Tuesday, January 25

මේ දිරිය කතාව කියවන්න.මේ ඔක්කොම ඇත්ත කියල මම දන්නව

මේක අපේ සහන් ගෙ සිතුම් ගබඩාවෙන් මම දැක්ක ලින්ක් එකක්.ස්තූති සහන්


http://www.rivira.lk/2011/01/23/vishesha3.htm


මේක සහන් ගෙන් ඇරගෙන මාත් කියන්නෙ මේකට කියන්න මට පසු කතාවක් තියෙන හින්ද හොදේ සහන්


හැබැයි බලන්න පුලුවන් ඉන්ටර්නෙට් එස්ප්ලොරා එකෙන් විතරයි මට නං.ෆය‍ර් ෆොක්ස් එකෙන් බැරි වුනා.

මේ ඔක්කොම සහතික ඇත්ත කියල මම දන්නව.මොකො මේ අයිය අපේ ගෙවල් පැත්තෙ.ෆුට් බයිසිකලේ ඇවිත් අපේ මාම ගෙ කඩෙට සබන් දානව මම දැකල තියේ..මිනිස්සු නොන්ඩියට ඒ ලෙවෙල් කරන කොට කියපු කතාත් මම දන්නව.ඒ අයිය පාඩම් කලේ මම දන්න තවත් එයාට බාල අයියල ටිකක් එක්ක.ඒ අය හැමොම කැම්පස් ගියා.ඒ අය එක්ක පාඩම් කරන්න යන්න කියල අම්ම කිව්වම කම්මැලිකමට බැ කිව්ව මම ඊට පස්සෙ පාර තමා යන්තං කැම්පස් ගියෙ.

ඒත් ඉස්කොලෙ ගිහින් අවුරුදු 14 කට විතර පස්සෙ (මම හිතන හැටියට )ඒ ලෙවල් කරල ට්‍රාන්ස්පොර්ට් යන්න ඒ අයිය ගත්ත තරං ලකුණු ගන්නත් මට බැරි වුනා.මුකුත් නෙවෙ කම්මැලි කම තමා ප්‍රධාන හේතුව.මේ අයියට තිබ්බ ප්‍රශ්න වලින් 1% ක් අපිට තිබ්බෙ නැ අපි ඒ ලෙවෙල් කරද්දි..මම ඕව ගැන දැන් කම්පා වෙන්නෙ නැ .ඒත් මිනිස්සුන් ගේ ශක්තිමත් හිත් වල බලය තමයි මේ ඇස් පනා පිට පේන්නෙ..මේව නිකං මොරාල් කරන්න හදපු කතා නෙවෙ සහතික ඇත්ත.

තව දෙයක් චුට්ටක් හිතන්න ඒ අක්කගෙ පැත්තෙන්.මම ජිවිතේට ඒ අක්කව නම් දැකල නැ..ඒත් ඒ වගෙ බිරිඳක් ලබන්න කොච්චර දුක් වින්දත් අයිය සැහෙන්න පින් කරල තියෙනව.ඔහොම තමන්ගෙ ස්වාම්යා වෙනුවෙන් කැප වෙන බිරින්දැ වරුන් අතලොස්සක් වත් අද සමාජයේ නැතුව ඇති.

5 comments:

  1. බොහෝම ස්තූති යලුවා. සිරාවට මටනම් මාරම සතු‍ටුයි මේ අයිය ගැන. මගේ මේ පවෙන ජීවිතේටත් ගන්න දේවල් ගොඩක් තියනවා........

    ReplyDelete
  2. ලිපිය අකුරු හරියට අපිට පේන්නැ පැන්ඩ අයියා.

    ReplyDelete
  3. කතාව නම් හිතේ පතුලටම වැදුනා..

    ReplyDelete
  4. ඇත්තටම මේක නම් ගොඩක් වට්නවා , කම්මැලිකමේ ඉන්න අපි වගේ ඉගෙනගන්න උන්ට මේවා හොඳ පාඩම් ...

    ReplyDelete
  5. හාවි බ්ල් අයියගෙ ජනේල මෙහෙයුම් පද්ධතියට දෙන ඉන්ටර්නෙට් එක්ප්ලොරර් එකෙන් ලු පෙන්නෙ..මගෙත් ගිනි හිවලගෙන් කියවන්න බැ

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails