Wednesday, February 2

ලංකාවට ආපු ලිමො වාහන හා පැන්ඩාගෙ රථ ගාය උත්සන්න වීම


මීට කලින් පැන්ඩ ගෙ රථ ගාය ගැන ලිව්ව මතක ඇති නෙ.මේ ඇවිල්ල ඒ ගාය දෙගුන තෙගුන කරපු මේ සතියෙ සිද්ධි ටිකක් ගැන කියන්න යන්නෙ.

ලංකාවට නිල ආරන්චි විදිහට ලිමො රථ දෙකක් ආව. ඒ පසු ගිය බදාදා හා බ්‍රහස්පතින්දා.ඒකක් ප්‍රාඩො 4000 cc 2010 මොඩල් එකක්.අනික ක්‍රයිස්ලර් 300c කියන එක.එක 3500cc එකක්.ආරන්චි විදිහට මේ ප්‍රාඩො එක තමා එකම ලිමො ප්‍රාඩො එක ලොකේම මේ මොඩල් එකෙ.

මොනවද මේ ලිමො කියන්නෙ.ලිමොසින් එහෙම නැත්තං ලිමො කියන්නෙ අධි සුපභොගී වීල් බේස් එක දික් කරන ලද වාහන.මොටර් ශො ගිය අයට මතක ඇතිනෙ එකෙ තිබ්බ සුදු බෙන්ස් ලිමො එක.හැබැයි මට හිතුනෙ එක නම් නොමල් සැලුන් කාර් එක මෙහෙ මොඩිෆයි කරල වගෙ.කොහොම හරි මේ කාර් අස්සෙ බාර් එකක් (ඔන්න මාරය අපේ සඳරු එහෙම වැදගත් කියල හිතන එක පොයින්ට් එකක්) තව බහුමාධ්‍ය mulitimedia උපකරණ අන මනං ඔක්කොම තියේ.

දැන් මේකෙ අපුරුම සිද්ධිය මේක. අර ප්‍රාඩො එකෙ මිල ඇ.ඩො 50,712 ලු. (මේ කතා ඔක්කොම ඉවර වෙන්නෙ ලූ ප්‍රත්‍යයෙන් තමයි හොදේ, හැබැයි සන්ඩෙ ලීඩර් එක බැලුවොත් ඒත් මෙව දකී මෙහෙම ම )ඒ කියන්නෙ සාමන්‍යයෙන් රුපියල් වලින් නම් මිලියන 5.6 එකක් වගේ නේද.දන්නවද ටැක්ස් කියද කියල සොච්චමයි. මිලියන 1.19 . මෙක අපිට ලොකු ගානක් වුනාට ලංකාවෙ අනිත් වාහන වලට ගහන ටැක්ස් එක්ක ඇඩෙන කේස් එකක් නෙ. මොකද්ද දන්නවද මෙච්චර අඩු වෙන්න සීන් එක.ඇතුලෙ වාඩි වෙන්න පුලුවන් ලු 18 දෙනෙක් ට.මේව ආනයනය කරල තියෙන්නෙ බස් ආනයනය කරන කැටගරි එකෙ.ඉතින් ටැක්ස් එක මෙච්චරයි.

අර ක්‍රයිස්ලර් ලිමො එකට ටැක්ස් ගහල අනං මනං ඔක්කොම කලාම මිල මිලියන 4.73 ලු.මේකෙ 13 කට වාඩි වෙන්න පුලුවන් ලු.මම හිතන්නෙ අපි මරුටියක් ගෙනාවත් මීට වඩා ටැක්ස් වදිනව.ඕං වැඩෙ හැටි.පැන්ඩ ඕවට ලේ කොප කරගන්නෙ නැ.පැන්ඩ දැන් බොහොම නිවිල.මේ කාර් එක ලගදිම මම දකි.ආරන්චි ව්දිහට රත්නපුරෙට තමා මේක ගෙනහල තියෙන්නෙ.

පොටො දකින්න ඕනිද ?




මේ තියෙන්නෙ ප්‍රාඩො ලිමො එක



ඔන්න ඕක තමයි තත්වෙ.මම ලංකාවෙ මිනිස්සුන් ගෙ වාහන පරිභොජන පිලිවෙල එක්ක එදා ඉදන් විරුද්ධයි.ඒකත් මෙතනම කියන්නම්.අපේ අය හුගක් වෙලාවට තමන්ට සුදුසු වාහනෙ මිලදී ගන්න දන්නෙ නැ.කොළඹ ඉන්න කොලඹ ඇතුලෙ අය ගන්නව ප්‍රඩො ලැන්ඩ් කුශර්.මේ ඔක්කොම තියෙන එංජිම් 3 ලීටර් වලින් එහා.නාස්තිය උපරිමයි.මැනික් මුදලාලි කෙනෙක් ගත්තට කමක් නැ එක අතකින් ඒ මනුස්සය පතල් පොලට යන කොට යන්න වෙන පාරවල් වල කාර් යන්න බැරි නිසා.

අනේ මන්ද මම ඕව කතා කරන්න යන්නෙ නැ.තෙරුමක් නැ ලංකාවට ආපු ජපන් තාත්තගෙ යාලුවෙක් කිව්ව එක පාරක් ජපානෙත් නැලු මෙහෙ තරං මොන්ටෙරො.එක සංඛයාත්මක වැර්දි වුනත් ප්‍රතිෂත අගයක් ගත්තොත් මිනිහ හරි ඇති කියල මාත් හිතනව.මොකො මිට්සුබිසි වැඩ කරන කෙනෙක් කිව්ව  නොර්මලි ලොකෙ සලකන්නෙ මොන්ටෙරො කියන්නෙ වාහනයක් විදිහට ප‍්රෆොර්මන්ස් ෆේල් වුන එකක් ලොකෙ වාහන ලොලීන් අතර.නමුත් අපේ රටෙ එකෙ බලාපොරොත්තු නොවූ විදිහෙ අලෙවියක් තිබිල තියෙනව.




ඔන්න රටේ තත්වෙ.මිනිස්සු නැති ලොකු කම් හො තියෙන ලොකු කම් වාහනෙන් පෙන්නන්න යන එක පැන්ඩ දැඩි සෙ හෙලා දකිනව.එහෙම කරන්න ගිහිං ලිසිං කරල ගෙවාගන්න බැරුව අන්තිමට ඔක්කොම අනා ගත්තු අයත් ඉන්නව.ඒ ඔක්කොම මදිවට නොගැලපෙන තරං ලොකු වාහන ගෙනහල කරන පරිසර දුෂනය.ඕව ගැන කතා කරල වැඩක් නැ.

අළුත් විදිහට හිතන අයට අන්න දැන් ලංකාවෙත් හයිබ්‍රිඩ් කාර් ඇව්ත් තියෙනව(ඉන්ධන සහ විදුලිය යන දෙකෙන් බල ගැන්වෙන).උනන්දු අය ඉන්නව නම් ඒ ගැනත් ලියන්නම්.පුලුවන් නම් එහෙම දේ කට යොමු වෙන්න.මොකද මුලු ලොකෙම හරිත සංකල්පෙකට යන්න හදන මොහොතක අපේ අය ලොරියක් දුවන්න තරං තෙල් බොන වාහන දෙන්නෙක්ට යන්න ගේනව.

හරි කතාව එපමණයි.මීට අමතරව හමර් ලිමො එකකුත් ලංකාවෙ තියෙනව ලු.මේ තියෙන්නෙ එක.



මේ දෙක නම් මට එළකිරි තිබිල ලැබුනෙ.ඇත්ත බොරු මම දන්නෙ නැ.මේ එකක් වත් මගෙ ඇස් දෙකෙන් දැක්කෙ නැ (එතකොට මේ දාන්නෙ.ඒ වෙන අය ගෙ ඇස් වලින් දැකල මට දීල පස්සෙ මම දකින ඒව නෙ).ලැබුන තොරතුරු පමනයි.පැන්ඩට ඉතින් රොදයක් කැරෙක්නව කියන්නෙ ඊට වඩා වැදගත් තව දෙයක් නැනෙ.

ආ ලිමො රවුමක් යන්න ඕනි නම් මෙන්න තැන.අපි නම් දන්නෙ නැ වැඩි විස්තර.http://prestigelimousines.com.lk/index.html.


පසු වදන : මෙකෙ දාල තියෙන මිල ගනන් ගැන මාත් එක්ක කීප දෙනෙක් වැරදි ඇති කියල කිව්ව.අනේ මන්ද මම මෙක උපුටා ගත්තෙ මෙන්න මෙ සන්ඩෙ ලිඩර් ලින්ක් එකෙන්.එක වැරදි නම් මාත් වැරදි.පරිවර්තනය වැරදි නම් එත් වැරදි.ඔයාලම බලන්න කො ඕනි නම්. http://www.thesundayleader.lk/2011/01/30/stretched-luxury-for-sri-lanka/ 


ලොකෙ වාහන අපි හිතන තරම් ගනන් නැ.එකම කේස් එක ලංකාවෙ තියෙන ටැක්ස් කේස් එක..කාලයක් තිබ්බ වාහෙනෙකට 300% ටැක්ස් ගහන.ඉතින් ඔක්කොම වාහන කොටි ගනන්.අපි හිතන්නෙ පට්ට ගනං කියල.එත් ටැක්ස් නැතුව වාහන මිල දන්නව නම් ඔයාල මරාගෙන මැරෙනව. ලිමො ප්‍රයිසස් ලොකෙ මේ බලන්නකො  http://www.limotrader.eu/sale.php


සාමන්‍ය 2007 විට්ස් කාර් එක ලංකාවට ගෙන්නෙ මිලියන 1.3 ලු.ඒත් ටැක්ස් ගැහුවම ලක්ස 22 23 යි කියන්ව.ඒකනෙ මිනිස්සු වාහන පර්මිට් එකක් ගන්න මැරෙන්නෙ. දියවන්නා ව පැත්තෙ ලක්ශරි වාහන ඔච්චර තියෙන්නෙ එකයි.ඔයාල කොරොල්ල 121 එකක් ගෙන කොට ඒ වගෙ මුදලකට එයාලට ලක්ශරි වාහනයක් ගන්න පුලුවන්.ඇයි ටැක්ස් රිලිස් නෙ.

දැන වාහන මිල ගැන කතාව ඇදුන හින්ද මම තව කියන්නම් කො.සාමනයෙන් මොන්ටෙරො පෙට්‍රල් එක ජපානෙ දි මිල රුපියල් ලක්ෂ 55ක් විතර.ඒත් ලංකාවෙදි ටැක්ස් එක්ක එක රුපියල් ලක්ශ 127ක් විතර මෙකෙ ඩීසල් එකට වදිනව ටැක්ස් එකක් ලක්ශ 200 ටත් එහා වාහනෙ මිල වෙන්න, තෙරෙනවද වාහන වලට මිල වදින්නෙ ලංකාවෙදි කියල.

මේ ටැක්ස් වදින්නෙ වාහනෙ ස්වභාවය අනුව.බස් වලට වතු වාහන වලට එහෙම මේව බොහොම අඩුයි.එකනෙ අර 5 දෙනෙක්ට වාඩි වෙන්න පුලුවන් කිං කැබ් එක පහු ගිය කාලෙ නොහිතන අඩු මිලකට ගියෙ.එකෙ දොර කණුව නැති වීමත් මිල අඩු වෙන්න බලපැව.එත් වැඩියෙන්ම බලපැවෙ එක ටැක්ස් එක අඩු කැටගරියකට ලංකාවෙදි රින්ගවන්න පුලුවන් වුන නිසා..ෆෙරාරි එකක් හරි කමක් නැ මෙහෙට ඔප්පු කලොත් බස් කැටගරියෙ කියල වාහනෙ ගන්න පුලුවන් සොච්චම් ටැක්ස් එකක් ගෙවල.ඕක තමා ලංකාවෙ ආශ්චර්ය කියන්නෙ.තෙරුනා ද. 



26 comments:

  1. මිලියන 5.6 කියන්නේ ඒතරම් ගානක් නෙවේ .ඊලඟ මාසේ පඩියෙන් මාත් ඔය දිග ම දිගම දිග වාහනයක් ගන්න ඕන ..එක්කෝ එපා අපේ පලාතේ අලි ඉන්නවනේ උන් මේක පාගලා දාවි

    පැඩයියගේ රතගාය එන්න එන්නම උත්සන්න වෙනවා ..මිනිහා ඔය ගාය බ්ලොග් කාරයෝ ඔකෝටම බෝකරයිද ? අනේ මන්දා ? මටනම් ටිකක් බෝ වෙලා ඔන්න රෝග ලක්ශන එකින් එක මතුවෙවෙමින් තියනවා ..වාහනයක් දැක්ක්ම හැරිලා බලන්න හිතෙනවා . අතගාන්න හිතෙන්වා . ඔන්න මූලික රෝග ලක්‍ෂන .

    රථ ගායෙට මම බේතක් කියන්නම් ...ඉන්ධන පිරවුම් හලකට ගිහිං තෙල් වල ගනං අහන්න ..ලෙඩේ හොඳ වෙනවා ..

    සත්තම් පල්ල

    ජය වේවා !!

    ReplyDelete
  2. ශා ඔකට අයියේ මගේ නම් ලේ කොප වෙනවා... ශා ශා... මෙක නම් සුපර් මම ලයික්... :)

    ReplyDelete
  3. පැන්ඩො උදේම දැක්කෙ උඹේ බ්ලොගේ.මට නිකං උන වාගෙ.
    ලංකාවෙ ඉතිං ඔය වාගෙ සුපිරි භාන්ඩයක් ආවොත් ඒ ඉස්සරවෙලාම රත්නපුරේ පැත්තට තමා.හොඳම ස්පෝට් වංඩිත් තියෙන්නෙ ඔහෙ නොවැ.හැබෑටම ඔව්ව යන්න තරම් සුපිරි පාරවලුත් ලංකාවෙ දැන් ඇති නේ බං.නැත්තන් ඔය තරම් අඩු ටැක්ස් ගහන්නෙ නෑනෙ.ත්‍රීවීල් එහෙම ධාවනයෙන් අයින් කරන්න කටයුතු කරන නිසා වෙන්න ඇති ලොකු තීරු බද්දක් එහෙම අය කරන්නෙ.
    යකෝ මෙහෙත් මම දෙතුන් පාරකට වැඩිය ලිමෝ දැකල නෑ.ඇත්තටම මෙහෙ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ.සමහර එවුන් belta එකක් ගන්නත් මාර දුකක් විඳින්නෙ.
    මොනව උනත් මට මාර හැපි මේ දෙක දැකල.

    ටැක්ස් ගැන මොනාවත් කියන්න යන්නෙ නෑ.ආපු ගමන් සුදු වෑන් එකකින් උස්සන් ගියොත් එහෙම....හික්.....

    ReplyDelete
  4. මටත් ඔය රථ ගාය කාලයක් බොහොම තදේටම තිබුනා. තවමත් නෑ කියන්න බෑ. ඒ වගේම නවීන තාක්ෂනය ගැන වසර කීපයක්ම හදාරලත් තියනවා. සතුටුයි "රථ ගාය" තියන කෙනෙක් හදුනාගන්න ලැබුනට.

    ReplyDelete
  5. ශා එල.. හැබැයි අද නම් පැන්ඩට ගනන් හිලව් ටිකක් වැරදිලා වගෙයි.. මොකද පැන්ඩා ඔය මිලියනය කියන එක කෝටිය වෙන්න ඔන මම හිතන්නේ.. මොකද
    ලක්ශ 10=මිලියන 1
    මිලියන 10=කෝටි 1
    ලක්ශ 100=කෝටි 1

    මට ලැබුනු තොරතුරු අනුව ප්‍රාඩෝ එක ටැක්ස් ඇතුලුව කෝටි 7 ආසන්නව හා ක්‍රයිස්ල එක ටැක්ස් ඇතුලුව කෝටි 4 කට ආසන්න උනා කියල තම දැන ගන්න ලැබුනේ..
    දන්නවනේ ඉතින් කැළණිතිස්ස කියන්නේත් ඉතින් වාහන පිස්සෙක් කියල,.. ඉතින් ආරන්චිය ලැබුනු ගමන්ම මාත් ටිකක් හොයල බැලුවා.. කොහොම උනත් පැන්ඩගේ මේ පෝස්ට් එකට මම ගොඩක් කැමතියි

    ReplyDelete
  6. ගාන නම් වැරදියි මචෝ මම හිතන විදිහට 56000$ වලට ලිමෝ එකක් ගන්න බෑ. අනික ඔය ගානට ලිමෝ ගන්න පුලුවන් නම් හැමෝම ඕවා ගෙන්නයි. ටැක්ස් කතාවනම් හරි ඇති.

    හයිබ්‍රිඩ් ගැන විස්තරෙ දාපන් . ඒවායෙ පාවිච්චියෙදි ඇතිවන ගැටලු ගැනත් මිල ගනන් ගැනත් ලියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මොකද සමස්තයක් වශයෙන් හ්යිබ්‍රිඩ් ගැන කියන කතා සුබදායක ඒව නෙවි එකම හොඳේ 35% ටැක්ස් එක විතරයි.

    ReplyDelete
  7. පැන්ඩ මල්ලියෙ මෙහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා, ගොසිප් එකේ දාල තියෙන ගාන වෙනස්නෙ, එක එක තැන්වල එක එක ගනන් තිබ්බම කොහොමද අපි එකක් ගන්න ප්ලැන් කරන්නෙ. මේක බස් ගෙන්වන කැටගරි එකෙන් ගෙන්නුවනම් මේක එලවන්නත් බස් ලය්සොම ඕනි වෙයි නේද. ගාන පොඩ්ඩක් බලන්නකො හරියට, ඒත් බස් කැටගරි එකට ගෙන්වන්න බෑ කොලුවො කාර්, ජීප්, ඒකත් පොඩි ප්‍රස්නයක් නේද, අනෙ මෙ කාගෙවත් මගුලකට අපි මරාගන්න ඕනි නෑනෙ. කෝකටත් පැන්ඩ මලය තව ටිකක් කරුනු හොයල අපිට කියන්න, එන්නම්කො ඓ වෙලාවක බලල යන්න, බට කොල ටිකකුත් අරගෙන. ඔයාට ජය.

    ReplyDelete
  8. මමත් ඔය සීන් එක දැක්කා කොහේ හරි...මම හිතුවේ බස් එකක් කියලා... 5.6 රුපියල් නම් තුන හතරක් ගන්න තිබ්බ...තාත්තට කියන්න ඕනේ ඔයින් එකක් අරන් දෙන්න කියලා...
    මට නම් දෙයියනේ කියලා දාගෙන පාගන එකක් තියෙනව..ඕකෙන් තමා කොහේ ගියත් යන්නේ...අනික බන් අයියේ ඔය බස් එකක් වගේ කාර් එකක් අරගෙන වැඩක් නෑ...ඕක හරවන්න වෙනම පාක් එකක් ගන්න ඕන....රත්ගම රූට් එකේ ගාල්ල හික්කඩුව දුවන්න දාන්න ඇහැකි ඕන..මම කොන්දා වුනාම ඩ්‍රර්යිවර් කෙනෙක් හොයා ගන්න ඕන..මට බර වාහන ලයිසොම් නෑ...ඉකේයියා නේ.....

    ReplyDelete
  9. රන්දිකFebruary 2, 2011 at 8:59 PM

    මම ඉන්නේ රත්නපුර ටවුන් එකේ.එත් තාම ඕක පාරේ යනවා දැක්කේ නැහැ නේ.

    ReplyDelete
  10. මචො මම මෙකෙ මිල ගනන් හැම තැනම දැක්කෙ කොටි ගනන් වලින් තමයි..ඒත් සන්ඩෙ ලිඩර් ඔන්ලයින් එකෙ තිබ්බ ප්‍රයිසස් තමයි ඕව..
    මම දැම්මෙ එකෙන් බලල මොකො එක නේද තියෙන විස්වාස කටයුතුම එක.හැබැයි ඉතින් ඉන්ග්‍රිසියෙන් තිබ්බ හින්ද පැටලුනා ද මන්ද.
    බස් කැටගරියෙ තමයි ගෙනහල තියෙන්නෙ සීටින් කේස් එක හින්ද.එවට අපි කෙටි වචනයක් භාවිතා කරනව මගඩි කියල.

    ReplyDelete
  11. අනේ කැලනිතිස්ස බොහොම පින් මට ගනන් කියා දුන්නට.මම අද වෙනකං දැන ගෙන හිටියෙ නැනෙ මේව.අනේ මන්ද උඹ කොච්චර හොද කොල්ලෙක් ද.යකඩො අර රස්සාව කරන කාලෙ මම එකවුන්ට් වැඩ එහෙම එහෙනං ඔක්කොම වරද්ද ගන්න ඇති මේව දන්නෙ නැතුව.

    අනේ තොට මම කියන්නෙ නැ මෙතන.හිටුකො මම බොඩිමට එන කං.හැබැයි මෙහෙම වෙන්නෙ පුලුවන් මට කඩ්ඩෙන් තිබ්බ එක පැටලුනා ද කියල උඩ ලින්ක් එකක් ඇති උඹ එක බලල කියපන්කො.

    ReplyDelete
  12. @ නිශ්: මචං ලොකෙ වාහන උඹල හිතන තරම් ගනන් නැ.එකම කේස් එක ලංකාවෙ තියෙන ටැක්ස් කේස් එක..කාලයක් තිබ්බ වාහෙනෙකට 300% ටැක්ස් ගහන.ඉතින් ඔක්කොම වාහන කොටි ගනන්.අපි හිතන්නෙ පට්ට ගනං කියල.එත් ටැක්ස් නැතුව වාහන මිල දන්නව නම් උඹ මරාගෙන මැරෙනව.
    බලපන් ලිමො ප්‍රයිසස් ලොකෙ :http://www.limotrader.eu/sale.php

    සාමන්‍ය 2007 විට්ස් කාර් එක ලංකාවට ගෙන්නෙ මිලියන 1.3 ලු.ඒත් ටැක්ස් ගැහුවම ලක්ස 22 23 යි කියන්ව.ඒකනෙ බං මිනිස්සු වාහන පර්මිට් එකක් ගන්න මැරෙන්නෙ.

    ReplyDelete
  13. මේ පෝස්ට් එක නියමයි.Hybrid වාහන ගැන නම් මටත් ආපු ආරන්චි එච්චර හොඳ මදි වගෙ.Toyota Prius බැටරිය $2500 විතර වෙනවා කියල තමයි අරන්චිය.එතකොට පහුවෙනකොට චා වගෙනෙ.අනික මට මතකයි ඇමරිකාවට යවපු Toyota Prius කාර් සෙට් එකක් ආපහු ගෙන්නුව වගේ බ්‍රේක් වල අවුලක් නිසා.ඒක නිසා Habrid වාහන ගැනත් පෝස්ට් එකක් දානවනම් මාත් කැමතියි.

    ReplyDelete
  14. දැන වාහන මිල ගැන කතාව ඇදුන හින්ද මම තව කියන්නම් කො.සාමනයෙන් මොන්ටෙරො පෙට්‍රල් එක ජපානෙ දි මිල රුපියල් ලක්ෂ 55ක් විතර.ඒත් ලංකාවෙදි ටැක්ස් එක්ක එක රුපියල් ලක්ශ 127ක් විතර මෙකෙ ඩීසල් එකට වදිනව ටැක්ස් එකක් ලක්ශ 200 ටත් එහා වාහනෙ මිල වෙන්න, තෙරෙනවද වාහන වලට මිල වදින්නෙ ලංකාවෙදි කියල.

    ReplyDelete
  15. ඔන්න දැම්ම පසු වදනක් ලිපියෙ අගට කට්ටිය ගෙ මිල ගැන ඇතිවුන කතා බහට පිලිතුරක් විදිහට.
    බලන්න කො ගිහින්.හැමොගෙම අදහස් වලට ස්තූති.මම උපුටා ගත්තු තැනෙ හරි මගෙ හරි වැරද්දක් නම් ඉතින් සමාවෙන්න.

    ReplyDelete
  16. මට නම් ඔය ලොකු සීන් ඕනෙ නෑ බං පැන්ඩෝ... උඹටයි මටයි ලංකාව වටේ රවුමක් යන්න මයික්‍රෝ කයිරන් එකක් හොඳටම ඈතිවෙයි බං.. නැද්ද?

    ReplyDelete
  17. මේකට අපේ පාරෙ යන්න බෑනෙ. නැත්තං එකක් ගන්න තිබුණ. :D

    ReplyDelete
  18. ආසියාවේ ආශ්චර්යනේ බං....ගණන් ගන්න එපා...මාමා අපි හැමෝටම අඩුම තරමේ මොන්ටොරෝ එක ගානේ නොමිලේම දෙයි තව ටික දවසකින්...මොකෝ එවුන්දැලත් ඔය වගේ ඒවා ගන්න එපැයි එතකොට පාවිච්චි කොරපුව විසි කොරන්ඤැයි...

    ReplyDelete
  19. මචං ඔය රථ ගායට හොඳවැයින් අළුත් කාර් එකක් දෙහිඇඹුලෙන් උරච්චි කරල දෙකොනෙ ගාපන්. නිට්ටාවටම සුවයි !. උඹ උරච්චි කරනවනං මටත් ඩිංගක් දියන් හොඳේ?

    ReplyDelete
  20. අපේ ටියුෂන් ක්ලාස්වල සර්ලා එන්නේත් ප්‍රාඩෝ වල මොන්ටෙරෝ වලනේ සමහර විට අපේ සර්ලත් පතල් වල උගන්නනවා ඇති පැන්ඩා අයියේ මට මේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා සැහෙන කාලෙකින් ආවේ

    ReplyDelete
  21. මෙවා අපිට ලොකු වැඩිද මන්දා.

    ReplyDelete
  22. මාත් අද ලංකාදීපෙ මේක දැක්ක... (අද කිවුවට හෙට පත්තරේ..) මෙයින් 3ක් ගෙනත්.. එකක් කොටි 70යි. වැඩිය නෑ නේද? Tax ගැටෙන්නම් බේරිලා තියෙන්නෙ Bus Categ එකට දාල තමයි.. ඒවගේම මේක එළවන්න Bus License ඕනවෙයි නේද???
    ආ තවත් දෙයක් මේක ඈතුලෙ Intercom පද්දතියක් තියනව.. ඒ කියන්නෙ... හරි හරි දන්නවනම් කියන්නෙ නෑ.. ඊට අමතරව රියදුරාගෙ අසුන වෙන්කරලලු තියෙන්නෙ අනිත් අය කථාකරන දෙයක්වත් ඈහෙන්නෙ නැති වෙන්න.

    ReplyDelete
  23. ලංකාවේ ඉතින් කෝමත් වාහන ගනන්නේ.පිරුස් කාර් එක හයිබ්‍රිඩ් නේද ? හැබැයි තාම මාකට් එකක් නැ.හැදුනු ගමන් ඒකත් තව ලක්ශ 10 විතර ගනන් යයි.
    මරු ලිමෝ ටික.යූ ටුයුබ් එකේ විඩියෝ ටික බැලුවද ?
    ගණන් ටික වැරදිලා වගේ නේද ?

    ReplyDelete
  24. මට ඔයින් එකක් ගන්න බැරි කමක් නැ.. අවුල තියෙන්නෙ අපේ ගේට්ටුවෙන් ගන්න හැකි වෙද කියන එක..

    අර හමර් එක නම් ලස්සනයි නේ :D

    ReplyDelete
  25. video දෙකම බලන්න

    http://www.youtube.com/watch?v=tAZpL2y3CDU&feature=related


    http://www.youtube.com/watch?v=8qhf7GLPkaI&feature=related

    ReplyDelete
  26. මේ පෝස්ට් එක පැන්ඩා ලියලා අවුරැද්දකටත් වැඩියි මම හිතන්නේ... නුමුත් මම අද ගොඩක් එක රස වින්ද.. මම අවුරුදු ගානක් හම්බ කරලා ලන්සර් ෆැට් ලයිට් එකක් ගත්තා.. මේ දවස් වල ශේප් එකේ මොඩි ෆයි කරන් යනවා.. ලාන්සර් ගැන පැන්ඩා විස්තර දන්න‍‍ව නම් පෝස්ට් එකක් ලියන්න..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails