Friday, January 28

පැන්ඩගෙ ලව් එක සහ උපදේශ..දැන් අවුරුද්දක් කියන්නෙ උන් දෙන්නත් හිත් දීල

පැන්ඩ ප්‍රසිද්ධියේම ආදරෙ ගැන අද කතා කරනව අද. මීට අවුරුද්දකට කලින් අර ජනාධිපති වරණය වෙලා වෙ ඔගොල්ලො ජනාධිපති කෙනෙක් තොරන්න වෙහෙසෙද්දි මම මගේ ජිවිතේ ලොකු තීරණයක් ගත්ත.


ඒ අපේ පැන්ඩි අපේ කිව්වට මගේ තමයි..එ වුනාට මම හැම වෙලෙම මම ගැන බහු වචනයෙන් කියන්න තමා කැමති.. ඒ මගෙ ඉන වටා ටේප් පටියකින් අඟල් 38  ත් 40 ත් අතර ක් සටහන් වෙන්නත් උස අතට අඩි 6කට කිට්ටු වෙන්නත් තරං මම ලොකු එකෙක් වුන හින්ද ද මන් ද.


කොහොම හරි ඒ ඇත්තිගෙන් වචනෙ ඉල්ලන්නත් ඒ ඇත්ති වචනෙ මට දුන්නෙත් ඕං ඔය දවසෙ.එදා පැන්ඩ් හිටියෙ සහලොල උණ ගැනිල චන්දෙ දාන්න ගියෙත් නැ.උණ විකාරෙන් දුන්න උත්තරය්ක් නෙවෙ වෙන්න ඇති.


කොහොම හරි එ වෙන කොට මම මගේ ජිවිතේ ගැන පැදුර එයාට දිග ඇරල ඉවරයි.මම කරපු හොඳ වැඩ නරක වැඩ..වොව් නරකයි කිව්වට තාම පන්සිල් පද පහ කඩල නැ...ඒක තමයි විස්වාසෙ කියන්නෙ මම හිතන්නෙ.කොහොම හරි මම ජිව්තේ දන්න එක දෙයක් තියෙනව කරන හැමදේම එයාට කියන්න.කියන්න පුලුවන් දේවල් විතරක් කරන්න.



මම මේක ලියන්නෙ තංතෝශෙට.කොහොම හරි අවුරුද්දක කියන්නෙ ආදරෙට මහ කාලයක් නෙවෙ තමයි.ඒත් දෙමාපිය ආශිර්වාදය ලබන්න තරං අපි වසනාවන්ත වුනා.


පැන්ඩි නම් මාව දැකපු පළවෙනි දවසෙම අම්මට කියල දෙවනි දවසෙ මෙන්න බොලේ අම්මයි දුවයි දෙන්නම ඇවිත් මොකා ද මූ බලන්න.මාත් ඉතින් අර ඇගට බඩට ඔක්කොටම වෙර ඇරගෙන ගිහින් නමස්කාර කරල කතා බහ කොරල ආව.ඊට පස්සෙ අපේ ගෙදරට කියල සියළු කටයුතු සමාදාන කරගන්න කං පුන්චි තහනම් කාලයක් පැනවුනා..පැන්ඩිත් ගෙදරට හොරෙන් මාව බලන්න එන්න කැමති නැති හින්ද ඉක්මණට අවශ‍ය ලිපි ලේකන සමග අවසරය ලබා ගත්ත.



ආදරෙ දි බහුතරයක් කරන පළවෙනි වැරද්ද නම් අපි දෙන්න කලේ නැ.ඒ තමා සහකාරු හො සහකාරියගෙ හිත දිනා ගැනීම වෙනුවෙන් නැති ආදරය නැති හොඳ පෙන්විම.මම මම විදියටත් එයා එයා විදියටත් හැසිරුනා.දන්නවනෙ හුගක් අය ආදරෙ වෙනුවෙන් තමන් අකමැති කෑම කෙල්ල කැමති හින්ද ගිලින්න හදනව.කොටින්ම ඔයා සතියකට සැරයක් නං නාන්නෙ එක එයාට කියන්න එහෙම ම.ඔයාගෙ රෙදි ඔයා හොදන්නෙ නැත්තං ඒකත් කියන්න තරුණයෙක් ක් වුන ඔයාගෙ යට ඇදුම හොටු ලේන්සුව අම්ම නම් තාම හොදන්නෙ එක දැන්ම කියල තියෙන එක හොදයි.ඔයා අරව බලනව නං ඒකත් කියන්න.ඔයා කැමති දවල් වෙනකං නිදා ගන්න නම් එකත් කියන්න.ඔයා කැමති අජිත් ගෙ සින්දු වලට නම් එයා කැමති ඔයා නම වත් දන්නෙ නැති ඊයෙ පෙරෙදා පහලවුන පොප් ගායකයෙක්ට කියල ඔයාගෙ කැමැත්තත් ඒක කියන්න එපා.(මේව මේ පැන්ඩගෙයි පැන්ඩ්ගෙයි ගති ගුණ එහෙම නෙවෙ, මම සමාජෙදි දැකපු දෙවල්..සමහර ඒව නම් අන්තිම නරකයි..අම්මට කියල රෙදි හොදව ගෙන ඇග හදාගන්න ජිම් යන එවුන් ඉන්නෙ සමහර වෙලාවට ).ඔයා කැමති දේවල් කියන්නෙ නැතුව එයා කැමති දෙවල් නම් ඔයා කැමති වගේ කියන්න එපා..


දැන් මෙතෙන් දි රොමියො ල ජුලියට් ල නම් මාත් එක්ක තර්ක කරයි.එහෙම නැ ආදරෙ දි අනිත් කෙනා ගෙ සතුට වෙනුවෙන් කැප වෙන්න ඕනි කියල.සහතික ඇත්ත.බ්ලිව් මී පුතා (නැ නැ ඔයා මීයෙක් වගෙ නෙව්  ) ඔයාට‍ කැප වෙන්න දෙවල් ඕනි තරං ලැබෙයි.ඒත් ඔය මම උඩින් කිව්ව වගේ බොරු කියල ඒව රැකගන්න අවුරුදු 60 ක් විතර කැපවෙන්න වුනාම කොහොමද ආතල් එක..ඒ හින්ද මම නම් කියන්නෙ ඇත්තම කියපන්.ඊට පස්සෙ කියල කැප වෙන්න .එතකොට ඔයාට ලැබෙන කෙල්ල ඔයාගෙ ටේස්ට් එකට කැමති කෙල්ලෙක් එක්කො අකමැති වුනත් ඒක ආදරෙ වෙනුවෙන් ඉවසන්න පුලුවන් කෙල්ලෙක්..නැත්තං වෙන්නෙ ඔයා බොරු කාරයෙක් වෙලා කෙල්ලගෙ හිතේ ඔයා ගැන තිබ්බ ගෞරවයට කෙළ වීම..එක එහෙම වුනා කියන්නෙ ඉතින් හරිම අමාරු වෙනව.


 තව පැන්ඩිගෙ මම දැකපු වෙන කෙල්ලො ලග නොදැක්ක හොඳ ගතියක් තියේ..ඒ තමයි එයාත් එක්ක පොලවෙ පය ගහල ඉන්න පුලුවන්. මම දැකල තියෙනව කොල්ලො කෙල්ල බලන්න යන කොට කවදාවත් නැති විදිහට හැඩ වෙනව. මම ඒක පිලිගන්නෙ නැ.ඇත්ත ආදරෙදි එහෙම ඕනි නැනෙ.අතේ සල්ලි නැත්තං කෙල්ල ඉස්සරහ චා වෙන්න බැ කියල රටෙම ඉන්න එවුන්ගෙන් ඉල්ලන් යනව.මොන මගුලක් ද ? මම මගේ අතේ සල්ලි නැත්තං එක කියනව..මම මදින්නෙ නැතුව නම් ෂර්ට් අදින්නෙ මම එයා බලන්න යන දවස‍ට මැදල අදින්නෙත් නැ..මගෙ සෙරප්පුවෙ අන්ඩක් කැඩ්ල නම් අනිත් තැන් වලට ත් දානව නම් කෙල්ල බලන්න යන්නෙත් එක දාලම තමයි යාලුවගෙ හොද දෙක දාන්නෙ නැ.මගෙ සෙරප්පුව හොදටම කැඩිල නම් දාගෙන ගියෙ යාළුවගෙ දෙක නම් එක යාළුවගෙ කියල කියන්න පුලුවන් වෙන්න ඕනි එක්කො.මම මෙහෙම මොඩ විදිහට හැසිරෙන කොල්ලො කෙල්ලො දැකල තියේ..ඒත් එක මහ විකාරයක් නෙ.කවද වෙනකං ඔහොම කරන්න ද ?


ඔයාට එහෙම විවෘතව ඔයාගෙ කෙල්ල එක්ක හැසිරෙන්නත් බැරි නම් ඒ කෙල්ල ඔයාට හරි යන්නෙත් නැ..ට්කක් දරුණුයි තමා.එත් එක තමා ඇත්ත.එයා ආදරෙ කරන්නෙ ඔයාට නෙවෙ..ඔයා මවල පෙන්වන චරිතෙට.කවදහරි ඇත්ත දැක්කම එපා වෙන එක වලක්වන්න අමාරුයි.


කෙල්ලන්ගෙ පැත්තෙනුත් ඔහොම විකාර කරන අය ඉන්නව.ඒකට අපේ පැන්ඩි "මගෙ සෙරෙප්පු දෙක කැඩිල හලො මම පරණ දෙකක් දාගෙන ආව ".ඔහොම අවංකව කියන කොට කෙල්ල ගැන කිසිම නරක දෙයක් කොල්ලට හිතෙන්නෙ නැ.පැන්ඩට නම් හිතුනෙ අනේ කොච්චර දෙයක් ද මෙහෙම කෙල්ලෙක් මට ලැබුන එක කියල.කවදහරි මට සෙරෙප්පු දෙකක් ඇරන් දෙන්න හදිසියට අමාරු වුනොත් ඒකට මූන ඇදවෙන්නෙ නැ කියන එක ශුවර් නෙ.කොල්ලෙක්ට ඊට වඩා හයියක් තව කොහෙන් ද ?


ඒ හින්ද යාලුවගෙ සෙරෙප්පු දාගෙන ගිහින් ඔයගෙ වගේ ඉන්න එපා.මම දවසක් ඔහොම දෙයක් කරපු අපේ හිතවත් කෙල්ලෙක් ගෙන් ඇහුව ඇයි ඒ කියල.ඒ කෙල්ලට ලැජ්ජ හිතුනලු කොල්ලට කියන්න ඒ දෙක කැඩිල මට වෙන හොද සෙරෙප්පු නැ කියල....අනේ අම්මපා මට එවලෙ කියන්න ආපු ටික දැන් කියන්නම්...මම අහන්නෙ අනාගතෙ දි තමන් හරියට තමන්ගෙ නොදැක්ක තැන් පවා දකින්න ඉඩ තියෙන තමන් බදින්න ඉන්න මනුස්සය ඉස්සරහ ඔහොම ලැජ්ජ නම් ඒකත් හරි යන පොටක් නෙවෙ කියල තමා ඕං.
 
ඔහොම ඉතින් විකාර ආදර අද සමාජෙ ගොඩක් තියේ..ඒව අස්සෙ මායි පැන්ඩිගෙයි ආදරෙත් ගලාගෙන යනව තෙරුවන් සරණින් හා අපි දෙන්න ගේ බුද්ධියෙන්.මෙහෙමයි මම කියන්නෙ නැ අපි දෙන්න සර්ව සම්පූර්ණයි කියල..මගෙ අතින් පැන්ඩි ගෙ හිත රිදිල තියේ පොඩ්ඩක් හයියෙන් කතා කෙරිල තියේ..ඒත් අපේ හිත්  අපිම සනස ගත්ත.අන්න ප්‍රධාන දේ..ප්‍රශ්න ඔය දෙන්නම විසඳ ගන්න..ඒවට අම්ම තාත්ත ඔයාගෙ හොදම යාලුව ඕනි නැ..බදින්නෙ ඔයා නෙ..බැදල ඉතුරු ටික කරගෙන යන්නෙත් ඔයා නෙ.ප්‍රශ්න ඇති කරගත්ත වගේ ම ඒව ඔයාලම විසඳ ගන්න..හොද කපල් එකක් නම් එහෙම වෙන්න ඕනි කියල අපි විස්වාස කරනව. ඒත් එහෙම නොහැකි වෙලාවට කවුරු හරි ඒ සම්බන්දෙට කැමති ඔයාටවත් එයාටවත් පක්ශග්‍රාහි නැති සත්පුරුෂයෙක් ගෙන් උපදෙස් ගත්තට වරදක් නැ


කොහොම හරි මම මේක ලියන්න ගත්තෙ මගෙ ආදරණිය පැන්ඩි සෙව්වන්දි අනුරාධා පෙරේරා නම් වු ඇයට උපාහර පුදන්නත් තවත් චිරාත් කාලයක් මේ සසර ගමන සැරි සරා අවසන් කරන තෙක් ඔබ හා රැදෙන්නට ප්‍රාර්ථනා කරන්නත් එය එසෙ ඔබ ද ප්‍රාර්ථනා කරන බව නිබඳවම ඔබ මුවින් අසන්නට ලැබු මා වසනාවන්ත බවත් පැවසිමටයි.


 මේ තියෙන්නෙ මීට ඉස්සර මම මගේ බ්ලොග් එකෙ පැන්ඩි ගැන ලියාපු පද ටිකක්..

ඉඟ සුග මිටින්
ගන්න බැරි වුනාට
ඔයා මට හැඩයි
මං වගේ පැන්ඩෙක්ට
ඔයා ලස්සන වැඩි

හඳ පානෙ
මාත් එක්ක
සිංදු නොකීවට
මට හැමදේම
එපා වුන වෙලාවට
ඔයාගේ එක වචනයක්
ඇති මාව ජීවත් කරන්න

week ends වල
Beetle car එකක
මාව pick කරන්
රවුම් නොගැහුවට
මා දකින්න
පැය ගණන්
බස් වල
කටු කාපු ඔයා
පණටත් වඩා
මට වටිනව

රටේ ඇති
රස බොජුන්
දහස් ගණන්
දීල මට
ඇරන් නොදුන්නට
ඔයාගෙ අතින්
උයල ගෙනව්ත්
මට කවපු බත් කට
දිව්‍ය භොජන වගෙ

පැන්ඩ ලෙඩ වුනාම
ඔය ඇස් වල
කදුළු පිරුන
හැටි දැක්කම
මට මගෙ ලෙඩ
අමතක වුනා

කැම්පස් බොඩිමෙ
කැම නැති වුනාම
ඔය ඇස් වලට
කදුළු උනපු
හැටි දැක්කම
බඩෙ ගින්දර
නිවා ගෙන
ආදරේ ඉතිරුනා

මගේ මොඩ වැඩ
ඔය හිත රිද්දන කොට
ඒ හැමදේම
හිනාවකින් දරා ගෙන
මට ආදරෙ කලා

තරහා, වෛරය
දුක, පසු තැවිල්ල
ආදරේට සමාන වචන
වී ගෙන එන යුගයක

ඒ මුකුත් නැති
ඔයාගෙ
අහිංසක ආදරෙ
මට දැනෙනව
මාව ජීවත් කරනව


මේ තියෙන්නෙ මා අතින් අනාගතෙ සෙව්වන්දි ගැන ලියවෙන්න ඉඩ තියෙන පද පෙලක් මහගම සේකරයන් අතින් මට වඩා බොහොම මෘදුව අපුරුවට ලියා දැක්වී ඇති අයුරුයි.

පාන්දරින් තේ උගුරක් මට ගෙනෙනා බිරිඳ   ඔබ ය
දුන් පුතුන් ආදරෙන් රැක බලා ගන්න බිර්ඳ  ඔබ ය
හීන් සීරුවෙ මා ගැන සොදිසියෙන් සිටින    ඔබ ය
මාත් එක්ක සංසාරෙ එකට හිට්ය බිරිඳ        ඔබ ය

දුර ගමනක් ගිය විට මග බලා සිටින බිරිඳ     ඔබ ය
කර බාගෙන ඇනුම් බැනුම් අසා සිටින බිරිඳ ඔබ ය
නරකාදිය තුළ සුරපුර උදාකරන බිරිඳ          ඔබ ය
 මරණින් මතු සංසාරෙ එකට සිටින බිරිඳ      ඔබ ය


මගෙ ජිවිතේ අනේක බලාපොරොත්තු අස්සෙ දිලෙන දිදුලන එකම බලාපොරොත්තුවක් තියේ ඒ ඔයාට යහපත් මිතුරෙක් පෙම්වතෙක් සහොදරයෙක් පියෙක් හා අනාගතෙ දි ආදරණීය සැමියෙක් වීම.  


31 comments:

  1. ජයග්‍රාහී 1 වෙනි කමෙන්ට් එක...

    රත්තරං වටින කතා ටිකක් කියලා තියෙන්නෙ...

    අපේ ලොකු අයියගෙන් අපි හැමෝටම ආදර්ශයක්....

    ඔය දෙන්නට හැමදාම ඒ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. බුදු සරණයි...

    ReplyDelete
  2. ආයෙත් අහලා සහතික ඇත්ත කතාව. මාත් යාළුවෙලා හිටපු ගැණුළමයා බලන්න ගියේ මම ඉන්න විදියටම. එදාම එයා කැමති උනා. ඒත් අවාසනාවකට ගෙවල් වලිනුත් කැමතිවෙලා තියෙද්දි අපිට වෙන් වෙන්න වුනා. ඒ උනාට අදටත් අපි හොඳ යාළුවො :)

    ReplyDelete
  3. ඔබ දෙපලට මගෙනුත් සුබ පැතුම්..
    සසර සැරි සරන තුරු ඔබ දෙදෙනාට සතුටින් පිරි ජීවිතයකට ආසිරි පතමි..

    ReplyDelete
  4. ගොඩක් වටින අදහස් ටිකක් මචං. බොලේ බලාන යනකොට අපේ පැන්ඩ මලයත් නියම ආදරවන්තයෙක්නෙ.ඇත්තටම මචං උඹ ඔය වාගෙ කෙල්ලෙක් ලබන්න හුඟාක් පිං කරල තියෙන්න ඇති. දෙන්නට අනාගතේ ජයම වේවා.....!!
    ඒකට අපිට හිටපු උන්.අද එන්න කියල යන්න බැරි උනොත් මෙන්න යකෝ පහුවෙනිද වෙන එකෙක් සෙට් කරගෙන.බලමු ඉදිරි කාලයෙදිවත්.

    ඒක නෙමෙයි ,ඉන 38යි කිව්වම මට කලන්තෙ වාගෙ බං.බඳින්න කලින් ටිකක් කෙට්‍ටු වෙන්න බලපං.හික්........

    ReplyDelete
  5. col3neg : හික්.. Anniversary ගොඩයි නෙ.. :D

    ReplyDelete
  6. තව තව ජය වෙයන්.....

    ReplyDelete
  7. ඔන්න පැන්ඩෝ මාත් උඹළා දෙන්න්ට මුළු හදවතින්ම සුභ පතනවා.

    ඒ වගේම තමා ඔය අනිත් අයක්, මේ මාත් ඇතුළුව පැන්ඩා කියපු දේ හිතට ගත්තට වරදක් නෑ...

    ReplyDelete
  8. අඩ්ඩඩා....පැන්ඩයියාටත් පැන්ඩි අක්කාටත් සුබම සුබ මෙව්වා එකක් වේවා!!!!(මෙව්වා එක = ඇනිවසරි එක )

    ReplyDelete
  9. පැන්ඩෝ...කටේ මසුරන් දාන්න වටිනා කතා ටිකක්නේ කියලා තියෙන්නේ...සහතික ඇත්ත ඔය කියන කතා...ඔන්න දැම්මා මේක මුඋනු පොතටත්

    ReplyDelete
  10. machn umba marama pinak karala tiyenwa oya wage honda kellek labenna,umbata dennamta lassana anagathyak prathana karanwa,hehe math umba wage thama ahuwena sereepu dekak dagena tshrt kabalk adan yana thanaka yanwa,ithn kello apita kamathi na hehe,1st luv eka kelinma kiwa man adinna danne kiyala,man monwa karannada bn hehe,eka nathi una eka hondai natnm mata idalama epa wei,sira talks tika machoooo.....aniwa deffa....sahathika aththa

    ReplyDelete
  11. මට පැන්ඩ ගැන ඉරිසියය් පැන්ඩෝ...ඒ වුනාට පැන්ඩට අවංකෙංම සුබ පතනවා....
    පැන්ඩි වගේ කෙනෙක් ලබන්න පැන්ඩ හුගාක් පිං කරල තියෙන්න ඇති.... දැං කාලෙ අයත් එක්ක පැන්ඩි වගේ කෙනෙක් හොයන එක කළුනික හොයනවට වඩා අමාරු වැඩක් නේ.. ඒ නිසා අපිටනං හොයාගන්න හම්බෙන එකක් නෑ එහෙම කෙනෙක්..

    ReplyDelete
  12. සේකරගේ පවුල් ජීවිතේ එහෙම උනේ නෑ මං දන්න හැටියට.

    නියම ලියමනක්.

    ReplyDelete
  13. I'm so happy about u and ur pandy. I also have a panda like u. I'm lucky girl like ur pandy.
    All the best for both of u. You are lovely couple I ever heard.

    ReplyDelete
  14. සුබ පැතුම් සහෝ... හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  15. වැඩි කතා ඕනේ නෑ පැන්ඩෝ....සුභම සුභ අනාගතයක්......

    ReplyDelete
  16. Golden words Pando. Nice to see these type of thoughts coming from a young guy.

    Your girl is very lucky to get a "down-to-earth" guy like you and indeed, you're lucky to get an understanding girl like her too.

    All the best for you & your Pandi's future.

    ReplyDelete
  17. සුබ අනාගතයක් වෙවා!!!

    ReplyDelete
  18. මචං පැන්ඩා.... හරිම රහට ලියල තියෙනව බං උඹල දෙන්නගෙ ආදරේ. ආදරේදි තමන් තමන්ම වෙනවනම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ. ජීවිතේ ඔය වගේ ලස්සනයි තමයි මචං. උඹල දෙන්නටම සුභ පැතුම් !. හැමදාටම ලස්සනට ජීවත් වෙයං මචං.

    ReplyDelete
  19. Congrats machan! Ela ela... Keep it up macnah. 100% true, in a relationship you need to be honest to each other! It's not a shame!
    Chhersss dude!

    Nadun!

    ReplyDelete
  20. තව බොහෝ දුරක් ඔය ලෙසම යන්නට හේතු වාසනා වේවා මල්ලියේ...!!
    හදවතින්ම සුභ පැතුම්...!

    ReplyDelete
  21. පැන්ඩෝ එළකිරි කතාවක් මේකනම් ..... සහතික ඇත්ත...පැන්ඩාටයි පැන්ඩිටයි මගෙන් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  22. හරියටම හරි අයියා...... බොරු සෝබනේ තමා අන්තිමට පවුලක් උනාම හෙනේට හිටින්නේ....... තමන්ට හැමදේම කියන්න පුලුවන් වෙන්න ඕනි. හරි වැරදි ඕන දෙයක්. ඒ කෙනා ඒ දිහා බලන විදියත් වැදගත් ඉස්සරහට එකට ඉන්නවනම්. එයාව නැති වෙයි කියලා හංගලා බැන්දම කියනවා කියන එක නම් මහම මහ බොරු වැඩක්.

    මාත් මේ කතාව එක්කනම් එකඟයි කියන්නේ. එකඟම එකඟයි.

    මගේ පැන්ඩි අක්කටයි පැන්ඩා අයියටයි සුභම සුභ අනාගතයක් වේවා......!!!!

    ReplyDelete
  23. පැන්ඩෝ උඹයි මායි 98% ක්ම සමානයි මචන්.. හැබයි මගේ එකට දැන් 1.5 වගේ වෙනව..

    ReplyDelete
  24. ela pando wena monawa kiyannada
    All the best for your future
    any way happy anniversary........

    ReplyDelete
  25. අනේ බලන්න පැන්ඩො.මට මේ පෝස්ට් එක මිස් වෙලා නෙ.අදයි දැක්කෙ.කමක් නැ.එහෙනම්.....
    තාමත් නුදුටු මගෙ අතිජාත කළණ මිතු පැන්ඩටත් අපේ ආදර පැන්ඩිටත් තව චිරාත් කාලයක් මේ විදිහට ආදරෙන් සහ අවබෝදෙන් එකට ඉන්ට වාසනාව සහ තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා හදවතින්ම පතනවා ඔන්න මමත්.:)
    ජය වේවා පැන්ඩටයි පැන්ඩිටයි එහෙනං ඕං. :)

    ReplyDelete
  26. බොහොම අපූරුයි කතාව කාලීනව ගොඩක් වටිනවා ඒ වගේම ගොඩක් සතුටුයි, ආදරේ වැරදුනු හා ආදරේ අමිහිරි කතාම අහන්න ලැබෙන අතරේ සුන්දර ආදරයක් ගෙන අහන්න ලැබිච්ච 1 ට ගොඩක් සතුටුයි :) ඔන්න පැන්ඩාටයි පැන්ඩිටයි ලස්සන ජිවිතෙකට ආසිරි පතනවා......!!! :D

    ReplyDelete
  27. ප්‍රතිචාර 28ක් .. මේක මට විශේෂයි..සුභ පතපු ගුණ දොස් අදහස් දක්වපු හැමොටම ස්තූති..ඔයාලගෙත් ජීව්ත ආදරෙන් පිරිල ඉතිරිල සැනසිල්ලෙන් සුවපත් ව ගෙවන්න ලැබෙන්න කියල පැන්ඩ සහ පැන්ඩි සුභ පතනව.

    ReplyDelete
  28. අළුත් සිතක්February 11, 2011 at 7:20 AM

    අයියෙ ඔයාගෙ ඔය සතුට කොච්චර ලොකු එකක් ද කියල මං අත්දැකීමෙන් දන්නව. මොකද මම මගේ ගැනයි මගේ ආදරේ ගැනයි ලිව්ව නං ලියන්නෙත් ඔය ටිකමයි. එහෙම ලියන්න පුළුවන් අය ගොඩක් අඩුයි. මේක කියවද්දි මට මැවුනෙ අපි දෙන්නව. ඉතින් අපි දෙන්න වගේ දෙන්නෙක් මං මේ දැක්කමයි. ඔයාලට හදවතින්ම සුභ පතනව. සියළු පැතුම් එකතු වෙලා ඉෂ්ට කර ගන්න පුළුවන් වෙන්න කියල.

    ReplyDelete
  29. great dear the best advices i ever had................thnks

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails