Wednesday, March 9

මොකුත්ම ලියවුනෙ නැත්තෙ රයිටර්ස් block හින්ද ද නැත්තං එක්සැම් හින්ද ද?

පැන්ඩ නිකං ඔහේ ලියාගෙන යන්න හදන්නෙ..ඔහේ කියවල බැලුවට කමක් නැ..නොබල ගියාට තරහකුත් නැ..හැබැයි ඕං අද විතරයි.


පැන්ඩට එක්සැම්..දැයට කිරුළ හින්ද එක්සැම් එකටත් කිරුළ ලැබුනා..කොච්චරද කිව්වොත් මාස එක හමාරක් විතර සෙමෙස්ටර් එක්ක පස්සට ගිහින්..ලංකාවෙ එකම අන්‍ රෙස්ට් දුවන කැම්පස් එක හින්ද වෙන්න ඇති ඒ කිරුළ අපිට ලැබුනෙ..

දැන් කොහොම හරි අනං මනං නිවාඩු හින්ද එලියට විසික් වෙන්න තිබ්බ කාලය මාස 3කින් විතර කල් ගියා.ඔය ජරමර අස්සෙ පැන්ඩ සබ්ජෙක්ට් එකක් ඇණ ගත්ත කැම්පස් ජිවිතේ ප්‍රථම වතාවට..පෙරළුන පිට හොඳයි කියල මාත් තදය වගේ හිටිය සබ්ජෙක්ට් එකක් රිපිට් වුනේ නැත්තං කැම්පස් එකෙ ජිවිතෙන් වැඩකුත් නැ කියල.ඒ වුනාට හිත යටින් පුන්චි දුකක් තිබ්බ මගෙ රිසල්ට් ගොඩට හා හා පුරා කියල එකතු වෙන C pass එක ගැන..ඔහොම තමයි ලාභ අලාභ දුක සැප යස අයස නින්දා ප්‍රශංසා කියල මම මගේ හිතටම කියා ගත්තා.


අනං මනං අස්සෙ බදුල්ලට යනකොට බදුල්ලෙ බහුතරයක් නාය ගිහින්..අහින්සක මිනිස්සු තවත් අමාරුවෙ වැටිල..ආමාරුවෙන් ණය අරගෙන හදා ගත්තු ගෙවල් වල ණය ගෙවන්නත් කලින් ඒව අතහැරල යන්න වෙලා හුඟක් අයට.ඒ අස්සෙ පැන්ඩිගෙ මාම ගෙ ග්‍රාම සේවක වසම අනාථ කඳවුරෙ ළමයි ආපහු යන්න බැ කියල අඬනව ලු..පස්සෙ හිමින් සිරුවෙ කාරණාව හොයල බැලුවම අනේ අහින්සක දරු පැටවු තුන් වෙල බඩ පිරෙන්න කාල සතුටින් ඉඳල තියෙන්නෙ කඳවුරෙ ඉන්න කොට..ගෙදර දි තුන් වේල බඩට කන්න විදිහක් නැලු.

ඔය ඔක්කොම අස්සෙ හදිස්සියෙ කොළඹ ආවම මෙන්න බොලෙ කොළඹ පාර වල් වල ෆෝර්ඩ් කොබ්‍රා , චෙවලට් කැමිරො, හමර් දුවනව...එකම රටෙ කිලොමීටර් 400 ක් දුරින් වෙනස.


විභාගයක් කියන්නෙ කොච්චර දුර්වල ක්‍රමයක් ද ලමයෙක් ගෙ හැකියාව මනින්න කියල මට හිතුන..පැන්ඩ ගෙ බැච් එකෙ දක්ස කෙල්ලෙක් කොච්චර හොදට වැඩෙ කලත් කරපු ආන්සර් ෆයිල් එක අප්ලොඩ් කරන කොට පරිඝනකයේ අඩු පාඩුවක් හින්ද එක වෙනස් වුනා..දැන් ඒ ළමයට ලැබෙන ප්‍රතිඵලේ ඒ ලමයගෙ දක්ස කම අගයල ලැබෙන එකක් නෙවෙ.

පැන්ඩගෙ ආදරෙට ඔව අස්සෙ අවුරුද්දක් පිරුණ..ඒක සමරන්න අපි දෙන්න එකතු කරපු සල්ලි අපි දෙන්නම ඉළන්දාරියගෙ ගිණුමට බැර කලා..ඊට පස්සෙ දැනුන සතුට ඒ සල්ලි ටිකෙන් කාල බීල ඇවිද්දට වඩා හරිම අමුතුයි..හැමොම දන්නව නේද ඉළන්දාරියගෙ විස්තරෙ..ඔය මගෙ බ්ලොග් එක උඩ දකුනු පැත්තෙ තියෙන්නෙ...ඔයාලටත් තාම අවස්ථාව තියෙනව කොල්ලට උදව්වක් කරන්න.

විභාගෙ කාලෙ තවත් විශේෂයෙන් මතක් කරන්නම ඕනි බ්ලොග් සගයෙක්.ඒ තමයි කේශාන්..අර කේශාන්ගේ අන්තර්ජාල අවකාශය කොලු ගැටය..ඇස් වහක් කට වහක් නැ බොහොම හොඳට දැණුම් තෙරුම් තියෙන කාරණා කාරන අවබෝධ වෙන කොල්ල.වැදගත්ම දේ එක නෙවෙ.තමන්ගෙ දැනුම තමන් පැය ගණන් වෙහෙසිලා අවබෝධ කරගත්තු දේ අපි කම්මැලිකම හින්ද හොයල නොබලපු සහ අපේ බුද්ධි මට්ටමට නොතෙරුණ කාරනා බොහොම නිර්ලොභීව හැමොම හෙට විභාගෙ කියල පොත් පෙරලගෙන දඟලද්දි නොතෙරුන අපි වෙනුවෙන් තමන්ගෙ වටිනා කාලය යොදාගෙන අපිට කුප්පි දැම්ම.බොහොම පින් මචං.මේ පිනම ඇති උඹට වැඩි වැඩියෙන් තවත් කාරණා කාරනා ආදිය මතක හිටින්න අවබෝධ වෙන්න.

පැන්ඩට තවත් මතක් කරන්න ඕනි එකෙක් මතක් වුනා.මගෙ රූම නිශාන්.ඕනි දෙයක් ඇහුවම නැ බැ නොකිය පොතේ තිබ්බ තැනත් එක්කම ආපහු කියයි.අපි ව්භාගෙ අස්සෙ පුන්ච් බ්‍රෙක් එකට ගෙදර දුවගෙන එන කොට ඌ එහෙ ඉඳගෙන රැ නිදි මරාගෙන තවත් කොල්ලො ටික කට ස්ටැට් කියා දෙනව.උඹටත් ඉතින් තෙරුවන් සරණයි බොහොම පින්..පැන්ඩට කරන්න පුලුවන් උදව්ව තියෙ නං ඕනි වෙලාවක උඹල වෙනුවෙන් කරනව.

මගෙ නම් මතක ශක්තිය බොහොම දුර්වලයි..ගිය සෙමෙස්ටර් එකෙ ඉගෙන ගත්තු සබ්ජෙක්ට් එකෙ නමත් අමතකයි මේ සෙමෙස්ටර් එකට එනකොට..අනේ මන්ද.අපේ අම්ම නම් කියන්නෙ වයස අවුරුදු 5 විතර ඉඳන් නිර්මාංශ වුන හින්ද කියල.හාල්මැස්සෙක් වත් මට කවන්න පුදුම ගේමක් දෙනව.ඒව කොහෙද පැන්ඩ එක්ක..මමත් ඉතින් රටෙ නැති තර්ක ඉදිරිපත් කර කර මගෙ නිර්මාංශ පිලිවෙත දිගටම ගෙනියනව.

අනේ මන්ද ඔහේ ලිව්ව..කටවත් වැඩකට ඇති දෙයක් නම් ලියවෙන්න නැතුවත් ඇති..ඒත් මගේ හිතට හොඳයි.ආ තවත් එකක් වෙල්ලස්සෙන් බ්ලොග් අවකාශෙට තවත් කොල්ලෙක් ආව...බ්ලොග් ලියන්නෙ හගුර කියල..හරිම හිත හොඳ කාටවත් කරදරයක් නැති  එළ කොල්ලෙක්..පොඩ්ඩක් බලන්නකො. 

පැන්ඩ ගෙ හෑල්ල මෙතනින් ඉවරයි...ආයෙත් බ්ලොග් නොලියන්නත් ඉඩයි..ඒ තරමට කිසිම ගැම්මක් නැ මුකුත් ලියන්න...අනේ මන්ද පැන්ඩට මක් වෙලා ද කියල.පොඩ්ඩක් බලමුකො මොකක් වෙයිද කියල.ඒ මේ අස්සෙ pageviews 20,000 (පැන්ඩව කවුන්ට් නොවෙන විදිහට කුකී එක ඉන්ස්ටොල් කරල තියෙන්නෙ) ත් පැනල..අනේ මන්ද..



10 comments:

  1. ඕක ඇවිල්ලා කම්මැලිකම මිසක් වෙන දෙයක් නෙමේ. වෙල්ලස්සෙ කැම්පස් එකේ IT faculty එකේද ඉන්නෙ?

    ReplyDelete
  2. කේෂාන් මලය මම අඳුරන්නෙ නෑ.ඒ උනාට මටත් හිතුන එල කොල්ලෙක් කියල.නවත්තන්නෙ නැතුව හිතට එන මේ වාගෙ දෙයක්වත් ලියල දාපන්.එතකොට උඹ ඉන්නව කියලවත් අපිට දැනෙනවනෙ.
    හැබෑටම 400km ක වෙනස නේ බං.

    ReplyDelete
  3. අඩේ ලියහන් අයියේ... හොඳ එකානේ... ;)

    ReplyDelete
  4. @පිනිබිදු : වෙල්ලස්සෙ it faculty එකක් නැත...මම ඉන්නෙ කොම්පුටර් සයන්ස් ඩිපර්ට්මන්ට් එකේය.

    ReplyDelete
  5. @දිනේශ්..: උඹ මගෙ හිත බින්ද..උඹ කියපු විදිහට හරි නං මේ වෙනකොට උඹ ලංකාවෙ ඉන්න ඕනි..මම සීබීආර් එකක් පැදල තියෙන්නත් ඕනි..ඒත් උඹ තාම රට..

    ReplyDelete
  6. @තාරක : බලමු බලමු..පිණිබිදු නම් කියන්නෙ කම්මැලිකම කියල..

    ReplyDelete
  7. මගෙ පැන්ඩෝ උඹව දැක්ක කල් . ! පැන්ඩ නැතුව අප්ට තිබුන පාලුව . ඔයා කැම්පස් කෙනෙක් නිසා මාව ගනං ගනීවිද ?

    පැනඩයියේ අර ඔයා කිවුව වගේ පරිගණකයේ අඩු පාඩු නිසා මොනව හරි අවුලක් උනොත් ඒ ගැන සොයා බැලීමක් නැතෙයි .! අප්පා ! අතුරේ යනවා වගේ වැඩක් නේ

    ආ දැයට කිරුල බැලුවද මනම් ගියේ නෑ යන්න හිටියේ වැස්ස නිසා ගියේ නෑ .

    මොනාද බං බ්ලොග් එක ලියන්න බෑ ලියන්නේ අපිට බලන්න මොනවා හරි වචන දෙකක්වත් ලියන්නකෝ ! ඔයා පොඩි එකෙක් වගේ නේ ! වැඩ නැති වෙලාවක හෙමීට එකක් දෙකක් ලියන්න

    ඔන්න මම කීවා !!

    ReplyDelete
  8. @හිස් අහස: උඹ මගෙන් අහගන්න එපා..පිස්සුද තොට..අනේ බං අපි කැම්පස් ගිහින් ගත්තුවට වඩා දෙවල් ඕනි තරං එලියෙ ඉඳගෙන ජිවිත එක්ක ඔට්ටු වෙලා උඹ අරගෙන තියෙන්නෙ..බලපං කොහෙ හරි රටෙ ලොකෙ කතා කරන පොරක් හිටියොත් ඌ කැම්පස් ගිය එකෙක් නෙවෙ.

    විභාග ඔහොම තමා බං..මේ හොඳට වැඩ කරපු එවුන්ට විභාග දවසෙ බොඩිමේ ඇන්ටිගෙ ජරාවක් කාල බඩෙ අමාරුවක් උණක් හැදුනොත් ඒත් ඉතින් අවුරුද්දක මහන්සිය අපතෙ.සාමන්‍‍යයෙන් බඩෙ අමාරුව ලොකු නැත්තං ඉස්පිරිතාලෙ යන්නෙ නැනෙ.ඉස්පිරිතාලෙ මෙඩිකල් විතරයි කැම්පස් එක භාර ගන්නෙ.එතකොට ඉතින් ලබන පාර උට උපරිම ගන්න පුලුවන් C pass එකක් විතරයි..මම මේ විභාග ක්‍රමයට අකමැතිම ඔන්න ඕකයි

    ReplyDelete
  9. hamadama kade yanawa ane manda

    ReplyDelete
  10. @ඇනොනිමස් : ඔයා ඇනොනිමස් වීම වගේම ඔයාගෙ කමෙන්ට් එකත් ඇනොනිමස් මට..කවුද කාට ද කොහෙද කඩේ ගියෙ..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails