Saturday, January 29

වල් කම තියෙන්නෙ කාගෙ හිතේ ද ?


සද්ගුණවත් අපේ
තරුණ ඇයෝ
බොක්කු පාලම් 
පේමන්ට් වල
ගෙවමින් කාලය 
තෝරයි
වල් කෙල්ලන්

ඩෙනිමේ ටයිට් එකෙන්
උඩට  අඳින ස්කිනියෙන්
සාය වාටියට ඉනේ සිට උසින්
යෙහෙළියන් අමතන හඩේ සැරින් 
කියවන පොතින් පතින්
බලනා චිත්‍රපටියෙන්
ටින්ට් එකෙ කලර් එකෙන්
පොනි ටේල්  එකෙ හැඩෙන්
ජානමය බලෙන්
උරුම වූ
අඟ පසගෙ තරමින්
කෙල්ලගෙ අක්කා පැනල ගියා හන්දා
තමන්ගෙ කොල්ලට දුන් කිස් එක හන්දා

අනේ මහතුනෙ 
පෙනේද වල් කමින්
තෙරපෙන හිත
කගෙ දැයි
බුද්ධිමත් ඔබෙ හිතට.

14 comments:

  1. සිරාම සිරා කතාව :)

    ReplyDelete
  2. ඉකේයියා....හෙන වල්.......අම්මේ මෙන්නෝ...හිරි ඔතප් බිදිනෝ...............

    ReplyDelete
  3. වල්කම තියෙන්නෙ බලන කෙනාගෙ හිතේලු,අනේ මන්ද!

    ReplyDelete
  4. ඇත්තටම...... බලන කෙනා අනුව තමයි තීරණය වෙන්නේ ඒක...... හැබැයි එහෙම නොවෙන අවස්ථාත් තියනවා........

    ReplyDelete
  5. නියමෙට කියලා තියෙනවා පැන්ඩෝ

    ReplyDelete
  6. පට්ට කතාව පැන්ඩ මලයෝ......හැබැයි ඒ උනාට මේක දැකල හිතට නිකං වල් හැඟීමක් ඇතුල් උනා වාගෙ දැනුන බං.
    උඹේ ඔය මැද ඡේදෙ විස්තර කරල තියන විදියෙ කෙල්ලෙක් දැන් මගෙ ඇස් ඉදිරිපිට මැවිල වාගෙ ඉන්නෙ....නෑ........වල් නෑ.........

    ReplyDelete
  7. ඇත්තටම වල් කම තියෙන්නෙ කොහෙද ? මම නම් හිතන්නෙ ඕක තියෙන්නෙ ඇගෙ පතෙ වත් ඒක නිරාවරණය තරම මත ම තියෙනව කියල කියන්න බැ නේද..ඕක ඇත්තෙ හිතේ..ඒක නෙ අපිට දැක්කම අනේ පවු කියල හිතෙන අහින්ස අය සමහර දුෂ්ඨ මිනිස්සු අතින් කරදරයට පත් වෙන්නෙ..

    ඒක පැහැදිලිවම හිත ගැන ප්‍රශ්නයක්..ඔසරිය ඇඳල එහෙම නැත්තං ජාතික ඇදුම ඇඳල පරදාර සේවනයෙ යෙදෙන අයත් ඉන්නව ශොර්ට ගහල ස්කිනිය දාල පච්චෙ ගහල නැබට කරාබුවක් දාල තමන්ගෙ සහකරු වෙනුවෙන් පණ දෙන ඇත්තොත් ඉන්නව.

    ReplyDelete
  8. හැබැයි ඇඳුමේත් බලපැමක් ඇති නේද නැත්තං lingerie කියල ඇදුම් ජාතියක් එන්නෙ නැ නෙ..ඒත් ඉතින් lingerie ඇඳන් කවුරුත් පාරෙ යන්නෙත් නැනෙ..අනේ මන්ද මට බැ හලො ඕව තව කියන්න.අන්තිමට සින්ඩියෙන් ම පන්නයි.

    මම දන්න මෙච්චරයි..හිත පාලනය කරන්න පුලුවන් නම් කවුරු කොහොම ඇවිත් මොන ඇදුමින් ආවත් මොන අගර දැම්මත් නො හෙල්ලුම් තමයි.හැබැයි එක බැරි නම් abaya ඇඳ ගෙන ගියත් හිතෙන් ඉතුරු ටික අපුරුවට මවා ගනි.

    ReplyDelete
  9. Maxaaaaaaaaaaa machan!

    Nadun

    ReplyDelete
  10. මෙන්න මගේ අදහස ඇඳුම් ගැන.
    http://random-adahas.blogspot.com/2011/01/kaanthaavanta-pamanayi.html

    ReplyDelete
  11. අයියගෙ කතාවනම් කියලා වැඩක් නෑ

    ReplyDelete
  12. කතාව නම් ඇත්ත ...

    වල් ඇහැකින් බලන හැම දෙයක්ම වල්
    අයියේ මට සමහර සම්බාව්‍ය ෆිල්ම් පේන්නේ වල් ෆිල්ම් වගේ ..හැබැයි ෆිල්ම් එකේ අද්‍යක්‍ෂකගේ දෑසින් ඒක සම්බාව්‍ය ගනයේ ෆිල්ම් එකක් ..

    කවුද වල් ? මමද අද්‍යක්‍ෂකද ?

    ReplyDelete
  13. @ හිස් අහස,

    උඹනෙ වලා.වල් ඇහින් බලපු හින්දනෙ ඒක වල් එකක් වාගෙ පෙනුනෙ. හික්......

    ReplyDelete
  14. මෙහෙමත් සීං එකක් තියෙනවා..අපි වල් නැත්නම්.. ලෙඩ්ඩු නේද ?

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails