙ නැ.ආදරෙ කරන කාලෙ තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් ලියවුනු ගීත වැහි වැහල,තමන්ගෙ ආදරණීය මව වෙනුවෙන් පුතුන් අතින් ලියැවුනු ගීත සැළකිය යුතු ප්‍රමාණයක් තියෙනව.ඒත් තමන්ගෙ පෙම්වතිය බිරිඳක් වුනාට පස්සෙ ගැයෙන ඇය වෙනුවෙන් ගැයෙන ගීත මම අහල නැ..එක්කො මට‍ මතකයක් නැ..මම එහෙම දන්නෙ එකම එක ගීයයි..ඒ මේ ගිය පමණයි. 

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .

තාත්තා වුනත් මා බත සරිකරන

අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. . . //



තාත්තා වුනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරුවන් රකින කියන පද පේලියෙ බිරිඳක් වෙනුවෙන් සැමියෙක් හිතේ ඇතිවන ආදරය ගෞරවය කරුණාව ඔක්කොම කැටි වෙලා තියෙන අපුරුව නේද..මේක අපේ අමරදේව මාස්ටර් ගැයුවට මේකෙ පද රචකයො සංගීතඥයො මට හොයාගන්න බැරි වුනා...සිංදුව නම් ඔයා ට්යුබ් එකේ තිබ්බ.


මේ ගියෙ පද වලින් පැන්ඩ ට නම් හරිම අපුරු පවුල් ජීවිතයක් මැවුනා..ඒ ගෙදර වැඩ උදව් වෙන්න සේවකයො නැ ඒ ගෙදර යන්න එන්න වාහන නැ ඒ ගෙදර සමහර වීට රැට සැමියා ගේන දේ රත් කරල කන්නෙ කුප්පි ලාම්පු එලියෙන් වෙන්න ඇති ඒත් ඒ ගෙදර ආදරෙ උතුරනවා.අද වර්තමානෙ නම් හුඟක් තැන් වල දරුවො වැදුවට පස්සෙ සැමියයි බිරිඳයි වද වෙන්නෙ අර දරුවො යහ මග යවන එකවත් ඒ දරුවො ගැන වත් නෙවෙ බිරිඳගේ ගර්භනී කාලයෙන් පසුව රූප ස්වභාවය රැක ගැනීම ගැන.හැබැයි මම මේ කියන්නෙ බිරිඳක් විවාහ වුනාට පස්සෙ තමන් ගැන සම්පුර්ණයෙන්ම නොහිතා මැරී ගෙන ගේදොර වැඩ වලට නැහෙන එක නෙවෙ.ඒක එහෙම විය යුතු නැ..ආදර බර සැමියෙක් එහෙම බිරිඳගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැ.

මම පැහැදිලවම හෙළා දකිනව බහුතරයක් අපේ පිරිමින්ගෙ හැසීරිම ගැන, බොහොම වෙලාවට බිරිඳ නැගිටල තේක ගෙනහල නැගිට්ටවල කලිසම ෂර්ට් එක මැදල දුන්නම එක ඇද ගෙන අච්චර කරල දුන්නම යන්නම් කියන්නෙ නැතුව ගෙදරින් දොට්ට බැහැල යන අය තමන් ඉපදුනෙ ඇයි කියල දුක් වෙන්න ඕනි. මම ඒ අතරින් අපේ තාත්තට ගරු කරනව.එයා කවදාවත් අපේ ගෙදර අම්ම වැඩකාරියෙක් කලේ නැ..ගෙදර ඉන්න දවසට මට මතකයි තාත්ත තමා අපේ ඉස්කොල ඇදුම් ඔක්කොම හෙදුවෙ..අම්ම එක්කම උදෙම නැගිටල අම්මට උයන්න උදව් කලේ.මම පැහැදිලිව දැකල තියෙනව සමහර පිරිමි කුස්සිය පැත්ත පලාතට යන්නෙ නැ..ගෙදර හැමදෙම අතට කරල දෙනවා...මොන හේතුවකට එහෙම ඉන්නවද තමන් එහෙම ඉන්න සුදුසුයි මම හෙන පොරක් කියල හිතනව ද මම දන්නෙ නැ..හරි ඇති මොළයක් තියෙන දරුවෙක්ට එහෙම පියෙක් ගැන හිතේ නිසි ගෞරවයක් හැදෙයි කියල මම හිතන්නෙත් නැ.

ඇයි බැරි කලින් ගෙදර ආපු සැම්යට රැට කැම ටික උයන්න ලැස්ති කරගන්න බිරිඳ එන කං.බිරිඳට තේ කොප්පයක් හදල දුන්නම අත කැඩෙනවද පහුවදාට ඔෆිස් යන්න බැරි වෙනව ද ? මට හරි පුදුමයි වෙලාවකට මේ බහුතරයක් පිරිමි ලඟ තියෙන මහන්තත්ත කමට .කොහෙන් ආපු එකක් ද ? බිරිඳක් කියන්නෙ අර බඳින්න කලින් සුරතින් කරපු දේ කර ගන්න ලැබුන මැශිමක් හෝ රෙදි හොදන මැශිමක් හො දරුවන් වඳන රකින් මැශිමක් නෙවෙ කියන එක තෙරුන් ගන්න සමාජයෙ ඉහල බුද්ධි මට්ටම් වල පිරිස් සමඟ රජකාරි කරන බහුතරයක් පිරිමි නොදැන ඉන්න එක මට පුදුමයක්.

තමන් වැඩට යනව නම් තමන් ගෙ බිරිඳ ගෙදර ඉන්නව නම් ලංකාවෙ බස් වල තැළිල පොඩි වෙලා ඇවිත් මහන්සි නම් රැට උදව් වෙන්න බැ කියමුකො.ඒත් ඇයි බැරි උදේම නැගිටින්න තමන්ගෙ බිරිඳ එක්ක.මුකුත් එපා අඩුව තරමෙ උදේම ඇය එක්කම නැගිටලා කුස්සියට ගොඩ වෙන්න.ඇය උයන කං ඇය අසලින් වාඩි වෙලා ඉන්න.ඒ දේ හොඳටම ඇති යහපත් බිරිඳකට.එහෙම නැතුව උදේ 4 ට නැගිටල බිරිඳ කුස්සියේ ඔට්ටු වෙද්දි ඒ බිරිඳට ආදරෙ කරද්දි බඳිද්දි මම ඔයා ලගින්ම ඉන්නව පැටියො කියපු සැමියා ගොරෙද්දි දාගෙන නිදා ඉන්න කොට ඒ බිරිඳට දවස පුරාවටම ඔබ ගැන සුභවාදී හැගීමක් ඇති වෙයි ද?ඇය අතින් උයන කැම ටික රසවත් වෙයි ද ?

මේව ගැන කියන්න  ගියොත්  ලියන්න එව නම් හිතට එනව ඒත් ඕව ලියල තෙරුමක් නැ.මම පටන් ගත්තෙ මේව ලියන්න නෙවෙ ගීතයක් ගැන කියන්න.මේව මම සමාජෙ විවාහ වුන පිරිස් ගාව දැකපු අඩු පාඩු..මට මේව එයාලගෙ මූනට කියන්න බැරි නිසා ආවෙගෙට ලිය වුනා. ගීත රසය නැති කලා නම් පැන්ඩට සමාවෙන්න.

 ඔන්න මම කට පියා ගත්ත.





16 comments:

  1. සහතික ඇත්ත මචං. එහෙම නොවෙන පිරිමි නිකං වෙලේ හිටවපු පඹයො වගේ. ඒ කාලේ පණ දෙන්නම් කියලා බැන්දහම ගෑනිගේ පණ කෙන්දත් උගුල්ලල ගන්න හදන පිරිමි මාත් දැකලා තියෙනවා. මං පතනවා මං එහෙම නොවේවා කියලා.

    ReplyDelete
  2. අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
    නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .

    අම්මපා ආයෙ මේ සින්දුවෙ තියෙන මෙවුවා එක විග්‍රහ කොරන්න තේරෙන්නෙ නෑ...

    අහනකොට එකෙන්ම ඇඬෙනවා ලොක්කා.....

    ReplyDelete
  3. කොයිතරම් මේ සිංදුව කනට ඇහුනත් මට මතක හිටියේ පමුවෙනි පද දෙක විතරයි ...

    අදයි නියම විදිහට මුලු සිංදුවම රසවින්දේ ...තෑන්කුයි පැන්ඩයියේ ..

    ජය වේවා !!

    ReplyDelete
  4. මං බොහොම ආස සිංදුවක්. මං මේක මුලින්ම ඇහුවේ ස්වර්ණවාහිනියේ ගිය කතාවක යද්දි. පුදුම විදියට හිතට වැදුනා ඒ කතාවත් එක්කම.

    අර ආවේගෙන් කියපුවා නම් ඇත්ත අයියා. සමහර පිරිමි උයනවා කියන එක ගෑණු කමට වැටීමක් කියලා හිතනවද මංදා අඩු තරමේ සුදු ලූණු බිගක් සුද්ද කරලා දෙන්නැහැ. අඩුම තරමේ තමං තේ බීපු කෝප්පේ හෝදන්න කැමති නැති අය ඉන්නවා. මොනවා කරන්නද ඉතින්.

    පැන්ඩි අක්කා නම් ඔන්න මාාාාාාර ලකී........ (අක්කා එක්ක කතාවත් කරන්න ලැබුන්නැ කාලෙකින්. )

    ReplyDelete
  5. හපෝ හරිම බර සාර Topic එකක්. මට නම් අදහස් දක්වන්නත් හරිම අමාරුයි..... සංකීර්ණයි... නෑ එහෙමත් නෑ. උඔ කියපු විදියට පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්නේද??? ඔන්න මට නම් එළවළු කපන්න පුළුවන්...
    ආ ඔය හාවි කියපු දේටත් එකගයි.. පැනිඩි මාර ලකී....

    ReplyDelete
  6. අමරදේව ශූරීන්ගේ මම කැමතිම ගීත වලින් එකක්.....කතාව සම්පූර්ණයි පැන්ඩෝ....

    ReplyDelete
  7. තවත් ඔය වර්ගයේ සිංදුවක් තියෙනවා...
    ඒක ගයන්නේ ටී.එම්.ජයරත්න මහතා

    දුකේදී හැඬුමට සැපේදී
    සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙක් වේ නම්
    නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා.......

    ReplyDelete
  8. මම තාම පොඩි එකානේ ඒක හින්දා හරියට තෙරෙන්නේ නෑ,,,
    හැබැයි මොනා උනත් පැන්ඩා අයියගෙ කතාවනම් ඇත්ත... බිරිදක් තමන්ගෙ මහත්තයා වෙනුවෙන් කොච්චර වැඩ කලත් ගොඩක් පිරිමි තමන්ගෙ නෝනට හොදක් කියන්නේ නෑ ඒකට හේතුව මොකක්ද මමනම් දන්නේ නෑ.....
    "අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
    නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ..."
    මේකෙනම් නියම තේරුමක් තියෙන්නේ....

    ReplyDelete
  9. මේක හැම පෙම්වතියක්ම ,බිරිඳක්ම පතන ලොකුම උපහාරෙ වෙන්න ඇති පැන්ඩො.ඒත් ඉතින් ඒ වාසනාව ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද නේද?
    :)පැන්ඩට තුති මගෙත් ප්‍රියතම ගීයක් මෙහෙම පල කලාට.:)))

    ReplyDelete
  10. මචං පැංඩෝ, මසුරන් වටින අදහස් ටික.......මම අදමයි මේ බ්ලොග් එකට අවේ, මුහුනු පොතේ සංජය කොල්ලගේ පෝස්ට් 1 දැකලා.....
    එහෙනම් උඹල දෙන්නටම සුභ අනාගතයක්...!!!ජය වේවා...!!!

    ReplyDelete
  11. අදහස් දක්වපු හැමොටම ස්තූති..ඔයලගෙත් ජිවිත අර ගාම්ණි කුමාර විතාන මහත්තය කියනව මහා වනස්පතීන් පොළවට බැඳී පවතිනව වගේ බැදෙන්න පුලුවන් අපුරු සහකරු සහකාරියන් හා ගෙවන්න ඒ ජිවිත සතුට සැනසිල්ල ශාන්තියෙන් පිරිල ඉතිරිල යන්න කියලත් පැන්ඩ ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  12. කාල කාපු පිගාන හෝදගන්න හෝ හෝදන්න බැරි කම්මැලි පිරිමිත් ඉන්නව,මම් අනන්තවත් දැකලා තියනව.ඔයදේ ගෙදරින් පුරුදු කරන්න ඔනේ.අම්මල කරන වැරදි තමා කොල්ලනේ කියල වැඩි ආදරේට පිගානවත් හෝදන්න දෙන්නෙනැති එක.ඒත් ඒ දෙයින් තමා මෙහෙම පිරිමි බිහි වෙන්නෙ.අඩුම ගානේ තමන්ගෙ පිගාන හෝදන්න පුලුවන් වෙන්න ඔනේ උදව් කරන එක කෙසේ වෙතත්.

    ReplyDelete
  13. මේක මම බලපු නාට්‍යයන ඇතුලත් වෙලා තිබුණ මතකයි :)

    ReplyDelete
  14. පැන්ඩා මේ පාර නම් කතා කරල තියෙන්නෙ බරපතල මාතෘකවක් තමයි.මිනිස්සු හරිම අසහනයකින් ඉන්නෙ ඔය හේතුව හින්ද වෙන්න ඇති.මහත්තයට නෝන පේන්න බෑ,නෝනට මහත්තය පේන්න බෑ දැන් සමාජෙ ගොඩක් තැන්වල එහෙමනෙ...

    ReplyDelete
  15. පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනු: රෝහණ වීරසිංහ
    හඬ: පණ්ඩිත් අමරදේව

    ReplyDelete
  16. පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනු: රෝහණ වීරසිංහ
    හඬ: පණ්ඩිත් අමරදේව

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails