Friday, March 11

පැන්ඩා, Euthanasia , සහ Guzaarish හි හින්දි චරිත


Guzaarish , සන්ජේ ලීල භාන්සාලි කියන සුප්‍රසිද්ධ ඉන්දියානුවගෙ තිර පිටපතින් හා අධ්‍යක්ෂණයෙන් එළි දැකපු ගුසාරිශ් ච්ත්‍රපටිය හින්දි ච්ත්‍ර පට අතලොස්සක් විතරක් නරඹපු පැන්ඩ ගෙ හිත වශී කළා.


අනුකම්පා සහගත මරණය
හෙවත් euthanasia
අයදින කඩවසම් ඔහු
12 වසරකට පෙර
ඊතන් මැක්ස්කරේනස් නමින්
මැජික් ලොව මර්ලින් ලෙස
දහස් ගණන් සිත් 
අමන්දා නන්දයට කැඳවාලූය

ගෙල සිට පහලට  
කිසිඳු සංවේදනයක් නොවිඳින
ඊතන්ගේ ජීව ගුණයෙන් පිරි සිත
සොෆියා ඩී සූසා නම් 
සුරූපි යුවතිය හා බැඳි
නෙවිල් ඩී සුසා නම්
කයින් නිරොගී පුරුෂයා පැරදීය

කෙටියෙන්ම කිව්වොත් ෆිල්ම් එක බොහොම අපුරු දෙවල් රැසක් අපේ හිත් වලට හිතන්න ඉතුරු කරල ඉවර වුනා. Euthanasia එහෙම නැත්තං අනායාස මරණය කියන එක ගැන මුලින්ම මම අහල තිබ්බට චුට්ටක් හරි හොයල බලන්න හිතුනෙ මේකට පස්සෙ.

මෙක විවිධ පරාසයන් ඔස්සෙ ලොකෙ විවිධ තැන් වල කතාවට ලක් වුන මාතෘකාවක්. ඒ වගේම euthansia කියන එකේ ප්‍රහේද බොහොමයක් දකින්නට ලැබෙනව.බෞද්ධයෙක් විදිහට මම අනායාස මරණය හා ඒ පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් ගැන හොයා බලන්න උත්සාහ කලත් මට තියෙන කාලයයි අපේ කාලෙ අපි හැමදේටම පෙරලන ගූගල් දෙයියොයි මෙකෙදි එච්චරම පිහිට වුනේ නැ.


ඒත් එක දෙයක් දැන ගන්න ලැබුන ථෙරවාද බුදු දහමට අනුව අනායස මරණය සලකන්නෙ අකුසලයක් විදිහට. අජාන් හිමියන්ට අනුව කෙනෙකුට මරණය කරා ලගා වීමට උදව් කිරීම හො ඊට අනුබල දීම දයාවෙ ලක්ෂනයක් ලෙස සළකන්න බැ.ඒ හින්ද මෙතෙන් දි වෙන්න ඕනි ඒ පුද්ගලයට දුක හා වෙදනාව අවබෝධ කොට නැති කිරිමට ඔහුගෙ විදර්ශනාව අවදි කර ගැනීමට උදව් කිරිමයි. 
 ඒ වගේම භික්ෂුන් උදෙසා පිළිවෙත් සඳහන් වන පාටිමෝක්ක යෙත් මේ මරණයට උදව් දීම හෝ ඒ සඳහා පෙළඹවීම සංඟ සමාජයෙන් ඉවත් කිරිමට තරම් හේතු වන දෙයක් විදිහට සලකනව.

ලොකෙ විවිධ ජන කොටස් වල ආගමික පසු බිමත් එක්ක සමාජීය පසු බිමත් එක්ක බැඳිල තර්ක වලට සංවාද වලට තුඩු දුන්න මතෘකාවක් තමයි මේ euthanasia.පැන්ඩට වෙලාවක් ලැබුන ගමන් මේක ගැන හොයන්න හිතිල තියෙන්නෙ.ඒ දෙවල් වල වැදගත් කම සලකල ඒව ඔගොල්ලන්ටත් පස්සෙ දැනුම් දෙන්නම්.

මේ කතාව සන්ජේ ලීලා භන්සාලි විසින් බොහොම අපුරුවට ගොඩ නගල නවත්තපු තැන ඉඳන් ඉදිරියට ගියොත් ඊතන් මැක්ස්කරෙනස් කියන පුද්ගලය සහ ඔහුගෙ රෝගී කයට බැදුන නිරොගි උසස් මානසික මට්ටමකින් හෙබි සත්පුරුෂ හිත මම හිතන්නෙ නැ සොෆිය ඩී සුසා නම් සුරූපී යුවතියත් එක්ක සිදුවූ විවාහයෙන් සහ ඔහුගේ සමු ගැනීමෙ සාදයෙන් පසු ඇගේ සහයෙන් යුතුව අනායස මරණයකින් කෙළවර වෙයි කියල.

ඒක ගැන එතැන් සිට කතාවක් මට ගොඩ නගල ලියන්න හිතෙනව..බලමු වෙලාව මට කොයි තරං දුරට මේව එක්ක වැඩ කරන්න ඉඩ දෙයිද කියල.ඒත් ඒ කතාවෙ ගොඩ නගපු ඊතන් කියන චරිතය තමන් ව්ඳින වේදානාව සමඟ ඇතිවූ මරණයට ලැඳි සිත මැක්ස්කරෙනස් මහත්මියගෙ සුරුපී ආදරය ඉදිරියේ අනිවාර්යෙන්ම පවා දෙයි.

කෙනෙකුට හිතෙයි ගෙලින් පහළ පණ නැති පුරුෂයෙක් ට පුලුවන් මොනාද කියල.සොෆියා ඩී සූසා ගෙ සුරුපීත්වය සහ ඇගෙ පිරිණු දෙපා යුග ගැන දොඩවන මේ පුද්ගලයාට ප්‍රාණවත් වෙන ලිඟුවක් වත් නැ නේද කියල.ඒත් ලිඟුව හො අත් පා කියන්නෙ ශරීරයට සම්බන්ධ තවත් සංවෙදකයක් පමණයි..ඒ සංවෙදනයට අනුව ඇතිවන සිතිවිලි වලට තමයි මිනිස්සු ලොල් වෙන්නෙ.ඒ සංවෙදනය ගෙනහල දෙන සංවේදක අවයවය මේ මුළු සිද්ධියේම පුංචි කොටසක් විතරයි.කෙනෙකුට තියෙනව නම් අපූරු හිතක් සහ ඒ හිත අවදි කරන්න තරම් සංයමයක් හා උසස් මානසික මට්ටමක්  මම පෞද්ගලිකවම විශ්වාස කරනව සංවෙදක අවයවයකින් එන සංවෙදනයකට සමානවම අපේ හිත අවදි කරවන්න අපිට පුලුවන් ඒ සංවෙදනයෙන් තොරවම.
ඊතන් මැක්ස්කරෙනස් කියන මේ අපුරු සිනමා චරිතය ඒ ශක්තියෙන් හෙබි බව කිසිදු සංවේදනයන් නොමැති ඔහුගේ දෙපා සම්භාහනයේදී ඔහු විසින් නගන අපුරු හඩින් ඔහු විසින් තම සිත ඊට අදාලව සංවේදන ලැබුන අවස්ථාවක සේම අවදි කිරීමට‍ සමත් බව හැගෙනව.

මොකො හිතෙන්නෙ......


හොඳ සිනමා නිර්මාණයකට අපුරු කතිකාවත් ගොඩ නගන්න මිනිස්සුන්ගෙ හිත් වලට බලපැම් කරන්න වගේම මේ වගේ මෙලො රහක් නැති බ්ලොග් ලියවෙන්නත් හේතු වෙන්න පුලුවන් කියල දැන් තෙරෙනව නේද ?



12 comments:

  1. මාත් මේ ෆිල්ම් එක බලල තියෙනවා. බන්සාලිගෙ හැම ෆිල්ම් එකකම අමුතු සුන්දරත්වයක් තියෙනවා. ඒ ගුණය මේකෙත් නොඅඩුවම තියෙනවා. ලිපියට තෑන්ක්ස්.

    ReplyDelete
  2. සුපිරි,
    මම මචං ඔය ෆිල්ම් එක එකටම ගිහින් තුන්පාරක් බැලුවා (alone :P) එච්චර කික්.. උඹෙ ලිපියත් එක්ක මට ඒක ඇතුලෙන් තවත් පැත්තක් පේන්ඩ ගත්තා මචං..අද ඉන්න ගොඩක් හිත් වලට බෑ.."හොඳ සිනමා නිර්මාණයකට අපුරු කතිකාවත් ගොඩ නගන්න" ඒ එක්තරා විදියක euthanasiaවක් නිසා මොනව උනත් සන්තොසයි.. වෙලාවක සෙට් වෙමු..(මම සෙට් වෙමි උඹ ලඟින් ඉඳපං) මොකද තාම මට ගුසාරිශ් රීඩ් කරපු කෙනෙක් හම්බුනේ නෑ දුක තමයි..

    ReplyDelete
  3. @උදාන : උඹයි මායි එක තනි බිත්තියකින් වෙන් වෙලා උන්නු කාලයක් තිබ්බ මම ඉරාගෙන උඹට එක දෙයක් ගැන බණ කිව්ව කාලයක් තිබ්බ..කොච්චරම මට එකෙන් උඹව වලක්වන්න උණක් ආවද කිව්වොත් මම ප්‍රැක්ටිකලි එක ටෙස්ට් කරල බැලුව ඕක ඔච්චරටම කුල්මත් කරනවද කියල..උඹෙ අවසනාවට මගෙ වසනාවට මගෙ හිත එකෙන් අවදි වුනේ නැ..

    දැන් අපි දෙන්න ආයෙත් කතා කරනව මගෙ බ්ලොග් එක හරහා..ඇවිත් ගියාට ස්තූති මචං..උඹ මට සැහෙන්ට වටින පාඨකයෙක්..ඒක හරියට හැමදාම මල් සිංදු දාන ත්‍රිවීල් එකෙ රෙඩියො චැනල් එකක් අහම්බෙන් අල්ලල තිබ්බ වෙලෙ රහුමාන් ගෙ සින්දුවක් යනව ඇහිල කලා පීඨයෙ ශ්‍රාස්ත්‍රිය සංගීතය හදාරන නංගි කෙනෙක් ත්‍රිවිල් මල්ලිට හිනාවක් දීල යන්ව වගෙ සිද්ධියක් ද කියල වෙලවකට මට හිතෙනව.ඒ තරමට මේ කම්පූටර් අනං මනං එක්ක වලි කන අපේ හිත් චොර වෙලා වගෙ මචං

    ReplyDelete
  4. මාරයි පැන්ඩෝ, මේ ලිපිය කියෙව්වම ෆිල්ම් එක බලන්නම හිතුන. ෆිල්ම් එක ළඟ තිබුනත් මේච්චර කල් ඕපන් කරන්නවත් හිතුල තිබුනේ නෑ මචෝ.

    ReplyDelete
  5. කතාව නම් නියමයි...ඒත් බලාගෙන යන්න කම්මැලි ගතියක් තියෙනවා...ගීත නම් එල..
    එකම පසුතල දකින නිසා වෙන්න ඇති...රිතික් ගේ රගපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ....
    ඒත මට ඉකමට හිතුනා තව මොනව හරි දෙයක් මේ ෆිල්ම් එක ඇතුලේ කරන්න තිබ්බ කියලා..පරන බන්සාලි මේ ෆිල්ම් එකේ නෑ...
    මදි හිතට....

    ReplyDelete
  6. @ රත්ගම : මේක මචං බන්සාලි ගෙ පරණ ෆිල්ම් වුන දෙව්දාස් , බ්ලැක් වගේ එව වල තිබ්බ ගො එක බලාපොරොත්තුවෙන් බලන්න බැ..මගෙ අදහස මේක මචං බලන්න නෙවෙ අර පරණ පොත් ගොඩක තිබ්බ දුර්වර්ණ රසවත් පොතක හැලුන කැලි අහුල ගෙන කියවනව වගෙ සංයමයෙන් කියවන්න ඕනි දෙයක් මිසක් ඇස් උඩ දාගෙන බලන්න පුලුවන් කතාවක් නෙවෙ.දෙව්දාස් වල වගෙ ආවෙගශිලි සාමන්‍ය ජිවිතේ අපි දකින විඳින මනසිකත්වයෙ මිනිස්සු මෙකෙ නැ..මෙකෙ ඉන්නෙ බොහොම සංයමයෙන් තමන්ගෙ මනස හසුරවන චරිත..අපිට පුලුවන් නම් ඒ මනාසිකත්වයට යන්න ඒ සංයමය අපේ හිතෙ ගොඩ නගා ගන්න මේක විඳින්න පුලුවන් වෙයි කියන එක තමා පැන්ඩගෙ පුද්ගලික අදහස

    ReplyDelete
  7. @හගුරා : විභාගෙ තියෙන බව මතක තියාගෙන බලපන්කො..

    ReplyDelete
  8. තවම නම් බැලුවේ නෑ . මමත් ෆිල්ම එක හොයාගෙන බලන්න ඕන අපිට ඉතින් බාන්න පුලුවන් රැවුල විතරයි නේ . ඔවුව බාන්න අපිට සිග්නලුත් නෑ බයිටුත් නෑ . ඒත් පැන්ඩ ලියලා තියන එක කියෙවුවම කොහේදෝ නැති ආසාවක් ආවා ගුසාරිෂ් බලන්න .. හෝල් කොපියවත් වීඩියෝ සෙන්ටරේකින් අරගෙන බලන්න ඕන .

    ReplyDelete
  9. කාලෙකින් comment එකක් දැම්මෙ නැති වුනාට තරහ වෙන්න එපා. දැන්ද උඔට මතක් වුනේ කියල අහන්නත් එපා....
    මේ Film එක ගැන කියපු නිසා මොනව හරි කියන්නම හිතුන.. උඔ අර කිවුව දේ.. ඒ කියන්නෙ ඊතන් ගෙ විවාහයෙන් පස්සෙ එයාගෙ හිතේ ඡිවිතයෙන් සමුගන්න තියන අදහස නැතිවෙයි කියන එක මටත් හිතුන. මම ඒක අනිත් අයට කිවුවත් ඒ හැමොම කිවුවෙ ඒක වැරදියි.. එහෙම වේනනෙ නෑ කියල.... ඒත් මට එහෙම හිතෙනව... සිංහලෙන්ම කියනවනම් ඒක පට්ට ලවු එකක්..

    ReplyDelete
  10. @කේෂාන් : සහතික ඇත්ත..මම හිතුවෙත් උඹ හිතුව විදිහටම තමයි..පිස්සුද බං උඹ එක්ක එහෙම තරහ වෙනවද ?
    හැබැයි අර උඹෙ බ්ලොග් එක නවත්තන කතාවට නම් එකඟ නැ හොදේ..

    ReplyDelete
  11. මාත් බැලුවා පට්ට ෆිල්ම් එක........

    ReplyDelete
  12. මාත් බැලුවා පට්ට ෆිල්ම් එක........

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails